Wednesday, November 19, 2014

සිහිනයක් නොවූ සිහිනයක්

"හපොඕ .. අර රොටියා කියල එකෙක් ලියන්නේ.. මෙලෝ රහක් ඇති ලිපි නෙවෙයි. ඌ ලියන එක ඌම දන්නේ නෑ.." රොටියා කව්දැයි නොදන්නා ඔපීසියේ මිතුරෙකුගේ මේ ප්‍රකාශයත් සමග මම පාෂාණිභූත වුයෙමි. රෝල් ඩාල් වරෙක ලියා ඇතුවාක් මෙන්, රොටියාගේ ඔපිසියේද හැමෝගෙම හිස තුල ඔවුනොවුන්ට සුවිශේෂී ඉහඳ පණුවෙක් ඉන්නා බව සැබෑය. බොහෝ දෙනෙකුට සිංහලය අමතකම හෙයින් ඔවුන් බ්ලොග් පාටකයන් වීමේ සම්බාවිතාවය ඉතා අඩු තැන , බ්ලොග් කියවන්නෙකු විසින් දුන් සහතිකය රොටියාව සහමුලින්ම අධෙර්යය කල බවද හැබෑය

"උඹ ලියපන් මචං. උඹ ලියන ඒවා කියවන කට්ටියට උඹ ලියපන්" වචන මෙලෙසින්ම නොවුනද, රොටියාගේ හිත හැදෙන්නට කතා කොට, රොටියාව ලිවීමට පෙළෙඹවූ එක මිතුරෙකු නිසා රොටියා ඊළඟ පොස්ටුවද සිය බ්ලොගයේ පල කළේය. බ්ලොගය ජාල ගත වී වසරකුත් දවස් හතරක් ගත වන තැන රොටියා මුලින්ම සිය ස්තුතිය පල කරන්නේ ඔහුට- ආදිෂටය "මේ කියන්නේ කුමක් ගැනදැයි කියවන විට ඔබ දන්නා බව මම දන්නවා.ඒ ගැන ඔබට ඉස්තුතියි.."

ඊලඟට නම් මතක් කල යුත්තන් අප්‍රමාණ ගණනක් ඇත. තරිඳු, පියුම්, සම්පත් ... නම් වශයෙන් නොකීවත් ඔබ හැමදෙනාම..

වසරක් ගතවන තැන කියවීම් ලක්ෂයකට අදික ප්‍රමාණ ලබාගෙන මිතුරන් දහස් ගණනක් ඇති කර ගත් බ්ලොග් ලියුම් කරුවන් රොටියා අඳුනන අතර ඔවුන් රොටියා ව නම් අදුනන්නේ නැත. එහෙව් බ්ලොග් අතර තවම කියවීම් දහහත් දහස් ගගණනක් පමණක් ඇති රොටියාගේ බ්ලොගය උනහපුළු පැටවෙකු වුවත්, රොටියාට නම් ඌව මැණිකකි. කොමෙන්ට් දමන්නට මෙන්ම අලුතෙන් සමාජ සම්බන්දතා ඇති කර ගැනීමට මෙන්ම ඒවා පවත්වා ගැනීමට ඉතා කම්මැලි රොටියා මේ තරමින් හෝ රදා පවතින්නේ ලිවීමෙන් රොටියා අසීමිත තෘප්තියක් ලබන නිසාය. රොටියාගේ ලිපි කියවන ඔබ නිසාය

අකලට පොල් වැටෙන සේ පොස්ටු පල කරන රොටියා උපන්නේ හිලරියස් රස කතා නම් මුණුපොත් කණ්ඩායම නිසාය. රොටියාගේ බ්ලොගය පිටුපසද කතාවක් ඇති අතර එය පළකිරීමට මේ වෙලාව නොවේ..

සාමාන්යෙන් බ්ලොග් කරුවන් සියල්ලෝම එකිනෙකා හා යහපත් සබඳතා පවත්වා ගත්තද රොටියා ඊට ඉතා කම්මැලිය. ජිවිතයටම වෙනත් බ්ලොග් ලිපි සඳහා කොමෙන්ටු ලියා ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් අඩුවෙනි. නමුත් සියලුම බ්ලොග් ලිපි රොටියා ආසාවෙන් කියවයි. රොටියාගේ බ්ලොගය එක සින්ඩියක ප්‍රාදුර්භූත වී ඇති බව මේ ලඟදි දැන ගන්නට යෙදුනු අතර ඒ මුල් කාලයේ රොටියා ගේම වැඩක් වන්නට ඇත.

අනෙක් අතට රොටියාට ඔය පණ්ඩිතමානි ලිපි ලියන්නට තරන් දැනුමකුත් නැත. බුද්දාගම එකොළහේ පන්තිය වන තෙක් හා විද්‍යාව උසස්පෙළ තෙක් ඉගෙන ගත් රොටියාගේ ඔලුවේ දැන් ඒ දේවල් වලින් අඩක්වත් නැත. ඒ නිසා රොටියා ලියන්නේ රොටියාට තේරෙන තරමටය. දේශපාලනය ගැන රොටියාට රොටියාගේම මතයක් ඇති මුත් එය සමාජ කතිකාවකට පාත්‍ර කිරීමට තරම් රොටියාට අවබෝදයකුත් නැත. රොටියාගේ ලිපි මත සීනි තැවරී ඇත්තේ ඒ නිසාය

ඉතින් රොටියාගේ ඉට්ටයිල් එක ඉවසා වදාරා බ්ලොගය සමග රැඳී ඉන්නා ඔබ කිහිප දෙනා මට ශක්තියකි

අවුරුද්දක් ගතවන තැනේ රොටියා අවුරුදු ගණනාවකට පෙර සිට දුටු හීනයක් සැබෑ කරගන්නට හීනයක් තිබේ. එනම් රොටි වලින් ඔබ්බට ගිය නවකතාවකි. වස්තු බීජය මුල් අල්ලා දැනට අවුරුදු හයක් තරම්ය. ලියා ගන්නට හැදුවාට දිනෙන් දිනම පසුපසට යාමක් මිස ගමන් කිරීමක් නම් නොවිය. මෙය "එකෝමත් එක දවසක" කතාවෙන් වෙනස් වන කතාවක් සේම හීන ගොඩක ප්‍රතිපලයකි.

පරසතු මදාරා නෙක මල්       පිපුනාය
උපුල් කඳ සමන් දිව පුත්        තුටිනාය
ගමනට යොදුනාය හෝරා     ගෙවුනාය
යක් රජ සොඳිනාය අද නිසිකල      ආය


ඉතින් මෙයින් පසු රොටි අතර තුරේ රොටියාගේ හිනයටද පාට පෙවෙනු ඇත. කොමෙන්ටු වලට පිළිතුරු නැතැයි කියා අමනාප වී අදහස් පල කිරීමෙන් නොවැලකෙන ලෙස රොටියා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවාය. ඔබේ අදහස් මට බොහෝ වැදගත්ය

~රොටියා~


9 comments:

  1. digatama liyapan rotiya...man jiwitheta ube postwalata comment ekak dala na.coz wadihariyak mewa kiyawanne mage kabal phone eken..habai liyapu hama kathawakma wage kiyawala athi..ube katha wenas,arthawath..man wage post balala sadda nokara inna ewn ona tharam athi.ada me comment eka danna hithuwe ekai...

    ReplyDelete
  2. Just found your blog. You have some really nice articles. Keep it up. Well-done!

    ReplyDelete
  3. අපිත් එහෙම තමයි.. කියෙව්වට කොමෙන්ට් දාන්න කම්මැලි...
    එක නිසා අධර්ය වෙන්න එපා..
    දිගටම ලියන්න..
    ජය වේවා...

    ReplyDelete
  4. රොටියා, මචන් දිගටම ලියපන්....
    මම හෙන අසාවෙන් මේක කියවන්නේ......

    ReplyDelete
  5. උබ වගේ තමයි මචන් අපිත්.. කියෙව්වට කම්මැලි කොමෙන්ට් කරන්න...

    ReplyDelete
  6. කෙල්ලෝ ගැන ලියන එව්වනම් හෙනම ඇත්ත..
    මම ඉස්සර හිතුවේ ජෝක්ස් කියල...
    අමුලික ඇත්ත දැන් බලාගෙන යද්දී.... කෙල්ලෙක් එක්ක ඉද්දි තමයි තේරෙන්නේ ....

    ReplyDelete
  7. ලියන ඉස්ටයිල් එකටනම් මම හෙනම කැමති...එල ..
    දිගටම ලියන්න..

    ReplyDelete
  8. තව ලියපන් රොටියෝ. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නෙනෑ...

    ReplyDelete
  9. අදයි කියවන්න ගත්තේ.. දන්නෙම නැතුව මෙතන්ටත් ඇවිත්..
    ලියන එක නවත්තන්න එපා.. පුලුවන්නම් follow gadget එක දාන්න.. ඔබගේ ලියවිල්ලට මම බොහොම කැමතියි...

    ReplyDelete