Tuesday, March 21, 2017

පිටරට ඉඳන් වඩින්නේ දෙවියන්ය..

ශ්‍රී ලංකාව වනාහී අරුම පුදුම රටක්ය. එහි වෙසෙන සියල්ලෝම අමු ගෝත්‍රිකයෝය. උන් කන්නේ අමු මස්ය. බොන්නේ ලුණු වතුරය. ඇමරිකාවේ තරම් කුඩ්ඩෝ ලංකාවේ නැති බව අන්තර්ජාලය කියවීමේදී පෙනීයන නමුත් ඌරු වරිගේ සෝමපාල කියනා විදියට ලංකාවේ තරම් කුඩ්ඩෝ ලොවෙත් නැත. ඇමරිකාවේ තරම් අපරාද නොවුනාට හාරිස්පත්තුවේ ටිකිරා කියන්නේ ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ ස්ත්‍රී දූෂක මං පහරන හොරු ටිකක් බවය. ඇමරිකාවේ මිනිස්සු බවුද්ද දර්ශනය ගැන ගැඹුරු හැදැරීම් කරන බව ආරංචි වූ නාසි වත්තේ හෙක්ටර් කියන්නේ ඒ පට්ට පල් බොරු බවත් ඒ තරන් ගෝත්‍රවාදී ආගමක් තවත් නැති බවත්ය.

පිටරට ඉඳන් ලංකාවට එන ඕනෑම එකෙක් ලංකාවේ එවුන්ට ආශ්චර්යමත් සිටුවරුන්ය.නොරට එව්වන්ට හදිසියේවත් මොංගල් විදියට වාහනයක් පදින්න ආසාවක් ආවොත් හෙම උන්ට තියෙන්නේ සින් සින් ගා ලංකාවට එන ටික විතරමය. කටුනායකින් විනාඩි දහයෙන් මිගොමුවට පැමිණ එහි වෙරල පාරේ (එය ප්‍රධාන පාරකි) තමුන්ට හිතු හිතු විදියට ඕනෑම කෙහෙල්මලක් එලවා තමුන්ගේ ආතල් එක ලබා ගත හැක්කේය. ලංකාව අන්න එහෙම රටකි.

ලකාවේ බුවාලා ආතල් පිණිස යන්නේ පට්ට ගණන් හෝටල් වලටය. දැන් දැන් එන බහුතරයක් සුද්දෝ ඉන්නේ හොස්ටල් වලය. ඒ උන් පට්ට රැඩිකල් නිසා මිසක් සල්ලි නැති නිසා හෙම නෙවේය. අපේ උන් වියදම් කර සොමි කරන්නේ උන් පට්ට ගෝත්‍රික වාදීන් නිසා මිසක් උන්ට සල්ලි තියන නිසා නෙමේය.

මේ ලඟදි දවසක රොටියා කාර්ගිල්ස් සාප්පුවට ගෑටුව වෙලාවක පත මයික්‍රෝ බස් එකක් එහෙම්පිටින්ම පැමිණ නැවත්තුවේය. බස් එක පිරි තිබුනේ පිටරැටියන්ගෙන්ය.කාර්ගිල්ස් සාප්පුවේ මැනේජර් තුමාගේ කට කනේය. ඔවුන් දෙතුන්දෙනා එක්කාසු වී බොහෝ වෙලා ෂොපින් කොට අවසානයේ වතුර බෝතලය බැගින් මිලට ගෙන යන්නට ගියෝය. ඔවුනතරින් එක යුවලක් අයිස් පලම් දෙක තුනක් මිලට ගත් අතර මහත දෙහෙත කාන්තාවක් කුඩා විෂබීජ නසන අත් ආලේපයක් රැගෙන යනවා දුටිමි.රොටියාට ඉදිරියෙන් උන් ලාංකික කාන්තාව මිලයට ගත් බඩුවල වටිනාකම අර ඔක්කොම විදේශිකයන් විසින් මිලයට ගත් බඩුමිලට වඩා වැඩි බව පෙනුණු නමුත් මැනේජර් තුමා ඇතුළු කෙලිත්තියන් ඔක්කොම චිකි බිකි ගගා දෙකට නැමුණේ සුදුහම ඉස්සරහාය. ඔය සියල්ලෝම පිටරටකට ගොස් තමන්ටත් එරටේ ඇත්තන්ගෙන් ඔයාකාර ගරු නම්බු ලබාගෙන පැමිණීම යෙහෙකිය.

විදේශිකයන්ට හොඳින් සැලකීම යහපත්, සදාචාර සම්පන්න පුරුද්දක් වන නමුත් පිටරැටියන් ඉදිරිපිට ලංකාවේ එව්වන් තමන්වම දෙකේ කොලේට දමා ගන්නේ ඇයිදැයි රොටියාගේ කුඩා මොලයට වැටහෙන්නේ නැත.මේ දිනවල සමාජ ජාල වල වේගයෙන් සංසරණය වන , සෆාරි රියදුරෙකු විසින් පිටරැටියන් කිහිප දෙනෙක් මගින් බස්සා යාමේ වීඩියෝවේ කැඩුණු ඉංගිරිසි වචන කිහිපයක් ඇසුණු පමණින්, අගක් මුලක් නොදැන ඒ රියැදුරාට පස් පඩන්ගුවේ බනින්නේ කුමන මිම්මක් මූලික කරගෙනදැයි සිතා බැලීම වටනේය.සමහර විට එහි අවසානයේ රියදුරා විසින් සංකේතාත්මකව දක්වන කුනුහරුපය අපේ සත්ගුණවත් අයියලාට දිරවා ගැනීම අමාරු නිසා වන්නටද පුළුවන


සමහර විට කොච්චර පණ්ඩිතමානි වන්නට දැඟලුවත් අපේ කස්ටිය තාමත් කොලෝනියල් මෙන්ටලිටි එකෙන් එලියට එන්නට බැරුව ඉන්නා නිසා වන්නටත් පුළුවන්ය.



18 comments:

  1. ඇත්ත කතාව. රොටියා ඔබට සම්මානයක් යෝජනා වෙලා තිබෙනවා. දිනුවොත් 25 සම්මාන උළෙලේට එනවද ගන්නවද editor@nelumyaya.com එකට දන්වන්න

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායේ උන් ලංකාවේ ඉන්න පොඩි හාල්මැස්සන්ට පොප් කොන් පොරි ටිකක් ඉහිනවා එතකොට උන් පැනගෙන එනවා පොරි කන්න ඊටපස්සේ දෙබිඩ්ඩෝ කරන්නේ දෙශපාලන මෝරුන්ට පෙන්වනවා උන්ව , මෙන්න අපි හදන හාල්මැස්සෝ උබලට ඕන වලාවට කැමට දෙන්න පුළුවන් කියලා. උන්ව පෙන්වලා තව ගානක් කපාගන්න වැඩක් හදාගන්නවා හල්මස්සෝ ස්වයන් වීන්දනය ලබනවා
      උඹත් එහෙමද රෝටියෝ ???? තැටිය රත්වෙච්ච වෙලාව් උඹව කරවෙයිද කර කරයිද

      Delete
    2. බොහොම ස්තුතියි Ajith Dharma මහත්මයා. රොටියා සම්මාන උළෙලට සහබාගි වන එක බොහොම අවිනිශ්චිතයි.
      සම්මාන උළෙලට ආවොත් එන්න වෙන්නේ රොටියාට නෙවෙයි.රොටියාව නිර්මාණය කරපු මටයි. එතැනින් එහාට රොටියා ලියන හැමදේටම මාවත් සම්බන්ධ වෙනවා. රොටියාව පස්සට ගොස් මාව ඉස්මතු වෙනවා.
      මම සහ රොටියා කියන්නේ ජෙකිල් සහ හයිඩ් වගේ.එ නිසා රොටියා රොටියා විදියටම ඔහේ හිටියාවේ.
      රොටියාගේ නිර්මාණයක් සලකා බැලීම ගැන නැවත වරක් ස්තුතියි

      Delete
    3. AnonymousMarch 21, 2017 at 6:01 AM, මචං රොටියා ස්වයං වින්දනේ ලබන්න ඕනේ නං රොටි පුච්චන්නේ නෑ බං.
      රොටි පුච්චන වෙලාවේ ස්වයං වින්දනේ කරන්න යන්නෙත් නෑ බං.
      එ හින්ද කරවෙන්න කලින් රොටිය බාගන්න මං දන්නවා බං

      Delete
    4. hari ban. real rotiyak yawapan event ekata....

      Delete
    5. රොටිය මලේ මම මේ බ්ලොග් එකට කාලෙක ඉඳන් එන කෙනෙක්. ඔයාගේ අර සුදු ජොකා කියන විද්‍යා ප්‍රබන්ධයක් හැටියට තියන ලිපිය තේරුවේ ගිය අවුරුද්දේ නෙලුම් යායේ පල කරන්න . අද ඊයේ නෙමේ. රොටිය එන්නේ නැත්නම් අපි කතා කරන පියම්බිකාව එවන්නත් පුළුවන්. නියෝජිතයෙක් එවන්නත් පුළුවන්. ඔය ඉහත කොනේ හාල් මැස්සෝ කතාව නම් අමු බොරුවක්. මම විවෘතව හැම දෙයක්ම කරන්නේ. දේශ පාලකයෙකුට හෝ දෙන්නෙකුට බ්ලොගාල පා වල දෙන්න වත් මේකෙන් සල්ලි හොයන්න වත් මට අවශ්‍ය නැහැ. මට රැකියාවක් තිබෙනවා. ඒකෙන් ලැබෙන පඩියෙන් මට ජිවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ චෝදනා කරන අයගේ තියෙන්නේ එවැනි අභිප්‍රයක්. අනිත් හැමෝමත් තමන් වගේ කියල හිතනවා ඇති. ස්තූතියි

      Delete
    6. අපි කතා කරන පියම්බිකාව එවන්නත් පුළුවන්.......

      මචන් රොටියෝ බඩු ෂුවර් ලැබෙනවා ...කොහොම හරි යවපන් එයාවම
      කාටත් හොරෙන් උඹ ටත් උණු උණු කොන්ඩ කැවුම් හම්බවෙයි වාඩිවෙනකොට යටට තියා ගන්න.
      දේශ පාලකයෙකුට හෝ දෙන්නෙකුට බ්ලොගාල පා වල දෙන්න...... රොටියෝ මේක රාජ්‍ය උත්සවයක් නොවෙයිනේ බං එහෙම නැත්තම් මොකටද උන්ව ගෙන්වන්නේ ....නිදිවදින්නද

      Delete
    7. ඇනෝ මල්ලි මම අදහස් කලේ මේ බ්ලොගයේ ලිපි ගැන. අපහස නැතිව කතා කරමු. ඔබට එසේ කියන්න අයිතියක් තියනව්චා වගේම ඔබේ අදහසට මම ගරු කරනවා (පළමුවන කොමෙන්ටුවට) මම කිව්වේ මම හිතන් දේ. රොටිය තීරණය කරල් තියෙන්නේ. ඔහුව සම්මාන නිර්දේශයෙන් ඉවත් කරනවා . එච්චරයි. මහා ලෝකේ දෙයක් නෙමේනේ මේක. ලබන අවුරුද්දේ සංවිධායකයෝ රාජ්‍ය උත්සවයක් කරන්න තමයි හදන්නේ. මම හුඟක් වෙලාවට එතැන නැති වෙයි. මගේ බ්ලොග් කියැවීම් මම කොහොමත් කරනවා. මම ඉන් ලබන විනෝදය , ආස්වාදය ආදිය නිසා. එතන අවුලක් නැහැ. දේශපාලන වශයෙන් ඔබේ පැත්තේ සිටිය නම් මමත් ඔබ කියන දේම කියන්න ඉඩ තිබෙනවා. මට එය තේරුම් ගත හැකියි.

      Delete
    8. හැමෝටම අරහන් දේශපාලකයෝ නැතිව යමක් කලානම් බ්ලොග් නිදහස ගැන බලාපොරොත්තුවක් තියාගන්න තිබුනා
      දැන්නම් එකත් නැත්තටම නැතිවුනා
      ඔබමෙහෙම කියයි එහෙම වෙන්නේ නෑ කියලා නමුත් රටේ වෙලාතියන අතීතය බැලු කල මෙයත් එසේ නෙවෙ යයි කීමට කිසිදු සාධකයක් නැත

      අන්‍ය තාවයක් හොයාගන්න බරි තැන බලය තියන දේශපාලකයින්ට බල්ටි ගහන්න කාගේ අවසරක්ද අන්තිමට සිදුවන්නේ ජඩමාද්‍ය පුවත්පත්කලාව විනාස කලාවගේ කුලියට ලියන්නෝ මෙහෙ පැමිණ ඔබට,අපට පුක පෙන්නා යාම පමණි

      අහෝ බ්ලොග් ලොව විනාසය කලාදැයි මේ සම්මාන කැල.....
      අජිත් පරම සිතින් කලත් දැන් බ්ලෝග මුදලට විකිණී හමාරය

      Delete
  2. පිටරටිං ඇහිල්ලා ඇල්ලේ කොල්ලන්ට අල්ලා එච්චයිවී බෝකරලා ගියයින් පස්සේ දැන් බදුල්ලේ එවුන් බනින්නේ "තෝ මරනව" කියල නෙමෙයි.

    "රුසියන් කෙල්ලෙක් දම්මල ****ව" කියලයි.

    ReplyDelete
  3. Replies
    1. කාලෙකට පස්සේ ලියන්න හිතුනනේ

      Delete