Tuesday, January 21, 2014

එකෝමත් එක දවසක -06

මේ කොටස ලියන්නේ ඔපීසියේ සිටය. ලොක්කා එන්න කලින් හොරෙන් හොරෙන් වටපිට බලමින් ලියන නිසා අඩු පාඩු තිබිය හැක.
K.K ගේ මිතුරියකට ලපයා පැණි පෙරුවේ කලක සිටය. ඇත්ත ඇතිම සැටියෙන් ලිව්වොත් කතාව කියවන, අපේ පැත්තේ අයට රොටියා කවුදැයි මාට්ටු වෙනවා සිකුරු බැවින් සත්ය කතාව මද වශයෙන් විකුර්ති කිරීම ගැන පාටකයෝ කමත්වා!
ඉතින් මේ K.K උපතේ සිටම “කොල්ලන් යනු සතේකට ගණන් නොගත යුතු, මැඩවිය යුතු, බිම දමා චප්ප කල යුතු ජීවින් කොට්ටාසයක් යයි යන “ දරුණු තීරණයේ සිටින වග පෙනුනි. ඈ ගැන පමණක් ඈ බලාගෙන සිටියා නම් කමක් නැත. දරුණුම කොටස වන්නේ ඈ ඇගේ මිතුරියන් පස්සෙන් එන කොල්ලන්ටත් ඒ හැන්දෙන්ම බෙදීමයි. ඒ සමහර මිතුරියන් ඇත්තටම අර අහිංසක කොල්ලාට කැමැත්තෙන් සිටින බව පෙනුනත් K.K කෙසේ හෝ මිතුරියත් ඇදගෙන ගෙදර යාමට සමත් වෙයි
ලපයා තදින්ම සිතාගෙන සිටියේ K.K ගේ මිතුරිය (ඈට නදී කියමු) ඌට කැමති බවයි. රොටියාට නම් සිතුනේ නදී තමන්ගේ පස්සෙන් එන හැම කොල්ලාටම කැමතියි කියා පෙන්වන බවයි. ඒත් ලපයා සිටියේ ඇත්ත පිළිගන්නා මානසික මට්ටමක නොවේය. ඌ උත්සහ කල හැම කෙල්ලම ඌට කොකා පෙන්නපු බැවින් නදී ගැන ලපයා මහා ලොකුවට හිතා උන්නේය.
එදා ලපයා හිතාගෙන ඇත්තේ කෙසේ හෝ නදීට වචනයක් දාන්නටය. ඌ තමුන්ගේ පුරුස ධයිර්යය එක්තැන් කොට ගැනීමේ පහසුව සඳහා ඇටකටුස්ටද අදාළ අවස්ථාවට බලෙන්ම අරාදනා කොට ඇති අතර, K.K සිටින බවක් නොකීමට ප්රෙවේසම් වී ඇත. (ඇටකටුස් K.K ට පරාන බයක් දක්වන නිසා). පන්තිය ඉවර වූ වහාම මුන් දෙදෙනා නදී සහ පිරිවර පිටුපස යාමට පටන් ගෙන ඇත(ඇටකටුස් ගේ දැඩි විරෝදය මැද්දේ). කවදාවත් නැතිව K.K සහ නදී බස් නවත්වන පැත්තට නොගොස් වෙන පැත්තකට යනු දුටු ලපයා මදක් පුදුම උවද දිගටම පිටුපසින් ගොස් ඇත. ගම්පහ ප්‍රධාන පෙලේ පොත් සාප්පුවකට ගොඩවුණු K.K සහ නදී උඩු මහලට ගොස් ඇත. තමුන්ට අවශ්යග පොතක් ගෙන එන බව පවසා K.K ඊළඟ මහලට යනවා මුන් දැක ඇති අතර නදී දිගටම පොත් තෝරමින් හිද ඇත. ඊළඟ කොටස ලපයාගේ වචන වලින්ම මෙසේය.
අඩේ බන් මමයි ඇටයයි මගේ කෑල්ල දිහා බලාගෙන ටික ටික ලඟට ගියා. අඩේ ඉතින් වැඩේ මාට්ටු නොවෙන්න අපිත් පොත් බල බල නැවතී නැවතී තමයි ගියේ. එකපාරට මගේ කෑල්ල නැතුව ගියානේ.ඇටයව උඩට යවල මම දඩස් ගාල පහලට බැස්ස. රහත් වෙන්න බැනේ බන්. ඒත් කිසිම තැනක මුන් නෑ. බැලුව මචං හැම තැනම පැය බාගෙකට වඩා. අන්තිමට සේල්ස් එකෙක් ඇවිත් මොනවද කරන්නේ කියල ඇහුවාම තමා අපි එතනින් මාරු උනේ
උඹ දන්නවද මචං හොඳම වැඩේ. අපි ස්ටෑන්ඩ් එකට එද්දී බකයත් එතන. ඌ උගේ කෑල්ල එක්ක චැටක් දාන් හිටියේ. අපිත් එක්ක ඌත් ආව. සීන් එක අහල ඌ කිව්වනේ මචං පැය බාගෙකට කලින් K.K නදිවත් ඇදගෙන දුවගෙන වගේ ඇවිත් බස් එකට නැග්ග කියල. ඒක නම් වෙන්න විදියක් ඇත්තෙම නෑ බන්. මුන් දෙන්නා පියාඹල ගියා වගේනේ බන්
එදා ලපයාව සැනසුවද සැබවින්ම උනේ කුමක්දැයි හිතා එදා මමද කුතුහලයෙන් ඇලලී ගියෙමි. මා සත්ය සිද්දිය දැනගත්තේ අවුරුදු හයකට පසුව K.K ගෙන්ම වීම, සිතා ගෙන යනවිට පුදුමයකි.
අපි කිසිම දවසක හීනෙන්වත් නොසිතන නොපතන දේවල් සිද්දවන බව මම දැන ගත්තේ ඊට තවත් අවුරු ගානකට පසුවය.

ඊළඟ කොටස ඉක්මනින්ම ලියමි
                                                

3 comments:

  1. පොස්ට් ටිකනම් ලෙසටම පට්ටය. සතියකට පාරක්වත් පොස්ට් එකක් තිබුනානම් තවත් පට්ටය. හොදට කරගෙන ගියොත් අනිවා ලන්කාවේ බ්ලොග් බ්ලොග් අතර හොද ප්ලේස් එකකට එන බව මටනම් සුවර්‍ ය. නිකන් ඉන්න ගමන් බොලොක්කය සින්ඩි වලට ඔබගත්තනම් traffic වැඩිවේය. සින්ඩි ලිස්ට් එකක් පහල ලින්කුවෙ ඇත. රොටියාට මාගේ හදපිරි මෙව්වා එක පුදකරමි :D

    http://techtrickslanka.blogspot.com/p/blog-page_19.html

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුව රොටියාගේ හිතට වැදුණු තරම මෙහෙමැයි කියන්නට රොටියාට තේරෙන්නේ නැතිය. උපදේසයට ඉතාමත්ම ඉස්තුති කරමි.

      Delete