Sunday, September 11, 2016

සැම්සන් මියගියේ කොහොමද....??

සෙනෙවිරත්න සිය මෝටර් රථය අධිවේගී මාර්ගයෙන් කොළඹට ඇතුල් කළේ සතුටු සිතෙනි. පාන්දර නිසා වාහන තදබදයක් නැත. වෙනදාට සිදුවන ලේ රත්කරගැනීම් වලින් තොරව අද උදේ පැවැත්වෙන දානමය කටයුත්ත සඳහා සහබාගි විය හැකි බව ඔහු කල්පනා කළේ සැහැල්ලුවෙනි.

බොරැල්ල හන්දියේ ලා අඳුර කපාගෙන දිස්වෙන කහපැහැ ආලෝකය කුමක්දැයි විමසිලිමත් වූ හෙතෙම දුටුවේ එය විසල් ගිනි ජාලාවක් බවය. එය මිනිත්තු කිහිපයකට පෙර පහන් කණුවක ගැටුණු ජීප් රථයක් බවට නිසැකය. සෙනෙවිරත්න සිය රථය අයිනකට කොට නවත්වා එදෙසට යන විටත් පොලිස් නිලධාරින් කීප දෙනෙකු ඇතුළු ප්‍රදේශවාසින් ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගනිමින් සිටියහ.

ජීප් රථය දුටු සෙනවිට අධිවේගී මගෙහි තමන්ව පසුකරමින් ගිය කළු පැහැති මොන්ටෙරෝ රථය සිහිවුයේ නිරායාසයෙනි.

**

රොහාන් මල්වැන්න සෙනවිරත්නගේ රථයේ සවිකර තිබූ කැමරාවෙන් පටිගත වී තිබූ දර්ශන මෙන්ම අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා දර්ශනද ඉතා හොඳින් අධ්‍යනය කළේය. සෙනවිරත්න කියා තිබුනේ ඇත්තය. පෙරවරු පහයි තිස් අටට ජාඇල අන්තර් හුවමාරුව පසු කොට මද දුරක් අගනුවර දෙසට යන විට සෙනවිරත්න මහතාගේ රථය පසුකොට අධිවේගයෙන් ධාවනය වන කළු පැහැති මොන්ටෙරෝ රථය නම් මෙයමය. කැමරාවේ සටහන් නොවූ දෙයක් සෙනවි විසින් වාචිකව පවසා තිබුණි.

"වැඩිය වාහන නොයන වෙලාවක් නිසා මම වාහනේ පාස් වෙද්දී උවමනාවෙන් බැලුව. වාහනේ දෙන්නෙක් හිටියා වගේ දැක්කා.අනික් පැත්තේ එක්කෙනා හිටියේ ඩ්‍රයිවින් සිට් එකට බරවෙලා"

කතාව තහවුරු කොට තිබුනේ ගාස්තු අයකරන ස්ථානයේ එවෙලෙහි සේවයේ නියතු තරිඳු ය.

"ඔය කියන වාහනේ මට මතක හිටියේ එහාපැත්තෙ එක්කෙනා ඩ්‍රයිවින් සිට් එකට බරවෙලා හිටපු හින්ද. පස්සේ මම ඒක ළඟ හිටපු පොලිසියේ එක්කෙනා එක්කත් හිනාවුණා. ඩ්‍රයිව් කරපු එක්කෙනාට ලොකු රැවුලක් තිබුණා"

ඇත්තේ පිලිස්සී ගිය එක මල සිරුරකි. ප්‍රශ්නය ඇත්තේ එතනය

**

දහවල් නින්දෙන් සාමාවතී අවදි උනේ එක දිගට නාද උනු දුරකතයේ හඬ නිසාය. සාමාවතී නැතිනම් දුරකතයට පිළිතුරු දිය යුත්තේ එතනාය. එතනාගේ ප්‍රමාදය නිසා නොරිස්සුම් වූ සාමා දෙනෙත් තදකොට පියා ගත්තා මිසෙක දුරකතනයට උත්තර දෙන්නට කල්පනා කළේ නැත. වැදී නිහඬ වූ දුරකථනය නැවත හඬ තලත්ම එතනා පැමින ඇමතුම ලබා ගන්නවා ඈ අසා උන්නාය

**

සාමා ලබා දුන් කට උත්තරය අනුව සැම්සන් ගජධීර මීගමුවෙන් කොළඹ පිටත්ව ඇත්තේ පාන්දර පහට පමණය. ඔහු සිය ව්‍යාපාරික කටයුතු සඳහා නිතරම නිවසින් බැහැරව සිටීම සාමාන්‍ය දෙයකි. වැඩි කතාබහක් නොමැති, මිතුරන් අඩු සැම්සන් සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. සැම්සන් හා සාමා විවාහ වී පස් වසරකි. ඔවුන්ට දරුවන් නැත.
"සැම්සන් ළමයින්ට කැමති නෑ" සාමා පැවසුවේ නෙත් බිමට බරකොටගෙනය.
ස්ත්‍රී ලෝලියෙකු නොවූ සැම්සන්ට ඔහුගේ මව්පියන් සාමාව යෝජනා කොට ඇත්තේ අවුරුදු හතලිස් දෙකේදීය. විසි අට හැවිරිදි සාමා පෙර විවාහයකින් නීතියෙන් වෙන්වී සිටි තැනැත්තියකි. ඔවුන් දෙදෙනාගේ යුගදිවිය සාමකාමී, ගැටුම් වලින් තොර වූවක් බවට ඔවුන් දන්නා හඳුනන අය පවසති.

සියලුම තොරතුරු මුල සිට අගටත්, අග සිට මුලටත් අධ්‍යනය කල රොහාන්ට සැම්සන්ව ඝාතනය කිරීමට තරම් සැක කල හැකි පුද්ගලයෙකු හෝ හේතුවක් සොයාගැනීම උගහට විය. සෙනෙවිරත්න හා තරිඳුගේ කට උත්තර නොතිබුනා නම් මෙය වැටෙන්නේ සාමාන්‍ය රිය අනතුරක් ගණයටය.

**

රොහාන් අසුන්ගෙන උන්නේ සැම්සන්ගේ සුඛෝපබෝගී නිවෙසේ සුවපහසු අසුනකය. තමාට යමක් මගහැරුණු බව ඔහුට නිසැකය.

රොහාන් ඉදිරිපිට වාඩිවී උන්නේ දැන් යම්තාක් දුරකට පියවි තත්වයට පැමිණ උන් සාමාය. රොහාන් වලක්වන්න තැත් කලද ඈ රොහාන්ට සිසිල් පැන් ගෙන එන ලෙස එතනාට නියෝග කළාය.

"ඉතින් මිස්ටර් මල්වැන්න , මගෙන් මොනාද තව දැනගන්න තියෙන්නේ" සාමා කතාව ආරම්බ කළේ කුළුපඟවය.

රොහාන් සිද්ධිය සම්බන්දව දීර්ඝ ලෙස ඈට කරුණු පැහැදිලි කරන්න උත්සහ කළේය.

"එතකොට මිස්ටර් මල්වැන්න කියන්නේ මගේ මහත්තයව කවුරු හරි මැරුව කියලද, එහෙනං ඇයි ඕගොල්ලෝ මිනිමරුවව අල්ලන්න මෙච්චර පරක්කු" ඇගේ චෝදනාව අතරමග නැවතුනේ එතනා නිසාය. රොහාන් දෙස බැගෑපත් බැල්මක් හෙලු එතනා සෙමින් පැවසු දෙය රොහාන්ට හොඳින් ශ්‍රවනය විය.

"මැණිකේ ෆ්‍රිජ් එක ලොක් කරලා"

ලැජ්ජාවට පත්වූ නියායෙන් රොහාන් දෙස යටසින් බැලූ සාමා තමා ළඟ තිබූ කුඩා පසුම්බියකින් ගත් යතුරක් එතනාට දුන්නාය." එතනම්මේ පටලව ගන්න එපා. ඔය පරණ ෆ්‍රිජ් එකේ යතුර".

"ෆ්‍රිජ් දෙකක් තියන්න ඉඩකුත් නෑ. ඒත් පරණ එක කැඩෙන නිසා අලුත් එකක් ගත්තා" යයි සාමාන්‍ය ස්වරයෙන් පැවසු සාමා ඉක්බිතිව හඬ පහත් කර "ලොක් කළේ නැත්නම් මුකුත් බේර ගන්න බෑ" යි පැවසුවාය.

මල්වැන්න සුළු සංග්‍රහයක් බුක්ති විදිමින්ම සාමා සමග කතාබහ කළේය. පිටතින් පෙනෙනවාට වඩා සමා බුද්ධිමත් කාන්තාවක් බව ඔහු ඉක්මනින්ම තේරුම් ගත්තේය. නිවස තුල සාම්ප්‍රදායික බිරිඳකගේ භූමිකාවට අවතීර්ණ නොවූ ඈ සැම්සන්ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳව මනා අවබෝදයකින් යුක්ත වූවාය.

මල්වැන්න පිටව යාමට මොහොතකට පෙර සැම්සන්ගේ ගණදෙනුකාරයෙකු විසින් ඒවන ලද චෙක්පත් වගයක් රැගෙන කොලුවෙකු පැමිණි කල සාමා ඒවා බාර ගෙන , ගනුදෙනුකරුට ඇමතුමක් ලබා දී චෙක්පත් වල වටිනාකම තහවුරු කරගෙන, කොලුවාගෙන් අත්සනක්ද ලබා ගත්තේ මනා බුහුටි කමකින් යුක්තවය. ඈ බොහෝ පිළිවෙලකට වැඩකරන , කාර්යශුර ගැහැනියක් බව මල්වැන්න සිතුවේ ප්‍රසාදයෙනි. ඈ පිළිබඳව හටගත් ප්‍රසාදය නිසාම මල්වැන්න කොලුවාට නගරය දක්වා ප්‍රවාහන පහසුකම් ලබා දීමට බාරගත්තේ සිය කැමැත්තෙන්මය. කොලුවාද සැප රියට නැග්ගේ සතුටිනි.

**

වාහනයේදී මල්වැන්න සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගත් කොලුවා තම නම සමන්ත බවද , ඉන්නේ මාතලේ මුත් අගහිඟකම් නිසා මෙහි පැමිණි බවද, ඔය සැම්සන් මුදලාලි කතා අඩු උනාට හිත හොඳ මනුස්සයෙක් බවද, නෝනා නම් තරමක් කුම්මැහි බවද කීයවාගෙන ගියේය.
තමා සැම්සන්ව අවසන් වරට දැක්කේ මීට සතියකට පමණ පෙර බවද, ඒත් ඔහු නිවස තුල පුටුවක නිදමින් සිටි නිසා තමාට කතා කරන්න අවස්තාවක් නොලැබුණු බවද කොලුවා පැවසුවේ මල්වැන්න ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
"මහත්තයට කියන්න, සැම්සන් මහත්තයා මගේ අතින් චෙක් එක බාර ගත්ත අන්තිම සැරේ මට රුපියල් තුන්දහක්ම දුන්නා අවුරුද්දට රෙදි ගන්න කියල. ඒකට නෝනා"!

**

එතනා සිටියේ බියේ ගැහෙමිනි. ඉරුදින ලද නිවාඩුවේ ගෙදර පැමිණි ඈ පස්වරුවේ නිවසට පැමිණි මල්වැන්න නිසා බොහෝ කලබලයට පත්වූ නිසා ඈව සන්සුන් කරන්නට මල්වැන්න ඈ සමග තරමක් වෙලා වල්පල් කතා කරමින් උන්නේය.
තරමක් වෙලා ගතවූ පසු එතනා තරමක් සංසුන්වූ පසු මල්වැන්න ප්‍රශ්න ඇසීම ආරම්බ කළේය.
ඇගේ කතාවෙන්ද තහවුරු වුයේ සාමා පැවසූ සියලු දේ සත්‍ය බවය.
"සැම්සන් මහත්තය කොහොමටත් වැඩි කතාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මමත් උදේ ගිහින් හවස එන හින්ද මහත්තයව වැඩිය මුණගැහෙන්නෙත් නෑ. මහත්තයා වැඩිපුර ඉන්නේ ගෙදරින් පිට"
වැඩිදුර විස්තර වලදී හෙලිවුයේ සාමාටද මිතුරු මිතුරියන් නොසිටි බවයි. ගෙදරට නිතර ආ ගිය අයවලුන් වුයේ සැම්සන්ගේ මව හා පියාය. ඊට අමතරව සැම්සන්ගේ නැගනියද, සාමාගේ පවුලේ උදවියද විටින් විට නිවසට පැමිණ ඇත.
"සැම්සන් මහත්තයාගේ තාත්ත ඔත්පල උනත් හරි, අපේ ගෙදරට යන්න එන්න කවුරුත් නැති උනත් හරි"
එතනා පැවසුවේ ශෝකයෙනි. සැම්සන්ගේ පියා ලෙඩ ඇඳට වැටීමත් සමග ඇතිවූ දේපල ආරවුලක් නිසා සැම්සන් සිය නෑයන් සමග පැවති සබඳතා මුළුමුනින්ම නවතා දමා ඇත. නැගෙණිය හා පිටරට පදිංචි සහෝදරයා දෙමාපියන්ට බලපෑම් කර ඇත්තේ දරුවන් නොසිටි සැම්සන්ට දේපල නුවමනා බැවින් සියල්ල තමන් දෙදෙනාට ලියා දෙන ලෙසය. එබසට මව්පියන් කන්දිමත් සමග සැම්සන් තදින්ම කෝප වී ඇත.
"මහත්තයට වැඩිපුර තරහ ගියේ එයා පන යනකන් වියදන් කරලා උගන්නපු නංගියි මල්ලියි එයාට එහෙම කරපු එක ගැන."
"සාමා නෝනගේ අම්මලත් අවුරුද්දකට කියල පිටරට ගියානේ ඒ දවස් වලම. සිංහල අවුරුද්ද පහුවෙනවත් එක්කම වෙන්නැති මයේ හිතේ"
මුලින් මල්වැන්න දකිත්ම වචනයක්වත් කතා කරගත නොහැකි තරමට බියව උන් එතනා දැන් කියවන්නේ වක්කඩ කැඩුවා මෙනි.
තමාට අවශ්‍ය සියලුම විස්තර දැනගත් මල්වැන්න පිටවී යාමට එළියටත් බැස යමක් සිහිවී නැවත කතා කළේය.
"සාමා නෝනට ඕනේ නම් මං දන්න හොඳ බාස් කෙනෙක් ඉන්නවා ෆ්‍රිජ් හදන. ආයේ ෆ්‍රිජ් එක කැඩුනොත් මට කියන්න කියන්න"
සිය ගෙල පිටුපස කසමින් එතනා හිනැහුණේ ලජ්ජාවෙනි.
"පරණ ෆ්‍රිජ් එක ලේසියෙන් කැඩෙන්නේ නැහැ මහත්තයෝ"

**

රොටියාගේ සටහන: සැම්සන් මියගියේ කොහොමදැයි පවසා වටිනා රොටියක් දිනාගන්න. මේ අවස්තාව ඔබටයි. ඉක්මන් කරන්න.

අද හවස කතාවේ අවසානය පලකරන්න බලාපොරොත්තු වෙමි



27 comments:

  1. පොල් රොටියක්ද?
    ශිවන්යාගෙ වැඩක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ගෝදම්බ රොටියක්
      වෙන්න පුළුවන්

      Delete
  2. //සැම්සන් මියගියේ කොහොමදැයි//

    බුද්දි අන්සේ වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකකින් උස්සල හිටං

      Delete
  3. මට හිතෙන හැටි...

    සාමා සැම්සන්ව මරලා ෆ්‍ර්‍රිජ් එකේ දාලා තියලා පාන්දර වෙස්වලාගෙන මිනිය මොන්ටෙරෝ එකේ දාගෙන ගිහින් ගිනි තිබ්බා..

    ReplyDelete
    Replies
    1. උඹ නං එල කොල්ලෙක් හොඳේ. උඹ හින්ද කතාව වෙනස් කරන්න උනා

      Delete
  4. මටනං මල් අයියව සැකයි.

    ReplyDelete
  5. මොන මග්ලක්ද රොටියෝ..ඔහොම උනාම මුළු වරුවම ඕක මොකක් වෙන්ඩ ඇද්ද කියල කල්පනා වෙනව

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම ඉතුරු ටික

      Delete
  6. මට හිතෙන්නේ මේක මිනී මැරුමක් කියලා..

    ෆ්‍රිජ් එක ලොක් කරලා තිබුන එක ගැන සැකයක් තියෙනවා. සමහර විට එතන හෝඩුවාවක් ඇති. ඒ වගේම ඩ්‍රයිවින් සීට් එකට බර වෙලා ගිය කෙනා මරපු මිනිය වෙන්න පුළුවන්.

    ReplyDelete
  7. ම්ම්ම්ම්,,,සාමා තමා සැම්සන්ව මරන්ඩ ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම ඉතුරු හරිය

      Delete
  8. සැම්සන් මැරුවේ එයාගෙ සමලිංගික සහකාරයා , සැම්සන් කසාද බැන්ද තරහට

    ReplyDelete
    Replies
    1. උඹල අලුත් කතා වලට වස්තු සපයන ජාතික සම්පත්!

      Delete
  9. සැම්සන් මැරිලා නැ.

    ReplyDelete
    Replies
    1. මරන්නයි හිටියේ. ඔබතුමා අලුත් අදහසක් දුන්න

      Delete
  10. කතාවත් නෑ... රොටියත් නෑ

    ReplyDelete
    Replies
    1. රොටියා ආව.කතාව දැම්ම

      Delete
  11. CCTV බලල කියන්නම්

    ReplyDelete
    Replies
    1. CCTV රොහාන් බැලුව. එකේ තියෙන්නේ වාහනේ විතරයි

      Delete
    2. CCTV රොහාන් බැලුව. එකේ තියෙන්නේ වාහනේ විතරයි

      Delete
  12. සෙනෙවිරත්න සහ සැම්සන් මහතාගේ බිරිඳ අතර අනියම් සම්බන්ධයක් ඇත. තරිඳු යනු සැම්සන් මහතාගේ දෙදුනුවර්ණ සගයාය. සැම්සන් විවාහ වීම පිළිබඳව ඔහුගේ සිතේ කෝපයක් තිබෙන්නට ඇත. වඩා විශ්වාසදායක සාක්ෂිකරුවෙක් වියහැකි පොලිස් නිලධාරියාගේ කටඋත්තරයක් ලබා නොගෙන තිබීමද සැක සහගතය. රොහාන් විසින් කටයුතු කර ඇති අකාරයද මේ හේතුවෙන් සැකයට භාජනය වේ.

    ReplyDelete
    Replies
    1. නියමයි බන්. තව කතාවක් ලියන්න පුළුවන්

      Delete
    2. නියමයි බන්. තව කතාවක් ලියන්න පුළුවන්

      Delete
  13. ගූ සිංහල වචන නැත්නම් හොඳයි.

    සහබාගි සෙනෙවි සෙනවිට අධ්‍යනය ඩ්‍රයිවින් සිට් එක නාද උනු දුරකතයට දුරකතනයට දුරකථනය සුඛෝපබෝගී ආරම්බ සංසුන්වූ නැගෙණිය

    ReplyDelete