Tuesday, March 31, 2015

අපි මැරෙන මිනිස්සු බං- එතකන් නේ මේ ඔක්කොම


මට ජාතිවාදියෝ පෙන්නන්න බෑ..
මට ආගම්වාදියෝ පෙන්නන්න බෑ
මහපොළවේ උඹත් ඉන්න ඕනේ .. මාත් ඉන්න ඕනේ..
උඹ හිටියයි කියල මට නැතිවෙන රෙද්දක් නෑ
මං මලා කියල උඹට හම්බෙන කෙන්ගෙඩියකුත් නෑ
උඹට ඉන්න ඕනේ නං ඉඳපන්, බැයි නං පලයන්
මටත් යන්න ඕනේ උනොත් මාත් යනවා
හැබැයි ඒ උඹට ඕනේ නිසා නෙවෙයි..
අපි මැරෙනවා බං..
කවද හරි දවසක උඹෙත් හුස්ම ටික යයි , මගේ හුස්ම ටිකත් යයි
උඹ යන දිව්‍යලෝකෙයි මම යන දිව්‍ය ලෝකෙයි එකමද කියල නං මං දන්නෑ බං
ඒත් අපාය නං එකක් වෙන්න ඇති
එහෙමයි කියල මැරිලා නැගිටලා ආපු එකෙකුත් නෑනේ බන් අහගන්න
එහේ විස්තර...

3 comments:

  1. හම්මේ හෙන කාලෙකින් අවිත්......

    ReplyDelete
  2. දැන් රොටියට වැඩ වැඩියිලු බං...
    රෙදි හෝදන්න, උයන්න, ගෙවල් දොරවත් අතුගාන්න, වත්ත පිටිය සුද්ද කරන්න...
    අතරින් පතර වෙලාවක් තිබ්බොත් ජොබ් එකත් කරනවලු......

    ReplyDelete
  3. අපි මැරෙනවා බං..හැබැයි උන්ගේ දරුවෝ බෝ කරන්න අපේ දරුවෝ මැරෙනකල් ජීවත් වෙනවා..උන් වහල්ලු නොවී ඉන්න ඕන..එච්චරයි..

    ReplyDelete