Tuesday, September 20, 2016

රොටියා හා ගෑණු ළමයාගේ බබ්බු

රොටියාගේ ගෑණු ළමයා මේ දිනවල බේබි සිටින් කරනා බැවින් පට්ට බිසීය. කසාදෙන් පහුවදා සිටම ගෑණු ළමයා විසින් රොටියා බබාව සිටින් කරන්න පටන් ගත් එක වෙනම කතන්දරයක් බව ඇත්තය. නමුත් මේ බේබි සහමුලින්ම පොඩි එකෙක් හෙවත් ඊයේ පෙරේදා මෙලොව එලිය දුටු එකෙකි. ඒකා ගෑණු ළමයාගේ අයියාගේ පොඩි එකාය.
කාලාන්තරයකට පෙරාතුව නං රොටියා හිතා උන්නේ දෙන්නෙක් කසාද බැන්දයින් පසුව කාන්තාවගේ බඩ ලොකුවී බබා ලැබෙනා බවය. ඊටත් පසුව ටිකෙන් ටික අදාළ සබ්ජෙක්ටුව මීටර් වන්නට යෙදුනු අතර බබෙක් ලැබීම යනු සාමාන්‍ය දෙයක් නොව තඩි ගිනි විජ්ජුම්බරයක් බව දැනගත්තේ මේ කියන අයියාගේ බබා නිසාය.
කසාදයෙන් පසුව අහල පහල දන්නා කියන එවුන් සියල්ලෝම කන් දික්කරගෙන , ඇස් දොට්ට දාගෙන බලන් ඉන්නේ මුන් දෙන්නාට බබෙක් හම්බෙන්නේ කවදාද කියාය. උන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරමින් හා හා පුරා කියා කෙලිත්තියට බබෙක් ලැබෙන්න ආ කල රටේ නැති දොස්තරවරු, නර්ස් නෝනලා, වින්නඹු අම්මලා ඔබ ඉදිරියේ ප්‍රාදුර්භූත වනු ඇත්තේය. උන්ගෙන් ගැලවී ඔබට අවශ්‍ය ඩොකෙකු හමුවීමට තරම් ඔබ වාසනාවන්ත වූවා නම් ඊළඟ ප්‍රශ්නය ඩොකාම විය හැක්කේය. අපහාස නීති ගැන දැනුමක් නැති හෙයින් මේ පිළිබඳව අයියා දුන් ෆුල් ස්ටෝරිය මෙහි ලියන්නේ නැත්තේය. ඒ සම්බන්දව අත්දැකීම් ඇත්තෝ විමසා බලත්වා!
බබා ලැබෙන තුරු අහල පහල එව්වන් හලන විසබිජයන්ගෙන් ඔබේ කෙලිත්තියගේ ඔලුව බේරා ගැනීමට වෙනම නැටුමක් නටන්නට සිද්ද වෙනවා ඒකාන්තය.

"මං දන්න කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි බයික් එකේ ගිහින් ඇබෝෂන් එකක් උනා"
"මගේ පලවෙනි බබා හම්බෙන්න ඉද්දි ප්‍රෙෂර් ඇවිත් බබා නැති උනා. මාස අටයි"
"ඔයාට වැඩ කරන තැන හරි ස්ට්‍රෙස් නේද"
"කෝ ඔයාගේ බඩක් පෙන්නේ නෑනේ. බබා පොඩිද දන්නේ නෑ"
"රෑට ඇහැරිලා බලන්න බබා දඟලනවද කියල"

ඔන්න ඔයාකාර කතා ලතාවන්ගෙන් ඔබට සොපිගේ ලෝකය දැකිය හැකි වන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔබට ගෑණු ළමයාගේ අදෝනා, විකාරරූපි හැසිරීම් ඉවසා වදාරන්න සිද්ද වෙනවා සේම රෑ මැද විටෙන් විට ඇයට උනදැයි බැලීම, ප්‍රෙෂර් බැලීම ආදී සෞඛ්‍ය සේවාවන්හිද නිරත වන්නට සිද්ද වන්නේය. සෑම කළු වලාකුලකම රිදී රේඛාවක්ඒ ඇතැයි කීවාක් මෙන් ඒ මැද්දෑවේ විවිදාකාර කෑම බීම ජාති ඇටි හැලෙන්නට දෙසා බාන්නට ඔබට අවස්තාව ලැබෙනු ඇත්තේය.

ඊළඟට එන්නේ බබා ලැබෙන ආකාරය තීරණය කිරීමේ වෙලාවය. අම්මාට , නැන්දම්මාට, නැන්දාට, කිරි අම්මාට එය තීරණය කරන්නට නොදී, සැබෑ පිරිමියෙකු ලෙස එය ඔබේ ගෑණු ළමයාට වෙද්‍ය උපදෙස් මත තෝරාගන්න ඉඩ දීම ඔබ සතු කාරියකි.

අලුත උපන් බබ්බු පට්ට හුරතල් යයි දකින දවල් හීන බබා අතට ලැබුණු කල හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යනවාය. ඔබේ අතට ලැබෙනුයේ ඇඟ පුරා රැලි වැටුණු, රෝස පාට නලියන දගලන, කෑගහන පොදියකි. ඒ රැලි දිග හැරී, ඔබේ බබා හුරතල් බබෙක් ලෙස කල එලි බහින්නේ දවස් හතර පහකට පසුය. ඒ නිසා අලුත උපන්බ බා දැකපු ගමන් අනෙක් උන් කියන කතා ඒ කනෙන් අසා මේ කනෙන් පිට කල හැක්කේය.

ඒ කඩයිම සාර්ථක ලෙස පසුකල පසු කිරිඅම්මාවරු රංචු පිටින් ලෑන්ඩ් කරන්නේ ඔබේ කෙලිත්තිය වටාය.

"මව්කිරි දෙන්න මාස හයක්වත් යනකං. වෙන මුකුත් දෙන්න එපා"

තම ළමයා ඉපදී සතියකින් දවස් පහක ෆොරින් ටුවර් එකක් ගිහින් ආපු සෝබනී මෙහෙම කියයි
"මම නං ළමයා ලගින් හෙල්ලුනේ නෑ මාස හයක් යනකං"

ළමයා ලැබෙනකන් දහඅට පාලිය නටා ඊළඟට ළමයාව ගෙඩිපිටින් සිය මවගේ කරේ ගසා උන් කමනි කියන්නේ මෙහෙමය.
"මම නම් ළමයගේ ඔක්කොම වැඩ කරගත්තේ තනියම. මට ඉතින් උදව්වට කවුරුත් හිටියේ නෑනේ"

මාස පහෙන් පාචනය වැළඳී පොඩි ඒකාව නවලෝකේ සුමානයක් තියන් උන් සෝමදාස තම ඇඹේණිය සුද්ද කරන්නේ මෙහෙමය.
"හම්මෝ මෙයා නං පොඩි එකාට මැස්සෙක්වත් වහන්න දුන්නේ නෑ. දවසට දෙපාරක් පොලව ඩෙටෝල් දාල මොබ් කළා" එතකොට සෝමදාසගේ ඇඹේණිය ආඩම්බරකාර හිනාවක් පානු ඇත්තේය.

මාතෘ නිවාඩු ඉවර උනු වහාම පැය දොළහක සේවා මුරයට ගොස් අතිකාල වැඩද කොට ගෙදර ආ සුගුනවති මෙසේ කියයි
"මම නං මාස හයක් නෙවෙයි , අටක්ම දුන්නේ මව්කිරි විතරයි"

කෙටියෙන් කිවහොත් ඔබේ බබා බලන්න එන ඈයන්ගෙන් සියයට අසුවක් , අනූවක්ම සිය උත්සහයෙන් , වැර විරියෙන් , මව්කිරෙන් පමණක් සිය ළමයි සන්තර්පණය කල වීර මව් පිය වරුන්ය.

බබාට මව්කිරි මදි නම් මුණගැසිය යුත්තේ දොස්තර මහතාවය. පිටිකිරි දෙන්න ඕනෑ තැනේදී , ඔය මොලේ කොලොප්පන් වුනු ගෑනුන්ගේ කතා අසා ගෑණු ළමයාව හූර හූරා මව්කිරි දෙන්න විරිය කිරීමෙන් දුක්විදින්නේ ඔබේ බබා හා ගෑණු ළමයාය.

බඩපිරුනු පොඩි එකෙකු එකම හුරතල් ලෝකයකි. චූ හෝ අනිත් එක සම්බන්දව බයක් නැති රොටියාට මේ බබා මරුය. පොඩි එකා උනාට ඌ මස්සිනා මෙන්ම ගල් ආදෙකි. අඬන්නේ නේ නම් රොටියාගේ ගෑණු ළමයා මෙන්ම ගිරිය උලුප්පාය. හිනා වෙද්දී ඌ රොටියා වගේ යයි හිතන්නට රොටියා කැමතිය.


23 comments:

  1. Rotiya Maru ban :D mata mey dewal 4 paarak una habai wasanawata oya eka eka kiyana eewa api karanna giye naa. Mage experiance danna un kohomath mata mukuth kiyanna enneth naa

    ReplyDelete
    Replies
    1. හතර පාරක් උනේ කොහොමද යකෝ ... තොට ඉන්නෙ ළමයි තුන්දෙනයි නේද ..??

      Delete
    2. බබ්බු 3ක් හෝ 4ක් ඉන්නවා කියන්නේ මරු බං. මාත් ආසයි එහෙම පවුලකට

      Delete
  2. හහා සිරා ලිපිය බං

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ සරසවියට ගියෙමි.
      ඔබේ පොත සෙව්වෙමි
      නැති බව දැන, උන් එක්ක ගේමක් ද ඇද
      එන්ට ආමි (මාස 2-3 කට කලින්)

      දැන් ඉන්නේ නෙට් එකෙන් ගෙන්න ගන්න

      Delete
  3. // හිනා වෙද්දී ඌ රොටියා වගේ යයි හිතන්නට රොටියා කැමතිය. //

    මස්සිනා බ්ලොගේ කියෙව්වානම් පිහි පහරක් ලැබෙන්න ඉඩ ඇත!

    ReplyDelete
  4. //හිනා වෙද්දී ඌ රොටියා වගේ යයි හිතන්නට රොටියා කැමතිය.//

    ගෑණු ළමයාගේ අයියගෙ පොඩි එකා හිනා වෙනකොට උඹවගේ වෙන්න ඉතින් මෙතන කියනවට වඩා ජෛව විද්‍යාත්මක දේවල් සිදුවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ මගේ කසාදෙට ඩෙන්කුටු ගස්සන්නද?

      Delete
  5. ඇ හිනා වෙද්දී උඹවාගේ උනේ කොහොමද

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයගෙ අයියා රෑ වැඩ. රොටියට රොටිම කාල එපා වෙලා, අල්ලපු ගෙදර අස්සය ගෝං ටික් ටික් ටික් කරල

      Delete
    2. යකෝ, මම හිනා වෙද්දී කම්මුල් වල ගැහෙනවා. උගෙත් වලගැහෙනවා. එච්චරයි

      Delete
  6. ඇ හිනා වෙද්දී උඹවාගේ උනේ කොහොමද

    ReplyDelete
    Replies
    1. ඕවා ආයෙ ආයෙ අහන දේවල්ද බං.සද්දෙ වහගෙන ඉන්නව මිසක.

      Delete
  7. හි..හි... රොටියාගේ කතාව නම් සහතික ඇත්ත...

    හපොයි .. ඔය රොටියාගේ ෆොටෝ එකේ හිනාවද තියෙන්නේ ... ;)

    ReplyDelete
  8. "මං දන්න කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි බයික් එකේ ගිහින් ඇබෝෂන් එකක් උනා"

    මිස්කැරේජ් (එහෙම අදහසකින් බයික් එකේ නොගියානම්)

    ReplyDelete
    Replies
    1. අපේ අයට මිස්කැරේජ් වෙන්නේ නැති තරන්. වෙන තරම් වෙන්නේ ඇබෝෂන් තමයි. හැක හැක
      ඉඳල හිටලා ඇබෝර්ට් වෙච්ච අයත් හිටියලු

      Delete
  9. අනේ පව්... ඔය ඉතින් උපදෙස් දෙන්නේ ඒ අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනාටයි ඒ පවුලටයි තියන ආදරේ නිසානේ... නේද රොටියෝ

    ReplyDelete
  10. රොටියා මස්සිනගෙ පවුලටත් ගේම ගහලා නෙහ්?

    ReplyDelete
  11. රොටියාට ළමයි එකෙක් දෙන්නෙක් නොව රොත්තක්ම ලැබේවා....
    පවුල් බර ලෙසටම දැනේවා............................
    සසර කලකිරේවා....................................

    ReplyDelete