Saturday, May 10, 2014

නිර්නාමික ආදර කතාව

හිත කොනිති ගහන එක ආදර කතාවක් ආයෙමත් මං ලඟට ඇවිත්.. මෙච්චරම ලස්සනට වචන අමුණපු කතාවේ හිමිකාරයා හැංගිලා ඉන්න කැමතියි. ඒ ඇයි කියල මට අහන්න අමතක උනා. සමහර විට ඇත්ත නමකින් ලියාගන්න බැරි තරම් හිත රිද්දන මතක තියනවා කියල වෙන කාටවත් වඩා හොඳින් රොටියා දන්න නිසා වෙන්න ඇති...

ඉතින් කතාව ලියපු කෙනා නිර්නාමිකයි..

=*=*

"ගුඩ් මෝනිං" වෙනද වගේම පිළිතුරක් නැති බව දැන දැනත් උදේ පාන්දරම කෙටි පණිවිඩයක් යැවුව. පැය කිහිපයකට පස්සෙ "ගුඩ් මෝනිං ඔයා අද ක්ලාස් යනවද?"
පුදුමයි! මගෙන් ක්ෂණිකව හැරෙන තැපෑලෙන්ම උත්තරයක්.
මම - "ඔවු මේ ක්ලාස් එකේ ඉන්නෙ. මම හෙට කැම්පස් යනව"
එයා - "මම දුකින් ඉන්නෙ. ඔයාට ක්ලාස් ඉවර උනහම කියන්නම්"
මම - "ඔයාට පුලුවන්නම් දැන් කෙටියෙන් කියන්න"
එයා - "කෙටියෙන් කියන්න බෑ. ඒක දිග කතාවක්"
මොනදේ උනත් ජීවිතේ පළවෙනි ආදරේ. මොකක්ද දුක හිතෙන්න වෙච්ච දේ. දාහක් උපකල්පන, දාහක් ප්රදශ්න, දාහක් උත්තර. බලමුකො හවස්වෙලා කතා කරල.පන්තිය ඉවරවෙනකල් ඇඟිලි ගැනගැන ඉඳල බොහොම අමාරුවෙන් බම්බලපිටියෙ ඉඳල, පිටකොටුවට යනකලුත් ඉවසල, ගෙදර යන බස් එකටත් නැගලම ගත්ත කෝල් එකක්. ඒත් ෆෝන් ඒක උස්සන්නේ නෑ.
"දැන් කතා කරන්න බෑ. පස්සෙ කියන්නම්"
හරි. දැන් ඉතින් ගෙදර යනකල් ඉවසපන්කො.
.
.
.
.
.
.
මම - "දැන්වත් කියන්නකෝ ළමයෝ.."
එයා - "ඔයාට මතකද ...........ව ?"
මම - "ඔවු ඔයත් එක්ක කතා කරන්න ආසයි කිව්වේ"
මගේ මතකය දුවල ගියෙ අපි ආදරේ කරන්න පටන්ගත්ත කාලෙ එයා කියපු කොල්ලෙක්. ඒ කොල්ල මෙයත් එක්ක කතාකරන්න ආසයි කියල කියපු කතාවක්. මිනිහගෙ මෙතනට තියන සම්බන්දෙ මොකක්ද?
එයා - "ඔවු එයා තමයි. එයා මම දැනගත්තේ ගොඩක් ඉස්සර. එයා මාත් එක්ක චැට් කරල තියෙන්නෙ බොරු නමකින්. එයාගෙ නම ........... එයා ......... කෙනෙක්"
ඔවු ඉතිං මම ඉන්න ක්ෂේත්රෙයට වඩා .........කෙනෙක් කියන්නෙ කාගේත් හිත ඇදල ගන්න රස්සාවක් තමයි.
මම - "ඉතිං"
එයා - "එයා මට එයාගේ හැම විස්තරයක්ම කිව්ව. මම පවු කියල මගෙ නොම්බරේ එයට දුන්න. එයා මාත් එක්ක හැමදාම කතා කළා. එය මට කැමති කියල මට තේරිලා තිබ්බෙ"
මම - "ඉතිං"
එයා - "එයා මාව හම්බවෙන්න ඕනි කිව්ව. මම එයාව හම්බවෙන්න ගියා. එයා කිව්ව මම ලස්සනයි, එයා මට කැමති කියල. එයත් හරි හොඳයි. හරි ඩීසන්ට්. හරි නිවිච්ච කෙනෙක්. කතා කරන විදිහට ආස හිතෙනව"
මම ළඟ ඉතිං ඔය කියන එකම ඒක ගතිගුණයක්වත් නෑනේ. ඩීසන්ට් නෑ, පිළිවෙලකට අඳින්නෙ නෑ, පිස්සුමයි කෙලින්නෙ, සරළවම කියනවනම් නොම්මර එකේ අපතයෙක්.
මම - "ඉතිං ඔයා එයාට කැමති උනා"
එයා - "එයා මාත් එක්ක පැය ගණන් කතා කළා. මගෙ යාළුවොත් එය ගැන දන්නව. එයාලත් එයාට කැමතියි.එතකොට එයත් එක්ක සම්බන්දයක් ඇතිවෙලා තිබ්බේ"
සරළවම ..........කෙනෙක්ට වඩා ...........කෙනෙක් කොහොමත් හොඳයි. මගෙයි එයාගෙයි තිබ්බ සම්බන්ධය එයාගේ යාළුවො හරියට දැනන් තිබ්බේ නෑ. එයාල හිතන් හිටියෙ මම එයාගෙන් යාලුවෙන්න අහනව කියල. මෑතක ඉඳල එයාගෙ යාළුවො මං දිහා බලන විදිහ ටිකක් විතර වෙනස් කියල මටත් තේරිලා තිබ්බේ. ඒක අනුකම්පාවට වඩා උපහාසයක් කියලයි දැන් මට හිතෙන්නෙ.
මම - "ඔය එයාට ඇත්තටම ගොඩක් ආදරෙයිද"
මම ඇහුවේ පෙර අත්දැකීම් උපයෝගී කරගෙන.
එයා - "ඔවු අපි දෙන්න ගොඩක් කතා කරල අඳුනගෙන ඉන්නෙ. අපි දෙන්නට දෙන්න තේරුම් අරගෙන ඉන්නෙ. එයා හරි හොඳයි"
.
.
.
.
.
මම - "දැන් ඇයි ඔයාට දුක හිතෙන්නෙ?"
එයා - "එයා දැන් සතියකින් විතර මට කතා කලේ නෑ. මම එයාට කෝල් කළා මැසේජ් කළා ඒත් එයා ආන්සර් කරන්නේ නෑ. එයා හරි හොඳ කෙනෙක්. මං ගැන හැමවෙලාවෙම හොයනව. එහෙම කෙනෙක් එකපාරටම වෙනස් උනේ කොහොමද කියල මට හිතාගන්න බෑ"
මොකක්ද මම දෙන උත්තරේ?
එයා මහා ගොඩක් විශ්වාසය තියපු කෙනා, මගෙ ආදරිය අයිති කරගත්ත කෙනා, මට වඩා එයාට දැනෙන්න ආදරය කරපු කෙනා, එයා මට වඩා ආදරය කරපු කෙනා, එයාව තේරුම් ගත්ත කෙනා, එයා හොඳින් තේරුම් ගත්ත කෙනා, අද එයාට දුකක් දීල.
මොකක්ද මම දෙන්න ඕනි උත්තරේ???


පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....

බිඟු දබර කල සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩු වලට පෙති හැකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ//
කියන ලඳේ මට රහසේ
උඹට මං පන වගේ ආදරේ//

පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ//
කියන ලඳේ මට රහසේ
උඹට මං පන වගේ ආදරේ//

පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....
උඹට මං පණවගේ ආදරේ




උඹට මං පණවගේ ආදරේ......




1 comment:

  1. ලස්සන ලියැවිල්ලක්. අගනා විවරණයක්.සුබ පැතුම්!

    ReplyDelete