tag:blogger.com,1999:blog-42212514854292392632024-03-06T01:27:13.288-08:00රොටියා | RotiyaRotiya's blog, රොටියා ගේ බ්ලොග් අඩවිය Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comBlogger140125tag:blogger.com,1999:blog-4221251485429239263.post-10018847618452694582018-06-13T05:57:00.001-07:002018-06-13T06:03:24.402-07:00රොටියාගේ යාළුවගේ ක්ලබ් එකකිරි අප්පට බල්ලෝ පනින්නට සිරිලංකාවේ කැසිනෝ නීතිගත කරලාය. දෙන දෙයියන් දෙන්නං දොඩන් කියා කලින් නොතිබූ නානාප්‍රකාර අටමගල් අටෝ රාසියක්ද නීතිගත කරලාය.

මේ ආරංචියෙන් අධික ලෙස චූන් වූ මුහුදෙන් එහා වසන රොටියාගේ මිතුරෙක් රොටියාට දුර ඇමතුමක් දුන්නේ ආරංචිය ඇත්තටම ඇත්ත වග තහවුරු කර ගන්නටය. රොටියාද දහ අතේ දිවුරා එය හොඳටෝම ඇත්ත එකක් බව ඌට පැහැදිලි කර දුන්නාය. අවසානයේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය ඌ රොටියාට දැනුම් දුන්නේ එහෙම නම් ඌද ලංකාවට පැමිණ පොඩි වැඩක් පටන් ගන්න බවය. ඒ මොන ඇන්නෑවක් දැයි ඇසු කල එය සප්‍රයිස් එකක් බව පැවසුවේද ඌමය. මල පැනපු රොටියා උගේ සප්‍රයිස් එක කොහේ හෝ තැනක ඇරගන්නා ලෙස පවසා ඇමතුම විසන්ධි කලාය.

අලුත බැඳපු මනමාලියෙකු සේ කෝළ වේවි ඌ ආපසු රොටියාව ඇමතුවේ පෙරේදාය.

"මචං අර වැඩේ හරි"

රොටියාට ඔය තෙපර බාන්නේ මොකක් ගැන කියන්නදැයි කල්පනාවට ආවේම නැත. ඊලඟට ඌ, රොටියා යනු යාළුවන් ගැන කිසිම තැකීමක් නැති මහම මහ අලයෙක් බවට නහයෙන් ඇඩුවේය. සමහර විට ඌ හිතාන උන්නේ රොටියා උගේ කලින් ඇමතුමෙන් පසුව වෙන කිසිම වැඩක් නොකර ඌ පිළිබඳවම කල්පනා කරමින් සිටියා කියා වන්නට ඕනෑය..

දීර්ඝ නෝක්කාඩුවකට හා සුද්ද සිංහලෙන් කෙරුණු කරුණු පැහැදිලි කිරීමකට පසුව ඌ විසින් රොටියාව ඇමතූ හේතුව නිවේදනය කළාය.

"මචෝ හෙට උඹ එන්න ඕනේ හොඳේ... මගේ ක්ලබ් එකට.ඊයේ ඕපන් කලේ"

"අඩෝ.. එල ඈ"

"උඹට කියන්න මචං එකේ ස්ට්රිපර්ස්ලත් ඉන්නවා. ඉටිකිරිස් කෑලි ටිකක් මම තායි වලින්ම ගෙනාව.

ඒ ඇසු රොටියාට ඉහලට ගත් හුස්ම පහලට හෙලා ගැනීමටද මද වෙලාවක් ගත උනේය.

"උඹ ඔය ඇත්තටමද කියන්නේ බං"

"ආයෙත් අහල.. ඇවිත් බලහන්කො.. උඹට කැමති ඕනේ ඩ්‍රින්ක් එකක් ගත්තැකි. පෝල් ඩාන්ස්, ස්ට්රිප්ටීස් ඕනේ එකක් තියෙනවා. මං හිතන් ඉන්නේ ඉස්සරහ දොර ළඟ ලංකාවේ කිරි ටොයියෙක් තියන්න. මං හංසමාලිගෙන් අහල තියෙන්නේ. උඹට කරන්න තියෙන්නේ උඹේ ඔෆිස් එකේ පොඩි ප්‍රමෝෂන් පාරක් දෙන එක විතරයි. උඹට නං ෆ්‍රී ලොක්කා. උඹ හෙට එන්න ඕනේ හොඳේ"

රොටියාට ප්‍රීතිය නිසාම දෑස නිලංකාර වන වගක් හැඟුනේය. ඕවා ආයේ ආයේ කියන්න ඕනෑ දේවල්ද?.. හරියට ඉබ්බා දියේ දානකොට "දැන් නෑවේ" කිව්වා වගේය

ඊළඟ දවසේ ජැන්ඩි දහයට හැඳ ගත් රොටියා ඔෆිසියේ මිතුරන් කිහිප දෙනෙකුවද තෙලක් බෙදා ගමනට එක්කාසු කර ගත්තේය.

යාළුකම මුලට දමාගෙන නිකං කෑම අරහං හෙයින් රොටියා තමා එන බව මිතුරාට දැන්නුවේ නැත්තේය. කොළඹ තදාසන්න පෙදෙසක් මැද්දෑවේ බැබලි බැබලි තිබූ උගේ සමාජ ශාලාව හොයා ගැනීමටද රොටියා ඇතුළු රැලට අපහසු උනේ නැත්තේය.

ඇතුලත් වීමේ ගාස්තුව ගෙවා විමනට බට රොටියාට සුළු තක්කු මුක්කු ගතියක් දැනුනේය.

හංසමාලි ළමා සාරියක් ඇඳගෙන දෑත් එකතු කරගෙන එන එන එකාට ආයුබෝවන් කියනවාය.

ඌට හොඳ නං මගේ මොකෝ කියා ඇතුලට යන විට, බාර් එක ඇරලාය. නැටුම් වේදිකාව හිස්ය. ෆුඩ් සිටියේ ඉන්නවා වගේ 'හිනා නොමසෙන් දසන් දක්වා' බොහොම තදේට හිතට ගත් , බුකවා ගත් නංගිලා වගයක් බාර් එකේ වැඩය. උන් නාබිය නොදක්වා, වත බොලට දක්වා හැඳගෙන උන්නෝය.

අරාබියේ අවුරුදු ගානක් වැඩ රැකියාව කල අපේ එකාගේ කල්පනාවේ පරහක්දැයි නිනව් නැතිවුණු රොටියා වැඩිය සැර නැති බීම වීදුරුවක්ද රැගෙන නැටුම් වේදිකාව ඉදිරිපිට පුටුවකට බර දුන්නේය. ඔෆිසියේ යහළුවන් රැලද රොටියාට කින්ඩිය දමමින් අසල වූ පුටුවලට පත බෑවුනහ.

එක්වරම වේදිකාව ඒකාලෝක විය. හැමෝම පුල පුලා බලන් උන් පැණි බේරෙන තායි කෙල්ලන් රංචුවක් වේදිකාවට ගොඩ බටහ.

වික්ටෝරියාගේ රහස් දන්නා යට ඇඳුම් සහ ඒවාට යටින් තියෙන එව්වා බලා කියා ගන්නට උන් සියල්ලන්ගේම බලාපොරොත්තු දෙගොඩ තලා යන වතුරට පැන්නේය. අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනාය.

තායි කෑලි රෙදි හැට්ට ඇඳලාය. රෙදි හැට්ට වල පැහැයට අතේ වල දිගු රිබන් පටිය.

වේදිකාව ඇතුලත සිට කවුදෝ ස්ත්‍රියාවක් ලඳ බොළඳ ලෙස "එකයි, දෙකයි, තුනයි" කිවේය.

"තාන තනා තනේ..." තායි කෙල්ලන් තාලයට පාද තබන්න පටන් ගත්තෝය.

දැන් දැන් මුන් ටික මොකක් හරි ගලවයි කියා අප සියල්ලෝම බලා ඉන්නවාය

"තෙතන තනා තනේ.." කෙල්ලන් ටික දැන් වේදිකාව පුරාම වන්නමක් නටනවාය

මේ විකාරය තව දුරටත් ඉවසා ගත නුහුණු රොටියා නැගිට්ටේ අපේ එකාව සොයාගෙන තවත් වන්නමක් කියාදෙන්නටය.

වැඩි දුරක නෙමේය. හරියටම රොටියාට පිටුපසින් ඌ බිත්තියකට හේත්තු වී කඳුළු පුරවාගෙන වේදිකාව දෙස බලාගෙන හුල්ලනවාය.

ලඟට ගොස් සිංහලෙන් ඇමතූ කල සුළු ගොතයකින් හා ඉකි ගැසීමකින් පිළිතුරු දුන්නේය.

ඇත්තටම දුක හිතුනු රොටියා, ඌව අසුනකින් වාඩි කරවා තමා අත තිබූ බීම වීදුරුව ඌට දුන්නේය. උගුරු දෙක තුනක් පානය කල පසු ඌම කතාව පටන් ගත්තේය.

"අර බලහං මචං.." ඌ වේදිකාව දෙසට අත දිගු කළේය

"පේලි සැදී අඟ.. නෝ සැරසිලා.." තායි කෙල්ලන් ගජරාමෙට පටි සොලවමින් නටනවාය.

"උඹට පිස්සුද යකෝ. ක්ලබ් වල වන්නම් නටවන්න.." එවර කතා කලේ රොටියාය.

"මට පිස්සු නෑ යකෝ.. ඊයේ ක්ලබ් එකට ආවනේ ඌරු වරිගේ ඇත්තන්ගේ ඉඳල සිංහල සංස්කෘතිය ගැන හෙනම ඇම්මක් තියෙන දඩ සෙට් එකක්. උන් ටික මෙතන අයිටම් ටික දැකල යකා නටන්න පටන් ගත්තනේ.. උන් කියපි ඔහොම නෙවයි ගෑනු සංවරව අඳින්න ඕනෙය, ගෑනු සරීරය උතුම්ය වගේ බයිලා අටෝ රාසියක්"

"ඉතින් උඹ කිව්වේ නැද්ද මේක නයිට් ක්ලබ් එකක් මිසක් සංස්කෘතික උළෙලක් නෙවේය කියල"

"කිව්වා බං... කිව්වා. උන්ගේ ඔලු හයිවෙලා තිබ්බේ අනිත් පැත්තට කියහන්කෝ.. උන් කියපි සමාජ ශාලා කියන්නේ හැමෝම කතා බහ කරන්න හම්බවෙන තැනක්ය, ඒවා ලොකු පොඩි හැමෝටම යන්න පුළුවන් විදියට තියෙන්න ඕනෙය, ස්ට්‍රිප් ඩාන්ස් කියන්නේ පටි නැටුමටය, පෝල් ඩාන්ස් කියන්නේ රිටි නැටුමටය කියල යාන් හෑල්ලක්"

"ඉතින් යකෝ උඹ ඕකුන්ට ඔය ඔක්කොම අයිටම්ස් ගෙඩි පිටින් පෙන්නන්න ගියේ රෙද්දටද.. පොඩ්ඩක් කෑ ගහද්දි උඹට තිබ්බනේ ඔය ටික නවත්තල දාල උන්ව ශේප් එකේ යවන්න"

"උඹට කියන්න බං උන් ඔක්කොම බලන්න ඕනේ කියල මෙතන පොලවේ පස් කෑවනේ. අන්තිමට බාර් බෝයිස්ලගේත් රෙද්ද ලිහල පෙන්නන්න උනා බං"

"ඉතින් යකෝ උන්ට දිරවන්නේ නැත්තං උන් මොන මගුලටද කට ඇරන් බලන්න ගියේ..? "

"උන් කියනවනේ මචං උන් ටික බෝ පැල වගේය.. උන්ව නරක් වෙන්නේ නෑය.. අවට සමාජය විෂමය.. ඒ සමාජය මේ වගේ දේවල් වලින් නරක් වෙනවාය.. ඒ නිසා ජාතිය ආගම රැක ගැනීම උන්ගේ යුතුකමය කියල..

"ඔක්කොමත් හරි.. උන් කෑ ගැහුවා කියල උඹ මොකටද මෙතැන මෙහෙම පිස්සු කෙලින්න ගියේ.. උන්ට නටාගන්නය කියල උඹ කරගෙන යන වැඩේ ඒ විදියට කරන්න එපැයි.."

උඹට කියන්න උන් අන්තිමට කිව්වා හෙට වෙද්දී මේකෙ ඔක්කොම අයිටම්ස් සංස්කෘතියට ගැලපුනේ නැත්තං තක්කෙටම මං මේක දාල තියෙන්නේ ඇලෝසියස් ගෙන් සල්ලි අරං කියල..."

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com4tag:blogger.com,1999:blog-4221251485429239263.post-38807962427827721662017-10-26T04:43:00.000-07:002017-10-26T04:44:38.574-07:00ගෑනු ළමයා හා රොටියාගේ දතයන්තන් දැලි රැවුල ආපු දවසේ හිටං ම (කොහොමද ඒක) රොටියා ඇඟිලි ගැන ගැන උන්නේ තමන්ටම කියා මහ බඹා මැව්වාය කියන ස්ත්‍රී රත්නය මුණගැසෙන තුරුය. රොටියා අසා තිබූ හැටියට ඈ හා රොටියාගේ ගතිගුණ රුචි අරුචි කම් නුලටම ගැලපෙනවාය. ඈ රොටියාව දෙවියා ලෙස අදහාගෙන ඉන්නවාය. රොටියා ඈව මල්පෙත්තක් සේ රකින්නේය. අවුරුදු ගානක්ම දත කාගෙන සෙව්වත් ඈ මුණ නොගැසුණු විට රොටියා හිතා උන්නේ මැරෙනකම්ම තනියම ඉන්න වේවි කියාය. ඔය අස්සේ රොටියාගේ ජිවිතයට ගෑනු ළමයා පැමිණි පසු පෙර කී සියලුම දේ මඥ්ඥන් කවිකාරයන් කට කසනවාට කී හරුපයන් බව රොටියාට ඉත්තේරුවෙන්ම තේරුම් ගියේය. දොට්ට පිලට යතත් එකට යන්න ඕනෑ වෙන සුනිමල ජෝඩු ඉන්නේ මල් කතා පිටු අස්සේ පමණමය.

රොටියා නිලටය - ගෑනු ළමයා රනිල්ටය

රොටියාට තුං වේලම උනත් ඉඳි ආප්ප කත හැක - ගෑනු ළමයාට එහෙම නැත.

රොටියා නුවරඑළියේ යමුය කී විට ගෑනු ළමයා යාපනයේ හෝටල් බුක් කරන්නීය.

ගෑනු ළමයා කෙට්ටුවෙන්නට බඩගින්නේ ඉද්දි රොටියා සිය බඩ ගෝලාකාරව පවත්වාගෙන යනු වස් දිනකට පස් වේලක් වත් කන්නේය

රොටියා වෙදමහත්තයාගේ දත් බෙහෙත් වලින් දත් මදින විට ගෑනු ළමයා මදින්නේ සෙ යන්නෙන් පටන් ගන්නා (නැත්නං මේක දත් බෙහෙත් දැන්වීමක් වීමට ඉඩ ඇත්තේය) දත් බෙහෙත් වර්ගයකින්ය.

ඔය මුලින් කී අටෝරාසියක් දේවල් ඕනෑ කෙහෙල් මලක් උනාට පස්සෙන් තියෙන කාරණය නං රොටියාට දවසට දෙපාර ගානේ සෑහෙනට වද දුන්නේය. රොටියා හැමදාම ඔය 'සෙ' යන්නෙන් පටන් ගන්නා සංවේදී දත් වලට යයි කියාගන්නා මිල අධික දත් බෙහෙත පාවිච්චි කිරීමේ ආදීනව ගෑනු ළමයාට පැහැදිලි කරන්නට යෙදුනත් කණකට ගත්තේ ඈ නොවේය.

මෙතැන් සිට ගෑනු ළමයාගේ දත් බෙහෙත හාවා ලෙසත් රොටියාගේ දත් බෙහෙත නරියා ලෙසත් හඳුන්වන්නේ ලිවීමේ පහසුව තකාය

රොටියා- මේවයින් මදින්න හොඳ නෑ. කාලයක් යද්දී දත් හිරිවැටෙන්න ගන්නවා.

ගෑනු ළමයා- ඔයාගේ විකාර

රොටියා- විකාර නෙමෙයි ඇත්ත. බලන්න නරිය එහෙමද? පාට උනත්.. ඒක හදන්නේ සිංහල බෙහෙත් දාල

ගෑනු ළමයා- පාට නං මොනා කරන්න බැයිද

රොටියා- ඒකේ රස උනත් බලන්න

ගෑනු ළමයා- හයියෝ.. අපේ ඔෆිස් එකේ ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් සෙෂන් එකක් තිබ්බා. ඒකට ආපු කෙනෙක් කිව්වා ඕනෙම ෆ්ලෙවර් එකක් අර්ටිෆිෂල් තියෙනවා කියලා.

රොටියා- දැන් බලන්න හාවාගේ ගානම.

ගෑනු ළමයා- මේ රොටියෝ.. ටුත් පේස්ට් කන්දක් දාගෙන පැය ගානක් දත් මදින්නේ ඔයා. ඔයා නරියගෙන් මදින්න මම හාවාගෙන් මදින්නන්.

ගෑනු ළමයා දුන්නේ සරල විසඳුමකි. නමුත් රොටියා දැඩිව අධිෂ්ඨාන කරගෙන උන්නේ ගෑනු ළමයාටත් නරියාගෙන් දත් මදින්න පුරුදු කරන්නටය.අවසානයේ දවසට දෙපාරක් ඇසෙන රොටියාගේ කන්දොස් කිරියාව මල කරදරයක් බව ගෑනු ළමයා විසින් රොටියාට රතු නිවේදනයක්ද නිකුත් කරන්නට යෙදුන නමුත් රොටියා දැඩිව කියා සිටියේ තමුන්ගේ මල කන්දොස්කිරියාව නවත්තන්නට අවැසි නං හාවා ඉවර වූ පසු නරියාව ගෙදර ගෙනෙන ලෙසය.

අවසානයේ ගෑනු ළමයා පරාජය බාර ගත්තේ මෙසේ කියමින්ය

"රොටියෝ , ඔන්න මම නොකිව්වයි කියන්න එපා. බඳින්න කලින් ඔයා දත් දෙකක් ගැලෙව්වා, එකක නර්ව් ෆිලින් එකක් කළා. මතකනේ ඒ දවස් වල කට බදන් කෑ ගහපු හැටි"

රොටියා:" පිස්සුද, ඒ සැරට"

ගෑනු ළමයා:"මොන සැරක්ද, ඒ දවස් වල අර කෙහෙල් මලෙන් නේ මැද්දේ. අනික බඳින කොට ඔයා රෑට දත් මදින්න පුරුදු වෙලා හිටිය එකක් ද"

අවසානයේ තමා දැන් දිනපතා උදේ සවස දෙවරක් දත් මදින සිරිමත් මගේ සකි මෙන් යහපත් ළමයෙක් බවත්, නරියාගෙන් එක දවසක් මැද්දොත් ගෑනු ළමයා හැමදාම නරියාම ඉල්ලන බව ඉර හඳ මෙන් විස්වාස බවත් පැවසූ රොටියා සුබ මොහොතින් සුපිරි මාර්කැට්ටුවට ගොස් නරියෙකු රැගෙන ආවේය.

නරියා තමන්ගේ වැඩ කිඩ පෙන්නන්න එපමණ කාලයක් ගත කලේ නැත.

දෙවැනි දවසේ රොටියාගේ වම කම්මුලේ හිරි වැටීමක් දැනුනේය

සිව්වැනි දවසේ දකුණු හක්කේ සොයා ගත නොහැකි දතක හිරි වැටීමක් දැනුනේය

පළමු සතිය අවසාන වන විට දත් ඇන්ද රොටියාව සහමුලින්ම නොසලකා හැර තමුන්ට උවමනා උවමනා විදියට හැසිරෙන්න පටන් ගෙන තිබුනේය

නරියාව ගෙනවිත් සති දෙකක් ගෙවෙන අද, රොටියා විසින් මේ ලිපිය ලියන්නේ එක දතක් සාක්කුවේ දමාගෙනය

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com5tag:blogger.com,1999:blog-4221251485429239263.post-420733632027479762017-08-17T23:52:00.001-07:002017-08-17T23:52:13.926-07:00ඩාඩියාගේ ලෝකය -04ඩාඩියාගේ ලෝකය -01

ඩාඩියාගේ ලෝකය -02

ඩාඩියාගේ ලෝකය -03

තමා ඇසු දෙයින් කම්පනයට පත් ඩාඩියාට මද වෙලාවක් ගතවන තුරු වචන අමතක උනේය. ආගන්තුක තරුණයා ඈ දෙස සමච්චලය මිශ්‍රිත සිනාවක් ඇතුව බලා උන්නේය.

"මොනවා.. ඈට පුතෙක් ඉන්නවාද" ඩාඩියාගේ ස්වරය කම්පනය වන සුළු විය.

"ඔව්.. ඈ පුතුන් දෙදෙනෙකුට රහසේම උපත දුන්නා. එයින් කෙනෙක් ලාබාල වයසේදීම පියා විසින් රැගෙන යනු ලැබුවා. ඈ සමග ඉතුරු උනේ මා පමණයි. ඈ පුතුන් දෙදෙනෙකු හදා වඩා ගත්තේ විශාල අවධානමක් අරගෙනයි"

"එතකොට ඔබේ පියා.."

"එය රහසක්. මට ඔහුගේ මුහුණ යන්තමින් මතකයි. මා දන්නා එකම දෙය මගේ මවට ඔහු සමග යාමට නොහැකි බවයි. ප්‍රධාන නළගන ධූරය සමගම ඈට පූජකයන් විසින් ලබා දුන් කිසියම් බෙහෙතක් නිසා ඈට නයිල් නදියේ ජලය හැරෙන්නට වෙන කිසිම තැනක ජලය පානය කරන්නට බැහැ. එය කරුමයක්"

"මොකද්ද කරුමය කියන්නේ" ඩාඩියා ඒ වදන ඇසුවේ ජිවිතයේ පළමු වතාවටය.

තරුණයා හිනැහුණේ වරද සහගත ලෙසය. "මගේ මුළු ජිවිතයම ගෙවෙන්නේ මේ බිම්මහලේ නිසා මට හුඟාක් කාලය තියෙනවා. මම රෙදි වියනවා. ඉතුරු කාලයේදී පොත් කියවනවා. අපිට ඉතා ඈත ජම්බුද්වීපය නම් රට බුද්ධ නම් කෙනෙකුගේ ඉගැන්වීම් වලට මම ඉතා ප්‍රියයි. කර්මය ඔහුගේ ඉගැන්වීමක්"

ඩාඩියා නිසල විලක් බඳු තරුණයාගේ කළුපැහැ දෙනෙත් දෙස බලාගෙන උන්නාය. තම ජිවිතයේ හැම දෙයක්ම පාලනය කරන්නට පැමිණෙන පූජකයන්ගෙන් මිදී ජම්බුද්වීපය නම් රටට ගොස් මේ තරුණයා සමග වාසය කරන්නට හදිසියේම ඈට ආසාවක් පහල උනේය.

සෑහෙන වෙලාවක් තිබූ කලබලය නිමවී නර්තන ගෘහය යලිත් සාමකාමී වූයේ ආගන් නික්ම යෑමෙන් ඉක්බිතිවය. නර්තන ගෘහයේ සියල්ලෝම පෙලට සිටුවා නිරුවත් කරන්නට ආගන් ලබා දුන් නියෝගයට සිසිලියාට පෙර පාරාවෝ රැජිණ විරුද්ධ වූවාය.

"ආගන්, ඔබ තිස් නව වසරක් පුරා දෙවියන්ට සේවය කරත් දේව කැමැත්ත ඉගෙන ගෙන නැද්ද? එවැනි දෙයක් සිදු කරනවා නම් දෙවියන් , දේව පුත්‍රයින්, රජතුමා අනිවාර්යෙන්ම සහබාගි වෙන්න ඕනෑ. කන්‍යාවියන් පුරා දවස් තිස් දෙකක් පුජාවන්හි යෙදෙන්නට ඕනෑ. සිසිලියා විසින් අධිගෘහිත පුජාව තබන්න ඕනෑ. ඔබ ඔය කතා කරන්නේ හොඳ සිහියෙන්ද"

තමාට පෙර ප්‍රධාන පූජක ධූරයේ හුන් 'අහ්මෙට්' නම් පුජකයාට බෙහෙවින්ම වැදුම් පිදුම් කලේ පාරාවෝ රැජිනය. ඔහු වෙනුවෙන් සතියකට වරක් පළමු පෙලේ නර්තන සැන්දෑවන් සංවිධානය කලේද රැජිනමය. ඔහුට රති පූජාවන් සංවිධානය කලේද ඈමය. අවසානයේ ඊජිප්තුවේ සෞභාග්‍ය පතා ඔහුට හළාහල පුජාවක් සංවිධානය කලේද මේ රැජිනමය.

වහලෙකු කසයට බියෙන් වැඩ කරන්නනේ යම් සේද , බෙහෙවින් රතුව හුන් අහ්මෙට් තමාගේ අවසාන පුජාව සිද්ද කලේ ද එලෙසමය. හළාහල පුජාවේදී පුජකවරුන්ට ලබා දෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට ලබාදෙන විෂට වඩා වෙනස් විෂ වර්ගයක්ය. පුරාණයේ සිට පැවත එන පරිදි ඉක්මණින් මරණයට පත් වෙන්නාට තමාගේ මරණින් පසු ජිවිතයට සුදානම් වීමට කාලයක් නැත. එනිසා ඔහුගේ මරණින් මතු ජීවිතය වේදනාකාරිය. එනිසා හළාහල පුජාවේදී පුජකයන්ට ලබා දෙන්නේ ඉතා සෙමෙන් ක්‍රියාත්මක වන සහ සිරුර මමිකරණයට පහසු වන විෂ වර්ගයකි. මරණින් මතු ජීවිතය වාසනාවන්ත වීම කෙසේ වෙතත් අහ්මෙට් දින තුනක් පුරා නොවිදිනා දුක් වින්දේය. වස පානය කිරීමෙන් අනතුරුව පැය දොළහක් ඔහු විසින් ඉතා ස්ත්රෝත්ර කියවන්නට යෙදුනද ඉන් අනතුරුව ඔහුගේ කටහඬ පැටලුන සැටිත්, සිරුර පුරා ලේ ගඩු මතුවී පුපුරා ගිය හැටිත් , ඔහුගේ මර ලතෝනිය අස්සේම පිරමිඩය වසා දැමූ හැටිත්, අනතුරුව තමා තවමත් ජිවත් වන බව අඟවන සීනුව ඔහු විසින් නොකඩවා හඬවන්නට පටන් ගත් නිසා පුජකවරු රහසේම සීනුවේ හඬ අඩු කල සැටිත්, සිව්වන දිනයේ ඔහුගේ සිරුර දෙවියන්ට බාර කිරීම පිණිස (මමිකරණය) පිරමිඩය තුලට යනවිට ලේ ගඩු පුපුරා තිබූ ඔහුගේ මෘත දේහයත් ආගන්ට හොදින් මතක තිබූ නිසා හෙතෙම ව්‍යාජ සිනාවක් පා රැජිනගෙන් බැගෑපත්ව සමාව ඉල්ලා ඉක්මණින් පිටව ගියේය.

"ඔබ ඉතා ලස්සනයි" තරුණයා හිටිහැටියේම ඩාඩියාට පැවසුවේය.

ඩාඩියා රතු වූවාය. ඇගේ හැසිරීම තරුණයාට ගෙන ආවේ ආගන්තුක මිහිරකි.

හදිසියේම දිගු ශාලාවේ අඳුරු කෙලවර ආලෝකයක් මතුවිය. මොහොතකින් එතැනට පැමිණියේ සිසිලියාය.සිය පුතා ඩාඩියා සමග සල්ලාපයේ යෙදෙන අයුරු දුටු ඈ යන්තමින් සිනා වූවාය.

"විමන්සට මිතුරියක් ලැබී ඇති හැඩයි" ඈ පළමුව කතා කලේ සිය පුත්‍රයාටය.

ඩාඩියා එවැනි නමක් ඇසුවේ පළමු වතාවටය.එය ඈට ඇසුනේ සංගීතයක් ලෙසය.

"ඈ හොඳටම බිය වෙලා උන්නේ අම්මා. මට ඈට කැමැත්තක් ඇතිවුණු නිසා කතා කරන්නට සිතුනා"

"ඒක හොඳයි. කොහොමත් ඈට ටික දිනක් මෙහිම ඉන්න වෙනවා. ඈ ඉන්න තැන දැන ගත යුත්තේ අප දෙදෙනා සහ හීලියා පමණයි"

"හීලියා.. ඒ තක්කඩි කෙල්ල රහස රකිවිද අම්මා"

"මට ඔබට වඩා ඈව විස්වාසයි" සිසිලියා සිය පුත්‍රයාට කතා කලේ හුරතලයෙනි. අනතුරුව ඈ ඩාඩියා දෙසට හැරුණාය.

"සැඟවෙන්න හැදුවාට ඔබවම ඔහු දැකපු අයුරු හරි පුදුමයි නේද. ඔහුට පුදුමාකාර ඉවක් තියෙනවා ඔහුගෙන් සැඟවෙන අයව සොයාගන්න"

ඩාඩියා හිස පහත් කර ගත්තාය. සිසිලියාට ඈ ගැන කණගාටුවක් ඇතිවුනේය.

"ඔබ පැමිණි දා ඉඳල මට ඔබව විශේෂයි. බොහෝ කෙල්ලන් ආගන් ගේ පහස සලකන්නේ ගෞරවයක් හැටියටයි. මීට පෙර මම කෙල්ලන් තුන් දෙනෙක් ඔහුගෙන් ගලවා ගත්තා. ඔවුන් තුන් දෙනාම දැන් ඉතා හොර රහසේ නමුත් සතුටින් ජිවත් වෙනවා"

"ඔබතුමියගේ කරුණාව ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" ඩාඩියා තෙපලුවේ සිහින් ස්වරයෙනි.

"ඔබට මෙහිම කුටියක් මම පෙන්වන්නම්. මම අනෙක් අයට කියන්නේ ඔබව "සෙත්" දෙවියන් කැඳවා ඇති බවයි. එවිට ඔවුන් නිහඬ වේවි"

ඩාඩියා හිස සැලුවාය.

කලබල වලට අධිපති වූ නිසාම ඊජිප්තුවේ සියල්ලෝම 'සෙත්' දෙවියන් ගේ බැල්මෙන් සැඟවී සිටීමට බොහෝ සෙයින් වෑයම් කළහ. යමෙකුට 'සෙත්' ගේ බැල්ම වැටි ඇත්නම්, ඒ තැනැත්තා ගැන කතා කළහොත් 'සෙත් ' ඊළඟට තමුන් පසුපස පැමිණෙන බව පුරාණයේ සිටම ඊජිප්තුවේ පැවති විශ්වාසයකි.

සෙත් දෙවියන්

මීළඟ කොටසට...

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com10tag:blogger.com,1999:blog-4221251485429239263.post-89271127489108334932017-05-22T02:23:00.003-07:002017-05-22T02:26:29.759-07:00ඩාඩියාගේ ලෝකය -03ඩාඩියාගේ ලෝකය -01

ඩාඩියාගේ ලෝකය -02

වරක් දුටු විට නැවත බලන්නට සිත්වෙන, ඔලිව් පැහැති දෙනෙත තුල කිමිදුනු ආගන් කෑදර සිනහවකින් මුව සරසාගෙන නැවත නර්ථනය දෙසට හැරුණේය. ගනකම මුව වැස්මකින් වැසී තිබුණු හෙයින් ඇගේ මුහුණේ හැඩරුව නොදුටුවද ඇගේ උස පළල සියල්ලම ආගන්ට නිවැරදිවම මතකය.

අනෙක් අතට වසර ගණනක් පුරාවටම ප්‍රධාන නළගන නිළය හොබවන සිසිලියා ට තිබුනේද තීක්ෂණ දෙනෙතක් මෙන්ම ආගන්ට නොදෙවෙනි විචාර බුද්ධියකි. ඇගේ නොකැළැල් සමෙහි වූ රහස, පන් සාලිස් වසරක් වුවද ඈ තවමත් විසි වයස් මෙන් පෙනුම දෙන රහස, රූමත් යුවතියන් පීරී පවතින නළගන ගෘහය මේ සා විධිමත්මව පවත්වා ගෙන යාමේ රහස මෙන්ම ඇගේ යටි සිතේ ඇතුල් පැත්තේ ආගන් පිළිබඳව තිබූ කැකෑරෙන වයිරය ද අනෙක් අයට රහසක්ම විය. කොපමණ දක්ෂ නිලියක් වුවද ඈ තුල ආගන් කෙරෙහි ඇති අකමැත්ත සියල්ලෝම දැන සිටි අතර, කවුරුත් නොදන්නා යම් හේතුවක් නිසා ආගන්ද සිසිලියාට පිළිකුල මිශ්‍ර බියක් දැක්වූයේය. ඉහල සමාජයේ පාරාවෝ රැජිණ හැරෙන්නට අනෙක් සියලුම දෙනා ආගන්ට අකමැති වූ නිසා සිසිලියාගේ අකමැත්ත සාමාන්‍ය දෙයක් ලෙස සියල්ලෝම බාරගෙන සිටියහ.

නර්ථනය අවසානයේ හිත් ඇදගන්නා කෙල්ලක දුටු සෑම විටෙකම සිදු කරන නාට්‍යාකාර රංගනය සිදු කරමින් ආගන් ඩාඩියා ඉඳ උන් පැත්තට හැරුණේය. ඒ ක්ෂණයකින් තමාට කොතැන හෝ වැරදුන බව ඔහුට තේරුම් ගියේය. දහස් ගණන් කන්‍යාවියන් ඇසුරු කර තිබූ ආගන්ට ඇඳුම් පැළදුම් එකම වුවාට මේ ඉන්නේ වෙනත් එකියක්ය යන්න දැන ගැනීමට අවැසි වුයේ එක බැල්මක් පමණකි.

සාමාන්‍ය නාටිකාවන්ට ඇතුල් වීමට තහනම් කලාපයේ කුඩා කුටියක ඩාඩියා උක්කුටියෙන් ඉඳගෙන ගැහෙමින් උන්නේ සීතලට නොවේය. ආගන්ගේ රුදුරු දෑතින් නූලෙන් ගැලවුණු සිය ජීවිතය ගැන ඈ උන්නේ විස්මයට පත්වය. රංගනය පටන් ගත් පසු රංග ශාලාවෙන් පිටවීමට කිසිවෙකුට තහනම්ය. එසේවුවහොත් රංගනයේ යෙදෙන නාට්යංගනාවන්ට වසර පහක් යනතුරු දෙවියන්ගේ බැල්ම නොලැබෙන බවට ගෘහයේ සියල්ලෝම ඒකමතිකව පිළිගෙන උන්නෝය. එනිසා මෙවැනි නර්තන සැන්දෑවන්හිදී සිසිලියා නාට්‍ය ශාලාව පුරා සීනු පද්ධති සක්‍රීය කරන්නීය. එවිට යමෙක් ශාලාවෙන් පිටවෙන්න තැත් කරන විට මහ හඬින් සීනුවක් නාද වන්නේය. ඒ සීනු පද්ධතිය ඉතා ඈත පාරදීසියක වෙසෙන රාවණා නම් ඉතා කඩවසම් රජ කෙනෙකුගෙන් සිසිලියා ලද තිළිණයක් බව ඩාඩියා දැන උන්නේ හිලියාගේ ඕපාදුප නිසාය

ඊජිප්තුවෙන් සොයාගත් අනුනාකි අභ්‍යවකාශ යානාවේ රූ සටහන. මහා රාවණා රජතුමාගේ දඬුමොණර යන්ත්‍රයද මෙයට සමානය

ඩාඩියා විසින් තමා මොහොතකින් ආගන්ට හසුවන බව සක්සුදක් සේ වටහාගෙන ඉන්නා විටය හීලියා පැමිණියේ. පසු පෙලෙහිම වාඩි වී උන් ඩාඩියාව සිසිලියාගේ නියෝගයකට අනුව බව පවසමින්, කිසිවෙකුට නොපෙනී හීලියා විසින් කැඳවාගෙන ගිය අතර මොහොතකින් ඈ උන්නේ රහස් උමගකය. ඩාඩියාගේ ඇඟලුම් ක්ෂනිකයකින් උනාගත් හීලියා ඈට උමගේ පසෙකින් තිබූ මේ කුටියේ සිටින ලෙස දන්වා අතුරුදහන් වූවාය. සිදුවූ කිසිම දෙයක් පිළිබඳව පැහැදිලි වැටහීමකින් තොරව ඈ අතිශය බියටත් තොන්තුවටත් පත්ව උන්නාය.

තමා දෙස කිසිවෙක් බලන් ඉන්නේය යන ගුප්ත හැඟීමකින් හිස ඔසවා බැලූ ඩාඩියා දුටුවේ තමුන් ඉදිරිපිට තිබූ කහපැහැති ලෝගුවය. ඈ වහා එය රැගෙන වතට දමා ගත්තාය. මොහොතකින් අඳුරෙන් මතුවූයේ තරුණයෙකි. ඔහු උස්ය. තද දුඹුරු පැහැතිය. කඩවසම්ය. පිරිමි පුළුටක් නැති නළගන ගෘහයේ උන් තරුණයා දුටු ඩාඩියා විස්මයට පත්ව මුව විවර කලද තරුණයා වහා අත පා එය වැලකීය.

"මේ සැරේ කවුරු හින්දද" ඔහුගේ කටහඬේ රැඳී තිබුණේ කෝපයක් නොව උපහාසයකි

ඩාඩියා විස්මයට පත් දෙනෙතින් ඔහු දෙස බැලුවාය.

"පුදුම වෙන්න කාරණාවක් නෑ. ඉඳල හිටලා ඔයවගේ දේවල් මෙතැන සිද්ද වෙනවා. හැබැයි එහෙම වෙන්න ඔබ සිසිලියාගේ ප්‍රියතමයෙක් වෙන්න ඕනෑ" තරුණයා ඇසුවේ ප්රශ්නයකි.

"නෑ එහෙම දෙයක් නෑ. මම තුන්වෙනි පංතියේ නාට්‍යංගනාවක්" ඩාඩියා පැවසුවේ සෙමිනි. සිය සොහොයුරියන් අතරින් තමා සිය මවගේවත් ප්රියතමයා නොවූ බව ඈ තරුණයාට පැවසුවේ නැත.

"ඔය වගේ ඇස් දෙකක් තියාගෙන"

ඩාඩියා සිය දෙනෙත වසා ගත්තේ මුහුණ පුරා ලා රතක් ඉහිරී යද්දීය.

"ඔබ හරිම ලස්සනයි. ඇයි ඔබ අද තරඟ නොකරන්නේ"

"මා තෝරාගත්තේ තෙවෙනි පන්තියයි. මට වඩා ලස්සන, දක්ෂ අය බොහෝම දෙනෙක් මෙතැන ඉන්නවා"

"එහෙනම් සිසිලියා ඔබට කැමති වීම පුදුමයක් නෙවෙයි"

ආගන් උන්නේ කෝප වූ කොටියෙකු ලෙසය. ඔලිව් පැහැති දෑසේ හිමිකාරිය සොයාගෙන ඈව මේ පිරිස මැද නිරුවත් කර ප්‍රසිද්දියේ දුෂණය කරන්නට හටගත් වියරු ආශාවෙන් ඔහු දැවෙමින් උන්නේය. ශාලාවේ උන් කිසිම කෙනෙකුට හඩක් නොනැගෙන සේ මෙයින් පිටවිය නොහැකි බව සිසිලියා විසින් ඔහුට ඔප්පු කර පෙන්වා තිබුණාය. ඔලිව් පැහැති දෑස දුටු තැන දැන් උන්නේ කළු පැහැති දෑසක් ඇති යුවතියකි. පාරාවෝ රැජිණගේ අදහස වුයේ ආගන් දැක ඇත්තේ මරණයට අධිපති ඔසිරිස් දෙවඟන බවයි.

"ඈ පැමිණෙන්න ඇත්තේ ඔබේ මරණින් මතු ජීවිතය වාසනාවන්ත බව පෙන්වන්නයි" ඕ ආගන්ට පැවසුවාය. සිසිලියා හැඟීමක් නැති මුහුණකින් බලාගෙන උන්නාය.

තමා දුටුවේ ඔසිරිස් නොවන බව ආගන්ට දිවුරන්නට පුළුවන් කම තිබුනේය.

"ඔබ කව්ද" ඩාඩියා විමසුවේ ආගන්තුක තරුනයාගෙනි.

"මම සිසිලියාගේ එකම පුතා"

~ ඊළඟ කොටසට

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com7tag:blogger.com,1999:blog-4221251485429239263.post-62261525722287330762017-05-18T03:39:00.001-07:002017-05-18T03:45:04.392-07:00රොටියාගේ ගෑනු ළමයා සහ ප්‍රීති වෙසක්!අලුත් අවුරුද්ද ගෙවෙනවාත් සමගම රොටියාගේ ගෑනු ළමයා බූල් බා කහඹිලියා ඉලූ චිම්පසියා මෙන් එහාට මෙහාට පනිමින් නොසන්සුන් වීම අතිශය ස්වාබාවිකය. කාන්තා ජීවියෙකු සමග ජිවත් වීමේදී ඔවුන්ගේ විවිදාකාරි නුහුගුණ හැසිරීම් පත්තියම් කරගැනීමට මෙන්ම ඒවා විකේතනය කරගැනීමටද හැකියාව පුරුෂ ජීවියා සතු විය යුතුය. ඔවුන්ට උත්තම පුරුෂ කියන්නේ අන්න ඒ නිසාය.

රොටියාගේ ගෑනු ළමයා වැඩ ඇරී නිවසට පැමිණීමෙන් පසුව කුස්සියට නොගොස් සෝපාවේ දිගෑදී පොතක් කියවන්නට පටන් ගනියි නම් ඒ කියන්නේ උදෑසන කෑම පිසූ බාජන සේදිය යුත්තේ රොටියා බවය. ඈ අධික ශබ්දයක් නැගෙන සේ වැඩවල නිරත වන්නී නම් රොටියාට ස්වීප් එක ඇදෙන්න ළඟය. උදෑසන මුලින්ම බල්ලාගේ කෑම එක ලිපේ තියා නැත්තන් ඒ කියන්නේ එදාට බල්ලාට කන්න දිය යුත්තේ බලු විස්කෝතු බවය.බල්ලාගේ කෑම ගැන කියතොත්, ඌට කන්න දෙන එක වෙනම ප්‍රොජෙක්ට් එකක් වන්නේය. ඌ ෆුඩ් සිටියේ මාළු කන්නේ නැත. ඒ නිසා දෙසතියකට වරක් සෙනසුරාදා පාන්දරින්ම වැල්ලට ගොස් ඌට මාළු ගෙන ආ යුතුය. එයිනුත් ඌ සාලයෝ හෝ සුඩයෝ කන්නේ නැත. මාළුන්ට පරාණ බය ගෑනු ළමයා (ගෑනු ළමයා බය එකම සතා මාළුවාය. ඈ කැරපොත්තන් ගෙන රොටියාගේ ඇඟට විසි කරන්නීය) පැත්තකටවත් නොඑන නිසා මාළු සුද්ද කොට පැකට් කිරීම රොටියා සතු කාරියක් වනවාය. එසේ සාදන මාළු පැකට් එකකට හාල් හුන්ඩු දෙකක් දමා බල්ලාගේ කෑම හැදිය යුත්තේ ගෑනු ළමයාය. මොන මායම් දමා ඉව්වත් ඌ රොටියා ඉව්ව දාට බත් ඇටයක් කට ලඟට නොගන්නා නිසා ගෑනු ළමයා ඉස්ට්‍රයික් දවසට ඌට දෙන්න වෙන්නේ බලු විස්කෝතු පමණමය.

මේ බල්ලාත් අර මැක්කා වගේමය. ඕනෑම වැදගත් තැනක මැද්දට පැන ගන්නා ඌ ඊළඟට එතන අරක් අරගනී. මේ පොස්ට් එකටත් සිද්ද වෙන්න යන්නේ ඒකය.

කොහොමින් කොහොමින් හරි ඔය කියන ගෑනු ළමයාගේ නුහුගුණ ගතියට හේතුව වෙසක් සමය අත ලඟට පැමිණීම බව රොටියාට ඉත්තේරුවෙන්ම තේරුණේය. එනිසා දැඩි ඉල්ලීම් උද්ඝෝෂණ පටන් ගැනීමට පෙර මේ වෙසක් එකට ගිය වෙසක් එකට වගේ පැටව් කූඩු සාදා දිය නොහැකි බවත්, මේ කුතුහල බහුල තඩි බලු දණ්ඩා එක්ක වෙසක් කූඩු ඇලවීමට පටන් ගැනීම ලෙල්ලම් වෙන වැඩක් බව ගෑනු ළමයාට පැහැදිලි කරන්නට යෙදුනු අතර , සාකච්චා වාර කිහිපයකට පසුව බලුවා විසින් පරලෝ සැපත් කර තිබූ ගෑනු ළමයාගේ ප්‍රියතම කතා පොත දුටු දිනේ ඇගේ නුවණ පහල වූවාය.

ගෑනු ළමයා: (බලු කෙළ වලින් පෙඟුණු පොත් කෑලි අහුලා බලමින්) දැන් ඒ කියන්නේ ඔයාට වෙසක් කූඩු හදන්න තේරෙන්නේ නෑ. අටපට්ටමක් බැයි නං තරුවක් අලෝමු

රොටියා: මං එකට දහයක් හදල දෙන්නං. මූත් එක්ක කොහොමද කරන්නේ

බලු දණ්ඩා: (තමාට සැපීමට තව යමක් ඇත්දැයි විමසිල්ලෙන් බලයි)

ගෑනු ළමයා: මූව අම්මලාගේ ගෙදර ගිහිං දාමු

රොටියා: මූට හිට් එක. එහෙ සල්ලාල බල්ලෝ තුං දෙනෙක්ම ඉන්නවා. මට නං බෑ වල් බලු පැටව් හදන්න.

බලු දණ්ඩා: (ගෑනු ළමයාගේ සපත්තුවක් උස්සගෙන දෙපැත්තට වනයි)

ගෑනු ළමයා: අනේ රොටියෝ මූට කියන්නකෝ මගේ සපත්තුව තියන්න කියලා. එහෙනං ඔයා මට කූඩුවක් අරන් දෙනවද.

අවසානයේ කූඩුවක් හා බකට් පැකට් එකක් අරන් දීමට පොරොන්දු වීමෙන් පසු ගෑනු ළමයාව සංසුන් කිරීමට රොටියාට හැකි උනේය. මෙයින් තදබල ලෙස අපේක්ෂා භංගත්වයට පත් බලු දණ්ඩා නගුට වකගසාගෙන ඇඳට පැන මුණ හංගා ගත්තේ රැය පහන් වෙන තුරු නොනැගිටින අධිෂ්ඨානය ඇතිවය.

රොටියාට සිය පොරොන්දුව ඉෂ්ට කරන්න ලැබුනේ වෙසක් දවසේ හැන්දෑවේය. ඒ වන විටත් ගෑනු ළමයා රතු එලි එකක් නොව කිහිපයක්ම දල්වා තිබුණාය

ගෑනු ළමයාගේ මන දොළ සපුරන්න , ඈව මිගොමුවේ රේල් පාර අයිනේ තිබුණු වෙසක් කූඩු කඩයකට කැඳවාගෙන ගොස් ඈට කැමති දෙයක් තෝරා ගැනීමට ඉඩ දී පසෙකට වී උන්නේය.

ගෑනු ළමයා: අර තරුව කීයද

කඩේ මුදලාලි: තුන්සිය පනහයි

ගෑනු ළමයා: මට ඒක දෙන්න. නෑ නෑ ඒක නෙමෙයි. මැද මලක් අලෝල නැති එක. අන්න හරි. මේ බකට් කීයද

කඩේ මුදලාලි: දහයක් සීයයි

ගෑනු ළමයා: මට විස්සක් දෙන්න. ඉටි පන්දමුත් දෙන්න. එතකොට ඔක්කොම ගාන කීයද

කඩේ මුදලාලි: හයසිය හැත්තෑවයි.

ගෑනු ළමයා: අර රවුම් බකට් පැකට් එක කීයද

කඩේ මුදලාලි: තුන්සියයි

ගෑනු ළමයා: (බරපතල ලෙස කල්පනා කිරීමෙන් පසු) මට ඔක්කොම දාහට දෙනවාද

කඩේ මුදලාලි: (මදක් කල්පනා කරන ලෙසක් දක්වා) එහෙනං දෙන්නන්කෝ නෝනා

රොටියා කටක් හෙල්ලුවේ නැත. ගෑනු ළමයා තමා රුපියල් හැත්තෑවක ලාබයක් ලැබුවා නොව රුපියල් තිහක ගොනාට ඇඳ ගැනීමක් සිද්ද කර ගත් වග තේරුම් ගත්තේ මගදී ය. ඔය මරි මෝඩ ගණන් හැදිල්ල සිද්ද කලේ රොටියා වුවා නං මාගලක් දිගට අනුශානාවක් කරන ඈ එදා කිව්වේ මෙන්න මෙච්චරය

කමක් නෑ. අද වෙසක් නේ!!!

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com25tag:blogger.com,1999:blog-4221251485429239263.post-78517915450819015112017-05-03T03:24:00.002-07:002017-05-03T03:24:18.732-07:00කුන්ඩුමනීකුන්ඩුමනී ඊයේ යද්දී අද උදේම එනවයි කියල කිව්වා. එයත් එක්ක අර අනිත් වහන්තරාවත් එල්ලිලා එයි. හැබෑටම මාසයක් තිස්සේ දැකලත් මට තාම බැරි උනානේ ඒ කොල්ලෙක්ද එහෙම නැත්තන් කෙල්ලෙක්ද කියල අඳුන ගන්න. මොකෙක් උනත් මගේ මොකෝ...

කුන්ඩුමනී ගේ හරි නම කේතුමතී කියල එයා දැන් මට එකසිය පනස් එක් වතාවක් කියල තියනවා. ඒ වෙලාවට මම බොරුවට ඔලුව හෙලෙව්වට මම ආයෙත් එයාට කියන්නේ කුන්ඩුමනී කියලම තමයි. එයා කුන්ඩුමනී මිසක් කේතුමතී වෙන්න විදියක් නෑ.

මිනිහෙක්ට නින්ද යන්නේ නෑ කියන්නේ සෙල්ලමක් නෙමෙයි. විශේෂයෙන්ම මං වගේ මිනිහෙක්ට. දවාලට නං බලන් ඉන්න එලිය හරි තියෙනවා. ඒත් රෑට...

සතියක් තිස්සේ එක බින්දුවක් ඇහැ පියවන්නේ නැතුව හිටියා කිව්වම... දොස්තර දුන්න පෙති හැටහුටාමාරෙන් එකකටවත් බැරි උනානේ මාව තප්පරයක් නිදි කරවන්න

ඇහැ පියවෙද්දී අවුරුදු තුනහමාරක පොඩි ගෑනු ළමයෙක් සෙල්ලම් බෝනික්කෙක් තුරුල් කරන් මං දිහා බලාගෙන හිනා වෙනවා. එයාගේ අම්මා යටිගියෙන් කෑ ගහනවා. මං ආයෙත් ඇස් අරිනවා. ගෑනු ළමය යන්න යනවා.

කුන්ඩුමනීව දැකපු මුල් දවස මට හොඳට මතකයි.

"මං කේතුමතී.මං නිලියක්" එයා කිව්වේ මේ ලෝකේ ඉන්න හැමෝම එයාව දැනගෙන ඉන්න ඕනේ ස්වරයකින්.

මං උත්තර නොදී එයා දිහා බලාගෙන හිටියා.

"මාව ටීවී එකේ දැකල නැද්ද" මගේ කාමරේ තිබ්බ ටීවී එක දැකලද කොහෙද එයා ඇහුවා.

මේ දවස්වල ටීවී එකේ ඉන්න නිළියන්ට වඩා ස්වාසිලන්තයේ නිලියෝ ටික මතක තියා ගන්න ලේසි බව මම එයාට කිව්වා. එයාගේ මුණ රතුවුනත් බලහත්කාරයෙන් හිනාවක් මවාගෙන මං දිහා බලාගෙන හිටියා. නිළියෝ කියන්නේ නිකංයැ.

මුල් දවස්වල එයා කීප වතාවක් මගේ කාමරේ ලඟට ආව ගියා. මාව කතාවට අල්ල ගන්න හැදුවත් මම එයාව ගණන් ගත්තේ නැහැ.

ඊළඟට මං සෙල්ලන් කරන තැනට ඇවිත් කැමරාව අටවන් හිටියා. මාව ගණන් නොගෙන එහා පැත්තේ හිටිය උන් දෙන්නත් එක්ක කතා කරන බව පෙන්නුවත් එයා මගේ සියලුම ඉරියව් නිරීක්ෂණය කරන බව මට දැනුනා. එයා උන්ගෙන් මං ගැන ඇහුව නං ආයෙත් මගෙත් එක්ක කතාවට එන එකක් නෑ. ඕකුන් මං ගැන කියන කතා මං දැනන් හිටිය. මොකද උන් ඒවා කිව්වේ මගේ මුණටමයි. මම ආපු අලුත මදි නොකියන්න ගුටි කෑවා. දැන් නං උන් මාව අතෑරලා ඉන්නේ. ඒත් එකෙක්වත් මාත් එක්ක කතාවක් නෑ

මට ජෙනා ඉන්නවා. ඒ කියන්නේ අර පොඩි ගෑනු ළමයාගේ නම. ඒත් එයත් මගෙත් එක්ක කතාවක් නෑ.

කුන්ඩුමනීට මගෙත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් තියන්න ඕනේ උනා. අවුරුදු ගානක් කතා කරන්න කෙනෙක් හිටියේ නැති මම ඒකට කැමති උනා.

මෙහෙ බාබරයෙක් හිටියට ඌ මගේ කොන්ඩේ කපන්න කැමති නෑ. නොකපම බැරි නිසා ඌ කැපුවත් ඊට වඩා හොඳට මට තනියෙන් කපා ගන්න පුළුවන්. අනෙක ඌ කොන්ඩේ කපන මුළු වෙලේ අනෙක් එවුන් එක්ක කියන කතා අහද්දී මට යටිගිරියෙන් කෑ ගහන්න ඕනේ වෙනවා.දැන් මම කොන්ඩේ බඳිනවා.

කෝරි මට හිනා වෙනවා. කෝරි කියන්නේ ජෙනාගේ අම්මා. මම හැම උපන්දිනේටම කෝරිට සුබපැතුමක් යවනවා.අන්තිම අවුරුදු වල ඒ යවන සුබපැතුම ආපහු මටම හරවල එවනවා. "එහෙම කෙනෙක් මෙම ලිපිනයේ පදිංචි නැත" කියල රතුපාටින් ලියල. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි පදිංචියට යන්න ඇති. මම එයාට උපන්දින සුබපැතුමක් යවනවය කියල කෝරි දන්න බව මට විස්වාසයි.

කුන්ඩුමනී දොඩම් පාට ගවුමක් ඇඳන් කකුලක් පිට කකුලක් දාගෙන , ෆයිල් එකකුත් උකුලේ තියාගෙන වාඩිවෙලා ඉන්නවා. එයා ඉස්සරහ තියෙන අනික් පුටුව මට වෙන්නැති.

මේ කෙහෙල්මල් පුටුවේ වාඩි උනාය කියල මම කුන්ඩුමනීට මොනවා කියන්නද. මට පේන හීන, ජෙනා, කෝරි ගැන කියන්නද..

ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ඔයා. ඒ ගැන මොකද හිතෙන්නේ.

මම එයාට කිව්වා ඒ ගැන මට තියෙන්නේ සතුටක්ය කියල. මම විඳින්නේ මරණීය වේදනාවකටත් වඩා ලොකු වේදනාවක් කියන දේ මම එයාට පැහැදිලි කළා."මම හිතන්නේ ඔයාට මම කියන වේදනාව තේරුම් ගන්න බෑ"

"ඔව් , මට බෑ" කුන්ඩුමනී කිව්වා.

ඒක ගැන ඔයා සංතෝස වෙන්න. ඒ වගේ වේදනාවක් දැනුනොත් ඔයා ස්වාසිලන්තෙටත් වැඩක් නැති නිලියක් වෙයි.

ඇයි ඔයා කෝරි ගේ උපන්දිනේට කාර්ඩ් එකක් යවන්නේ

මම එයාගේ ජිවිතේ කොටස්කාරයෙක්. ඒක නැහැයි කියන්න කාටවත් බැහැ. එයත් මගේ ජිවිතේ කොටස්කාරියක්. අපි දෙන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ ජිවිත වලට හවුල් උනා.

ඒත් ඔයා ජෙනා ට කාර්ඩ් එකක් යවන්නේ නෑ නේද

ජෙනාගේ උපන්දිනේටත් මම හැමදාම සුබපැතුමක් ලියන බවත් ඒක තැපැල් නොකරන බවත් මම එයාට කිව්වා.

කුන්ඩුමනී ඔලුව වැනුවා. "ඔයා පසුතැවෙනවද සිද්ද වුනු දේ ගැන"

"පසුතැවෙනවද?". මම මුල් වතාවට එයාගේ ඇස් දිහා කෙලින් බැලුවා. "මම හැම තත්පරයකම මැරී මැරී උපදිනවා. මට හිතා ගන්න බෑ මම එහෙම දෙයක් කලේ කොහොමද කියල. මම දවස් ගාණකින් ගෑනියෙක් ලඟට ගිහිං තිබ්බේ නෑ. මං ළඟ සල්ලි තිබ්බෙත් නෑ. මට ඕනේ උනේ ගෑනියෙකුයි සල්ලියි විතරයි. පළවෙනි ගෙදරට ගිහිං වතුර එකක් ඉල්ලුව. වතුර වීදුරුව දුන්නේ පිරිමි කෙනෙක්. මම ඊළඟට ගෙවල් දෙකක් ඇරලා තුං වෙනි ගෙදරට ගියා"

මං දීර්ග හුස්මක් පිටකරල ඇස් දෙක පියා ගත්තා. මට එදා සිද්දිය මැවිලා පෙනුනා.රෝස පාට ගවුමක් ඇඳන් දුඹුරු පාට වලහෙක් තුරුල් කරගෙන හිටිය ජෙනා දොර අරිනවා මට මැවිලා පෙනුනා. දත් දෙකක් වැටුණු කටෙන් හිනා වෙලා එයා කෝරිට කතා කළා. මගේ පිහිය දිලිසෙනවා මට පෙනුනා. කෝරි දඟලනවා මට දැනුනා. ජෙනා අන්තිමට මං දිහා බලාගෙන හිටිය විදියටම තාමත් බලාගෙන ඉන්නවා.

ඔයා මුලින්ම කිව්වේ ඒ දේ කලේ ඔයා නෙවෙයි කියල. ඔයා පොඩි ළමයින්ට හරි ආදරෙයි කියලත් කිව්වා

මං හිස් බැල්මෙන් එයා දිහා බලන් හිටියා. ඒ සිද්දිය, ඒ බොරුව, ඒ ඇපෑල , අද මම විඳවන විඳවිල්ල මම එයාට කොහොම තේරුම් කරන්නද. මට කියන්න තියෙන්නේ කෝරිගේ පවුලේ අයට, එයාගේ ලොකු දුවට, එයාගේ මහත්තයට මට සමාවෙන්න කියල විතරයි. ඒත් මම ඒ අයගෙන් කොහොම සමාවක් බලාපොරොත්තු වෙන්නද

ඔයා ඔයාගේ දෙවැනි ඇපෑල අවලංගු කලේ ඒකද

මේ වගේ මරණීය වේදනාවක් විඳ විඳ ජීවත්වෙලා ඉද්දි, ජිවිත කාලය තව මොහොතක් හරි දික් කරගන්න හිතන එක, ස්වාසිලන්තේ නිලියක් වෙන්න හිතනවටත් වඩා විහිළුකාරයි කියල මම කුන්ඩුමනීට කිව්වා

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com6tag:blogger.com,1999:blog-4221251485429239263.post-56519515380024470482017-05-03T02:24:00.001-07:002017-05-03T03:55:47.065-07:00කුන්ඩුමනීකුන්ඩුමනී ඊයේ යද්දී අද උදේම එනවයි කියල කිව්වා. එයත් එක්ක අර අනිත් වහන්තරාවත් එල්ලිලා එයි. හැබෑටම මාසයක් තිස්සේ දැකලත් මට තාම බැරි උනානේ ඒ කොල්ලෙක්ද එහෙම නැත්තන් කෙල්ලෙක්ද කියල අඳුන ගන්න. මොකෙක් උනත් මගේ මොකෝ...

කුන්ඩුමනී ගේ හරි නම කේතුමතී කියල එයා දැන් මට එකසිය පනස් එක් වතාවක් කියල තියනවා. ඒ වෙලාවට මම බොරුවට ඔලුව හෙලෙව්වට මම ආයෙත් එයාට කියන්නේ කුන්ඩුමනී කියලම තමයි. එයා කුන්ඩුමනී මිසක් කේතුමතී වෙන්න විදියක් නෑ.

මිනිහෙක්ට නින්ද යන්නේ නෑ කියන්නේ සෙල්ලමක් නෙමෙයි. විශේෂයෙන්ම මං වගේ මිනිහෙක්ට. දවාලට නං බලන් ඉන්න එලිය හරි තියෙනවා. ඒත් රෑට...

සතියක් තිස්සේ එක බින්දුවක් ඇහැ පියවන්නේ නැතුව හිටියා කිව්වම... දොස්තර දුන්න පෙති හැටහුටාමාරෙන් එකකටවත් බැරි උනානේ මාව තප්පරයක් නිදි කරවන්න

ඇහැ පියවෙද්දී අවුරුදු තුනහමාරක පොඩි ගෑනු ළමයෙක් සෙල්ලම් බෝනික්කෙක් තුරුල් කරන් මං දිහා බලාගෙන හිනා වෙනවා. එයාගේ අම්මා යටිගියෙන් කෑ ගහනවා. මං ආයෙත් ඇස් අරිනවා. ගෑනු ළමය යන්න යනවා.

කුන්ඩුමනීව දැකපු මුල් දවස මට හොඳට මතකයි.

"මං කේතුමතී.මං නිලියක්" එයා කිව්වේ මේ ලෝකේ ඉන්න හැමෝම එයාව දැනගෙන ඉන්න ඕනේ ස්වරයකින්.

මං උත්තර නොදී එයා දිහා බලාගෙන හිටියා.

"මාව ටීවී එකේ දැකල නැද්ද" මගේ කාමරේ තිබ්බ ටීවී එක දැකලද කොහෙද එයා ඇහුවා.

මේ දවස්වල ටීවී එකේ ඉන්න නිළියන්ට වඩා ස්වාසිලන්තයේ නිලියෝ ටික මතක තියා ගන්න ලේසි බව මම එයාට කිව්වා. එයාගේ මුණ රතුවුනත් බලහත්කාරයෙන් හිනාවක් මවාගෙන මං දිහා බලාගෙන හිටියා. නිළියෝ කියන්නේ නිකංයැ.

මුල් දවස්වල එයා කීප වතාවක් මගේ කාමරේ ලඟට ආව ගියා. මාව කතාවට අල්ල ගන්න හැදුවත් මම එයාව ගණන් ගත්තේ නැහැ.

ඊළඟට මං සෙල්ලන් කරන තැනට ඇවිත් කැමරාව අටවන් හිටියා. මාව ගණන් නොගෙන එහා පැත්තේ හිටිය උන් දෙන්නත් එක්ක කතා කරන බව පෙන්නුවත් එයා මගේ සියලුම ඉරියව් නිරීක්ෂණය කරන බව මට දැනුනා. එයා උන්ගෙන් මං ගැන ඇහුව නං ආයෙත් මගෙත් එක්ක කතාවට එන එකක් නෑ. ඕකුන් මං ගැන කියන කතා මං දැනන් හිටිය. මොකද උන් ඒවා කිව්වේ මගේ මුණටමයි. මම ආපු අලුත මදි නොකියන්න ගුටි කෑවා. දැන් නං උන් මාව අතෑරලා ඉන්නේ. ඒත් එකෙක්වත් මාත් එක්ක කතාවක් නෑ

මට ජෙනා ඉන්නවා. ඒ කියන්නේ අර පොඩි ගෑනු ළමයාගේ නම. ඒත් එයත් මගෙත් එක්ක කතාවක් නෑ.

කුන්ඩුමනීට මගෙත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් තියන්න ඕනේ උනා. අවුරුදු ගානක් කතා කරන්න කෙනෙක් හිටියේ නැති මම ඒකට කැමති උනා.

මෙහෙ බාබරයෙක් හිටියට ඌ මගේ කොන්ඩේ කපන්න කැමති නෑ. නොකපම බැරි නිසා ඌ කැපුවත් ඊට වඩා හොඳට මට තනියෙන් කපා ගන්න පුළුවන්. අනෙක ඌ කොන්ඩේ කපන මුළු වෙලේ අනෙක් එවුන් එක්ක කියන කතා අහද්දී මට යටිගිරියෙන් කෑ ගහන්න ඕනේ වෙනවා.දැන් මම කොන්ඩේ බඳිනවා.

කෝරි මට හිනා වෙනවා. කෝරි කියන්නේ ජෙනාගේ අම්මා. මම හැම උපන්දිනේටම කෝරිට සුබපැතුමක් යවනවා.අන්තිම අවුරුදු වල ඒ යවන සුබපැතුම ආපහු මටම හරවල එවනවා. "එහෙම කෙනෙක් මෙම ලිපිනයේ පදිංචි නැත" කියල රතුපාටින් ලියල. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි පදිංචියට යන්න ඇති. මම එයාට උපන්දින සුබපැතුමක් යවනවය කියල කෝරි දන්න බව මට විස්වාසයි.

කුන්ඩුමනී දොඩම් පාට ගවුමක් ඇඳන් කකුලක් පිට කකුලක් දාගෙන , ෆයිල් එකකුත් උකුලේ තියාගෙන වාඩිවෙලා ඉන්නවා. එයා ඉස්සරහ තියෙන අනික් පුටුව මට වෙන්නැති.

මේ කෙහෙල්මල් පුටුවේ වාඩි උනාය කියල මම කුන්ඩුමනීට මොනවා කියන්නද. මට පේන හීන, ජෙනා, කෝරි ගැන කියන්නද..

ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ඔයා. ඒ ගැන මොකද හිතෙන්නේ.

මම එයාට කිව්වා ඒ ගැන මට තියෙන්නේ සතුටක්ය කියල. මම විඳින්නේ මරණීය වේදනාවකටත් වඩා ලොකු වේදනාවක් කියන දේ මම එයාට පැහැදිලි කළා."මම හිතන්නේ ඔයාට මම කියන වේදනාව තේරුම් ගන්න බෑ"

"ඔව් , මට බෑ" කුන්ඩුමනී කිව්වා.

ඒක ගැන ඔයා සංතෝස වෙන්න. ඒ වගේ වේදනාවක් දැනුනොත් ඔයා ස්වාසිලන්තෙටත් වැඩක් නැති නිලියක් වෙයි.

ඇයි ඔයා කෝරි ගේ උපන්දිනේට කාර්ඩ් එකක් යවන්නේ

මම එයාගේ ජිවිතේ කොටස්කාරයෙක්. ඒක නැහැයි කියන්න කාටවත් බැහැ. එයත් මගේ ජිවිතේ කොටස්කාරියක්. අපි දෙන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ ජිවිත වලට හවුල් උනා.

ඒත් ඔයා ජෙනා ට කාර්ඩ් එකක් යවන්නේ නෑ නේද

ජෙනාගේ උපන්දිනේටත් මම හැමදාම සුබපැතුමක් ලියන බවත් ඒක තැපැල් නොකරන බවත් මම එයාට කිව්වා.

කුන්ඩුමනී ඔලුව වැනුවා. "ඔයා පසුතැවෙනවද සිද්ද වුනු දේ ගැන"

"පසුතැවෙනවද?". මම මුල් වතාවට එයාගේ ඇස් දිහා කෙලින් බැලුවා. "මම හැම තත්පරයකම මැරී මැරී උපදිනවා. මට හිතා ගන්න බෑ මම එහෙම දෙයක් කලේ කොහොමද කියල. මම දවස් ගාණකින් ගෑනියෙක් ලඟට ගිහිං තිබ්බේ නෑ. මං ළඟ සල්ලි තිබ්බෙත් නෑ. මට ඕනේ උනේ ගෑනියෙකුයි සල්ලියි විතරයි. පළවෙනි ගෙදරට ගිහිං වතුර එකක් ඉල්ලුව. වතුර වීදුරුව දුන්නේ පිරිමි කෙනෙක්. මම ඊළඟට ගෙවල් දෙකක් ඇරලා තුං වෙනි ගෙදරට ගියා"

මං දීර්ග හුස්මක් පිටකරල ඇස් දෙක පියා ගත්තා. මට එදා සිද්දිය මැවිලා පෙනුනා.රෝස පාට ගවුමක් ඇඳන් දුඹුරු පාට වලහෙක් තුරුල් කරගෙන හිටිය ජෙනා දොර අරිනවා මට මැවිලා පෙනුනා. දත් දෙකක් වැටුණු කටෙන් හිනා වෙලා එයා කෝරිට කතා කළා. මගේ පිහිය දිලිසෙනවා මට පෙනුනා. කෝරි දඟලනවා මට දැනුනා. ජෙනා අන්තිමට මං දිහා බලාගෙන හිටිය විදියටම තාමත් බලාගෙන ඉන්නවා.

ඔයා මුලින්ම කිව්වේ ඒ දේ කලේ ඔයා නෙවෙයි කියල. ඔයා පොඩි ළමයින්ට හරි ආදරෙයි කියලත් කිව්වා

මං හිස් බැල්මෙන් එයා දිහා බලන් හිටියා. ඒ සිද්දිය, ඒ බොරුව, ඒ ඇපෑල , අද මම විඳවන විඳවිල්ල මම එයාට කොහොම තේරුම් කරන්නද. මට කියන්න තියෙන්නේ කෝරිගේ පවුලේ අයට, එයාගේ ලොකු දුවට, එයාගේ මහත්තයට මට සමාවෙන්න කියල විතරයි. ඒත් මම ඒ අයගෙන් කොහොම සමාවක් බලාපොරොත්තු වෙන්නද

ඔයා ඔයාගේ දෙවැනි ඇපෑල අවලංගු කලේ ඒකද

මේ වගේ මරණීය වේදනාවක් විඳ විඳ ජීවත්වෙලා ඉද්දි, ජිවිත කාලය තව මොහොතක් හරි දික් කරගන්න හිතන එක, ස්වාසිලන්තේ නිලියක් වෙන්න හිතනවටත් වඩා විහිළුකාරයි කියල මම කුන්ඩුමනීට කිව්වා

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com1tag:blogger.com,1999:blog-4221251485429239263.post-63281926883103082152017-04-17T02:45:00.002-07:002017-04-17T02:50:26.102-07:00ඩාඩියාගේ ලෝකය -02

පළමු කොටස

නයිල් නදි ඉහත්තාවේ දාරුමය වේදිකාවක සිටන් උන් ඩාඩියා ඇදන් හිඳි සුදු ලෝගුව සුළගේ ලෙල දෙමින් තිබුනේය. පුජකවරුන් විසින් නොනවත්වාම දල්වා තිබූ අබිං මිශ්‍ර විෂ ධුමය නිසා ඩාඩියා තමා වටා උන් නිරුවත් දරුවන් පහළොස් දෙනා දුටුවේද අපහසුවෙනි. පුරා දෙහොරාවකට අධික කාලයක් ස්ත්රෝත්ර ගායනයේ යෙදුනු ආගන් සෙමෙන් සෙමෙන් ලී වේදිකාවට ගොඩ වත්ම එහි රැස්ව උන්නෝ දෙපසට වී මහත් භක්තියෙන් යුතුව ඔහුට ඉඩසර ලබා දුන්නෝය. අනතුරුව කුඩා දරුවෙකු දෝතින් ඔසවා ගත් ඔහු දරුවාගේ නළල සිඹ මන්ත්‍ර වගයක් ජපකර එක්වරම ඒ දරුවා නදියට විසි කළේය. ඒ දසුනින් හොඳටම බියපත්ව උන් ඉතිරි දරුවන් වෙර යොදා ග්‍රහණය කරගත් සෙසු පුජකවරුන් ඔවුන් එකා බැගින් දියට විසිකර දමන අයුරුත්, ආගන් කුරිරු සිනාවක් පාමින් තමා දෙසට පැමිණෙන පැමිණෙන අයුරුත් දුටු ඩාඩියා හැකි වෙර යොදා කෑ ගැසුවාය.

ඈ උන්නේ වෙවුලමිනි. තමා සිහිනෙන් දුටු භීෂණයේ සැබෑවටම උන්නේ තමා නොවන බව පසක් කර ගැනීමටද ඈට ටික වෙලාවක් ගතවිය. අනතුරුව මහ හඩින් හඬමින් සිටියදී දියට විසි කර දැමූ තම වැඩිමල් සොහොයුරා සහ අබිං දුමෙන් හොඳ හැටි මත්වීම නිසා කිසිම විරුද්ධත්වයකින් තොරවම දියට විසිකළ කුඩා සොයුරා මෙන්ම ආගන්ගේ කුරිරු හස්තයට අසුවුණු රූමත් යුවතිය පිළිබඳව සිතමින් ඩාඩියා බොහෝ වෙලාවක් හඬා වැටුනාය.

උදෑසන පළමු සීනුව නාද වෙනවාත් සමගම ඈ වා කවුළු විවර කලාය. නොබෝ වෙලාවකින් ඇගේ පරිවාර යුවතිය කුටියට පැමිණෙන බව ඈ දැන් දන්නීය. රාජකීය නලගනක ලෙස තමා මෙහි සිටින තාක් කල් මෙම කාල සටහනට අනුව වැඩ කල යුතු බව ඈ ඉගෙන ගෙන සිටින්නීය.

ඩාඩියාගේ පරිවාර යුවතිය හීලියා දොඩමලු කුඩා කෙල්ලක් හෙයින් පුජක ගෙවල් මෙන්ම මන්දිර ඇතුලත සිදුවන බොහෝ දේවල් ඩාඩියා මේ සතිය අවසන් වන විට දැනගෙන උන්නාය. ආගන් පහළොස් හැවිරිදි වියේදී ඇසුරු කල රාජකීය නළගනට ආගන්ට දාව ලැබුණු දියණිය වයස නවයක් වන විටම ආගන් විසින්ම කෙලෙසු හැටිත් ඒ කුඩා දැරිය බිහි කල දරුවාද වැඩිවිය පැමිණි විට ආගන් විසින් නතු කරගන්නට උත්සහ ගත් අයුරුත්, ඒ වන විටත් වෙන තරුණයෙකු ඇසුරු කරමින් සිටි යුවතිය, තමන්ගේ පියා මෙන්ම සීයාද වන ආගන්ව ප්‍රතික්ෂේප කල අයුරුත්, වියරු වැටුණු ආගන් පාරාවෝ රැජින නම්මාගෙන මහා පුජා උත්සවයක් සංවිධානය කොට ඒ රූමත් යුවතියව ඇගේ කැමැත්තට විරුද්දව දෙවියන්ට කැප කොට ආගන් විසින්ම ප්‍රසිද්ධ දුෂණයකට ලක් කොට අනතුරුව මහා නයිල් පුජාවේදී ඈව නයිල් නදියට බිලි කල අයුරුත් හීලියා විසින් පුරා තෙදිනක් පුරා ඩාඩියාට පවන්නට යෙදුනාය.

නළගනන්ට සිය නර්තන ඇදුම් තෝරා ගැනීමට ඉඩ දුන් අවස්ථාවේ ඩාඩියා විසින් තෝරාගත්තේ ඈට අඩුම වටිනාකමක් ලබා දෙන ඇදුම් කට්ටලයයි. නාටිකාංගනාවන් සිය සයනයට ගැනීමේදී ඔවුන්ගේ පෙනුම මෙන්ම තත්වය ගැන සිතන රජවරු, සිටුවරු මෙන්ම පුජකවරු ඩාඩියා තෝරාගත් ශ්වේත ලෝගුව හා මුව වැස්ම සහිත අඩු වටිනාකමැති නළගනන් දෙස නොබලන බව ඈට කියා දුන්නේ හීලියාය.

රූමත් යුවතියන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වුනු ඩාඩියාගේ නර්තන කණ්ඩායමේ හුන් ඉතාමත්ම දඟකාර, ඉඟි බිඟි සහිත යුවතියන් පස්දෙනා අතර වටිනාම නාටිකාංගනාව වීම පිණිස ඇතිවුණු තරඟය හේතුවෙන්, ඊට මැදිහත් වීමට ප්‍රධාන නළඟන මෙන්ම නළඟන ගෘහයේ අධිපතිනිය වූ සිසිලියාට සිද්ද උනේය. කෙල්ලන් පස් දෙනාම එකසේ දක්ෂ බැවින් ඒ පිළිබඳව තනි තීරණයකට පැමිණීම සිසිලියාටද දුෂ්කර විය. අනතුරුව ඈ එදින රාත්රියේදී ඔවුන් පස්දෙනා අතුරින් සුදුසුම නළඟන තීරණය කරන තරඟයක් පැවැත්වීමට තීරණය කලාය. ඒ සඳහා නළඟන ගෘහයේ හුන් සියල්ලෝමද , සේරෝස් ඇතුළු පුජකවරුන් සිව් දෙනෙක්ද, පාරාවෝ රැජිණිය හා ඇගේ යෙහෙලියක් වූ මව්ලින් ආර්යාවද සහබාගි වන බව දැනුම් දුන්නාය.

යටකී කෙල්ලන් පස් දෙනා අතර තරඟය ගැන පුදුමාකාර උද්යෝගයක් පැවති අතර එදින රාත්‍රී සාදය පිළිබඳව ඩාඩියා ඇතුළු සෙස්සෝ ඊට නොදෙවෙනි උද්යෝගයකින් උන්නෝය. එදින පස්වරුවේ ඔවුන්ව දෛනික කාල සටහනෙන් නිදහස් කොට තිබූ නිසා ඔවුන්ට සිත්සේ හැඩ වැඩ වීමට උවමනා තරම් කාලවේලා ලැබිණි. ප්‍රධාන නළඟන විසින් නළඟන ගෘහයේ සියල්ලන්ටම අවශ්‍ය රෙදිපිළි සපයා තිබූ අතර අනෙක් කෙල්ලන් විනිවිද පෙනෙන වටිනා චීන සළු තෝරා ගනිද්දී ඩාඩියා දළ රෙද්දෙන් මැසූ දුඹුරු පැහැ ඇඳුමකින් සෑහීමට පත් වූවාය. තමාගේ ඇඳුමෙන් ප්‍රභූන් අතරට යා නොහැකි වීම ඈට ගෙන දුන්නේ සහනයකි.

ගෘහයේ තැනින් තැන සවි කර තිබූ පලිඟු බෝල කහ පැහැයෙන් දැල්වෙන විට (ගිනි දැල්විමකින් තොරව දැල්වෙන පලිඟු බෝල ඈ මුල්වරට දුටුවේ මෙහි පැමිණි පසුය)විණා හඬ මධ්‍යයේ උත්සවය ආරම්භ විය. ශාලාවේ දිගු මේසයක් මත ඩාඩියා කිසි දිනෙක නොදුටු ආහාර පාන වලින් පිරි පැවතිනි. සේරෝස් හා රැජිණ ප්රමුඛ ප්‍රභූ වරුන්ට ශාලාවේ උස් පුටු පනවා තිබුනද ඩාඩියා ඇතුළු සෙස්සෝ අසුන් ගත්තේ බිමය.

ප්‍රධාන නාටිකාංගනාව සිය අමුත්තන්ට සංග්‍රහ කර අවසන් වූ පසු වයින් විදුරු අතැතිව ඔවුහු සිය අසුන් වල තැන්පත් වූහ. අනතුරුව මිහිරි ගායනාවකින් නාටිකාංගනාවන් පස් දෙනා ශාලාවට අවතීර්ණ වූහ. පොළොවට නොදැනෙන ලෙස පාද තබමින් එකිනෙකාට නොපරදින ලෙස ඔවුන් ඉදිරිපත් කල මනහර රැඟුම් අතරේ හොඳම රඟන්නිය කවුදැයි සිතා ගැනීමට ඩාඩියාටද නොහැකි විය.

හිටිහැටියේම උත්සවය මැද්දට අනාරාධිත පුජකවරයෙක් පැමිණි අතර, මිටි තරබාරු ඔහු දුටුවනම ආගන් බව හදුනා ගැනීම ඩාඩියාට අපහසු නොවිණි. ආගන් දුටු විට සිසිලියා කෘතීම සිනාවක් නැගූ අතර ප්‍රභූ වරු අතරින් ඔහුව උණුසුම් ලෙස පිළිගත්තේ රැජිණ පමණකි. මෙතැනින් හොඳම නළඟනට සිය පෞද්ගලික දේවදාසි ධූරය පිරිනමන බව පැවසූ ආගන්, ඒ වනවිට සිය නැටුම් ගැයුම් නවතා පසෙකට වී සිටි නළගනන් ට නැවතත් නැටුම ආරම්භ කරන ලෙස සන් කරමින් අසුන් ගත්තේ ඔහුට තරම් නොවන මනමාල මුකුළුවක් සහිතවය. සිය කෑදර දෙනෙත් වලින් නිරුවත් නළඟන නර්ථනය දෙස බලා උන් ආගන්ගේ දෙනෙතට බලාපොරොත්තු නොවූ මොහොතක ඩාඩියාගේ දෙනෙත මුණගැසුණේය. ක්ෂණයකින් ඈ දෑස ඔහුගෙන් මුදා ගත්තද ඒ වන විටත් ඈ හොඳටම ප්‍රමාදය...

මතු සම්බන්ධයි~

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com5tag:blogger.com,1999:blog-4221251485429239263.post-37684889283597552892017-03-29T04:11:00.001-07:002017-03-29T04:26:46.339-07:00ඩාඩියාගේ ලෝකය -01ඉර උදාවන්නටත් පෙර සිටම පටන් ගන්නට යෙදුනු බමුණන්ගේ ස්ත්රෝත්ර ගායනා තාමත් ඉවරයක් වී නැත්තේය. එය ඉවර වන්නට නම් නගරය මැද පිහිටි ඇසක හැඩයට නිමවුණු දැවැන්ත තල පුවරුව, ප්‍රධාන පුජක අසපුවේ දොර විවර වීමට තරම් උණුසුම් විය යුත්තේය.සාමාන්යෙන් නම් ඉර මුදුන් වී හෙවණැල්ල දෑඟුලක් පමණ දික් වූ විට දොරටුව විවර වන බව ඩාඩියා උගත්තේ මවගෙනි

. ඒත් තමා ඉපදීමට පෙර පැමිණි වැසි සමයක පූජක දොරටුව විවර වන්නට තුන් මාසයක් ගතවුණු සැටිත්, ඒ වන විට ප්‍රධාන පුජක තැන ඇතුළු පුජකවරු තිස් දෙදෙනෙක් මියගොස් සිටි හැටිත් ඈ අසා තිබුණාය. දිවි බේරාගෙන තිබුනේ ආගන් නම් පුජකවරයා පමණි. එතුමා දෙවියන් හා සමවනු වස් අට්ලන්සේරා රජ විසින් එතුමාට විසල් සොහොනක් තනන්නට පටන් ගත් අතර, එහි වැඩ නිමා වූ වහාම එය ආගන්ගේ සදාකාලික නිවහන වනු ඇත්තේය.ඩාඩියා තමා හිඳන් උන් ජනෙල් කවුළුවෙන් එබී ලහි ලහියේ වැඩ නිම වන ඒ සොහොන දෙස බලා උන්නාය. එවකට අට අවුරුදු වියෙහි වුන් ආගන් දැන් තිස් නව වියේය. ඒ රාජකීය සොහොනේ එතුමන් හා සැපතීම අසිරිමත් සදාකාලික ජිවනයකට හේතු වන්නේයැයි සිය මව විසින් කියා තිබුනද, ශුද්වූ කන්‍යාවියන් සොයා හේවායන් පැමිණෙන විට ඩාඩියා සිය සුපුරුදු තිප්පොලෙහි සැඟවී උන්නාය. ඒ සඳහා ඩාඩියාගේ ඉතිරි සහෝදරියන් පස්දෙනා අතර තරඟයක් පැවති අතර වාසනාවන්තිය වුයේ පෙද්වෝ ය. හේවායන් සමග පැමිණි කාන්තාවන් තිදෙනෙක් පෙද්වෝ ව නිවසේ ඇතුළු කාමරයකට රැගෙන ගොස් පුරා හෝරාවන් තුනක් තිස්සේ සිදුකලේ කුමක්දැයි ඩාඩියා නොදැන උන් නමුත් ඉන් පසුව පෙද්වෝ සංසුන් ගමන් ලතා ඇති කදිම තරුණියක් බවට පත්වී උන්නාය.

ඩාඩියා ගේ පියා මදක් කුදු නමුත් ශක්තිමක් කම්කරුවෙක් වූ අතර මව කාලයකට ඉහත රැජිනියන් ගේ පරිවාර කාන්තාවක බව ඈ දැන සිටියාය. ගැහැණු ළමයෙකුට නියැලෙන්නට හැකි උසස් වෘත්තීන් කිහිපයක් තිබූ අතර ඩාඩියා ගේ මවගේ ඒකායන අරමුණ වී තිබුනේ සිය රුවැති දියණියන් සයදෙනා එලෙස උසස් වෘතීන්ගේ නියැලෙනු දැකීමය.

ඩාඩියාට සිටි පිරිමි සොයුරන් තිදෙනෙක්ගෙන් දෙදෙනෙක්ම පසුගිය වසරේ නයිල් පුජාව සඳහා කැපකරන ලද්දේය. තමාත් සමග සෙල්ලමින් කල් ගෙවූ එක හා සමාන නිවුන් සොයුරන් දෙදෙනාව තේරීමේ පරීක්ෂණය සඳහා ගෙන ගියේ මව විසින්ය. උපන්දා සිටම ලී අච්චුවක සිරකර තිබූ හෙයින් ඔවුන්ගේ හිස් කදිම උල් හැඩයකින් යුතු වූ නිසා පරීක්ෂණයෙන් සමත්වන්නට ඔවුන් දෙදෙනා වාසනාවන්ත වූ බව ඇගේ මව පැවසුවාය. ඩාඩියා පුදුම වූයේ සිය මවගේ දුර දක්නා නුවණ පිලිබඳවය.දරුවන් දෙදෙනෙකුම ශුද්ධවරයට ඔසවා තැබෙන බැවින් පුජාව නැරඹීමේ මාහැඟි අවස්තාව ඩාඩියාගේ පවුලේ අයට හිමිවූ අතර කෙස් මුළුමුනින්ම සිඳලූ නිරුවත් දරුවන් පහළොස් දෙනා අතරින් සිය දෙබෑයන් ඈ හඳුනා ගත්තේ ඉතා අපහසුවෙනි.පූජාවට කැපකර සිටිනා ඉතා රූමත් යුවතිය ඉහල පවුලක කෙල්ලක් බවත්, උපන්දා සිට ඈව ඒ සඳහා පුහුණු කර ඇති බවත් ඩාඩියා දැනගත්තේ කාන්තාවන් දෙදෙනෙකුගේ කතාබහකට කන් දීමෙනි.

ඩාඩියාගේ ඉතිරි සොයුරා කම්කරුවෙකු ලෙස පුහුණුවට බැඳුනු අතර ඈට ඉතා වැඩිමල් සහෝදරියක සිටි බවත් ඈ මවගේ කැමැත්තට පිටින් රැකියාවක් තෝරාගෙන තරුණයෙකු හා විවහා වූ බවත් ඈ දැන උන්නේ සිය පියාගේ මවගේ ඕපාදුප කතා වලට කන් දීමෙනි.ඒ මිත්තනිය හැමදාම මෙන් සිය කතාව අවසාන කලේ "සියලුම දෙනා ගැන වද වීමට තරම් කාලයක් දෙවියන්ට නැති" බව පවසාය.තව එක දරුවෙකු උසස් රැකියාවකට බඳවා ගතහොත් ඩාඩියාගේ පියාට කම්කරු රැකියාවෙන් අත් මිදීමට හැකිය.

ඉන් වසර දෙකකට පසුව ඩාඩියා මවගේ කැමැත්ත අනුව යුවතීන්ට උසස් රැකියා තෝරා දෙන නිලධාරි තැන හමුවීමට ගිය අතර ඈට කමිටුවේ උන් පිරිමින් දෙදෙනෙකු හා ගැහැණුන් දෙදෙනෙකු ඉදිරිපිට මුළුමුනින්ම නිරුවත් වන්නටත් ඉක්බිතිව උස් වූ පුවරුවක වැතිර සිය දෙකකුල් පළල් කර පෙන්වන්නටත් සිද්ද උනේය. නිරුවත් යුවතියන් සිය දෙනෙකු අතරින් තිස් දෙනෙකු උසස් රැකියා සඳහා සුදුසුකම් ලත් අතර ඒ අතර රැඳී හිඳීමට තරම් ඩාඩියා වාසනාවන්ත වුවාය. ඉනුත් රූමත්ම යුවතිය බෙකෙටෙටන් කුමරාගෙන් කලලයක් දැරීමට සුදුසු වූ අතර ඊළඟට රූමත් යුවතියන් පිලිවෙලින් අමුන් සහ අනුබිස් දෙවියන්ගේ සහකාරියන් වීමට වාසනාව ලදහ.

අනතුරුව බෙකෙටෙටන්, අමුන් සහ අනුබිස් ශාලාවට පැමිණි අතර කළු පැහැති කොට රෝම බහුල බෙකෙටෙටන්, බැටළු හිසක් හා වලිගයකින් යුත් අමුන් හා සිවලෙකු වූ අනුබිස් දුටු ඩාඩියාට තමා මෙතැනින් රූමත්ම යුවතිය නොවීම පිළිබඳව සතුටක් දැනුනේය. පියාගේ මව උන්නේ නම් ඩාඩියාගේ සිතිවිලි පිළිබඳව ශාප කරනවා නිසැකය. ඩාඩියාට වැඩිමල් සොයුරිය අනුබිස් ගේ සහකාරියක ලෙස පසුගිය වසරේ තේරී පත් උනු අතර අනුබිස් සමග සංවාසය කොට පිළිසිඳ ගත් දරුවා ප්‍රසුත කිරීමේදී ඈ මියගියද දේවදාසියක ලෙස නම් කරනු ලැබුවාය. ඈ විසින් සාර්ථකව අනුබිස්ගේ දරුවා ප්‍රසූත කලේ නම්, ඒ දරුවාට අනුබිස්ගේ හිස හා වලිගය පිහිටියේ නම් දරුවා දේවත්වයට පත්වන අතර ඈට දිව්යමාතා පදවිය දරන්නට තිබුනේය.

අනතුරුව ඩාඩියා ඇතුළු සත්දෙනෙක් රාජකීය නළඟනන් ලෙස පත් කරන ලද අතර ඉතිරි යුවතියන්ව බිසෝවරු පැමිණ සිය පරිවාර සේවය සඳහා තෝරා ගන්නා ලදී. අවසානයට ඉතුරු වන යුවතියන් පුජකයන් වෙත යැවෙනු ඇත්තේය.

ඩාඩියා ඇතුළු නළගනන් සත්දෙනාව රාජකීය නළගන ගෘහය වෙත රැගෙන යන්නට යෙදුනු අතර ඔවුන් වෙත පැමිණි ප්‍රධාන නළගන විසින් නළගන ගෘහයේ නීති පද්ධතිය ඔවුන්ට මුලින්ම හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව පිරිමියෙකු හා සම්බන්ද වීම ඔවුන්ට සපුරා අකැප අතර රාජකියන්ගෙන් හෝ දෙවියන්ගෙන් ඇරයුමක් ලදොත් ඈව දැනුවත් කල යුතුය. ආහාරපාන මෙන්ම ව්‍යායාම නියම කර ඇති පරිදි සිදු කල යුතු අතර තම තමන්ගේ පවුල් ඇතුළු පිටස්තර ලෝකය හා සම්බන්ධ වීම සපුරා තහනම්ය. දිනකට නියමිත වෙලාවක් රුපලාවන්‍ය සත්කාර සඳහා කැපකළ යුතු අතර සමේ කුඩා අවපැහැ වීමක් හෝ සිදු උනොත් රාජකීය නළගන තත්වයෙන් පහතට හෙලා දැමේ.

ප්‍රධාන නළගනගේ කතාව මුලින් මුලින් අසා උන්නද ඉන් අනතුරුව ඩාඩියාට ඉන් මතක හිටියේ අල්පයක් පමණකි.දීර්ග කතාවක් අවසානයේ සියල්ලන්ටම ආසිරි පැතූ ප්‍රධාන නළගන ඔවුන්ට ඔවුන්ගේ කුටි පෙන්වන ලද්දේය. නිවෙසට වඩා සුඛෝපභෝගී කුඩා කුටියේ නාටිකාවන් මෙම නිවසේදී ඇඳිය යුතු නිල ලෝගුව හා පන් පිරවූ ගුදිරියක් තිබුනේය. පැන් කෙණ්ඩියක්, තැටියක් මෙන්ම ඩාඩියා මෙතුවක් අසා තිබුණු හිස පීරන පනාවක්ද කාමරය තුල විය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com14tag:blogger.com,1999:blog-4221251485429239263.post-1149300815900138272017-03-21T03:26:00.000-07:002017-03-21T03:32:59.005-07:00පිටරට ඉඳන් වඩින්නේ දෙවියන්ය..ශ්‍රී ලංකාව වනාහී අරුම පුදුම රටක්ය. එහි වෙසෙන සියල්ලෝම අමු ගෝත්‍රිකයෝය. උන් කන්නේ අමු මස්ය. බොන්නේ ලුණු වතුරය. ඇමරිකාවේ තරම් කුඩ්ඩෝ ලංකාවේ නැති බව අන්තර්ජාලය කියවීමේදී පෙනීයන නමුත් ඌරු වරිගේ සෝමපාල කියනා විදියට ලංකාවේ තරම් කුඩ්ඩෝ ලොවෙත් නැත. ඇමරිකාවේ තරම් අපරාද නොවුනාට හාරිස්පත්තුවේ ටිකිරා කියන්නේ ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ ස්ත්‍රී දූෂක මං පහරන හොරු ටිකක් බවය. ඇමරිකාවේ මිනිස්සු බවුද්ද දර්ශනය ගැන ගැඹුරු හැදැරීම් කරන බව ආරංචි වූ නාසි වත්තේ හෙක්ටර් කියන්නේ ඒ පට්ට පල් බොරු බවත් ඒ තරන් ගෝත්රවාදී ආගමක් තවත් නැති බවත්ය.

පිටරට ඉඳන් ලංකාවට එන ඕනෑම එකෙක් ලංකාවේ එවුන්ට ආශ්චර්යමත් සිටුවරුන්ය.නොරට එව්වන්ට හදිසියේවත් මොංගල් විදියට වාහනයක් පදින්න ආසාවක් ආවොත් හෙම උන්ට තියෙන්නේ සින් සින් ගා ලංකාවට එන ටික විතරමය. කටුනායකින් විනාඩි දහයෙන් මිගොමුවට පැමිණ එහි වෙරල පාරේ (එය ප්‍රධාන පාරකි) තමුන්ට හිතු හිතු විදියට ඕනෑම කෙහෙල්මලක් එලවා තමුන්ගේ ආතල් එක ලබා ගත හැක්කේය. ලංකාව අන්න එහෙම රටකි.

ලකාවේ බුවාලා ආතල් පිණිස යන්නේ පට්ට ගණන් හෝටල් වලටය. දැන් දැන් එන බහුතරයක් සුද්දෝ ඉන්නේ හොස්ටල් වලය. ඒ උන් පට්ට රැඩිකල් නිසා මිසක් සල්ලි නැති නිසා හෙම නෙවේය. අපේ උන් වියදම් කර සොමි කරන්නේ උන් පට්ට ගෝත්‍රික වාදීන් නිසා මිසක් උන්ට සල්ලි තියන නිසා නෙමේය.

මේ ලඟදි දවසක රොටියා කාර්ගිල්ස් සාප්පුවට ගෑටුව වෙලාවක පත මයික්‍රෝ බස් එකක් එහෙම්පිටින්ම පැමිණ නැවත්තුවේය. බස් එක පිරි තිබුනේ පිටරැටියන්ගෙන්ය.කාර්ගිල්ස් සාප්පුවේ මැනේජර් තුමාගේ කට කනේය. ඔවුන් දෙතුන්දෙනා එක්කාසු වී බොහෝ වෙලා ෂොපින් කොට අවසානයේ වතුර බෝතලය බැගින් මිලට ගෙන යන්නට ගියෝය. ඔවුනතරින් එක යුවලක් අයිස් පලම් දෙක තුනක් මිලට ගත් අතර මහත දෙහෙත කාන්තාවක් කුඩා විෂබීජ නසන අත් ආලේපයක් රැගෙන යනවා දුටිමි.රොටියාට ඉදිරියෙන් උන් ලාංකික කාන්තාව මිලයට ගත් බඩුවල වටිනාකම අර ඔක්කොම විදේශිකයන් විසින් මිලයට ගත් බඩුමිලට වඩා වැඩි බව පෙනුණු නමුත් මැනේජර් තුමා ඇතුළු කෙලිත්තියන් ඔක්කොම චිකි බිකි ගගා දෙකට නැමුණේ සුදුහම ඉස්සරහාය. ඔය සියල්ලෝම පිටරටකට ගොස් තමන්ටත් එරටේ ඇත්තන්ගෙන් ඔයාකාර ගරු නම්බු ලබාගෙන පැමිණීම යෙහෙකිය.

විදේශිකයන්ට හොඳින් සැලකීම යහපත්, සදාචාර සම්පන්න පුරුද්දක් වන නමුත් පිටරැටියන් ඉදිරිපිට ලංකාවේ එව්වන් තමන්වම දෙකේ කොලේට දමා ගන්නේ ඇයිදැයි රොටියාගේ කුඩා මොලයට වැටහෙන්නේ නැත.මේ දිනවල සමාජ ජාල වල වේගයෙන් සංසරණය වන , සෆාරි රියදුරෙකු විසින් පිටරැටියන් කිහිප දෙනෙක් මගින් බස්සා යාමේ වීඩියෝවේ කැඩුණු ඉංගිරිසි වචන කිහිපයක් ඇසුණු පමණින්, අගක් මුලක් නොදැන ඒ රියැදුරාට පස් පඩන්ගුවේ බනින්නේ කුමන මිම්මක් මූලික කරගෙනදැයි සිතා බැලීම වටනේය.සමහර විට එහි අවසානයේ රියදුරා විසින් සංකේතාත්මකව දක්වන කුනුහරුපය අපේ සත්ගුණවත් අයියලාට දිරවා ගැනීම අමාරු නිසා වන්නටද පුළුවන

සමහර විට කොච්චර පණ්ඩිතමානි වන්නට දැඟලුවත් අපේ කස්ටිය තාමත් කොලෝනියල් මෙන්ටලිටි එකෙන් එලියට එන්නට බැරුව ඉන්නා නිසා වන්නටත් පුළුවන්ය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com18tag:blogger.com,1999:blog-4221251485429239263.post-82189390515364833192017-01-30T22:43:00.002-08:002017-01-30T22:43:34.403-08:00නෝටි කොල්ලෙක් වෙන්න එපා රන්ජා...

මෙතුවක් කාලයකට ලොම් හැලුණු බල්ලෙකුට වඩා වැඩි සතෙක් නොහිටි මහජන පුස්තකාලය ළඟ අද සූ ගා සෙනගය.සාන්ත, පීතර, කරෝලිස්, බණ්ඩා, මැගිලින් , සිරියාවතී වගේම එකදාස් නමසිය අනූ පහෙන් පසුව ගෙයින් එලියට බැස්සේ නැති බබුන් සීයාත් එතනය. එවැනි නෙත්කළු , චිත්තාකර්ශනීය දසුනක් දැක දැක නොදැක්කා සේ යෑම ඕපාදූපයට දෙයියෙක් වෙන රොටියාට අකැප දෙයක් වන බැවින් රොටියා ද සින් සින් ගා පුස්තකාලය ලඟට ලෑන්ඩ් කළේය.

පුස්තකාලය නං වහලාය. ජනතාව පේළි ගැසී ඉන්නේ රජයේ කාර්යාලයක් ඉදිරිපිටය. ඒ දුටු රොටියාට "හික්" ගෑවී, ඉස්මුරුත්තාවට වගේ ආවේය.වහා වහා රොටියාගේ පිහිටට ආවේ එකට පන්තියේ හිටි කිරිබණ්ඩාය.

කිරිබණ්ඩා: ඇයි බං ඉස්පොල්ලේ ගියාද?

රොටියා : දැන් හරි මචං. මොකෝ මේ පැත්තේ

කිරිබණ්ඩා: නෑ මචං මං මේ ඉඩමක පොඩි වැඩක් කරගන්න ආව

ඒ ඇසු රොටියාට කිරිබණ්ඩා ගැන පව් කියා සිතුනේය. කලකට පෙර රොටියාද ඉඩමක පොඩි වැඩක් කර ගන්න මේ ස්ථානයටම ආවා අද මෙන් මතකය.

කළු කමිසයක් හා සුදු කමිසයකින් සැරසී උන් අයෙකු එළියේ මේසයක් ළඟ වාඩි වී පත්තරක් බලමින් උන්නේය. ඒ මේසයේම පසෙක තව දෙන්නෙක් තේ හදමින් උන්නෝය. අවැසිතාව කියූ සැනින් පත්තර මහතා දකුණු අත දකුණට දික් කොට "අතනින් අහන්න " යයි කිවේය

"අතන" තිබුනේ පිළිගැනීම් කවුන්ටරයක් වගේ එකක්ය. එතැන කීප දෙනෙකු උන් අතර රොටියා සිය අවැසිතාව දෙවන වරට කියූ සැනින් "සාරියක්" ඇඳගෙන උන් නෝනා කෙනෙක් "සමන්තට(ප්‍රියන්ත වගෙත් මතකය)" අඬගැසූ කල, සමන්ත හෝ ප්‍රියන්ත පැමිණි කල කිසිත් නොකියා "බලන්න" යයි පමණක් කීවාය.ඉතින් රොටියාට ඒ සමන්තට හෝ ප්‍රියන්තට සිය කාරිය තෙවන වරටත් කියන්නට සිද්ද උනේය. ඉක්බිතිව ඒ සමන්ත හෝ ප්‍රියන්ත ඒ වැඩේ සඳහා යායුත්තේ කා ලඟටදැයි "උපසේන" මහතාගෙන් විමසු අතර උපසේන මහතා කන්නාඩි කුට්ටම යටින් බැලූ කල රොටියා සිව්වෙනි වරටත් සිය කාරිය පැහැදිලි කළේය.

ඊළඟට මොහොතක් කල්පනා කල උපසේන මහතා "නාමලී" මිස්ව විමසු අතර ඇය සිය දරුවා ගෙන එන්නට ගිය බව කියවුනේය. ඊළඟට "ඉන්ද්‍රානි" මිස් අද වරුවක් නිවාඩුය. "කල්‍යාණි" හිසරදයක් හැදී නිදිය. අන්තිමට ජයග්‍රාහිකාව වුයේ "නන්දාවතී" මිස්ය.

කොරිඩෝ වලත් පුටු මේස දමාගෙන වැඩ කරන ජනතාව වැඩ කරති. විස්සක් ඉන්න පුළුවන් තැන පනහකටත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවාය. වැඩ කරන්නේ නං දෙතුන් දෙනෙක් විතරය.

පස්වෙනි වරටත් සිය අවශ්‍යතාව නන්දාවතී මිස් හමුවේ පැහැදිලි කල රොටියාට අවශ්‍ය උපදෙස් නොපමාව ලැබුනේය. අවසාන කාරිය ලෙස රොටියා අයත් ග්‍රාමසේවක වසමේ ග්‍රාමසේවක කාර්යාලයට යායුතු බවට දැනුම් දුන්නේය.ඒ සඳහා නැවතත් රොටියාව පත්තර මහතා වෙත යොමු කරන ලද්දේය.

මේ වන විට සුළු කාලකන්ණි බවක් දැනී තිබූ රොටියා අදාළ කාරිය පත්තර මහතාට හයවෙනි වරට විස්තර කළේය (පත්තර මහතා එය ඇසුවේ දෙවන වරටය). ඒ වනවිට තේ කෝප්පයක් එහෙම බි පොඩි කික් එකකින් උන්නු නිසා පත්තර මහතා පෙරට වඩා හිතවත් කමකින් රොටියා සමග කතා බහ කරන්නට යෙදුනේය. රොටියාගේ ලගිනස්තානය පිළිබඳව විස්තර එකක් නෑර ලබා ගත් ඒ මහතා, අදාළ ග්‍රාමසේවක කාර්යාලය තියෙන්නේ පන්සල ළඟ බව සහතික කොටම කිවේය.

සතුටු සිතින් පන්සල ළඟ ග්‍රාම නිලදාරී කාර්යාලයට ගිය රොටියා දැනගත්තේ මේ "ඉහල" වසමට අයත් කාර්යාලය බවය. එතනින් අසාගත් මග සලකුණු ඔස්සේ රොටියා වතුර ටැංකිය ළඟ පිහිටි ග්‍රාමසේවක කාර්යාලයට ගිය අතර, එතනින් කියවුනේ මෙය "පහල" එක බවත් රොටියා අයිති වන්නේ මැද එකට බවත්ය.

කොහොමින් කොහොමින් හරි වරුවක් නිවාඩු දමා "මේ පොඩි වැඩේ ඉවරයක්" කරන්න හිතා උන් රොටියාට එදා දවසම නිවාඩු දාන්න සිද්ද උනා වගේම ඊළඟ දවස වන විටත් පැවතුනු බරපතල අන්දුන් කුන්දුන් තත්වය නිසා ඒ දවසත් ලෙඩ නිවාඩු දාන්න සිද්ද උනේය

ඉතින් මේ කිරිබණ්ඩා අද ඇවිත් ඉන්නේ රොටියා එදා කාපු පරිප්පුව පෝලිමේ ඉඳගෙන බෙදාගෙන කන්නය.මූ අම්බානෙක පව්ය

රොටියා: ඉතින් බන් මේ පොලින් වල ලැගගෙන ඉන්නේ නැතුව සෙනග නැති දවසක වරෙන්කො

කිරිබණ්ඩා:උඹ මගුලක් කතා කරනවා. මං සෙනග නැති දවස් කීයක් නං ආවද. උඹට කියන්න මට තාම ඉඩම තියෙන්නේ මොන වසමෙද කියල හොයාගන්න බැරි උනානේ

රොටියා: අද නං උඹට ඇතුලටවත් යන්න බැරි වෙයි මචං

කිරිබණ්ඩා:පිස්සු හැදෙයි. අද කී දෙනෙක් වැඩේ කරගෙන ගියාද. අද බැරි උනොත් නං සුම්මා තමයි

රොටිය: ඇයි බං. ඇමතිතුමා ඇවිල්ලද

කිරිබණ්ඩා: මගුලක් කියනවා. ඒ යකා චන්දෙන් පස්සේ ආගිය අතක් නෑ

රොටියා:එහෙනං අගමැති ඇවිත් ඇති

කිරිබණ්ඩා:ඇයි උඹ ඊයේ ප්රවෘත්ති බැලුවේ නැද්ද. මිනිහ රටෙත් නෑ

රොටියා:එහෙනං උඹ මෙහෙ වැඩක් කෙරෙන්නේ නෑ කියල පත්තරේ ලිපියක් දාන්න ඇති ටක්කෙටම. (නැත්තන් අපේ ජනාදිපති තුමාම එන්න විදියක් නෑනේ)

කිරිබණ්ඩා:පිස්සුද මචං. මෙතනින් ගිය මනුස්සයෙක් ආයෙත් විහිළුවටවත් මේකේ ලගින්න එයිද.

රොටියා: එහෙනං ඉතින් ඔෆිස් එකේ කට්ටිය දැන් හරියට වැඩේ කරනවා ඇති. හැමදාම මේවා එකවගේ තියෙන්නෙත් නෑනේ

කිරිබණ්ඩා:වැඩකරනවා නෙවෙයි බං. මුන් ටික අද ඉස්ට්‍රයික්. ඒ හින්ද මිනිස්සුන්ට ඔලුව බේරගෙන වැඩක් කරගෙන එන්න පුළුවන් දෙයියනේ කියල

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com5tag:blogger.com,1999:blog-4221251485429239263.post-21231099409234893932017-01-20T04:28:00.001-08:002017-01-20T04:28:12.722-08:00රොටි වර්ෂන් vs මල් වර්ෂන්
මල්:කෙල්ල අද චිකන් කළුවට උයල, ගොටුකොල සම්බෝලයක් හදල, අල තෙම්පරාදුවක් දාල පරිප්පු හොද්දක් හදල තිබ්බ. චිකන් වලට දාන්න ඕනේ එවෙලේම බැදගන්න පහේ ටිකක් කියල කෙල්ල දන්නවා. දුක් විඳගෙන මේ කාමර කෑල්ලේ තමාත් එක්ක වැටීගෙන ඉන්න කොල්ලට රෑට හරි හොඳට කන්න දෙන්න ඕනේ. හවස ගෙනාපු චොක්ලට් කේක් කෑල්ලක් එක්ක කෝපි ටිකක් බිබී අද ටිකක් රෑ වෙනකන් කතා කර කර ඉන්න කෙල්ල ආසයි.කොල්ල ගෙදර එද්දී දොර ලඟට එනවා කරියේ සුවඳ. කෙල්ල නැළවෙනවා කොල්ල වටේ. එහෙම සරුංගලේ වගේ ඉද්දි කොල්ලාට හරි ආසයි

රොටි:(ගෙදර එන රොටියාට පෙනෙන්නේ දුම්මල වරම අතට ගත්තා සේ කුස්සියට වී ඩෙඟා නටන ගෑණු ළමයාය. දැන් කැපූ කැරට් පොතුද, ලූණු පොතුද විවිදාකාරයේ කොළ වර්ග මෙන්ම හිස් සැමන් ටින් එකක්ද රොටියාගේ දර්ශන පථයට හමුවේ. තමන්ටත් සැමන් කෑල්ලක් හෝ ලැබේ යයි බලාපොරොත්තු සහගතව නෙත් දල්වාගෙන ඉන්නා බලුවාද එහේ මෙහෙ පනිමින් රොටියාගේ ඇඟටද පනිමින් සිටින්නේය)

ගෑණු ළමයා: රොටියා ඔන්න ඔයා කැමති හින්ද නූඩ්ල්ස් හදල සැමන් හදල පරිප්පු තෙල් දැම්මා. ඇඟ හෝදලා කන්න. (එසේ කියා ඈ යකා සේ බාජන හෝදන්නට හැරෙයි.)

මල්:කොල්ල ඇඟ හෝදගන්න ගියා. බාල පයිප්ප කෑලි වලින් ආවට වතුර ටික රත්තරන් වගේ. කෙල්ල පැද්දී පැද්දී ඉන්නවා දොර ලඟට වෙලා සරමයි තුවායයි අරගෙන. කෙල්ලගෙන් එන ජැස්මින් සුවඳ තියෙන ෆේස් වොෂ් එක අරන් කොල්ල ඇහැක් ගහනවා. කෙල්ලෝ උනාම ඔහොම පුංචි පුංචි අඩුම කුඩුම එකතු කරන් ඉන්නවා. (මෙහෙදී මාසෙට විසිදහේ පඩියක් ගන්නා කොල්ලාගේ කෙල්ල හෙන බ්‍රෑන්ඩ් එකක පුංචි පුංචි කළමනා තියන් ඉඳීමේ විසාල සම්බාවිතාවයක් ඇත)

රොටි:හෝදමින් උන් බාජන ටික ඉල්ලන්නට ගොස් ගෑණු ළමයාගෙන් දෙකක් අසාගත් රොටියා හා බලාපොරොත්තු කඩවුණු බල්ලෙකු නාන කාමරයට යයි.රෙදි සෝදා වනා තිබෙනු දකින රොටියා රෙදි හෝදන සේෆ් මැටික් ගා බල්ලාව නාවයි. ඊට අමතරව කෝකටත් තයිලය වගේ සබන් කෑල්ලක් බාත්රූම් එකේ ඇත්තේය. ඒ රොටියාට හා ගෑණු ලමයාටය.

මල්:කෙල්ල දුන්නු සරම දාගද්දී කොල්ල ඇහැකුත් ගැහුව."චි වල් කොල්ලෙක්නේ මේ " කෙල්ල කියනවා. "මම මගේ ගෑණි ළඟ නැතුව එහා ගෙදර ගෑනි ළඟ වල් වෙන්නද" කොල්ලගෙත් හරි කට. දෙන්නත් එක්ක තුරුල් වෙලා වගේ කාමරේට එද්දී කෙල්ල ලස්සනට කෑම මේසයක් දාල තිබ්බ.කොල්ලාව මේසෙන් වාඩි කරවල , ලස්සන සුදු පෝසිලෙන් ප්ලේට් එකට කෙල්ල බත් බෙදන්න පටන් ගත්ත. "අනේ මගේ ගෑනි" කොල්ල ආදරේ උතුරන ඇස් වලින් කෙල්ල දිහා බලනවා."මගේ මහත්තයා හොඳට කන්න. කොල්ලෙක්ගේ බඩ පොඩ්ඩක් තිබ්බට කමක් නෑ" කෙල්ල කියනවා

රොටි: නාගෙන එන විට ගෑණු ළමයා කුස්සිය අස් කර ඉවරය. "කෝ කෑම පෙට්ටි දෙක" ඈ අසයි. රොටියා බෑගයෙන් කෑම පෙට්ටි දෙක ගෙන එයි. ඈ තේ හදන්නට වතුර එකක් ලිප තබා අර පෙට්ටි දෙක හෝදන්න හැරෙයි. ඒ අතරතුර රොටියා කෑම බෙදා ගනියි. උඳුනේ ඇත්තේ ලිප් දෙකක් පමණක් නිසා ඈ බොහෝ විට උයන්නෙ ව්‍යංජන දෙකකි. ඒවා බෙදාගෙන රොටියා කුස්සියේ මේසය මත ඉඳගන්නේ කුස්සියේ පුටු නැති නිසාය. තිබ්බොත් එහෙම කුස්සියේ එහෙට මෙහෙට යන්න වෙන්නෙත් පුටුව උඩින් පැනගෙනය."වැඩිය කන්න එපා. ඔයාගේ බඩ" ගෑණු ළමයා පොල්කටු හැන්දෙන් රොටියාගේ බඩට අනියි.

මල්: කාලා ඉවරවෙලා කෙල්ල චොක්ලට් කේක් කෑලි දෙකක් එක්ක කිරි කෝපි මග් දෙකක් ගෙනාව. කෙල්ල කේක් එක ගත්තේ රාජගිරියේ ෆැබ් එකෙන්. ඒකෙ තියෙන කේක් වල අයිසින් එකේ තියෙන ක්‍රීම් ගතියයි , කේක් එකේ සොෆ්ට් ගතියයි වෙන කොහෙවත් නෑ කියල ඇය දන්නවා. කේක් එක නිකන් මල් වගේ. ඈට හොඳට කිරි කෝපි හදන්න පුළුවන්. මේ කෝපි වර්ගය සාමාන්‍ය කඩවල නෑ. මේක තියෙන්නේ කොළඹ එකම එක තැනක විතරයි චුට්ටක් විතර ගණන්.

රොටි:"මාර වැඩේනේ රොටියා. තේකට කහට පොඩ්ඩක් වැඩි උනානේ" ගෑණු ළමයා විස්සෝප වෙයි. රොටියා ඈ සනසයි. ඊළඟට ඈ එදිනට ඈ විසින් අන්තර් ජාලය පීරා හොයා ගන්නා ලද කුමන හෝ කුණු ගොඩක් කියවන්න පටන් ගනියි. (කරන් ජොහාර් පොතක් ලියල... Dangal රිලීස් වෙලා...ඇම්ඩගේ කතාවක් තියෙනවා..)

මල්:[කොල්ලාට හා කෙල්ලට මුදල් ප්‍රශ්නයක් ඇත.ඒවා ලියන්න මට කම්මැලිය]ඔයා දන්නවද ඔන්න ඇමරිකාවේ හිටියා.. [කෙල්ල මෙහිදී ඇමරිකාවේ දුප්පතකුව හිඳ පසුව කෝටිපතියෙක් උනු මනුස්සයෙක් ගැන කොල්ලාට හෙන විස්තරයක් දිය යුතුය. කොල්ලා ඒ හැම දෙයක්ම හෙනටම ආසාවෙන් අහන් ඉන්නත් ඕනෑය.ඊළඟට කොල්ලාට පට්ට මොටිවේෂන් එකක් දැනෙයි.අවුරුදු විස්සෙන් විතර බැන්දාට කෙල්ලට සිරා ව්‍යාපාරික, සමාජීය දැනුමක් ඇත. ඉතින් කෙල්ල මොටිවෙට් වී ඉන්නා කොල්ලාට හෙට කරන්න ඕනෑ දේත් කියයි] දැන් මහත්තයෝ අපි හෙට ගිහිල්ලා බඩු ගෙනල්ල හදනවා මේ වගේ කේක්. නිකම්ම කේක් නෙමෙයි ස්වාසිලන්තේ ඉන්න චෙෆ් කෙනෙක්ගේ රෙසපි එකකට හදන්නේ. පිටකොටුවෙන් කේක් හදන්න බඩු ගන්න පුළුවන්.අපි මේ කේක් එකට දාන්න ඕනේ හොඳම බටර්. හොඳම සීනි. හොඳම බිත්තර. ඊළඟට අපි ගන්නවා පාවිච්චි කරපු අවන් එකක්. අනිද්දට අපි ගිහින් කඩවලට දානවා අපේ කේක්. දැන් බලන්න අපිට එක කේක් එකකින් රුපියල් සීයක් ලාබ තියාගෙන කිලෝ එක පන්සීයට දෙන්න පුළුවන්. මට පුළුවන් දවසට කේක් පනහක් හදන්න. එතකොට දවසේ ලාබෙ පන්දහයි. මාසෙකට අපිට ලාබෙ විතරක් තියනවා එක් ලක්ෂ පනස්දාහක්.[මුන් දෙන්නාට කේක් හදන අටෝරාසියක් බඩු ගන්න සල්ලිද කොහොම හරි ලැබෙන අතර, කේක් හදලා දෙනතුරු බලන් ඉන්න කඩහිමියන්ද ඇති බව ඔබ සිතා ගත යුතුය]

රොටි:රොටියා "හෙට වැඩට යන්න ඔයා ළඟ සල්ලි තියනවද." ගෑණු ළමයා අසයි. මාසයේ අගදී ලැබෙන පඩි දෙකම මුල් සති දෙකේ දියවී යන්නේ මහ පුදුමාකාර ලෙසය. සරලව කිව්වොත් රොටියාගේ බල්ලා මාසයේ අග සතියේ කන්නේ රෝයල් කැනින් ය. බොන්නේ ෆ්‍රෙෂ් මිල්ක්ය. ඊළඟ සතියේ ඌට ලැබෙන්නේ වතුර දමා තනුක කල ෆ්‍රෙෂ් මිල්ක්ය. කන්න ලැබෙන්නේ පෙඩිග්‍රී ය. ඊළඟ සතිය වන විට ඌ බත් කන්නට පුරුදු වෙන අතර සුදු පැහැති වතුර කෝප්පයක් බිමට ලැබෙයි. අවසාන සතියේ නම් ඌ බොන්නේ සීනි වැඩිපුර දැමු කහට තේය.

මල්:[කොල්ලා රක්සාවෙන් අස්වන්නට තීරණය කල බවද, හෙට සිට බිස්නස් එකට බහින බවද, ලබන මාසයේ කොහොම හරි වාහනයක් ගන්න බවද කියමින් හෙන සෙන්ටිමෙන්ටල් සින් එකක් යයි.] මගේ ගෑණි තමයි ගෑනි. කොල්ල කියන්නේ ඇත්තටමයි. ඔහුට මහ බලගතු හැඟීමක් දැනෙනවා පටන් ගන්න යන වැඩේ ගැන. ඒ විස්වාසේ තියනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. කොල්ල හිතන්නේ එහෙමයි. [ඊළඟට මුන් දෙන්නා ඇඳට යන අතර විලිසංගයක් තියෙන නිසා රොටියා ඒ කතාව මෙතනින් හමාර කරනවාය]

රොටි:"රොටියා එහෙනං මං හෝදගෙන එනකන් ඔයා ඇඳ අස් කරලා ගේ අතුගානවද" ගෑණු ළමයා අසයි. රොටියා එකඟ වෙයි. ඈ එනවිට රොටියා ඉන්නේ හතර වටේට මේල් යවමින්, හෙට මිටිමට ප්‍රසන්ටේෂන් හදමින්ය. ඈ ඇඳට වැටි පොත් කියවයි. සිය වැඩ නිමා කල රොටියා වහලයට මනමාල හිනා පා ලැපාව නිවන විට බල්ලා ඇඳට පැන හරි බරි ගැහෙන්නේ රොටියා හා ගෑණු ළමයාට මැද්දෙන්ය. පාන්දර වන තුරු ඌ බිමට බස්සනවාට වඩා ලේසියෙන් ඌට සිංහලෙන් කතා කරන්නට උගන්නන්න පුළුවන්ය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com15tag:blogger.com,1999:blog-4221251485429239263.post-89395554048300773682016-10-17T03:11:00.001-07:002016-10-17T03:18:51.948-07:00නෑයෝ!කිරිවත්තුඩුව මාමා ඔලුව වනන්නේ කටුස්සෙක් වගේමය. මාමාගේ නැන්දා නං ඉන්නේ එලෝ විකාරෙන්ය. දෙදෙනාම පැමිණ ඉන්නේ සීයාගේ දුක සැප බලන් යන්නටය. සීයා ඉන්නේ අපේ ගෙදරය. අනෙක් අතට අපි ඉන්නේ මහ ගෙදරය.ඒ නිසා මොකා ඇවිත් මොනවා කිව්වත් අහගෙන හිටිය යුතුය. නොනිල නිතිය එයය.

මාමා කියන විදියට සීයාට හරියට බෙහෙතක් වැටී නැත. නියම ශිල්පීය ක්‍රමයට තෙල් සාත්තුව කෙරී නැත. මගේ හා අයියාගේ මූණු මගහරිමින් හෙතෙම මෙසේද කියයි.

"ගෙදර ඉතින් තෙල් ගාන්න කෙනෙකුත් නෑනේ"

සීයාගේ ලොඹු කට හිනාවකින් ඔපවත් වෙයි.

"ජයසේන ළමයා තමයි හැමදාම රෑට තෙල් ගාල පුරාම තවන්නේ. මේ පියසේන ළමයා ගේන ටොනික් ජාති වලින් තමයි මං මේ තරමට හරි නැගිටලා ඉන්නේ"

අමතක වීමේ රෝගය තදටම ඇති සීයාට ඕවා ඔය තරමින් මතක තිබුනා ඇතිය. මෙතන ආච්චි නොහිටියේ වෙලාවටය. වෙන වෙලාවකට හෙම්බිරිස්සා අමාරුවකට වැඩි අමාරුවක් නැති අපේ ආච්චිට, මාමලා හෝ නැන්දලා ආපු වෙලාවට එච්චර කාලෙකට අපි කරපු කියපු කිසිම දෙයක් මතකයට එන්නේ නැති මහ පුදුමාකාර ලෙඩක් ඇත.

සීයාගේ කැමතිම මාතෘකාව ටොනික්ය. ඒ නිසා කතාව දිගටම අද්දන්නට හේ උත්සහ කරන්නේය.

"ගිය සුමානේද කොහෙද ටොනික් එකක් ගෙනාව , ඒකෙන් දෙවේලයි බිව්වේ . සුමානයක් කක්කුසි නොගිය මට කක්කුසි ගියානේ"

සීයාට මල බද්දය තිබුනේ දවස් දෙකක් පමණකැයි කියා ඒ කතාව නිවැරදි කරන්න අපේ ගෙදර කව්රුත් ඉදිරිපත් වෙන්නේ නැත.

නැන්දා තමුන් ගෙන ආ ඇඹුල් කෙහෙල් ඇවරිය දෙස හොර බැලුම් හෙලද්දී, මාමා පණ්ඩිතමානිව කියන්නේ ඔය එක එකා කියන ටොනික් එහෙම ආවාට ගියාට බොන්න හොඳ නැති බවය. ඒ කතාව අනුමත කරන්නේ දැන් සබාවට පැමිණ සිටින ආච්චිය.

ඒ කතාවට සීයාට පනින්නේ මල් බුරුතු පිටින්ය

"අනේ නොදන්නා ඉලව් නොකිය යනවා. මට කියන්නේ **ට තද කරන් ඉන්ඩ කියලද"

දැන් දැන් මේ කතාව යන දිසාව තමුන්ට අවාසිදායක බව මාමාට වැටහී යන නිසා හීන් සීරුවේ ට්‍රැක් පනින්නේය.

"දැන් ඉතින් ලොකු පුතා හැමදාම ඔහොම කොළඹ ගාටන්නද හිතන් ඉන්නේ. නරකද මේ පැත්තෙන් මොනවා හරි රස්සාවක් හොයා ගත්තොත්.

බහු ජාතික සමාගමක විදායක නිලදාරියෙකු වන අයියා හිනැහෙමින් කියන්නේ ඒ නං පංකාදු පහේ යෝජනාවක් බවය. මාමාගේ ජයට හිනැහෙයි.

ආරියදාස මහත්තය නං මාව හොඳට අඳුනනවා. මං කියල බලන්නකෝ. මහත්තය ලියන කියන වැඩ වලට හොද කෙනෙක් හොයල දෙන්න කියල මට ඊයෙත් කිව්වා.

පළාතේ ධනවතෙකු වන ආරියදාසගේ කොහු කම්හලේ රැකියාවක් පිළිබඳව සිහින දකිමින්දෝ අයියාගේ මුහුණ එලිය වැටෙයි. පුළුවන් උදව්වක් කර දෙන ලෙස හෙතෙම මාමාට පවසයි.

මාමා ඊළඟට හැරෙන්නේ මගේ පැත්තටය. මම නොන්ජලේට හිනැහෙමි

"ඈ පොඩි පුතේ. දැන් ඔය විදියට හැමදාම ගෙදර ඉඳල හරියනවද"

ස්වාධීන විදුලි කාර්මික ශිල්පියෙකු වන මම අසුනේ කෙලින් වෙමි. මම දහ අතේ රැකියාවක් හොයමින් සිටින බව පවසන විට මාමා රැල් බුරුල් හරී.

"ඕක තමයි කියන්නේ. කැම්පස් යතත් හරි එකකට යන්න ඕනේ. දැන් අපේ දුව ගැනම බැලුවොත් එයාට ඕනේ වෙලාවක තිස් හතලිස් දහක රස්සාවකට ගියෑකි. මේ ළමය අර පොඩි එකා හින්ද ගෙදර ඉන්නවා මිසක්"

මාමා ඊළඟට ආඩම්බරෙන් හිස කෙලින් කරන් මෙහෙම කියයි.

"කොල්ල නං තව අවුරුදු දෙකෙන් දොස්තර . දැන් ටිකක් වියදම වැඩියි තමයි. ඒත් ඉතින් ඌ ගොඩ කියන්නේ අපිත් ගොඩනේ"

මාමාගේ පුතාව සිහි වීදෝ තාත්තාගේ මුහුණ සෙනෙහසින් පිරෙයි.

"කොච්චර දෙයක් ද පවුලක දොස්තර කෙනෙක් ඉන්නවයි කියන එක. අපේ දෙන්නම කළේ මැත්ස් නේ"

මාමා කටහඬ පහත් කර සීයාට නොඇසෙන ලෙස මට කියන්නේ තාත්තාගේ සල්ලි නහත්ති කර කර සීයාට ලොවෙත් නැති ටොනික් ජාති ගෙනත් දීම අනවශ්‍ය වැඩක් බවය. තමුන්ගේ වෙන්න දොස්තර පුතා කියන හැටියට ඔය තෙල් බේත් වලින් වෙන්නේ ලෙඩාගේ හිත හැදෙන එක විතරය. ටොනික් කියන්නේ සල්ලි මරුවෝය. ඒවායින් හොඳ වෙන ලෙඩක් නැත්තේය. මවුපියන්ගේ උනත් සල්ලි නාස්ති කිරීම නරක වැඩක්ය

තාත්තා නගන හීන් හිනාව තමුන්ගේ කතාව අනුමත කිරීමක් ලෙස හිතා ගත් මාමා ප්‍රීතියෙන් ඔද වැඩෙයි.

ඊළඟට අම්මා දෙසට හැරෙන මාමා බැගෑපත් මුහුණක් දාගෙන පවසන්නේ තමා පැමිණියේ පොඩි අතමාරුවක් ඉල්ලා ගන්න එක්කත් එක්ක බවය.

අම්මාට බාධා කරමින් කාරයක් පැමිණ අපේ මිදුලේ නවත්වයි.එයින් බසින්නේ හිරිමල් කෙලිත්තියකි. ආච්චිගේ මුණ දෙක වෙයි.

හැමෝටම පෙර පැනගෙන කතා කරන්නේ මාමාය.

"මේ ආරියදාස මහත්තයාගේ දුවනේ. මොකෝ බේබි මෙහෙ"

තමා පැමිණියේ "සර්ව " මුණගැහෙන්න බව කෙලිත්තිය කියයි. මාමා කුතුහලයෙන් දිවිනසාගන්නට පෙර අයියා ඉදිරිපත් වෙයි.

"ඇයි උපේක්ෂා හදිස්සියේ"

"හෙට මට එන්න වෙන්නේ නෑ සර්. මම අර ඩොකියුමන්ට්ස් ටික සර්ට දීලා යන්නයි ආවේ" අයියා ලිපිගොනුව පිරික්සන අතර ඈ මදෙසට හැරෙයි.

"මේ දුව වැඩ කරන්නෙත් ලොකු පුතා වැඩකරන කොම්පැනියෙම තමා" අම්මා නැන්දාට පහදයි

"අයියේ අපේ මොලේ වැඩේ ඉතුරු පේමන්ට් එක තාත්තා දෙන්න කිව්ව. ගැනල ගන්න"

මම සල්ලි ටික ගන්නේ ඒ සුදු අත අතගාගෙනමය. ඈ මට ඔරවයි

අමුත්තන් සිටින බැවින් ඈ වැඩි වෙලාවක් නොරැදී යන්න යයි. ඊට පෙර පවුලේ උදවියට කතා කර ලකුණු ටිකකුත් දා ගනී. අයියා තමුන් සියල්ල දන්නා බැල්ම හෙලමින් මදෙසට මනමාල හිනාවක් පා කරයි.

මම සල්ලි ගනිමින් ගෙතුලට එන ගමන් මාමා ළඟ නැවතෙමි.

"මාමට කීයක්ද ඕනෙයි කිව්වේ"

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com13tag:blogger.com,1999:blog-4221251485429239263.post-7801618514885380142016-09-20T23:38:00.000-07:002016-09-20T23:38:00.382-07:00රොටියා හා ගෑණු ළමයාගේ බබ්බුරොටියාගේ ගෑණු ළමයා මේ දිනවල බේබි සිටින් කරනා බැවින් පට්ට බිසීය. කසාදෙන් පහුවදා සිටම ගෑණු ළමයා විසින් රොටියා බබාව සිටින් කරන්න පටන් ගත් එක වෙනම කතන්දරයක් බව ඇත්තය. නමුත් මේ බේබි සහමුලින්ම පොඩි එකෙක් හෙවත් ඊයේ පෙරේදා මෙලොව එලිය දුටු එකෙකි. ඒකා ගෑණු ළමයාගේ අයියාගේ පොඩි එකාය.

කාලාන්තරයකට පෙරාතුව නං රොටියා හිතා උන්නේ දෙන්නෙක් කසාද බැන්දයින් පසුව කාන්තාවගේ බඩ ලොකුවී බබා ලැබෙනා බවය. ඊටත් පසුව ටිකෙන් ටික අදාළ සබ්ජෙක්ටුව මීටර් වන්නට යෙදුනු අතර බබෙක් ලැබීම යනු සාමාන්‍ය දෙයක් නොව තඩි ගිනි විජ්ජුම්බරයක් බව දැනගත්තේ මේ කියන අයියාගේ බබා නිසාය.

කසාදයෙන් පසුව අහල පහල දන්නා කියන එවුන් සියල්ලෝම කන් දික්කරගෙන , ඇස් දොට්ට දාගෙන බලන් ඉන්නේ මුන් දෙන්නාට බබෙක් හම්බෙන්නේ කවදාද කියාය. උන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරමින් හා හා පුරා කියා කෙලිත්තියට බබෙක් ලැබෙන්න ආ කල රටේ නැති දොස්තරවරු, නර්ස් නෝනලා, වින්නඹු අම්මලා ඔබ ඉදිරියේ ප්රාදුර්භූත වනු ඇත්තේය. උන්ගෙන් ගැලවී ඔබට අවශ්‍ය ඩොකෙකු හමුවීමට තරම් ඔබ වාසනාවන්ත වූවා නම් ඊළඟ ප්රශ්නය ඩොකාම විය හැක්කේය. අපහාස නීති ගැන දැනුමක් නැති හෙයින් මේ පිළිබඳව අයියා දුන් ෆුල් ස්ටෝරිය මෙහි ලියන්නේ නැත්තේය. ඒ සම්බන්දව අත්දැකීම් ඇත්තෝ විමසා බලත්වා!

බබා ලැබෙන තුරු අහල පහල එව්වන් හලන විසබිජයන්ගෙන් ඔබේ කෙලිත්තියගේ ඔලුව බේරා ගැනීමට වෙනම නැටුමක් නටන්නට සිද්ද වෙනවා ඒකාන්තය.

"මං දන්න කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි බයික් එකේ ගිහින් ඇබෝෂන් එකක් උනා"

"මගේ පලවෙනි බබා හම්බෙන්න ඉද්දි ප්‍රෙෂර් ඇවිත් බබා නැති උනා. මාස අටයි"

"ඔයාට වැඩ කරන තැන හරි ස්ට්‍රෙස් නේද"

"කෝ ඔයාගේ බඩක් පෙන්නේ නෑනේ. බබා පොඩිද දන්නේ නෑ"

"රෑට ඇහැරිලා බලන්න බබා දඟලනවද කියල"

ඔන්න ඔයාකාර කතා ලතාවන්ගෙන් ඔබට සොපිගේ ලෝකය දැකිය හැකි වන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔබට ගෑණු ළමයාගේ අදෝනා, විකාරරූපි හැසිරීම් ඉවසා වදාරන්න සිද්ද වෙනවා සේම රෑ මැද විටෙන් විට ඇයට උනදැයි බැලීම, ප්‍රෙෂර් බැලීම ආදී සෞඛ්‍ය සේවාවන්හිද නිරත වන්නට සිද්ද වන්නේය. සෑම කළු වලාකුලකම රිදී රේඛාවක්ඒ ඇතැයි කීවාක් මෙන් ඒ මැද්දෑවේ විවිදාකාර කෑම බීම ජාති ඇටි හැලෙන්නට දෙසා බාන්නට ඔබට අවස්තාව ලැබෙනු ඇත්තේය.

ඊළඟට එන්නේ බබා ලැබෙන ආකාරය තීරණය කිරීමේ වෙලාවය. අම්මාට , නැන්දම්මාට, නැන්දාට, කිරි අම්මාට එය තීරණය කරන්නට නොදී, සැබෑ පිරිමියෙකු ලෙස එය ඔබේ ගෑණු ළමයාට වෙද්‍ය උපදෙස් මත තෝරාගන්න ඉඩ දීම ඔබ සතු කාරියකි.

අලුත උපන් බබ්බු පට්ට හුරතල් යයි දකින දවල් හීන බබා අතට ලැබුණු කල හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යනවාය. ඔබේ අතට ලැබෙනුයේ ඇඟ පුරා රැලි වැටුණු, රෝස පාට නලියන දගලන, කෑගහන පොදියකි. ඒ රැලි දිග හැරී, ඔබේ බබා හුරතල් බබෙක් ලෙස කල එලි බහින්නේ දවස් හතර පහකට පසුය. ඒ නිසා අලුත උපන්බ බා දැකපු ගමන් අනෙක් උන් කියන කතා ඒ කනෙන් අසා මේ කනෙන් පිට කල හැක්කේය.

ඒ කඩයිම සාර්ථක ලෙස පසුකල පසු කිරිඅම්මාවරු රංචු පිටින් ලෑන්ඩ් කරන්නේ ඔබේ කෙලිත්තිය වටාය.

"මව්කිරි දෙන්න මාස හයක්වත් යනකං. වෙන මුකුත් දෙන්න එපා"

තම ළමයා ඉපදී සතියකින් දවස් පහක ෆොරින් ටුවර් එකක් ගිහින් ආපු සෝබනී මෙහෙම කියයි

"මම නං ළමයා ලගින් හෙල්ලුනේ නෑ මාස හයක් යනකං"

ළමයා ලැබෙනකන් දහඅට පාලිය නටා ඊළඟට ළමයාව ගෙඩිපිටින් සිය මවගේ කරේ ගසා උන් කමනි කියන්නේ මෙහෙමය.

"මම නම් ළමයගේ ඔක්කොම වැඩ කරගත්තේ තනියම. මට ඉතින් උදව්වට කවුරුත් හිටියේ නෑනේ"

මාස පහෙන් පාචනය වැළඳී පොඩි ඒකාව නවලෝකේ සුමානයක් තියන් උන් සෝමදාස තම ඇඹේණිය සුද්ද කරන්නේ මෙහෙමය.

"හම්මෝ මෙයා නං පොඩි එකාට මැස්සෙක්වත් වහන්න දුන්නේ නෑ. දවසට දෙපාරක් පොලව ඩෙටෝල් දාල මොබ් කළා" එතකොට සෝමදාසගේ ඇඹේණිය ආඩම්බරකාර හිනාවක් පානු ඇත්තේය.

මාතෘ නිවාඩු ඉවර උනු වහාම පැය දොළහක සේවා මුරයට ගොස් අතිකාල වැඩද කොට ගෙදර ආ සුගුනවති මෙසේ කියයි

"මම නං මාස හයක් නෙවෙයි , අටක්ම දුන්නේ මව්කිරි විතරයි"

කෙටියෙන් කිවහොත් ඔබේ බබා බලන්න එන ඈයන්ගෙන් සියයට අසුවක් , අනූවක්ම සිය උත්සහයෙන් , වැර විරියෙන් , මව්කිරෙන් පමණක් සිය ළමයි සන්තර්පණය කල වීර මව් පිය වරුන්ය.

බබාට මව්කිරි මදි නම් මුණගැසිය යුත්තේ දොස්තර මහතාවය. පිටිකිරි දෙන්න ඕනෑ තැනේදී , ඔය මොලේ කොලොප්පන් වුනු ගෑනුන්ගේ කතා අසා ගෑණු ළමයාව හූර හූරා මව්කිරි දෙන්න විරිය කිරීමෙන් දුක්විදින්නේ ඔබේ බබා හා ගෑණු ළමයාය.

බඩපිරුනු පොඩි එකෙකු එකම හුරතල් ලෝකයකි. චූ හෝ අනිත් එක සම්බන්දව බයක් නැති රොටියාට මේ බබා මරුය. පොඩි එකා උනාට ඌ මස්සිනා මෙන්ම ගල් ආදෙකි. අඬන්නේ නේ නම් රොටියාගේ ගෑණු ළමයා මෙන්ම ගිරිය උලුප්පාය. හිනා වෙද්දී ඌ රොටියා වගේ යයි හිතන්නට රොටියා කැමතිය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com23tag:blogger.com,1999:blog-4221251485429239263.post-5425185427317854712016-09-13T03:27:00.002-07:002016-09-13T03:27:50.524-07:00සැම්සන් මියගියේ කොහොමද?? - IIසති දෙකක් තුල එකතු වූ සියලුම සාක්ෂි සලකා බැලූ මල්වැන්න දෑස් පියාගෙන වමතේ දබර ඇඟිල්ලෙන් සිය නළලට තට්ටු කරගනිමින් සිටියේය. ඔහු ඉදිරිපිට අසුන් ගෙන උන්නේ ටවුමේ පුවත්පත් විකුණන සුසිරිපාලය. නැතහොත් රහස්පරීක්ෂක පුලස්තිය.

පුලස්ති සොයාගෙන තිබූ විස්තර වලට අනුව සැම්සන් සාධාරණව ව්‍යාපාර කටයුතු කරගෙන හිඳි අයෙකි.

"මිනිහගේ තාත්තල එහෙම වැඩිය ප්‍රසිද්ද මිනිස්සු නෙවෙයි. මෑන් උනත් මුලින් මුලින් බොහොම අමාරුවෙන් බිස්නස් එක ගැටගහගෙන දැනට අවුරුදු පහකට විතර කලින් තමා තැනකට ඇවිත් තියෙන්නේ. බොහොම හොඳ මිනිස්සු උනාට කා එක්කවත් ලොකුවට ආශ්‍රය කරලා නැහැ"

මල්වැන්න හිස සැලුවේ යමක් වටහා ගත් ලෙසය.

"අයිසේ මට මෙතන පේන ගැලෙපෙන්නේ නැති එකම දේ තමයි ෆ්‍රිජ් එක"

පුලස්ති මල්වැන්න දෙස බැලුවේ විස්මයෙනි.

"දෙන්නෙක් ඉන්න ගෙදරකට තනි දොරේ ෆ්‍රිජ් එකක් උනත් ඇති. මේ මිනිස්සු හුණ්ඩුවක් විතර කුස්සියක පතන්දර ෆ්‍රිජ් දෙකක් තියාගෙන ඉන්නවා. එකක් පරණයි කිව්වට ඒ හැටි පරණ එකකුත් නෙවෙයි. මට සැකයි ඔය ගෑනි මිනිහව මරල ෆ්‍රිජ් එකේ ඔබාගෙන හිටියද කියල"

"මල්වැන්න කියන්නේ මේ ගෑනි මිනිහව මරල , ඊළඟට ෆ්‍රිජ් එකක් ගෙනල්ල ඒකට මිනිය දාල මාස ගානක් ගියාට පස්සේ ඔය ඇක්සිඩන්ට් එක සෙටප් කළා කියලද"

"නෑ නෑ. ගෑනි මිනිහව මරන්න හිතාගෙනම මොකක් හරි බෝලයක් බස්සල අලුත් ෆ්‍රිජ් එකක් ගේන්න ඇති. වෙලාව ආවම ගානට වැඩේ දෙන්න ඇති"

පැහැදිලි සාක්කියකින් තොරව සාමාව අත්අඩංගුවට ගත නොහැක. එයට සුදුසු වෙලාවක් පැමිණෙන තුරු බලා සිටිය යුතුය.

මල්වැන්න පැමිණෙන විට සාමා සහ එතනා සිටියේ නිවසේ තීන්ත ආලේප කරමිනි.

"මහත්තයාගේ තුන්මාසේ දානේ හොඳට දෙන්න හිතුව ඉන්ස්පෙක්ටර්" සාමා පැවසුවේ මල්වැන්නගේ නෙතින් නැගුනු ප්රශ්නය විමසීමටත් ප්‍රථමවය. ඒවන විට ඔවුන් සාලයත් , කාමර කිහිපයකුත් සුදුපැහයෙන් පිරියම් කොට තිබුණි. සාලයේ ගෘහභාණ්ඩ බොහෝමයක් එලියට දමා තිබු අතර ඒවා කාට හෝ දී අලුතෙන් ගෘහභාණ්ඩ මිලදී ගැනීමට තමා අදහස් කරන බව ඈ වැඩිදුරටත් කීවාය.

"පුලස්ති, මේ ගෑනිගේ වැඩ පිළිවෙල එන්න එන්නම සැකයි. මට හිතෙනවා දැන් අපි බලාගෙන හිටියා හොඳටම ඇති කියල. අපි හෙටම ගිහින් ගෑනිව ගෙනත් කට උත්තරයක් ගන්න ට්‍රයි කරමු"

මල්වැන්නට පසුවදා සැම්සන්ගේ නිවසට යාමට සිදු වූයේ බලාපොරොත්තු වූ ලෙසින් ම නොවේය.

"සර්, සැම්සන් මහත්තයාගේ ගෙදර තව මර්ඩර් එකක් වෙලා" පාන්දරින්ම ලැබුණු ආරංචිය හමුවේ මල්වැන්න තුෂ්නිම්භූත විය.

"කව්ද , සාමා නෝනද"

"ඒක නං පැහැදිලි නෑ සර්. අපි එතෙන්ට පොලිස් ආරක්ෂාව දාල තියෙන්නේ". පිළිතුර ලෙස දරුණු කුණුහරුපයකින් සංග්‍රහ කල මල්වැන්න, මියගොස් තියෙන පුද්ගලයාව පැහැදිලිව අඳුනා ගත නොහැකි ඔවුන්ගේ ආරක්ෂාව පාශ්චාත් බාගයට ලබාදෙන බව පැවසු විට ඇමතුම ලබාදුන් තැනැත්තා මද වෙලාවක් නිහඬව සිටියේය.

"සර් මරල දාල තියෙන්නේ සැම්සන් මුදලාලිව!"

සාමා කෙළිලොල් ලෙස මල්වැන්න දෙස බලා හිඳ දඟකාර ලෙස සිනාසුනාය.

"ඌ ඉවරයි. මගේ ජිවිතේ කාලකන්නි කරපු ඌ ඉවරයි"

ඒ සමගම ඒ අසල උන් එතනා සාමාගේ ගෙල වෙත පැන්නේ කොටියෙකු ගොදුර වෙත පනින ලෙසින්මය. වහා ක්‍රියාත්මක උනු මල්වැන්න එතනාව රඳවා ගැනීම පොලිස් කාන්තාවන් කිහිප දෙනෙකුට බාර කළේය.

"උඹව මට අහුවුනේ නෑ. නැත්තන් උඹටත් ඌත් එක්කම යන්න තිබ්බා" සාමා ගිගුරුවේ තවමත් හති හලමින් සිටින එතනාටය.

"මිසිස් ගජධීර කරුණාකරලා ඔයාගේ කතාව කියන්න. වෙලාව ඕනේ තරන් ගන්න" මල්වැන්න පැවසුවේ කරුනාවෙනි. නීතියෙන් අපරාධකාරියක් වුවාට සාමා සතුව කතාවක් ඇති බව ඔහුට වැටහුනේ පලපුරුද්දෙනි.

"කරුණාකරලා ඒ බල්ලගේ නමින් මට කතා කරන්න එපා ඉන්ස්පෙක්ටර්. මම සාමා රණවක"

"රණවක කියන්නේ ඔයාගේ පලවෙනි හස්බන්ඩ්. මට වැරදිලා නැත්නං"

"ඔව් ඉස්පෙක්ටර්. මගේ පලවෙනි හස්බන්ඩ් නෙවෙයි. මගේ එකම හස්බන්ඩ්"

"ඒ කියන්නේ.." මල්වැන්නට සිය ප්රශ්නය අසන්න නොලැබුණේය.

"කරුණාකරලා බාධා නොකර මගේ කතාව අහගන්න.ඊට පස්සේ ඕනේ තරන් ප්‍රශ්න අහන්න"

"නිසල් එක්ක යාලු වෙනකොට මට වයස දහනවයයි. නිසල්ට විසිතුනයි. අනුරාධපුර ටවුමෙනුත් හැතැම්ම ගානක් දුරින් තිබුණු අපේ ගමේ කවුරුත් වැඩිපුර ඉගෙන ගත්තේ නැහැ. අම්මලාගේ කැමැත්තෙන් අපි දෙන්න බැන්දා. අපේ අම්මල තාමත් ඉන්නේ ඒ ගමේ. මේ ගෑනි කිව්වේ පට්ටපල් බොරු. අපේ පවුලේ අයට පිටරට යනවා තියා එදා වේල කන්නවත් නැහැ.

බැන්දයි කියල නිසල්ට හරිහමන් රස්සාවක් තිබ්බේ නැහැ. ඒත්එයා පොඩි පොඩි කුලී වැඩ හොයාගෙන කරලා මාව සංතෝසෙන් තිබ්බා. අපි දෙන්නට බැඳලා අවුරුද්දෙන් පුතෙක් හම්බුනා. අපි දෙන්න පොඩ්ඩ පොඩ්ඩ ඔලුව ඉස්සුවා. මම ගෙදර ඉඳන් මැහුවා. නිසල් වත්තක් බද්දට අරන් එළවලු වැව්වා. කොහොම හරි අපි දෙන්නා පොඩි ගේකට අත්තිවාරමකුත් දාගත්තා." ඒ අතීතය සිහි කරන්නට දෝ සාමා දෑස් පියාගෙන මද වෙලාවක් උන්නාය. මල්වැන්න ඇයට බාදා කළේ නැත.

"එතකොට පුතාට මාස හයක් ඇති. දවසක් රෑ අපේ ගේ ඉස්සරහ වාහනයක් කැඩුනා. නිසල් ගිහින් ඒ වාහනේ හදන්න උදව් කළා. මම තේ හදල දුන්නා. සැම්සන් කියන බල්ලව අපි දෙන්නා මුලින්ම දැක්කේ එදා තමයි.

එදා රෑ විස්තර කතා කරද්දී සැම්සන් කිව්ව එයා සතියකට සැරයක් බිස්නස් වලට අපේ පැත්තට එන නිසා නිසල්ගේ එළවලු කොළඹ ගේන්න උදව් කරන්න පුළුවන්ය කියල. සැම්සන්ගේ වාහනේ කඩන්න ඇත්තේ දෙයියෝ වෙන්න ඇති කියල අපි එදා කතා උනා..

ඔය විදියට සැම්සන් සතියකට පාරක් අපේ ගෙදර ආව ගියා. දවසක් නිසල් නැති වෙලාවක ආව. එදා මට මිනිහගේ කතා බහ ඇල්ලුවේ නැහැ."

"මාස දෙකකට පස්සේ සැම්සන් ඇවිත් මට පැනල යන්න කතා කළා. මම ඌව පැන්නුවේ කොස්සෙන් ගහල. එදා මම නිසල්ට කිව්ව සැම්සන් එක්ක ගනුදෙනු ඔක්කොම නවත්තන්න. ඒ මිනිහ ගෙදරකට වැද්ද ගන්න හොඳ මනුස්සයෙක් නෙමේය කියල.ඒත් ඒ වෙද්දී අපි දෙන්න සර්පයා ගෙට දාගෙන ඉවරයි"

"එයින් සතියකට පස්සේ නිසල් ඇක්සිඩන්ට් උනා. හොඳ වෙලාවට ලොකු තුවාලයක් උනේ නෑ

සැම්සන් ආපහු ආවේ මාස එකහමාරකින්. තනියම නෙවෙයි. උගේ ගෝලයෝ දෙන්නෙකුත් එක්ක. උන් මගේ මුණට ලේන්සුවක් තිබ්බ විතරයි මට මතක. සිහිය ආවේ දවස් දෙකකට පස්සේ

ඒ බල්ලා කිව්ව මම හිතන් ඉන්නවට වඩා බොහොම දේවල් එයාට කරන්න පුළුවනි. නිසල්ව ඇක්සිඩන්ට් කලෙත් එයා. මම දඟලන්න ආවොත් නිසල් විතරක් නෙවෙයි අපේ පවුලේ හැමෝම මරල දානවය කියල. ඊට කලින් මරපු මිනිස්සු ගැනත් හෑල්ලක් දෙඩෙව්වා" මෙහිදී සමා ඉකි බිඳිමින් හඬන්න පටන් ගත් අතර මල්වැන්න ඉවසිල්ලෙන් බලා උන්නේය.

"අන්තිමේ මම ගේ ඇතුලේ හිර කාරයෙක් උනා . සැම්සන් මේ ගෑනිව මුල ඉඳලම තියන් හිටියා. මට වද දෙද්දී මේ ගෑනිත් හරි හරියට හවුල් උනා" සාමා කිව්වේ එතනාව දක්වමිනි. කුරිරු ලෙස සිනාසුනු එතනා සාමා දෙසට කෙල ගැසුවාය.

"මට ඉන්න උනේ සැම්සන් කියන බල්ලා කියන විදියට. ඌ ලෝකෙට පේන්න හොඳ මිනිහ වෙලා මාව නරක ගෑනි කළා. සැම්සන්ගේ පවුලේ කාලකන්ණි ටිකත් ඌටම ගැලපුනා.

ඌ මාව යන හැමතැනම අරන් ගියා. ඌ දැනන් හිටියා පවුලේ අයට කරදරයක් වෙයි කියන බයට මං ඌ කියන ඕනේ දෙයක් කරන බව.

අවුරුදු ගානක් ගියා. ඌ මං ගැන හොයන එක ටික ටික අඩු කරා. ඒත් මට තනියම කොහෙවත් යන්න, ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබ්බේ නෑ.

දවසක් කොළඹ ගිය වෙලාවක පිටකොටුවේදී මම අපේ ගමේ සමන්ති අක්කව දැක්කා. සැම්සන් උගේ බිස්නස් වැඩක් ගැන කතා කරද්දී මම සමන්තිට පේන්න ළඟ කඩයකට ගියා. එයා මාව දැකල පුදුම වෙලා මගේ පස්සෙන් ආව. මම දැනන් හිටියා මට විනාඩි දෙකකට වඩා නෑ කියල. ඒ කඩෙන් කොලේකුයි පෑනකුයි ඉල්ලගෙන මං දැන් ඉන්න තැන ලියල එයාට දුන්න. මං එකේ ලිව්වා බැරිවෙලාවත් මාත් එක්ක කතා කරන්න එපා. පුළුවන් තරන් ඉක්මනට මෙතනින් යන්න කියල. එයා යනවත් එක්කම සැම්සන් ආව. මට කුණුහරුපෙන් බැන බැන ඇදන් ගියා වාහනේට.

ඊළඟ දවසෙම නිසල් ආව මාව හොයාගෙන. සැම්සන් ගෙදර හිටියේ නෑ. එයා මේ ගෑනිටත් දෙකක් දීලා මාව එක්කගෙන ගියා. එතකොටයි මං දැනගත්තේ මාව ගෙනිච්ච දවසේ මේ කාලකන්නිය මං ලියන විදියට ලියුමක් ලියල තියල ගිහින් තිබිච්ච බව. ඒකෙ තිබ්බේ මම කැමැත්තෙන් සැම්සන් එක්ක යන හින්ද හොයන්න එපා කියල. ඒත් සැක හිතිච්ච නිසා නිසල් පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මලු

අපි දෙන්න ගිය ත්‍රිවිල් එක මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකට දාන්න හම්බුනේ නෑ, සැම්සන්ගේ නරි ටික අපිව වටකරගත්තා.උන් හිතන්නවත් බැරි වේලාවකදී අපිව වෑන් එකට දා ගත්තා.

සැම්සන් කියන නරියා නිසල්ව මැරුවේ මගේ ඉස්සරහ තියාගෙන. මම ඒ කාලකන්නියට කොච්චර නං සාප කලාද?

ඊළඟට ඌ කිව්ව මගේ පුතා ගැන හිතල කැමති දෙයක් කරන්න කියල. එලියට බැහැල යන්න පුළුවන් හැබැයි පුතාගේ මළගෙදරට කියලත් කිව්ව.

ඊට පස්සේ මේ ගෑනියි මිනිහයි එකතු වෙලා ඔක්කොම ප්ලෑන් කළා. ඒ වෙද්දී පවුලේ පවුලේ එවුන් මරාගෙන හිටිය හින්ද සැම්සන්ට ලංකාව එපා වෙලා තිබ්බේ. ඌට ඕනේ උනේ මාව මිනීමැරුමට පටලල රට පනින්න. ඌව මරපු මිනීමරුවා විදියට පොලිසිය මගේ පස්සේ පන්නනකොට මම රට ගියාම මට ආයේ කවදාවත් ලංකාවට එන්න බෑ

මම මුන්දෙන්න කියන විදියට හැමදේම කළා මගේ පුතා ගැන හිතල.ඒත් අද මගේ වෙලාවත් ආව.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com7tag:blogger.com,1999:blog-4221251485429239263.post-59806172517085222542016-09-11T21:27:00.000-07:002016-09-11T21:33:13.573-07:00සැම්සන් මියගියේ කොහොමද....??සෙනෙවිරත්න සිය මෝටර් රථය අධිවේගී මාර්ගයෙන් කොළඹට ඇතුල් කළේ සතුටු සිතෙනි. පාන්දර නිසා වාහන තදබදයක් නැත. වෙනදාට සිදුවන ලේ රත්කරගැනීම් වලින් තොරව අද උදේ පැවැත්වෙන දානමය කටයුත්ත සඳහා සහබාගි විය හැකි බව ඔහු කල්පනා කළේ සැහැල්ලුවෙනි.

බොරැල්ල හන්දියේ ලා අඳුර කපාගෙන දිස්වෙන කහපැහැ ආලෝකය කුමක්දැයි විමසිලිමත් වූ හෙතෙම දුටුවේ එය විසල් ගිනි ජාලාවක් බවය. එය මිනිත්තු කිහිපයකට පෙර පහන් කණුවක ගැටුණු ජීප් රථයක් බවට නිසැකය. සෙනෙවිරත්න සිය රථය අයිනකට කොට නවත්වා එදෙසට යන විටත් පොලිස් නිලධාරින් කීප දෙනෙකු ඇතුළු ප්‍රදේශවාසින් ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගනිමින් සිටියහ.

ජීප් රථය දුටු සෙනවිට අධිවේගී මගෙහි තමන්ව පසුකරමින් ගිය කළු පැහැති මොන්ටෙරෝ රථය සිහිවුයේ නිරායාසයෙනි.

රොහාන් මල්වැන්න සෙනවිරත්නගේ රථයේ සවිකර තිබූ කැමරාවෙන් පටිගත වී තිබූ දර්ශන මෙන්ම අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා දර්ශනද ඉතා හොඳින් අධ්‍යනය කළේය. සෙනවිරත්න කියා තිබුනේ ඇත්තය. පෙරවරු පහයි තිස් අටට ජාඇල අන්තර් හුවමාරුව පසු කොට මද දුරක් අගනුවර දෙසට යන විට සෙනවිරත්න මහතාගේ රථය පසුකොට අධිවේගයෙන් ධාවනය වන කළු පැහැති මොන්ටෙරෝ රථය නම් මෙයමය. කැමරාවේ සටහන් නොවූ දෙයක් සෙනවි විසින් වාචිකව පවසා තිබුණි.

"වැඩිය වාහන නොයන වෙලාවක් නිසා මම වාහනේ පාස් වෙද්දී උවමනාවෙන් බැලුව. වාහනේ දෙන්නෙක් හිටියා වගේ දැක්කා.අනික් පැත්තේ එක්කෙනා හිටියේ ඩ්‍රයිවින් සිට් එකට බරවෙලා"

කතාව තහවුරු කොට තිබුනේ ගාස්තු අයකරන ස්ථානයේ එවෙලෙහි සේවයේ නියතු තරිඳු ය.

"ඔය කියන වාහනේ මට මතක හිටියේ එහාපැත්තෙ එක්කෙනා ඩ්‍රයිවින් සිට් එකට බරවෙලා හිටපු හින්ද. පස්සේ මම ඒක ළඟ හිටපු පොලිසියේ එක්කෙනා එක්කත් හිනාවුණා. ඩ්‍රයිව් කරපු එක්කෙනාට ලොකු රැවුලක් තිබුණා"

ඇත්තේ පිලිස්සී ගිය එක මල සිරුරකි. ප්රශ්නය ඇත්තේ එතනය

දහවල් නින්දෙන් සාමාවතී අවදි උනේ එක දිගට නාද උනු දුරකතයේ හඬ නිසාය. සාමාවතී නැතිනම් දුරකතයට පිළිතුරු දිය යුත්තේ එතනාය. එතනාගේ ප්‍රමාදය නිසා නොරිස්සුම් වූ සාමා දෙනෙත් තදකොට පියා ගත්තා මිසෙක දුරකතනයට උත්තර දෙන්නට කල්පනා කළේ නැත. වැදී නිහඬ වූ දුරකථනය නැවත හඬ තලත්ම එතනා පැමින ඇමතුම ලබා ගන්නවා ඈ අසා උන්නාය

සාමා ලබා දුන් කට උත්තරය අනුව සැම්සන් ගජධීර මීගමුවෙන් කොළඹ පිටත්ව ඇත්තේ පාන්දර පහට පමණය. ඔහු සිය ව්‍යාපාරික කටයුතු සඳහා නිතරම නිවසින් බැහැරව සිටීම සාමාන්‍ය දෙයකි. වැඩි කතාබහක් නොමැති, මිතුරන් අඩු සැම්සන් සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. සැම්සන් හා සාමා විවාහ වී පස් වසරකි. ඔවුන්ට දරුවන් නැත.

"සැම්සන් ළමයින්ට කැමති නෑ" සාමා පැවසුවේ නෙත් බිමට බරකොටගෙනය.

ස්ත්‍රී ලෝලියෙකු නොවූ සැම්සන්ට ඔහුගේ මව්පියන් සාමාව යෝජනා කොට ඇත්තේ අවුරුදු හතලිස් දෙකේදීය. විසි අට හැවිරිදි සාමා පෙර විවාහයකින් නීතියෙන් වෙන්වී සිටි තැනැත්තියකි. ඔවුන් දෙදෙනාගේ යුගදිවිය සාමකාමී, ගැටුම් වලින් තොර වූවක් බවට ඔවුන් දන්නා හඳුනන අය පවසති.

සියලුම තොරතුරු මුල සිට අගටත්, අග සිට මුලටත් අධ්‍යනය කල රොහාන්ට සැම්සන්ව ඝාතනය කිරීමට තරම් සැක කල හැකි පුද්ගලයෙකු හෝ හේතුවක් සොයාගැනීම උගහට විය. සෙනෙවිරත්න හා තරිඳුගේ කට උත්තර නොතිබුනා නම් මෙය වැටෙන්නේ සාමාන්‍ය රිය අනතුරක් ගණයටය.

රොහාන් අසුන්ගෙන උන්නේ සැම්සන්ගේ සුඛෝපබෝගී නිවෙසේ සුවපහසු අසුනකය. තමාට යමක් මගහැරුණු බව ඔහුට නිසැකය.

රොහාන් ඉදිරිපිට වාඩිවී උන්නේ දැන් යම්තාක් දුරකට පියවි තත්වයට පැමිණ උන් සාමාය. රොහාන් වලක්වන්න තැත් කලද ඈ රොහාන්ට සිසිල් පැන් ගෙන එන ලෙස එතනාට නියෝග කළාය.

"ඉතින් මිස්ටර් මල්වැන්න , මගෙන් මොනාද තව දැනගන්න තියෙන්නේ" සාමා කතාව ආරම්බ කළේ කුළුපඟවය.

රොහාන් සිද්ධිය සම්බන්දව දීර්ඝ ලෙස ඈට කරුණු පැහැදිලි කරන්න උත්සහ කළේය.

"එතකොට මිස්ටර් මල්වැන්න කියන්නේ මගේ මහත්තයව කවුරු හරි මැරුව කියලද, එහෙනං ඇයි ඕගොල්ලෝ මිනිමරුවව අල්ලන්න මෙච්චර පරක්කු" ඇගේ චෝදනාව අතරමග නැවතුනේ එතනා නිසාය. රොහාන් දෙස බැගෑපත් බැල්මක් හෙලු එතනා සෙමින් පැවසු දෙය රොහාන්ට හොඳින් ශ්‍රවනය විය.

"මැණිකේ ෆ්‍රිජ් එක ලොක් කරලා"

ලැජ්ජාවට පත්වූ නියායෙන් රොහාන් දෙස යටසින් බැලූ සාමා තමා ළඟ තිබූ කුඩා පසුම්බියකින් ගත් යතුරක් එතනාට දුන්නාය." එතනම්මේ පටලව ගන්න එපා. ඔය පරණ ෆ්‍රිජ් එකේ යතුර".

"ෆ්‍රිජ් දෙකක් තියන්න ඉඩකුත් නෑ. ඒත් පරණ එක කැඩෙන නිසා අලුත් එකක් ගත්තා" යයි සාමාන්‍ය ස්වරයෙන් පැවසු සාමා ඉක්බිතිව හඬ පහත් කර "ලොක් කළේ නැත්නම් මුකුත් බේර ගන්න බෑ" යි පැවසුවාය.

මල්වැන්න සුළු සංග්‍රහයක් බුක්ති විදිමින්ම සාමා සමග කතාබහ කළේය. පිටතින් පෙනෙනවාට වඩා සමා බුද්ධිමත් කාන්තාවක් බව ඔහු ඉක්මනින්ම තේරුම් ගත්තේය. නිවස තුල සාම්ප්‍රදායික බිරිඳකගේ භූමිකාවට අවතීර්ණ නොවූ ඈ සැම්සන්ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳව මනා අවබෝදයකින් යුක්ත වූවාය.

මල්වැන්න පිටව යාමට මොහොතකට පෙර සැම්සන්ගේ ගණදෙනුකාරයෙකු විසින් ඒවන ලද චෙක්පත් වගයක් රැගෙන කොලුවෙකු පැමිණි කල සාමා ඒවා බාර ගෙන , ගනුදෙනුකරුට ඇමතුමක් ලබා දී චෙක්පත් වල වටිනාකම තහවුරු කරගෙන, කොලුවාගෙන් අත්සනක්ද ලබා ගත්තේ මනා බුහුටි කමකින් යුක්තවය. ඈ බොහෝ පිළිවෙලකට වැඩකරන , කාර්යශුර ගැහැනියක් බව මල්වැන්න සිතුවේ ප්‍රසාදයෙනි. ඈ පිළිබඳව හටගත් ප්‍රසාදය නිසාම මල්වැන්න කොලුවාට නගරය දක්වා ප්‍රවාහන පහසුකම් ලබා දීමට බාරගත්තේ සිය කැමැත්තෙන්මය. කොලුවාද සැප රියට නැග්ගේ සතුටිනි.

වාහනයේදී මල්වැන්න සමග මිත්‍රත්වයක් ගොඩ නගා ගත් කොලුවා තම නම සමන්ත බවද , ඉන්නේ මාතලේ මුත් අගහිඟකම් නිසා මෙහි පැමිණි බවද, ඔය සැම්සන් මුදලාලි කතා අඩු උනාට හිත හොඳ මනුස්සයෙක් බවද, නෝනා නම් තරමක් කුම්මැහි බවද කීයවාගෙන ගියේය.

තමා සැම්සන්ව අවසන් වරට දැක්කේ මීට සතියකට පමණ පෙර බවද, ඒත් ඔහු නිවස තුල පුටුවක නිදමින් සිටි නිසා තමාට කතා කරන්න අවස්තාවක් නොලැබුණු බවද කොලුවා පැවසුවේ මල්වැන්න ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

"මහත්තයට කියන්න, සැම්සන් මහත්තයා මගේ අතින් චෙක් එක බාර ගත්ත අන්තිම සැරේ මට රුපියල් තුන්දහක්ම දුන්නා අවුරුද්දට රෙදි ගන්න කියල. ඒකට නෝනා"!

එතනා සිටියේ බියේ ගැහෙමිනි. ඉරුදින ලද නිවාඩුවේ ගෙදර පැමිණි ඈ පස්වරුවේ නිවසට පැමිණි මල්වැන්න නිසා බොහෝ කලබලයට පත්වූ නිසා ඈව සන්සුන් කරන්නට මල්වැන්න ඈ සමග තරමක් වෙලා වල්පල් කතා කරමින් උන්නේය.

තරමක් වෙලා ගතවූ පසු එතනා තරමක් සංසුන්වූ පසු මල්වැන්න ප්‍රශ්න ඇසීම ආරම්බ කළේය.

ඇගේ කතාවෙන්ද තහවුරු වුයේ සාමා පැවසූ සියලු දේ සත්‍ය බවය.

"සැම්සන් මහත්තය කොහොමටත් වැඩි කතාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මමත් උදේ ගිහින් හවස එන හින්ද මහත්තයව වැඩිය මුණගැහෙන්නෙත් නෑ. මහත්තයා වැඩිපුර ඉන්නේ ගෙදරින් පිට"

වැඩිදුර විස්තර වලදී හෙලිවුයේ සාමාටද මිතුරු මිතුරියන් නොසිටි බවයි. ගෙදරට නිතර ආ ගිය අයවලුන් වුයේ සැම්සන්ගේ මව හා පියාය. ඊට අමතරව සැම්සන්ගේ නැගනියද, සාමාගේ පවුලේ උදවියද විටින් විට නිවසට පැමිණ ඇත.

"සැම්සන් මහත්තයාගේ තාත්ත ඔත්පල උනත් හරි, අපේ ගෙදරට යන්න එන්න කවුරුත් නැති උනත් හරි"

එතනා පැවසුවේ ශෝකයෙනි. සැම්සන්ගේ පියා ලෙඩ ඇඳට වැටීමත් සමග ඇතිවූ දේපල ආරවුලක් නිසා සැම්සන් සිය නෑයන් සමග පැවති සබඳතා මුළුමුනින්ම නවතා දමා ඇත. නැගෙණිය හා පිටරට පදිංචි සහෝදරයා දෙමාපියන්ට බලපෑම් කර ඇත්තේ දරුවන් නොසිටි සැම්සන්ට දේපල නුවමනා බැවින් සියල්ල තමන් දෙදෙනාට ලියා දෙන ලෙසය. එබසට මව්පියන් කන්දිමත් සමග සැම්සන් තදින්ම කෝප වී ඇත.

"මහත්තයට වැඩිපුර තරහ ගියේ එයා පන යනකන් වියදන් කරලා උගන්නපු නංගියි මල්ලියි එයාට එහෙම කරපු එක ගැන."

"සාමා නෝනගේ අම්මලත් අවුරුද්දකට කියල පිටරට ගියානේ ඒ දවස් වලම. සිංහල අවුරුද්ද පහුවෙනවත් එක්කම වෙන්නැති මයේ හිතේ"

මුලින් මල්වැන්න දකිත්ම වචනයක්වත් කතා කරගත නොහැකි තරමට බියව උන් එතනා දැන් කියවන්නේ වක්කඩ කැඩුවා මෙනි.

තමාට අවශ්‍ය සියලුම විස්තර දැනගත් මල්වැන්න පිටවී යාමට එළියටත් බැස යමක් සිහිවී නැවත කතා කළේය.

"සාමා නෝනට ඕනේ නම් මං දන්න හොඳ බාස් කෙනෙක් ඉන්නවා ෆ්‍රිජ් හදන. ආයේ ෆ්‍රිජ් එක කැඩුනොත් මට කියන්න කියන්න"

සිය ගෙල පිටුපස කසමින් එතනා හිනැහුණේ ලජ්ජාවෙනි.

"පරණ ෆ්‍රිජ් එක ලේසියෙන් කැඩෙන්නේ නැහැ මහත්තයෝ"

රොටියාගේ සටහන: සැම්සන් මියගියේ කොහොමදැයි පවසා වටිනා රොටියක් දිනාගන්න. මේ අවස්තාව ඔබටයි. ඉක්මන් කරන්න.

අද හවස කතාවේ අවසානය පලකරන්න බලාපොරොත්තු වෙමි

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com27tag:blogger.com,1999:blog-4221251485429239263.post-16706341572871111662016-08-22T01:59:00.003-07:002016-08-22T01:59:58.097-07:00රොටියා හා මස්සිනාගේ සරුංගලය

දෙයියනේ කියා උදේට ට්‍රැෆික් වලින් තොරව ගමනා ගමන පහසුකම් සැලසෙන හෙයින්ද, කොළඹ පිහිටි වැරි වැරි ඉස්පෙසොල් පාසල් ළඟ ඇහිරෙන රෝල්ස් රොයිස්, ඇස්ටන් මාර්ටින්, ක්‍රයිස්ලර්, බිඑම්ඩබ්ලිව්, බෙන්ස්, පොර්ශේ වාහනාදිය පෙනෙන්නට නැති හෙයින්ද, මේ ලබා තියෙන්නේ දෙමාපියන්ට පරම සැපතක් මෙන්ම පරම සතුටක් ලබාදෙන්නාවු පාසල් නිවාඩු කාලය බව රොටියාගේ ටිකිරි මොළයට වැටහී ගියේ ඉකුත් සතියේය.

බැලූ බැලූ අත අහසේ පාවෙන සරුංගල් මේ ලබා තියෙන්නේ අගෝස්තුව බව සිහිපත් කර තිබුනේ රොටියාට පමණක් හෙම නොවේය. රොටියාගේ ගෑණු ළමයාට මෙන්ම රොටියාගේ මස්සිනාටද ඒ බව සිහිපත් වී තිබුණාය. ඒ ඇන්නෑවේ රොටියාට හා මස්සිනාට සරුංගල් උණ වැලඳුනේ තදබල ලෙසය.

සද්දෙන් තොරව වන්නම් නටා පලක් නැතුවාක් මෙන් කයියෙන් තොරව නිකම්ම නිකන් සරුංගල් යවන්නට රොටියා හා මස්සිනා හීනෙන්වත් කල්පනා කළේ නැත. ප්‍රතිපලය සරලය. අම්මාගේ සාරියක් ඉරා තැනූ යෝධ නාගයෙක් ගැන මස්සිනා ගැසූ කයිවාරුවට රොටියාගේ පාට හතේ මොණර රාජයා එක්කළේ අසන්නන්ට ත්‍රාසය මුසුවූ කුතුහලයකි.

පාසල් සමයේ අගෝස්තු මාසවල රොටියා හා මස්සිනා සිද්ද කර ඇත්තේ සරුංගල් යැවීම පමණකි. එම විශේෂඥ දැනුමට සම කල හැකි කිසිවෙක් අහල ගම් හතකට වත් නැත්තේය. එකල මස්සිනා හැදු සරුංගල් බලන්න අහල පහල ජනතාවද එක්රොක් වෙත්. ඒවා කොපමණ උඩ යනවාද කියනවානම් අන්තිමට බලන්න වෙන්නේ දුරදක්නයකිනි. රොටියාටද ඇස් පියාගෙන වුවත් සරුංගල් ඇලවිය හැක්කේය. ඒවා බබාලා මෙන් උඩ යති. දැන් ඉන්නා හොටු කොල්ලන් හරියට සරුන්ගලයක්වත් හදන්නට දන්නේ නැත. ඒවායේ වැරදි බහුලය. ඒවා උඩ යනවා නොව ඉබාගාතේ යනවාය.

රොටියාගේ ගෑණු ළමයා රොටියාට උඩපන්දුවක් එල්ල කළේ ඒ අවස්තාවේදීය.

“ඉතින් ඔයාලත් හදල උඩ යවන්නකෝ”

කට කහනවාට ඇරිය නයි අපිවම කයි කියන්නේ ඔන්න ඕකටය. මස්සිනාට ලන්ඩන් වල ඇල්බට් අංකල්ව සිහි වූයේ නියම වෙලාවටය.

“මචං , අපේ ගෙවල් ළඟ ඉන්නවා නියමෙට සරුංගල් හදන කොල්ලෙක්. ඌට කියල හදාගමු. නැත්තන් පටි රෝල්” ඌ රොටියාගේ කණට කෙඳුරුවේ කවුරුත් නැති වෙලාවක් බලාය.

කිරි අප්පට බල්ලෝ පනින්නට ඒ කියන කොල්ලා දැන් ගජ බිස්නස් කාරයෙක් වෙලාය. උගේ ගේ ඉදිරිය සරුංගල් ලන්තයකි. නානාප්‍රකාර නයි, මොනරු සුළගේ ලෙල දෙමින් රොටියාට ඉඟි බිඟි කරනවාය.

ගජබින්නය උවත් සාරවත් විය යුතු හෙයින් රොටියා හා මස්සිනා තෝරා ගත්තේ එතන තිබූ දැවැන්තම මොනරාය. ඌට රැලි දැම්මොත් කොල්ලාව විකිනෙන හෙයින් රැලි තිබුනේ නැත. නමුත් පළපුරුදු සරුංගල් යවන්නන් දෙදෙනෙකුට රැලි යනු කජ්ජක්ද?

“අයියේ එක්කෝ මම රැලි දාලම දෙන්නද” මුදල් දී මොනරාව කරගහගෙන යන අප දෙදෙනා දෙස සැකමුසු ලෙස බලමින් කොල්ලා විමසුවද අපි සිංහ සෙයියාවෙන් එපා කියා ආවෙමු. එන ගමන් සව්කොලද ගෙන ආවෙමු.

රොටියා හා මස්සිනා පැය තුනක් තිස්සේ වෙහෙසෙමින්, සරුංගලය හැදු එකාගේ ගුණවයමින්, එකාට එකාගේ වැරදි පෙන්නමින් මොනරාව අලවා නිම කල අතර දැන් ඌ රොටියා වගේ තුනක් විතර උස මහා සරුංගල් රාජයෙකි.

"මචං අපි සද්ද නොකර මූව වැඩ ඇරලම කට්ටියට පෙන්නමු. බැරි වෙලා හරි උඩගියේ නැත්තන් උඹටයි මටයි තමයි රැලි දාගෙන එල්ලෙන්න වෙන්නේ" යහපත් හිතැති මස්සිනාගේ ඒ අවවාදය ඉතාමත් කාලෝචිත වූ නිසා රොටියා හා මස්සිනා පල්හොරු දෙදෙනෙක් හොරකමේ යන්නේ යම්සේද, එසේම සරුංගලය කරතබා ගෙන ගෙවල් අසල පිට්ටනියට යාත්‍රා කළෙමු.

එතන බටු ඇට කොලු කුරුට්ටන් දුසිමක් පමණ සරුංගල් යවනවාය. රොටියාගේ සරුංගලය හා සසඳන විට උන්ගේ සරුංගල ලිලිපුට්ටන්ය.

මස්සිනා හා රොටියා සරුංගලය උඩයවන බාරදුර මෙහෙයුම ආරම්බ කළේ ඔය අව් අස්සේය. කයියෙන් මස්සිනා රොටියාව පරදා තිබූ හෙයින් නූල ඇදන් දිවීම බාරගත්තේ ඌය.

මොනරාවද උස්සාගෙන පිට්ටනිය කෙරවලේ හිටගත් රොටියා සුළං එනවාත් සමග සරුංගලය අත ඇරිය විට එය ඉතා චිත්රාකර්ශනිය ලෙස බිම දිගේ පාවෙන්නට පටන් ගත් අතර, සරුංගලය ඇත්තේ උඩ යයි ඉතා අහිංසක ලෙස ඇත්තටම හිතා උන් මස්සිනා පිට්ටනිය වටේ වටයක්ම දිව්වේය.

මේ අනතුරට පසු සරුංගලයේ තත්වය තරමක් දුක්මුසු පෙනුමක් ගත්තද නොසැලුණු මස්සිනා හා රොටියා , ටේප් පටි යොදා සරුංගලය ප්‍රතිසංස්කරණය කල අතර, පිට්ටනියේ හිටි ඇම්බැට්ට කොලු රැල උන්ගේ සරුංගල් වහා වහා බිමට බාගෙන අපේ සරුංගල් යැවීම දෙස කට ඇරගෙන බලා ඉන්නට පටන් ගත් අතර, ඉරී ගිය රැලි වෙනුවට උන්ව එල්ලා සරුංගලය උඩ යැවීමට සුන්දර සිතිවිල්ලක් පහල වුයේ රොටියාටය.

දෙවෙනි උත්සාහය පලවැන්නට වඩා සෝචනීය වූ අතර , තෙවැනි වර සරුංගලය අඩි කිහිපයක් උඩ නැග්ගාය.

එයින් දිරිමත් වූ ක්‍රීඩක දෙපල, ඊළඟ වර මොනරාව බඹයක් තරම් උඩක් නැග්ගු අතර, මොනරා ප්රචණ්ඩ ලෙස කුරියමක් ගසා , හිස බිම හප්පාගෙන පොලව බදා ගත්තාය.

එවර අර නසරානි කොලු රැල නැගු සමච්චල් හැක හැක ශබ්දයත් සමග මාරාවේස වූ මස්සිනා වියරුවෙන් පිට්ටනිය වටේ දිවගොස් සරුංගලය බඹ දෙකක් පමණ ඉහල යැවූ අතර මොනරා මරු විකල්ලෙන් දඟලා පිට්ටනිය කෙළවරක වූ මාරගහක් මතට පල්ලම් බැස්සේය.

එවර අර හැක හැක ගබ්දය වඩාත් තියුනුව ශ්‍රවනය වූ අතර, ඒ අතර උච්චව ඇසුණු හුරුපුරුදු හැක හැක ශබ්දය ආ දෙසට හිස හැරවූ රොටියාට මෙතෙක් වෙලා ප්‍රේක්ෂකාගාරයේ සිට සිද්දිය බලා වුන් ගෑණු ළමයා සහ පවුලේ ඇත්තෝ දර්ශනය වුවාය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com11tag:blogger.com,1999:blog-4221251485429239263.post-79392790170805725432016-05-16T02:20:00.001-07:002016-05-16T02:20:44.511-07:00මැජික් ජොකා - රොටියාගේ විද්‍යා ප්‍රබන්ධය!!!!!පහුගිය ටිකේ මොන මොන විදියට දාඩිය දැම්මත් දෙයියනේ කියා රෙද්දක් වෙලාගෙන ගෙට ගන්නට ඉඩකඩ පෑදී තිබුනේය. දැන් ඉතින් සඳ මෝල් වන්නම වහිනවාය. උදේ පාන්දර වැඩට යාමට ඇඳගද්දී මෝල් උනේ සඳ නෙවේය. රොටියාගේ පපුවය.

"ජොක්කු නැත!"

ඉරි තියෙන, සුදුපාට, කලුපාට, කකුල් තියෙන, කකුල් නැති එකී මෙකි හැම ජොකාම තෙතය!

හෝදා ගත් ජොක්කු වේලිලා නැත. තෙත ජොකෙක් අයන් කරගන්නට කරන්ට් එකද නැත. අද වැඩට යන්න වෙන්නේ සිවිල් පිටය!

රොටියා සිවිල් පිට යනවාට ගෑණු ළමයා එළිපිටම සිය විරෝදය පල කළාය.. එහෙනං අද වැඩට ගොස් හමාරය

රොටියාගේ ගෑණු ළමයා මෙතෙක් සඟවාගෙන සිටි මහාර්ඝ වස්තුව එලියට ගත්තේ අන්න ඒ වේලාවේය

"මං මේක ගත්තේ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න" ඈ කීවාය

එය ජොකෙකි. පට්ට ජොකෙකි

දුර සිට බලන විට සුදුපාටය

ලඟට ගෙන බැලූ විට එක පැත්තක් නිල් පාටය. අනෙක් පැත්ත කොළ පාටය

මැද සීනුවක් එම්බ්‍රොයිඩර් කරලාය.

මල් හතය

ඇඳගත් විට අයිස්ලන්තය මැද්දෑවේ අමු නිර්වස්තරෙන් ඉන්නවාක් මෙන් රොටියාගේ සකල සරීරය කුල් වී ගියේය

මරුය

ගෑණු ළමයා එය මිලට ගෙන ඇත්තේ ඉරිදා පොලෙනි.

ජැන්ඩි පහට ඇඳගෙන ගෑණු ළමයා හා මගට බට රොටියාට විරවාගෙන ඉන්නා අහස දුටු විට අද නම් බඩු පැකට් වන බව හොඳාකාරවම තේරුණේය. එන පොට හොඳ නැත. තවම අවුරුදු කෑ ඒවායේ රස්නය තදටම දැනෙන හෙයින් වාහනයේ යන්නට වත්කමක්ද නැත. නමුත් බස් එකේ ගියොත් යන්න වෙන්නේ හොම්බෙන්ය

නැවත ගෙවන බවට දහ අතේ පොරොන්දු වී ගෑණු ළමයාගෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගත් රොටියා සිය කෑදර වාහනයේ කුස අඩකින් පුරවාගෙන කොලම්තොට දක්වා ගමනේ යෙදුනාය

වැසි දිනවල ගෑණු ළමයා ත්‍රිවිල් ගානේ යනවාට රොටියා කැමති නැත. වැහි දිනවල ත්‍රිවිල් අයියලා ගේ රැස් මාරය. ගෙනියන්නේ උන්ට උවමනා තැන වෙනකන් පමණි. අප ගමන් වියදම වගේ දෙගුණයක් පුදා අයියලාට වැඳ වැටිය යුතුය.එබැවින් රොටියා වාහනය සිය කැමැත්තෙන්ම ගෑණු ළමයාට දී වෝර්ඩ්ගේ පෙදෙසින් බැස්සේය.

අපරාදේ කියන්න බැරිය. ලෝබ නැතුව දෙගොඩ තලා යනවාය. බෞද්ධයා නාලිකාව ඉදිරිපිට පාර එකම රස සාගරයකි! එම පාර මැද "මිහිරි ආකරයක්" හාරන්නට යෙදුනේ පහුගිය වසරේ මුල හරියේය. ඒ ආකරය තවමත් එහෙමමය.

එම පාරෙන් පරිස්සමින් අඩිය තියමින් ගිය රොටියා ඊළඟට පැය තැබූ සිමෙන්ති කැටය තිබුනේ බුරුල්වෙලාය. හිතන්නවත් වෙලාවක් තිබුනේ නැත. සිමෙන්ති කැටය රොටියාද රැගෙන මිහිරි ආකරයටම පල්ලම් බැස්සේය!

රොටියාට මරබිය දැනුනි. ඒ අස්සේ කොනක ගෑණු ළමයා සිනාවෙමින් උඩ පැන පැන අත්පුඩි ගසනවා වගෙත් පෙනුනි. ඒ අත්පුඩියට පසුබිම් සංගීතයක් වගේ සීනුවක් සෙලවෙනවා ඇසුනි. සීනුව සෙලවුනේ කතා කරනවා වගේමය

රොටියෝ බය නොවී හිටු! ටින් ටින් ටින්

රොටියෝ බය නොවී හිටු! ටින් ටින් ටින්

රොටියෝ බය නොවී හිටු! ටින් ටින් ටින්

කල්පයක් තරම් යයි හැඟුණු කාලයකට පසු රොටියාට තමා තව දුරටත් වැටෙමින් නැති බව තේරුණේය. එක ඇසක් විවර කර බැලූ රොටියාට තමා තවමත් ඉන්නේ පාර මැද්දෑවේ හිටගෙන බව තේරුණේය. නමුත් පුරුදු පාර හෙම නෙවේය. පට්ට සිරා පාරකි

රොටියා මිට පෙර ඉන්ටර්නෙටයෙන් හෝ හීනෙන් පමණක් දැක තිබූ ජාතියේ මාර පාරකි

මංතීරු හතරකි. දෙපැත්තේ සහ මැද පදික මන්තිරුය. ඒවායේ ගස් වවා ඇත. බයිසිකල් වලට වෙනමම තීරුවකි. එක කොලයක් බිම නැත. වර්ග කල කසල බඳුන් පිලිවලට ඇත. සඳ මෝල්ය

නමුත් මේවා දැක්කේ පසුවය. රොටියා මුලින්ම දැක්කේ පාරේ ගමන් කරනා මිනිස්සුන්ය.

ලංකාවේ අයියලා අක්කලා වගේමය. නමුත් ඇඳ ඉන්නේ යට ඇඳුම් පමණි

රොටියාගේ ගෑණු ළමයා ගෙනත් තිබූ ජාතියේම ඒවාය. නිල්-කොළ මැද සීනුව

කාන්තාවන්ගේ උඩු ඇඳුමද එසේමැයි!

"අඩේ මේ කොහෙද?" රොටියාට ඇසුනේ ඉබේමය

"ආසියාවේ ආස්චර්ය ලොක්කා ආසියාවේ ආස්චර්ය" හින් කටහඬක් ඇසුනි

කලබල වූ රොටියා හඬ ආ දෙසට ඇස් යොමු කළේය. කිරි අප්පට බල්ලෝ පනින්නට කතා කර තිබුනේ රොටියාගේ ජොකාය! අනෙක් අතට රොටියාගේ ඇඟේ තිබුනේද ජොකා පමණය. අරන්දී තවම මාසයක් වත් නැති කමිසයට හා කලිසම නැති කරගෙන ගෙදර යාම් බොරු බැවින් රොටියාට හීනි බයක් සමග තිගැස්මක් ඇතිවිය. එසේම රොටියා සමග මේ ටුවර් එකට ගෑණු ළමයා සෙට් නොවීම ගැනද හෙනම සන්තෝසයක්ද ඇතිඋනේය. කර පොඩ්ඩක් කැපී ඇති ඇඳුමක් ඇඳගෙන ගෑණු ළමයා එලියට බහිනවාටවත් කැමති නැති රොටියාට, ඈ යට ඇඳුම් පිටින් මහ පාර මැද්දෑවේ හිටන් ඉඳීමක් ගැන හිතා ගන්නවත් නොහැක

"කොහෙද බොස් මේ" රොටියා ඇහුවේ ජෝකාගෙනි.

"ලංකාව බන් ලංකාව" ඌ ගණනකටවත් නැතුව කියා දැම්මේ පාරේ ගිය අක්කා කෙනෙක්ගේ ජංගිය දිහා බලාගෙනය. "අඩේ කැත වැඩ නොකර ඉඳින් බං. එහෙන් මෙහෙන් අනින්නේ නැතුව" ඌ ඒ සමගම එසේ කියමින් රොටියා දෙස රවා බැලූ නිසා

රොටියා වහාම අක්කාගෙන් දෙනෙත් ඉවතට ගත්තාය

"මොකෝ මල්ලි ප්‍රශ්නයක්ද?" ඒ සමගම එතෙනට පාත් වුයේ හයේ හතරේ ඩයල් එකකි. උගේ ජොකාගේ පස්සා පැත්තේ "POLICE" කියා ගසා තිබෙනු රොටියා දුටුවේ පසුවය

"නෑ නෑ රාලහාමි" රොටියාට ඉබේම කියවුනාය

"ඔය ගම කාගත්තේ" රොටියාගේ ජොකා හෙමින් මුමුණනවා රොටියාට ඇසුණේය

"රිපොටින් රිපොටින්.. " රොටියා දෙස මිනීමරු බැල්මක් හෙලු පොලිස් ඩයල් එක ජොකා ඇතුලෙන් එලියට ගත් මොකද්දෝ ගැජට් එකකට කතා කරන්න වූවාය. "සාජන් ආරියපාල කතා කරන්නේ. සැකකරුවෙක් ඉන්නවා." ඌ ඒක කියා කටගන්නත් පෙර පිඹගෙන පැමිණි ලැම්බෝගිනියක් රොටියා ළඟ නැවතුනේය.... කොලපාට එහි රතුපාටින් "POLICE" කියා ගසා තිබුණි

"මොකද්ද වැරැද්ද" ලැම්බාගෙන් ඔලුව එලියට දැමු එකෙක් කතා කළේය

"මූ ගෑනුන්ගේ පස්ස දිහා බලාගෙන ඉඳල ඊළඟට මෙතන මට රාලහාමි කියන්නත් එනවා"

ලැම්බාගේ ඇස් එලියට පනින්න මෙන් විසාල වුවේය. "නෑහ්.. දාන්න මූව ඇතුලට"

"ඔය කොරගත්තේ" ජොකා කොඳුරනු රොටියාට ආයෙත් ඇසුණේය.

ලැම්බා පිඹගෙන ගියේ තට්ටු හතරේ පාරකය.

"බේස් ලයින් එක ලොක්කා.." ජොකා කෙදිරුවේ නක්කල් සද්දෙකිනි

විනාඩි දහයක් යන්නට ඇත. රථය ක්රාස් ගා තිරිංග තද කළේය. "මේ මීගොමුව. සද්දේ වහල ඉන්න බොස්" ජොකා ආයෙත් කෙදිරුවේය

ටාන් ගා සද්දයක් ඇසුණේය. ඒ සමග ලැම්බාගේ වහලය කර කර ගා කැපෙන විදුලි කියතක් පෙනුනේය. තත්පර පහකින් පමණ අඩි පහේ පහේ කොටුවක් වහලෙන් කැපී ගියේය. ඒ ලඟට වහලෙන් එබුනේ අව් කන්නාඩි දාගෙන මැෂින් තුවක්කුවක් අත දරාගත්තු ස්ත්‍රියකි. ප්‍රියංකා චොප්රා වගේය

පිස්සු ඩබල් වන්න ඒ උන්නේ ගෑණු ළමයාය. රොටියාගේම ගෑණු ළමයාය!

රොටියාට හිතන්නවත් වෙලාවක් නැතුව, ගෑණු ළමයා රොටියාව ඔසවා වහලෙන් එලියට ගත්තාය. ඒ සමගම ඈ රොටියාව අල්ලාගෙන විදුලි වේගයෙන් ලැම්බාව අවහිර කර තිබූ හමර් රථයට පැන්නාය. ඊළඟට ඇන්ජලිනා ජොලී කැලේ යන්න රථය හරවා ධාවනය කරන්නට වුවාය.

"මං වෙලාවට ආවේ. තව විනාඩි පහක් පහු උනා නම් යාපනේ හිර කුඩුවේ. නඩු නෑ..!"

"ඒක තමයි මිස්. කොහෙද බොසා ගම කාගත්තනේ" ඒ කතා කළේ ජෝකාය

"වෙල් ඩන්. ජෝකපාල.. වෙල් ඩන්" ගෑණු ළමයා ජෝකාට තට්ටුවක් දැම්මෙත්, ඌ මාදෙස රවා බැලුවෙත් එකටමය.

"මේ.., එහෙන් මෙහෙන් තට්ටු දාන්නේ නැතුව ඉන්නවද? මූ බනින්නේ මටනේ.." මම කීවෙමි.

"කව්ද ඩෝ බැන්නේ" ඒපාර ඌ ආවේ වලියටය

"මේ කොහෙද?" මම ඌව නොසලකා ගෑණු ළමයාගෙන් ඇසුවෙමි

"වෙනකොහෙද.. මේ ලංකාව"

"ආසියාවේ ආස්චර්ය" ජොකා නැවත මැද්දට පැන්නේය

"අඩේ ඒ කියන්නේ මහින්ද මහත්තයා දිගටම හිටියද.." රොටියාට සතුට වැඩි කමට ඇසට කඳුලක් ද ආවේය " ඒකනේ මම හැමදාම කිව්වේ..කොහෙද ඇහුවද"

"රෙද්ද තමයි" ගෑණු ළමයාට අම්බානෙක මල පැන ඇති සෙයකි " මාත් ආවනේ ගොනා වගේ මේ මනුස්සයව බේර ගන්න"

"අඩේ.. ඒ කියන්නේ මේ අපේ රනිල් ලොක්කගේ වැඩද. මයිත්‍රී මහත්තයත් එක්ක එකතු වෙලා.. මාත් ඊළඟ සැරේ චන්දෙ දෙනවා"

"නෑනේ.." ගෑණු ළමයාගේ හඬ බිඳී තිබුනේය

"එහෙනං" රොටියාගේ කුතුහලය දැන් උච්චතම අවස්ථාවේය

"පාර්ලිමේන්තුවට බෝම්බයක් වැටුනනනේ"

"නෑ.."

"නෑ නෙමෙයි.. ඊට පස්සේ චීනෙයි ඇමෙරිකාවයි එකතුවෙලා ලංකාව පාලනේ කරන්න ගත්තා.. ඒ ගොල්ලෝ තමයි මේ ඔක්කොම හැදුවේ"

"සිරාවට.. දැන් එහෙනං මල් හතයි නේ..

"නෑනේ... අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා කැම්පස් ළමයි අරගල කරන්න පටන් ගත්තනේ"

"ඉතිං"

"ඊටපස්සේ අරගොල්ලෝ එහෙනං උඹලම තියා ගනින් කියල රටේ පාලනය මහා ශිෂ්‍ය සංගමේට දීලා යන්න ගියානේ.. දැන් අපි කන්න ඕනේ ඒ ගොල්ලෝ කියන දේවල්.. බත් අනන්න ඕනේ ඒ ගොල්ලෝ කියන ගානට.. අඳින්න ඕනේ මේවා විතරයි.. එකටත් අර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ට් යුනිට් එකක් හයි කරලා. ඒකෙන් තමයි අපිව ට්‍රැක් කරන්නේ. ජෝකපාල වගේ කීප දෙනෙක් ඉන්නවා අපිව පාවල දෙන්නේ නැති.."

"මාර වැඩක්නේ.."

"කිසිම නිලදාරියෙක් දිහාවත් ඔලුව උස්සල බලන්න තහනං. පොලිසිය එක්ක කතා කලොත් නඩු නැතුව හිරේ!"

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com10tag:blogger.com,1999:blog-4221251485429239263.post-44528077181470710402016-05-13T02:18:00.000-07:002016-05-13T02:18:35.489-07:00රොටියාගේ ගෑණු ළමයාගේ රස වින්දනයකසාදයෙන් පස්සෙන් පහුව ඔබ ක්‍රමයෙන් ඉගෙන ගන්නා දහසකුත් දේවල් අතරින් ටුත්පෙස්ට් ටියුබය මිරිකන්න ඕනේ මැදින් නොව කෙරවලෙන් බව, තුවාය දමන්නේ ඇඳ උඩ නොවෙන බව, ඇඳුමක් නොසෝදා අඳින්න ඕනෑ එක වරක් හෝ වැඩිම උනොත් දෙවරක් බව මෙන්ම හින්දි චිත්තරපටි බැලීම ද බොහෝ විට අනිවාර්ය වනවාය. කසාදයට පෙර ඔබ මොන මොන විදියට හොලිවුඩයේ කරක්ගසා තියෙන කප්ගැසූ කෙරුම් කාරයෙක් වුනත් කසාදයට පසුව හින්දි සිනමාවද රසවිඳීමට ඉගෙන ගනු ඇත්තේය. පසුව ඔබ කෙතරම් මෙයට හුරුවෙනවාදයි කිවහොත් ඕනෑම ලද බොළඳ චිත්තරපටියක් අබාදයකින් තොරව පත්තියම් කර ගන්නට මෙන්ම ඒ පිළිබඳව 'හරවත් සංවාද වල යෙදෙන්නට (කා සමග දැයි ඔබ දන්නවාය) ඔබට විශිෂ්ඨ හැකියාවක් ලැබෙනු ඇත

ඔබගේ ගැහැණු ළමයාගේ වෘත්තීය මට්ටම හෝ සමාජ මට්ටම ඔවුන්ගේ රසවින්දනය බලපෑම් කරන්නේ යයි හීනෙන් වත් හෙම හිතන්න එපාය. ඉංජිනේරු වරියක් වුවත්, ආර්ථික විශේෂඥ වරියක් වුවත් , උපදේශක වෙද්‍යවරියක් වුවත්, සන්නාලියක් වුවත් ඔබගේ ගෑණු ළමයාගේ රසවින්දනය තේරුම් ගන්නට නම් ඈ සමග ආශ්‍රය කර බලන්නම ඕනෑය. රොටියාගේ ගෑණු ළමයා ගැන කියනවා නම් ඈ ළඟ මහත් වූ පොත් එකතුවක් ඇත්තේය. ගණනින් දහස පන්නන පොත් එකතුවේ සෑම පොතක්ම ඈ දෙවරක්වත් කියවා ඇත්තේය. එහි උසස් සම්භාව්‍ය කෘති, මාරක කතා, ආදර කතා , රහස්පරීක්ෂක කතා සමෝසමේ ඇත්තේය. එහෙව් ළමයා මාසයේ නවවැනි , දහවැනි දින පහුවන විට තෝන්තුවට පත්වන්නට පටන් ගනියි

ගෑණු ළමයා: රොටියෝ..

රොටියා : මොකෝ..

ගෑණු ළමයා: පත්තර බැලුවේ නෑ නේද..

රොටියා : ඔය ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ

ගෑණු ළමයා : අනේ රොටියෝ

රොටියා : මොකෝ..

ගෑණු ළමයා : අනේ භාවනා එකක් ගෙනත් දෙන්නකෝ

ඔන්න ඔහොමය. ඕවාට රොටියා වාද කළේ බැඳපු මුල් කාලයේය. ඔය මක් කරලවාත් ගෑණු ළමයින්ගේ සමහර ආසාවන් තේරුම් ගත නොහැක්කේය. ඒවාට වැඩි වියදමක් යන්නෙත් නැති හෙයින් හොඳම දේ ඒ දේවල් ඔවුන්ට සපයා දීමය.

පට්ට මෝඩ වැඩක් කොට හාවන් සේ කන් විහිදාගෙන අප දෙස බලා ඉන්නේද මෙන්න මේ කියන ගෑණු ලමයින්මය. වරදක් කොට අසුවූ විට රොටියාගේ ගෑණු ළමයාගේ බැල්ම, ගේ ඇතුලේ චූ කොට අසුවන රොටියාගේ බල්ලාගේ බැල්ම වාගේමය.

ඔබගේ ගෑණු ළමයාගේ දැනුම තේරුම් ගන්නා තුරු ඈ සමග චිත්තර පටි බලන්න සිනමාහල් වලට යාමක් ගැන එහෙම හීනෙන් වත් හිතන්න එපාය. ක්‍රියාදාම ඉංග්‍රීසි චිත්තර පටි ගැන මෙලෝම අවබෝදයක් නැතුව උන් ගෑණු ළමයාව මුල්වරට එවැනි චිත්තරපටයක් බලන්න එක්ක ගෙන ගිය රොටියා වැටුනේ ලෝක අමාරුවකය

ගෑණු ළමයා: රොටියා ඒ මොකද ඒ?

ගෑණු ළමයා: ඇයි ඒ ගහන්නේ

ගෑණු ළමයා: බයිසිකලේට එච්චර හයියෙන් යන්න පුලුවන්ද

ගෑණු ළමයා: හි හි හි

ගෑණු ළමයා: මොකද්ද ඒ වාහනේ

ගෑණු ළමයා: මොකද්ද ඒ කළේ

ඒ ඔක්කොමත් හරිය , මෙන්න මේ කියන ගෑණු ළමයා රොටියාට කලිසමෙන් මුණ වසා ගන්නට වැඩ සිද්ද කළේ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ අන්තිම චිත්තරපටය බලන්න ගිය දවසේය. එදා රොටියා හා ගෑණු ළමයා උන්නේ තනියම හෙම නෙවේය. රොටියාගේ යාළුවන් රංචුවක්ම සමගය

ගෑණු ළමයා: අනේ හරි ෂෝක්

යාලුවෙක්: ඩබල් ඕ සෙවෙන් ෆිල්ම්ස් කොහොමත් හොඳයි

ගෑණු ළමයා: රොටියා.. අපි කලින් බලපු එක ඩබල් ඕ සික්ස් හින්ද වෙන්න ඇති මේක තරන් හොඳ නැත්තේ

රොටියා : ???

ගෑණු ළමයා : ඇයි අනේ මේක සෙවන් නං කලින් එක සික්ස් වෙන්න එපැයි

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com15tag:blogger.com,1999:blog-4221251485429239263.post-14620009542705142912016-03-25T02:47:00.001-07:002016-03-25T02:58:43.831-07:00ලවැන්දර් සේපාලිකාතෙතමනයක් නැති කාෂ්ඨක හුළඟට එදා තෙතමනයක් එකතු උනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ.ඒත් රළු හුළඟ එක දවසකට හරි හීනියට මෙලෙක් වුනු එක ගැන මම සන්තෝස උනා.

උණුහුම් තේ එකෙන් නැගුනු සුවඳින් කියවුනේ අද මට ලැබෙන්නේ ලෙමන් තේ එකක් බවයි. මම ලෙමන් රසට ආසයි. නමුත් ඒ තේ රසත් එක්ක නම් නෙවෙයි.

තේකක් හදල අතට ගෙනත් දෙන පුරුද්දක් නිර්මලාට නැහැ. "තේ හදලයි තියෙන්නේ.." නිල නිවේදනය ඇහුනාම මම ගිහින් තේක අරගෙන කැමති නම් බොන්න පුළුවන්. නැත්නම් හලල දාන්න පුළුවන්. මොක කලත් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලලා තියන්න ඕනේ.

"කාපු බීපු පිඟාන කෝප්පේ හේදුවා කියලා ඔයාට අඩුවක් වෙන්නේ නැහැ තේමිය.." නිර්මලා කිව්වේ අපි කසාද බැඳලා දෙවෙනි සතියෙදියි.

"මගේ අප්පෝ.. පිරිමින්ට කියල වැඩ කරවාගෙන මට පව් සිද්ද කරන්න ඔය හදන්නේ" ඒ දවස් වල බඩු මල්ල උස්සගෙන ගෙනිහිල්ල දෙන්න හදද්දී සමන්තිකා කියනවා

තේක මම හිතපු තරම් නරක නැහැ. ඒක ඇත්තටම හොඳයි.

"අපේ හැමෝටම අද ටි බෑග් කේස් එක ගානේ දුන්න. බොස් චීනේ ඉඳල එනකොට ගෙනාවයි කියල. ඔයා හිතනවද අනේ ඒ මනුස්සයා මේ චීනේ ඉඳල තේ පෙට්ටි පනස් එකක් උස්සගෙන එයි කියල.. ඔය ලංකාවෙ කොහේ හරි තැනකින් අරන් අරන් දෙන්න ඇති නේද" නිර්මලා හිනා වේවි මං දිහා බලනවා

"මොනවා උනත් තේක හොඳයි" මං එහෙම කියන ගමන් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලුවා

නිර්මලා ට උසස් වීමක් හම්බවුනු වෙලාවේ මම කිව්වේ එයාට ගෙදර ඉන්න කියල. මාත් එක්කම උදේට වැඩට යන නිර්මලා මට කලින් හවසට මට කලින් ගෙදර එනවා උනත් මම හැම වෙලේම කිව්වේ එයාට එතන වැඩ වැඩියි කියල. උසස් වීමත් එක්ක එයාගේ ආදායම මගේ මාසික වැටුපට වඩා වැඩි වුනු එක ගැන මට පුරුෂ ඊර්ෂියාවක් නොදැනුනා කිව්වොත් බොරුවක්. මගේ පුරුෂාධිපති කොන්ක්‍රීට් තට්ටුව නිර්මලා නිසා එන්න එන්නම ඉරි තලන එක ගැන මම සතුටු උනේ නැහැ

"මම රස්සාවට යන්නද මහත්තයෝ.." එක දවසක් සමන්තිකා මගෙන් ඇහුවේ බොහොම බැගෑපත්ව.

"ඔයා රස්සාවල් නොකලට මට ඔයාට කන්න බොන්න දෙන්න පුළුවන් ඒත් ඔයාට ගෙදර ඉන්න පාලු නම් බඳින කම් රස්සාව කරන්න.." මම කිව්වේ ඉව වහා ගිය ආදරෙන්.

ඊළඟ දවසේ මම ගිහින් සමන්තිකාට ඇඳුම් කැඩුම් ගොඩක් අරන් දුන්නේ අලුත් රස්සාවට යන්නයි. එච්චර ලක ලෑස්ති උනත් සමන්තිකා රස්සාවට ගියේ එක සතියක් විතරයි.

" මහන්සියි අනේ.. මම මුකුත් නොකලට ඔයාට හොඳ රස්සාවක් තියෙනවනේ මහත්තයෝ" එයා කිව්ව

"මේ ස්ටාෆ් සර්විස් එක නං එපා වෙනවා අනේ. රවුම් ගහනවා නැති වෙන්න. ඒ අස්සේ ඉන්නෙත් හැට පැනපු කුකුල්ලු.." නිර්මලා කියවනවා

"හ්ම්"

"අද කිර්ති මං ගාව වාඩි වෙලා බොරුවට නිදිවගේ ඉඳගෙන මගේ ඇඟට බරවෙනවා. මං දුන්නා හොඳවයින් වැලමිටි පාරක්. ඒපාර නැගිටලා වෙන සිට් එකකට ගියා"

"ඔයා මොකක් හරි විකාරයක් ඇඳන් යන්න ඇති"

"මං ඇඳන් ගිය විකාරයක් නෑ අනේ. එදා ගත්තු කොළ පාට බ්ලව්ස් ඒකයි, කලිසමයි.. ඒ ඇඳුමේ මොකද්ද තියෙන වැරැද්ද"

"ඕක ගද්දිම මම කිව්ව. ඕකේ අත් කැපිල වැඩියි කියල. කොහෙද කියන දෙයක් ඇහුවද. ඒ කලිසමත් හිර වැඩියි"

"මේ කාලේ අඳින්නේ නැති ඒවා නාකි වෙලා අදින්න කියලද.."

"පිස්සු. පිරිමි අවුස්සන ඇඳුම් ඇදන් ගිහින් ඊළඟට කියන අරූ මූ ඇඟට ආව කියල"

නිර්මලා ස්ලාන්.. ගාල සාස්පානක් සින්ක් එකට අත ඇරියා. මෙතන ඉඳල මේ කතාවේ එල්ලිලා ඉඳල තවත් රණ්ඩු වෙනවද නැත්තන් සාලෙට ගිහින් ටීවී එක දාගන්නවද කියල දෙපැත්තට වැනි වැනි මම මොහොතක් කල්පනා කළා. රණ්ඩුව ඇද්දොත් පාඩුව මටමයි. රෑ කෑම පරක්කු වෙන්න පුළුවන්

ඉස්සර සමන්තිකා අඳින චිත්ත ගවුම් කොච්චර සංවර ද

ටීවී එකේ නිලි බට්ටියක් දිය රෙද්දක් ඇඳන් නලව නලව ඇවිත් ගඟකට බැස්සා. ඉස්සර සමන්තිකා නාල ඉවර වෙලා රෙදි බාල්දියත් අරන්, දිය රෙද්ද පිටින්ම ගෙදරට යන හැටි මට විදුලියක් වගේ කල්පනාවට ආව.

සමන්තිකාගේ ගෙදර ඉඳල ගඟට තිබුනේ මීටර් දෙසීයක් විතර. ඔය පොඩ්ඩ දුර උනත් දිය රෙද්ද මාරු කරන් ආවොත් නරකද කියල අහපුවාම අඬන්න තියා ගත්තා. ඉතින් ඕකට ඔය හැටි අඬන්න ඕනෙද කියල මම එයාගේ සුදු පාට කම්මුලක් ඉම්බා. ඒ දවස් වල ගෙදරම හිටපු හින්ද වෙන්න ඇති සමන්තිකා ටිකක් මහතයි ලස්සනයි. එදායින් පස්සේ කිසිම දවසක මම ඔය ගැන එයාට කතා කළේ නැහැ.දුප්පත් කෙල්ල

අර නිලි බට්ටිම දැන් ගෑණු පෙනුමක් තියෙන නළුවෙක්ගේ ඇඟට හේත්තු වෙලා තොදොල් වෙනවා

නිර්මලා කුස්සියේ ඉඳන් කාමරේට යන හැටි මගේ ඇස් කොනට පෙනුනා. නිර්මලා කවදාටත් මහතට හිටි කෙනෙක් නෙවෙයි. සතියේ දවස් පහක් වැඩට ගිහින් සෙනසුරාද ඉරිදා ජිම් යන්නත් නිර්මලාට පුළුවන් කම තිබ්බ.

"අනේ නලින්ද අයියේ.. සූරසේන අයියා මට හරියට කරදර කරනවා" නිලි බට්ටි නිලි නළුවට කියනවා

මගේ යාලුවෙක් වුනු විජිත නිර්මලා ගෙන් කන පුරා බඩ පුරා බැනුම් අහගෙන තිබ්බේ අවශ්‍ය නැති කතාවක් කියල. කොහොමත් උගේ කට හොඳ නෑ. හරි මනමාලයා. ඔය සිද්දිය කිව්ව වෙලාවේ මම දොස් කිව්වේ නිර්මලාටමයි. මිනිස්සු එක්ක වැඩි කතාවට යනවට ගෑණුන්ට හොඳ පාඩම් ඕව. අනෙක ඌ එහෙම කතාවකට ආව නම් නිර්මලාට තිබ්බේ මග ඇරලා එන්න. මොකට බණින්න ගියාද

"එහෙම ආවොත් ඌ හිතන්නේ මං ඌට කැමති නිසා මුකුත් කිව්වේ නෑ කියල" එදා අන්තිමේදී නිර්මලා පොල්ලෙන් ගැහුවා වගේ කියල බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා

"නලින්ද අයියේ මාව ඔයා ඉන්න තැනකට එක්කං යන්න. මම ලුණුයි බතුයි කාලා ඉන්නං" නිලි බට්ටි ඇඩ් එකක් දැම්ම

"අපිට ඔය කාර් බාර් ඕනේ නැහැ මහත්තයෝ. පොඩි ගෙයක් තිබ්බාම හොඳටම ඇති. මමත් බත් පාර්සල් හදල හරි කියක් වත් හොයා ගන්නං" එදා සමන්තිකා මට කිව්වේ එයාගේ කාමරේදියි. එයාගේ ඇඳ උඩ තිබ්බ මල් පොත් ටිකයි, ඇඳ පාමුල ගොඩ ගහල තිබ්බ මල් සඟරා ටිකයි මට ඇස් කොනෙන් පෙනුනා. අතේ සතයක් නැතිව උන් ශ්‍රියාණි දැන් මාසෙකට ලක්ෂ දෙකක් හොයන බවත්, ඒ කතාව දැන ගන්න ඇතුලත කියවිය යුතු බවත් උඩින්ම තිබුණු සඟරාවේ මුල් පිටුවේ තිබුනා.

"අනේ ඔයත් බලන කතා.." නිර්මලා ගේ සද්දෙට මම උඩ ගිහින් බිම නොවැටුණු ටික විතරයි. අපේ රණ්ඩුව එයාට මතක නෑ දැන්

"මොකද්ද මේකේ තියෙන වැරැද්ද"

"ඕවා අනේ වෙන්න පුළුවන් දේවල්ද කියන්න..අතේ සතේ නැතුව බැඳලා ආදරෙයි ආදරෙයි කිය කියා මුණට මුණ බලන් හිටියාම ඔක්කොම හරිද.."

"එතකොට ඔයා කියන්නේ සල්ලි තමයි ඔක්කොටම මුල කියලද"

"සල්ලි තියෙන්න ඕනේ.. ඒකේ දෙකක් නෑ. ආදරේ තියන්න ඕනේ. ඔය දෙකම තිබ්බත් අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් වැඩක් නෑ"

බඩිගිනියි. කමුද? මම ඇහුවේ එතනින් එහාට මට කියන්න දෙයක් තිබ්බේ නැති හින්දයි.

කාලා ඉවර වෙලා බාජන හෝදන එක මගේ වැඩක්. නිර්මලා ඒ වැඩේ මගේ ඇඟේ ගැහුවේ බැඳලා මුල් කාලෙදිමයි. "අනේ තේමිය , උයන්න උදව් වෙන්න ඕනේ නෑ. අඩුම ගානේ උයපු බාජන ටිකවත් හෝදලා දාන්න". මම මුල්ම දවසේ බාජන ටික ලඟට ගියේ "ඔයාට මේ පොඩි දේ වත් තනියම කරන්න බැයිද කියල අහගෙන. "පොඩි වැඩක් නිසා තමයි ඔයාට කිව්වේ" නිර්මලා හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නා. ඒත් ගොඩක් දවසට මම තාම හදන්නේ කොහොම හරි මේ වැඩේ මග අරින්න.

"අනේ මහත්තයෝ මට සපුමල් අයියගේ හිත රිදෙන්න කතා කරන්න බයයි. ඔයාට බැයිද පොඩ්ඩක් කතා කරන්න" සමන්තිකා අහිංසක ඇස ලොකු කරලා මට කියපු හැටි මට තාම මතකයි

"මේ හලෝ.. තමුසේට ඕනේ නං කෙල්ලව තියා ගන්නවා. ඒකී මට හා කියපු නැති එක ඇත්ත. ඒත් කවදාවත් බෑ කියලත් නෑ.මම ඒකී කියපු දවසට යන්න යන්නං" මාත් එක්ක එකට කුඹුරු කෙටුව සපුමල්මද ඒ කියල මට හිතා ගන්නත් බැරි උනා

"මහත්තය එක එකා එක්ක කතාවට යන්න එපා. මම මග ඇරලා ඉන්නන්කෝ"

මම අන්තිම බාජනේ හෝදද්දී හීනියට ලැවැන්ඩර් සුවඳක් දැනුනා. රෑට සුවඳ තෙල් පහනක් පත්තු කරන්න නිර්මලා ආසයි. ඒ සුවඳ දැනෙනවා කියන්නේ නිර්මලා ගේ අස් කරලා , අතු ගාල ඉවරයි කියන එක.

"තේමිය .. වොෂ් එකක් දාගන්න" නිර්මලා කෑ ගහනවා. හැබෑට මේ ගෑණු පිරිමින්ව පොඩි එවුන් වගේ නේ කොන්ට්‍රෝල් කරන්න යන්නේ.හෝදගන්න කියල ආයේ කියන්න ඕනෙද. රෑට ඔක්කොම වැඩ ඉවර වෙලා ටීවී එක ඉස්සරහ ඔහේ වැටිලා ඉන්න මම ආසයි. හිතුනු වෙලාවට ඇඟ හෝදලා හරි නැතුව හරි නිදා ගන්න මම ආසයි

"ඔයා ගාව හඩු ගඳයි." බැඳපු මුල් දවස් වල නිර්මලා කියනවා. ඕක නිර්මලා විතරක් නෙමෙයි අපේ අම්මත් කියනවා

"මහත්තයාගේ සරමක් දෙන්නකෝ මට රෑට පොරවන්න" සමන්තිකාගේ සඟරා මට ඇහැක් ගහනවා

"තේමිය .. නිදා ගන්න එන්න. නැත්තන් උදේට නැගිටින්න අමාරුයි" .

මේ මොන කෝලමක්ද, උඹ ඇඳට පලයන් නිදා ගන්න එපා , හිත ඇතුලේ පිරිමි සතා කෑ ගහනවා.

"මචං අන්න සමන්තිකයි සපුමලුයි ආයේ ගමට ඇවිල්ලා. සපුමලය උදේම වැඩට යන හින්ද සමන්තිකාට ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න අමාරු හින්ද අම්මල ගාවට ආවයි කියල තමා ආරංචිය. ඔය, දෙන්න පැනල ගියාට පස්සේ ආපු මුල් වතාව. දැන් සමන්තිකාට ළමයි දෙන්නෙක් ඉන්නවය කියන්නේ"

අපේ පොඩි එකා හීනෙන් කියෝන සද්දේ ඇහුනා. ලැවැන්ඩර් සුවඳ දැන් තදටම දැනෙනවා. නිදිමත එන්න අපූරුයි

මොනවා උනත් සේපාලිකා මල් ගහක් තිබ්බනං මීට වඩා හොඳයි කියල මට හිතුනා. උදේට පරවෙන එක ඇත්ත ඒත් ඕනේ උනාම කඩල පූජා කරන්න පුළුවනි

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com27tag:blogger.com,1999:blog-4221251485429239263.post-36099253993905115932016-03-07T01:42:00.004-08:002016-03-07T01:50:43.565-08:00සෙක්ස්පෝ හා පෙන්ෂන්රොටියා විසින් තමාව රොටියා ලෙස බෞතිස්ම කරගනු ලැබුවේ බ්ලොග් ලිවිම පිණිසමය. රොටියාව තමාට මෙතරම් හිසරදයක් වනු ඇතැයි එකල මට කිසිවිටෙක නොසිතුනේය. සැබෑව හා රොටියා අතර සිට බ්ලොග්කරණය අතිශය වෙහෙසකරය. නමුත් එයින් රොටියා ලබන තෘප්තිය අසීමිතය..

ලිපියට පාදක වන සමයේ රොටියා සිටියේ අප්‍රිකානු රටකය. සැලකිය යුතු පිරිසක් ඒඩ්ස් වලින් මියයන, ඒඩ්ස් වැළදීම "සාමාන්‍ය උණක් ලෙස " හදුන්වන ඒ රටෙහි වගතුග පොස්ටු බර ගණනකින් ලිවිය හැක. මෙහි ලියවෙන්නේ ඒ කිසිවක් නොව ඒ රටේදී රොටියා සහබාගි වන්නට යෙදුනු ප්‍රදර්ශනයක් ගැන විස්තරයකි

"සෙක්ස්පෝ"

ලංකාවේ සුචරිතවාදින්ව බියෙන් ත්‍රස්ත කල හැකි මාතෘකාවක් රැගත් එම ප්‍රදර්ශනය ගැන ඇසු රොටියාට එය නැරබීමට යෑමට උණක් වැලඳුනේ තදබල ලෙසය. නමුත් කාලය සොයා ගැනීම උගහට විය

ප්‍රදර්ශනය ගැන ගැහැණු ළමයාව දැනුවත් කල විට හිකි හිකියක් සමග තමන්ටත් මොනවා හරි රැගෙන එන ලෙසට ලබා ගත් පොරොන්දුවත් අතැතිව කල් යල් බලමින් සිටි රොටියාට , එකෝමත් එක දවසක හදිසියේම පොටක් පෑදුණේය.

ප්‍රදර්ශනය අතුරු සිදුරු නැතිව පිරි තිබුනේය. රොටියා හා පිරිස මෙන් තනිකඩයෝ මෙන්ම තම සහකරුවා හෝ සහකාරිය සමග පැමිණි ජෝඩු ද එහි උන්නෝය. බොහෝමයක් කුටි වල අදාළ උපකරණ විකුණුම් කුටි විය. මතක හැටියට රොටියා ලබා ගත් පිවිසුම් පත ලංකාවේ මුදලින් හාරදහස් ගණනකි. ඒ සමග සබ්ජෙක්ටුවට අදාළ කුඩා ත්‍යාග පාර්සලක්ද විය.

ප්‍රදර්ශනය වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ප්‍රදර්ශනයක්ම විය. ප්‍රදර්ශනය ලංකාවේ තිබුනා නම් , කී දෙනෙක් ප්‍රදර්ශනයේ නමත් සමග නිදි වදිමින් සුරාතන්තයට පත්වී ගත නොහැකිව, නරබන්නට යන අයට ද්වේශ කරමින්, පරිභව කරමින් තම තමන්ගේ මනස තුල ඔවුන්ව නිරුවත් කර , ප්‍රදර්ශන සංකීරණය තුල කීවරක් ඔවුන් කම්සැප විඳින මානසික දර්ශන නරඹමින් උමතු වෙයිද? ලංකාවේ බහුතරයක හිත රිදෙන කතාව ඕකය

ප්‍රදර්ශනය තුල ප්‍රදර්ශන කුටි වලට අමතරව තවත් අංගද තිබුණි. ඒවා ඉදිරිපත් කරන්නන් හෝ කරන්නියන් අසලට ගොස් ස්පර්ශ කිරීම නරඹන්නන්ට සම්පුර්ණයෙන්ම තහනම් විය. නරඹන්නට ඉදිරිපත් විය හැකි කුඩා තරඟද සංවිධානය කොට තිබිණි. Stripping dance, Pole dance වැනි. ඒවායේ ජයග්‍රාහකයින්ව තෝරා ගත්තේ නරඹන්නන් වෙතින්ම නැගුනු ඉහලම ඔල්වරසන් හඬ අනුවය. ඒවාට සහබාගිත්වයද හොඳ මට්ටමකින් පැවතියේය

වෘත්තීය නර්තන ශිල්පියන් විසින් ඉදිරිපත් කල Stripping dance අංගයේදී, යම්කිසි මුදලක් ගෙවා තමුන්ට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන්කර ගැනීමේ හැකියාව විය. ඈ ඔබ ළඟටම ඇවිත් නර්තනයේ යෙදෙවී. නමුත් ඔබට ඈව ඇල්ලීම තහනම්ය. එතනට පැමිණ සිටි යුවලක, යුවතිය විසින් මුදල් ගෙවා සිය පෙම්වතාට හෝ සැමියාට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන් කර දුන්නේ ත්‍යාගයක් ලෙසය. ලංකාවේ නම් බොහෝ ගැහැණු ළමුන් නර්තන ශිල්පිනියෙක් වෙන් කර දෙනවා තබා එවැනි තැනක අහලකින් වත් යාමට පැකිලෙන බව රොටියාට විශ්වාසය.

රටක සේක්පෝ තිබ්බොත් ඒ රටෙහි ඔක්කොම හරියන බව මේ ලිපියෙන් රොටියා අදහස් කරන්නේ නැත. නමුත් රටක දියුණුවත් සමග ජනතාව ඔවැනි දේ ගැන විවෘත මනසකින් බැලිය යුතු බව රොටියාගේ හැඟීමයි. සුද්දා වික්ටෝරියානු යුගයෙන් එලියට පැමිණ බොහෝ කලක් වී තිබුනද අපේ රටේ බහුතරයක් වික්ටෝරියානු මතය කරපින්නාගෙන ඉඳීම කනගාටුදායකය.

ලංකාවේ බොහෝ දෙනා ඉටුකරන්නේ යයුතුකම්ය. ජිවත් වන්නේ ලෝකෙට පේන්නටය. ඒ කියන්නේ තමුන්ගේ නැති හොඳ ගති මවාපාගෙනය. තමුන්ට නැති තත්වයන් මවාගෙනය. අතපය හතර හයිය තියෙන කම් ළමයින්ට කඹුරති. ළමයින්ගේ ළමයින්ට කඹුරති. යාන වාහන, මාලිගා වැනි ගෙවල් දුක සේ නඩත්තු කරති. වයසට ගොස් පිනට දහමට නැඹුරු වෙති. ලෙඩ ඇඳට වැටුණු පසු ජිවිත කාලය තුල කල කී දේ කල්පනා කරති, කාපු කෑමක් නැත- ගියපු ගමනක් නැත. ඊළඟට පසු තැවෙති. අනේ මට අරක කරන්න තිබ්බනේ, අපරාදේ මේක කළේ නැත්තේ.

එතනිනුත් එහාට තමුන් විසින් සලකන්නට යෙදුනු අයව උගස් තබති. "උඹල හින්ද මම ඇන්දේ නෑ කෑවේ නෑ" කියමින් ළමුන්ට කියති. එහෙම කියමින් පෙන්ෂන් මුදල ලැබුණු විට බෙහෙත් මිලට ගෙන ඉතුරු මුදලින් ළමයින්ගේ ළමයින්ට කඩචෝරු ගනිති. තමුන්ට කැමති කෑම ගැනීම ඊළඟ මාසයට කල් දමති. ළමයින් ද බැරි වෙලාවත් හෝ දෙමව්පියන්ට කන්න බොන්න කැමති දෙයක් ගෙන එන්නේ නැත. "අම්මලට පෙන්සන් එක හම්බවෙනවනේ" උන් කියති

අතපය හොඳටම වලංගු නැති වී , කල්පනාවටත් ටිකට් එක ලැබුණු කල ළමයින් එක්වී අර පෙන්ෂන් මුදලට මරා ගනිති. අවමගුල නම් ඉහලින් ගනිති

රටකට සංස්කෘතියක්, සභ්‍යත්වයක් ඕනෑමය. නමුත් එය ලෝකය දකින්නට විදින්නට බාදාවක් කර නොගත යුතුය. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද කියාවත් නොදන්නා සිඟිති ජාතියකට, අම්මාගෙන් දරුවා වෙන් කරන්න වලිකන ලාමක ඇමතිවරුන් පත්වන්නේ එන්න එතකොටය

එදා රොටියා සෙක්ස්පෝ නැරබීමට ඇතිවූ කැමැත්ත සභ්‍යත්වයට මුවාවී වහගත්තා නම් හෝ, රොටියාගේ ගෑණු ළමයා යන්න එපාය කියමින් නහයෙන් ඇඩුවා හෝ ඔය කියන්නේ කුමන ආකාරයේ ප්‍රදර්ශනයක් දැයි නොදැන එහි යාමේ ආසාව ද්වේශයකට පෙරලාගෙන රොටියාද සෙක්ස්පෝ විරෝදියෙක් වනු ඇත. පාලනය කර ගත් යුතු සමහර හැඟීම් ඇත. නොකළ යුතු සමහර දේ ඇත. ඒත් සංස්කෘතිය, සභ්‍යත්වය, සුචරිතවාදය ඉදිරියෙන් දමාගෙන ප්‍රකාශ කලයුතු, විඳිය යුතු දේ හිර කරගෙන සිටීම කුහක කමකි. එසේ ප්‍රකාශ කරන, විඳින පිරිස් වලට ගල් ගැසීම මුග්ධ කමකි. එහි අවසානය රහසින් හෝ පසු තැවීමයි. සිප ගත යුතු තැනදී, සිප ගැනීමට හිතෙන තැනදී සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමට අවස්තාවක් තිබුනා නම් මේ පොඩි දිවයින කොපමණ සුන්දරද?

අවසාන ලෙස කියනවා නම්, එදා සෙක්ස්පෝ ගිය රොටියාට ලිංගිකත්වය කියන්නේ ඔය කියන තරම් කෙහෙල්මලක් නොවන බව තේරුණේය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com10tag:blogger.com,1999:blog-4221251485429239263.post-51944691607751701452016-03-03T19:53:00.001-08:002016-03-03T19:54:12.035-08:00ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!

කුලියාපිටියේ අයියාට ලියන වග නම් ;

අද උදේ බස් එකේ උඹට අසුන් දෙකක් ඉදිරියෙන් වාඩි වී සිටි සුදු ලස්සන නංගිව දැක්කාද?

උඹත් එක්ක ඈ හිනැහුනා මතකද?

ඔබ ඇය පිටුපසින් ගොස් , ඈ වැඩ කරන ඔපීසිය බලා ගත්තාට දැන් පලක් නැත්තේය

ඈට සහලෝලා ඒඩ්ස් ය..

කුලියාපිටියේ අක්කාට ලියන වග නම් ;

නුග ගහ යට කඩේ , දවල් කෑම එක මාර රසයි කියමින් උඹ දෙසා බානවා නේද

හැමදාම නැතුවාට උඹට උදේ නැගිටින්න පරක්කු උන දාට

එන්න ඒ කඩේ කොලුවාට , ඔන්න දැන් ඒඩ්ස් ය

කුලියාපිටියේ ඒඩ්ස් විරෝධී ජනතාවටලියන වග නම්;

ඒඩ්ස් කියන්නේ මොකද්ද, හැදෙන්නේ කොහොමද කියලා උඹලාට කියා පලක් නැත, වෙදැදුරන්ට වඩා උඹලා ඒ ගැන දනිති.

අර අහිංසක ළමයාගේ වෙද්‍ය වාර්තා ද උඹලාට හීනෙන් ගිය අධෝ වාතයක් ගානය

උඹලාට අනුව ඒ කොල්ලාට ඒඩ්ස් ය...

ලංකාවේ ඒඩ්ස් තියෙන්නේ ඌට විතරමය

පෙට්ටි කඩේ කමලා - යකෝ ඒ ගෑනි මිනිස්සු හතර දෙනෙක් එක්ක ගියේ නැතිබැරි කම හින්දා. ඒ අහින්සකිට ඒඩ්ස් කියන එවුන්ට හෙන ගහන්න ඕනේ

පහල ගෙදර විමලා - පොඩ්ඩක් දාන්ගලේ තිබ්බට එකී හරි අහිංසකයි. (බලන්න එපෑයැ ඇඳට ගියාම)

බස් එකේ සුනිල් - රට වටේ යන්නේ ඒ මිනිහගේ රස්සාවට

මල් ගෙදර සෝමපාල - ගෑණු ළමයෙක් වගේ..?

මට - උඹට පිස්සුද?

කන්න ගියාම කබර ගොයත් තලගොයා වෙනවයි කියන්නේ කට කහන්වටද බොලව්

තලගොයා වගේද ඒඩ්ස්

ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!!!

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com5tag:blogger.com,1999:blog-4221251485429239263.post-75815892226330820902016-02-28T21:24:00.001-08:002016-02-28T21:24:58.434-08:00රාවණායනය 3 පළමු කොටස

දෙවන කොටස

මේඝනි කෝපයෙන් හිස ගැස්සුවාය. ඔහු අදත් ප්‍රමාදය.හැමදාම මෙන්..

ඔහු ප්‍රමාද වෙන හේතුව ඈ දනී. නමුත් තමාට කල හැකි කිසිම දෙයක් නැත. මේඝනි යනු හුදෙක් නියෝගයන් ක්රියාවේ යොදවන්නියක් පමණි. නියෝගයකට පිටින් වදනක් හෝ දෙඩීම තහනම්ය. එසේ නොවුවා නම් කල යුත්ත ඈ දන්නීය..

විශ්ව විද්‍යාලයට සාමකාමී ලෙස පොලිස් ජීප් රියක් පැමිණීම සාමාන්යෙන් විරල දසුනකි. ජීප් රිය ඉදිරි අසුන අරා හුන් පොලිස් අධිකාරි රොහාන් මල්වැන්න තද කල්පනාවකය. පොලිස් විශේෂ බලකායේ සේවය කල සෙසු තිදෙනාද ඔහුට බාධා නොකර හුන්නද රියදුරු අසුනේ සිටි සාජන් රත්නපාල ට නම් ගමනාන්තය සිහිපත් නොකර ඉන්නට නොහැකි විය

"සර් අපි ආව.."

එය නෑසු ලෙස රොහාන් මල්වැන්න පිටුපස හැරී බැලුවේ මිලින්ද රත්නතුංග දෙසය.

"මිලින්ද හිතනවද මේ දේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කළේ කියල.."

මිලින්ද කල්පනාකාරීව උන්නා පමණි. පිළිතුරු දෙන්නට තරම් විශ්වාසයක් තවම ඔහුට නොවිණි

ඊළඟට රොහාන් මල්වැන්න කතා කළේ පොදුවේ සියලු දෙනාටමය

"අපි රවුන්දබවුට් අප්රෝච් එකක යන්නේ . තෙරුනානේ.."

විශ්ව විද්‍යාලයේ සිසු තොරතුරු වලින් අවශ්‍ය සියලු දේ දැනගත් රොහාන් ඊළඟ නැවතුම ප්‍රොෆෙසර් ඊ ඕ ඊ පෙරේරා මාවත ඔස්සේ අක්බාර් ශාලාව වෙතම විය. ඉබිගමනින් ඇදෙන ජීප් රිය එකතැනකදී තිරිංග යොදා නැවතුනේය.

"සර් අර එන්නේ අපේ හාදය නේද" රත්නපාල තුල වුයේ තමා ත් වැදගත් දෙයක් සොයා ගත්තේ යයි සතුටකි

"යැප් " මල්වැන්න ගේ නෙත් යොමුවී තිබුනේ ඈතින් පැමිණෙන සිසුන් දෙදෙනා දෙසටය

මේඝනි සිය ජංගම දුරකතනයේ මේ දැන් ලැබුණු කෙටි පණිවිඩය පිරික්සුවාය. " පටන් ගන්න, සියලු දෙය නිවැරදිම විය යුතුයි."

සිය පොත් පත් වත් එකතු කර ගැනීමට වත් පමා නොවුණු ඈ, සිය බෑගය කරලාගෙන මෙලෝ සිහියක් නැතිව පුස්තකාලයෙන් දිව ගියාය. පුස්තකාලාධිපතිනිය හඬ නගමින් තමන්ව නවත්වා ගැනීමට දරන තැත නෑසුනාක් මෙන් ඈ දිගටම දිව ගියාය

විශ්ව නැවතත් නෙලුම් යන දෙස හැරී බැලුවේය. ප්‍රියන්ත කෝපයෙන් පිම්බේය.

"බලහං. තෝ පැණි හලන හැලිල්ලට පොලිසියෙනුත් ඇවිල්ලා" ඇතින් පෙනෙන ජීප් රිය පෙන්වා ඔහු විශ්වගේ බාහුවට පහරක් ගැසීය

ඒ සමගම ප්‍රියන්තගේ ජංගම දුරකථනය කෙටි පණිවුඩයක නාදය නිකුත් කළේය. එය කියවූ ප්‍රියන්ත හිස අත ගසා ගත්තේය

"මල කෙලියයි බං. මං අසයිමන්ට් එක දාල ඇවිත්නේ. රුමා පණිවිඩේ එව්වේ. අනේ බන් තරහ නැතුව වරෙන්කො පොඩ්ඩකට දුවල එන්න"

"උඹ දුවල වරෙන්. මම මෙතන ඉන්නං"

නමුත් ප්‍රියන්තගෙන් විශ්වට ගැලවීමක් නොවිණි.

"වරෙන් බන් කෝලන් නැතුව " කී ප්‍රියන්ත , විශ්වව ඇදගෙන අක්බාර් ශාලාව දෙසට හැල්මේ දුවන්නට විය

පොලිස් නිලදරයන් සිව්දෙනා බලවත් සේ නොසන්සුන් විය.

"ඈ අයිසේ .. මොකෝ අර අනික් හාදය අපේ මනුස්සයව ඇදගෙන දුවන්න තියා ගත්තේ."

"උන්ට මොකක් හරි ඉව වැටුන වත්ද සර්" රත්නපාල ඇසුවේ කලබලයෙනි. මල්වැන්න හිස සැලිය.

"එහෙම නං වෙන්න බෑ අයිසේ.. ඉව වැටෙන්න දෙයක් තියෙන්න එපැයි" මල්වැන්න වැකියේ අග කොටසට බර තිබූ තාලයෙන් මිලින්ද එය තේරුම් ගත්තේය

"කමක් නෑ. අපිට මෙතන දවසම කොල්ලන්ගේ කෝලන් බලන්න බෑ නේ. අපි ෆලෝ කරලා අල්ල ගමු" මල්වැන්නගේ මුවින් පිටවනවාත් සමග රත්නපාල රිය රේස් කළේය. ඒසමගම රිය බඳෙහි හැපෙන්නට යන යුවතිය දුටු ඔහු තිරිංග උඩ හිට නොගත්තා පමණි. අනතුර නූලෙන් වැළකිණි

"කොහෙද යන්නේ හලෝ" මල්වැන්න හිස එලියට දා ඇසුවේ කෝපයෙනි. යුවතිය තවමත් පහව නොගිය තැති ගැන්මෙන් , කඳුලින් බරව හඬන්නට වූවාය.

"හරි හරි. ඉට්ස් ඕකේ. ඔය ළමය යන්න " ඈ වදනක්වත් නොදොඩා ඉකිබිදිමින් හැරෙන විට ඇගේ බෑගය ලෙහි , බෑගයේ වූ සියල්ල ජීප් රිය ඉදිරියේ පාර පුරා විසිරුනේය. කෝපයට පත් රත්නපාල රිය සැර දැම්මේ ඒ හරුබස්ස ටික යට කරගෙනම යන්නටය.

"සර් මගේ ස්ටෙත් එක" ඈ වෙව්ලන හඩින් කෑ ගෑවාය.

"රත්නපාල, ජීප් එක නවත්තන්න" මල්වැන්න දැඩිව කිවේය.

"දුව ගිහින් අහුලගන්න බඩු ටික" ඔහු යුවතියට කාරුණිකව කිවේය

මේඝනි සිය බඩු බාහිරාදිය එක් කරගන්නා තුරු පොලිස් නිලදරයෝ තවත් විනාඩි පහක් පමණ එතන ඉවසිල්ලෙන් බලා හුන්හ.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com5tag:blogger.com,1999:blog-4221251485429239263.post-74513747461747085392016-02-16T01:36:00.000-08:002016-02-16T01:36:03.154-08:00ඔව් මම එහෙම තමයි. ඇයි ප්‍රශ්නයක්ද?රොටියාගේ උප්පැන්නයට තොරතුරු දීමේදී සිදුවී තිබූ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා, රොටියාගේ අම්මා රොටියාගේ තාත්තාට නිතර දොස් කියනවා රොටියාට මතකය. ඒ කුමක් නිසාදැයි කුඩා රොටියාට තේරුමක් නොවීය.

රොටියාගේ සම්පුර්ණ නම ලෙස තිබුනේ අම්මා විසින් දමා තිබූ නම් දෙකකුත් අගට තාත්තාගේ නමත්ය. පොඩි පන්ති වල පොඩි එව්වන් වාසගම ගැන කතා වෙද්දී රොටියාට සිය වාසගම වුයේ තාත්තාගේ නමය. එය කුඩාවුන්ට ඒ දිනවල ලොකු මාතෘකාවක් වුනේ එහෙම වාසගමක් තිබුණු පන්තියේ හුන් එකම එකා රොටියා වූ නිසාය.

ප්රශ්නය හටගත්තේ තුන වසරේදීය. උප්පැන්නේ රොටියාගේ නමට ඉදිරියෙන් තිබුනේ රොටියාගේ නිල නම් තුන පමණක් වුවත් තාත්තාගේ නම පටන්ගෙන තිබුනේ "අහවල් XXලාගේ " ලෙසය. අම්මාට ගැටළුවක් වී තිබුනේ තාත්තා මොන ඇන්නෑවකට සිය සම්පුර්ණ නමම රොටියාගේ උප්පැන්නය ට ඇතුලත් කලාද යන්නයි. රොටියාගේ අයියාගේ උප්පැන්නයේ තාත්තාගේ නම මුල වාසගමින් තොරවම ලියැවී තිබිණි. ඒ ද අම්මාගේ උවමනාවටය

දන්නදා පටන් රොටියාගේ තාත්තාට තිබුනේ රත්තරන් බඩු කඩයකි. එය සහ වාසගම අතර සම්බන්දයක් කුඩා රොටියාට වැටහුනේ නැත. එය ලෝකය පෙරලන තරමට ගැටළුවක් කරගත්තේ රොටියාගේ පාසලේ ගුරුවරියන් පිරිසකි

උප්පැන්නයේ ඇති පියාගේ නමට ඉදිරියෙන් ඇති වාසගම දරුවාගේ නමට ස්වයන්ක්‍රියව ඇතුලත් වන බවට ඔවුන් ගසන බෙරපද වලට කුඩා රොටියා හැට හතර වන්නම නටන විට රොටියාගේ අම්මා වහාම ප්‍රශ්නයට මැදිහත් වූවාය. ඈ විසින් පාසලට පැමිණ අර ගුරුවරියන් රොත්තට රොටියාගේ නම නිවැරදිව කියා දුන් අතර , මාස තුන හතරකට වතාවක් යෙදෙන පාසලේ වැඩ කටයුතු වලට ලැබෙන සැලකියයුතු මුදලක් අහිමි කරගන්නට අකමැති වූ ඔවුන් හිස වනා එය පිළිගත්හ. එයින් පසු දිනකට තුන් හතර වතාවක් රොටියාව කැඳවා රොටියාගේ අලගිය මුලගිය තැන්වල සිට වාසගම දක්වා විමසමින් රොටියාට සිදුකරන ලද මානසික පිඩාව නිමා විය.

පසුව දැනගන්නට යෙදුනු පරිදි සිය පාසල් සමයේ රොටියාගේ අම්මා මීට වඩා තිත්ත අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේ සිය වාසගම නිසාය. තම දරුවන්ට එසේ නොවුණු පිණිස අම්මා සැලකිලිමත් වීම ස්වභාවිකය

සෙල්ලම නැවත පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පංතියේය. නැවත වරක් අම්මාව සිය ප්‍රශ්නයට මැදිහත් කර ගැනීමට අවැසි නොවූ රොටියා ගුරුවරියන්ට අවැසි දෙයක් කරගන්නට ඉඩදී නිහඬ විය. ඒ කලත් පස්සෙන් එලව එලවා වාසගම ගැන වද වුණු ඇත්තියන්ද නොහිටියා නොවේ.

පාසැල්වල් ගුරුවරියන්ගේ තත්වය ඔයාකාරව පවතින තාක් කල් නම් පහත් යයි හණමිටි ගැහුණු වාසගම් ඇති ඇති ළමුන් පාසල් තුල දිගින් දිගටම අපහරණයට ලක්වනු ඇත.

විශ්ව විද්‍යාලය තුලද වාසගම ගැන හොය හොයා ඇවිදින තමුන් උසස් කුලවල යයි කියාගන්නා වයලට්ලා හා අබිලින්ලා ද ඇත්තේය. ඔබට එවැනි අත්දැකීම් ඇත්දැයි නොදනිමි. නමුත් සමහරු පටන් ගන්නේම "අපි නුවර " කියාගෙනය. මේසා නාටකයක් ඉවසාගත නුහුණු එකෙක් අන්තිමේ "යකෝ" යයි පටන් ගෙන "උඹල තමයි මේ රට සුද්දට ලියල දුන්නේ ඩෝ.." (තව දෙයක් ඔහු කියූ නමුත් කාටවත් අපහාස කිරීමට කැමැත්තක් නැති නිසා එය නොලියමි) යනුවෙන් කතාව නිමකෙරූ සිදුවීමක් සම්බන්දයෙන්ද රොටියාට අත්දැකීමක් ඇත (මේ කියන්නේ නුවර සියලු ඇත්තන්වත්, බහුතරය ගැනවත් නොවන බව සැලකිය යුතුය)

රොටියාට නම් කුලය යනු තමුන්ගේ මී මුත්තන් ගැන අදහසක් ලබා ගත හැකි මුලාශ්‍රයක් පමණි. හොරු , මංකොල්ලකරුවන් , මිනීමරුවන් ගැන ඉන් කියැවෙන්නේ නැත

තම තමුන් , තම තමුන්ගේ කුලය උසස් යයි හිතාගෙන කරගසා උන්නාට කමක් නැත. ප්රශ්නය වන්නේ අනුන්ගේ ඒවාට හොස්ස පොවන්නට යෑමය. කුලය ඉදිරියට දමා අනුන්ව පහත් කිරීමට තැත් කිරීමය

විවාහා කටයුතු වලදීද කුලය ඉදිරියට දමා ගැනීම රොටියාට නම් වහකදුරුය.ඒ ගැන නම් මිට වඩා කතා කරන්න යන්නේ නැත

ඉස්සර නම් වාසගම ගැන අහන එව්වන්ට රොටියා උත්තර දුන්නේ "ශ්‍රී වික්‍රම රාජසිංහ ලාගේ " කියාය. එවිට රවුන් වන උන්ගේ මුණු බලන්නට රොටියා මාර කැමතිය

රොටියාගේ ආච්චි නම් ඉන්නේ සිය කුලය ගැන මාර ගැම්මෙනි. අහන ඕනෑ අයෙකුට ආච්චි කියන්නේ " අපේ මිනිස්සු තමයි රජාගේ ඔටුන්න පයින් පාගාගෙන හැදුවේ " කියාය. එනිසා දැන් රොටියාද ආච්චිගේ ගැම්ම හිතට ගෙන අහන ඕනෑ කෙනෙකුට තම වාසගම අමුවෙන්ම කියනවාය

ලිපිය ලියන්නට සිත්වූයේ ජයකොඩි සෙනවිරත්න විසින් ලියා ඇති "දිසාපාමොක් කතාවේ " නවන්දන්න කුලය පහත් යයි සඳහන් කිරීම නිසාය.

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com44tag:blogger.com,1999:blog-4221251485429239263.post-23020911403655134282016-02-11T23:37:00.001-08:002016-02-11T23:37:49.319-08:00වැලොන්ටයින් හා ගෑණු ළමයිමේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් "සාදර කෝච්චිද" ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය.

සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක් වලට ලංකාවෙන් සුපිරි කොල්ලන් කෙල්ලන් ටිකක් ගියා මතකය. ඒ දිනවල අප ඉස්කෝලේ නිමා වූ විගස හෝ නිමාවෙන්නට කලින් හෝ (රොටියා පාසල් යන දවස් වල පාසලේ වසා තිබූ ගේට්ටුවක් තිබුනේය. රොටියා ඇතුළු කොල්ලන් විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කළේ ඒකය. ඒ මාර්ගය අප විසින් කෙතරම් බාවිතා කරාද කියනවානම් ,දිනක් උදේ එකොළහට පමණ පාසලට පැමිණි පොලිටික්කෙක් පාසලේ ප්‍රධාන දොරටුව ලෙස වරදවා වටහාගෙන ඇත්තේ එම දොරටුවය) පිඹගෙන ගෙදර එන්නේ ඔය තරඟ නරබන්නටය. ලංකාවේ එකෙක් පදක්කමක් දිනූ විට අපට කෑමත් උවමනා නැත.

ඒ ඉස්සරය.ඊයේ උදෑසන රේඩියෝවෙන් ඇසුණු දෙබසකට අනුව ලංකාවේ ආදරය කරන ඔක්කොම එව්වන් මේ ටිකේ පතමින් ඉන්නේ ඔන්න ඔය කියන සාදර කෝච්චියේ යන්නට තමන්ට චෑන්ස් එකක් ලැබෙන ලෙසය. එසේ චෑන්ස් එකක් ලද ඇත්තෝ ඒ සතුටට පිස්සු නොහැදී ඉන්නේ අමාරුවෙනි. කොලු කෙල්ලන් ගැටව් ගැටිස්සියන් ඔක්කොම මේ දිනවල නොකා නොබී කන් දික් කරගෙන බලා ඉන්නේ ඔන්න ඔය කියන ඇමතුම ලැබෙනකන්ය

ඔන්න ඔයාකාර දේවල් සමග රොටියාගේ අමනාපයක් නැත්තේය. නමුත් මාධ්‍ය, කඩකාරයන් හා හෝටල් කාරයන් එක්ව පැඟිරි කොල්ලන් කෙල්ලන් අන්දනවාට නම් රොටියා විරුද්දය. වැලොන්ටයිම සමරන්න ඕනෑම නම් සමරන්නට ඕනෑ තමුන්ගේ මුදල් වලිනි. දේවල් වලට වී හුරතල් වන නංගි බබාලා සහ මල්ලි බබාලා ඉස්කෝලේ ගිහින් ඉවර නම් මොකක් හෝ සාදාරන මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වන්නට ඕනෑය. උවමනාව ඇත්නම් කරන්නට ඕනෑ තරම් දේවල් ඇත්තේය

කැම්පස් සමයේ එක පෙබරවාරි දහ හතර වෙනිදාවක දේශනය පිණිස පැමිණි ඇඳුරුතුමා එදා දේශනයට පැමින සිටි කොල්ලන් වූ අප දෙසට කින්ඩි හිනාවක් දමා , අද වැනි දවසක දේශන පිණිස පැමිණෙන්නේ මොන කොල්ලාදැයි ඇසුවා රොටියාට අද මෙන් මතකය. ඒ රොටියා පිස්සුවෙන් වගේ දිව්‍යාංගනාව පස්සෙන් වැටි යන දිනවලය. මේ ලඟදි රොටියා ඒ දිවයාන්ගනාව මුහුණු පොතේ සොයා බැලුවේ ගෑණු ළමයාගේ ප්රෝෆයිලයෙනි.දිව්‍යන්ගනාව සිය දරුවාද සමග පින්තුර දමා තිබුනේය. ඒ කව්දැයි රොටියාගේ ඔලුවට උඩින් එබී බැලූ ගෑණු ළමයාට , ඒ කැම්පස් කාලයේ පස්සෙන් වැටි උන් කෙලී පොඩිත්තිය යයි පැවසු කල, ඈ කින්ඩි හිනාවක් දමා "අපරාදේ ඔයාට බදින්නයි තිබුනේ.හොඳට ගැලපෙනවා" කී කල , ඒ ඇයිදැයි විමසු කල , හේතුවක් කීවේම නැත. දැන් දැන් රොටියාට ගෑණු ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගත හැකි නිසා, ඒ නසරානි හිනාවට යටින් ඈ "ඔයා මැරීගෙන ලස්සනයි කියා කිය ගියේ මෙයා පස්සෙද" කියා කෑ ගැසූ හඬ නම් හොඳට ඇසුණේය

කොල්ලන් කෙල්ලන් පස්සෙන් නොයා ආච්චිලා පස්සෙන් යන්නදැයි ඇසුවාක් මෙන් කොලු වයසට ඕවා ඔහොමය. කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය.

රොටියා නම් කවමදාවත් ඔය කියන වැලොන්ටයිම සැමරූ බවට මතකයක් නැත්තේය. ඒ සම්බන්දව රොටියාට දොසක් කියා පලක් නැත්තේය. රොටියාගේ ගෑණු ළමයා සමග ඔට්ටු වෙන රොටියාට ඔයාකාර දින අමතක වෙන එක ස්වාබවිකය. ඒ දිනවල (දැනුත් වෙනසක් නැත) ගෑණු ළමයා සමග පොදු ස්ථාන වලට යන්නට රොටියා පට්ට බයය. ඒ මන්දයත් කපුටෙක් පුසෙක් බල්ලෙක් කෑ ගසන හඩක් ඇසුණු ගමන් මෙන්න මේ කියන ළමයා ඒ ඒ බාසාවෙන්ම අදාළ තැනැත්තන්ට උත්තර දෙන නිසාය

බව්වා : බව් බව්

ගෑණු ළමයා: බව් බව් බව්..

වටේ එව්වන්: කව්ද යකෝ ඒ අමුතු සද්දෙන් බුරන බල්ලා???

ගෑණු ළමයින් ඔන්න ඔයාකාරය. එක එක ළමයින්ට එක එක ආකාරයේ ව්යාධියන් ඇත්තේය. සමහරු ඇඳුම් වලට මැරෙන්න යති. සමහරු සපත්තු වලට මැරෙන්න යති. සමහරු මාර ලද බොළඳය. තවත් සමහරු රොටියාගේ ගෑණු ළමයා වගේ "unpredictable" ය. ඔය ඔක්කොම අස්සේ රොටියාට පෙන්නන්න බැරි මවාගෙන ඉන්න හදන ගෑණු ලමයින්වය. එවැනි ගෑණු ළමයෙක් කසාද බඳින කොල්ලන්ටද දෙයියන්ගේම පිහිටය. මක්නිසාදයත් කසාදයෙන් පසු ඔය රඟපෑම් ඉවර වන නිසාය. එහෙම රඟපාන පිරිමි උදවියද එමටය. හැබැයි රොටියාගේ අත්දැකීම් අනුව ඕනෑම වයසක ගෑණු ළමයෙක්ට රඟපාන්න හැකි මුත්, ඒ ජාතියේ පිරිමි උදවිය බොහෝ විට අවුරුදු තිස්පහ හතළිහෙන් එපිටය. තමුන් අත අල්ලාගෙන ඉන්නා එකා හෝ එකී, ඔය කියනාකාරයේ නළුවෙක් හෝ නිලියෙක්ද යන්න වටහා ගැනීම තමුන් සතු කාරියකි

ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි

ගෑණු ළමයෙකුට අවශ්‍ය වැදගත්ම දෙය ඇයට ගරු කිරීමයි. ඈව කිසිම කෙනෙකු ඉදිරිපිට අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරීම පිරිමි අපේ වගකීමයි. අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය. "අයියෝ ඕක ඔයා ඔච්චර හිතුවද/ මම ඒක හිතල නෙවෙයි කිව්වේ/ මම කිව්වේ ඒක නෙවෙයි" යනාදී බයිලා ගායනා වලින් ගෑණු ළමයින්ගේ හිත් හරියන්නේ නැත. ඒ නිසා සෑම ගැහැනියකටම අවැසි ගරුත්වය ලබා දීම පිරිමි අප සතු කාරියකි

ආදරය යනු ඔය බයිස්කෝප් වලින් මවන හෑල්ලට සහමුලින්ම වෙනස් දෙයකි. හැඟීම් , ආසාව , ආදරය සිහි ඇතුව තේරුම් බේරුම් කර ගත යුතුය. එකිනෙකාට ඇහුම්කම් දීම , ගරු කිරීම, තේරුම් ගැනීම , රැක බලා ගැනීම ඇත්නම් එතැන ආදරයද ඇත. වැලොන්ටයිමේවත් සාදර කොච්චියෙවත් ආදරය සොයා පලක් නැත්තේය. ආදරය ඇත්තේ ඔබේ හදවත තුලමය.

සටහන: මෙය බ්ලොගය පාලුවට යනවාට ලියූ හෑල්ලකි. බස්සිගේ පොත දොරට වැඩීමේ උත්සවයට යාගත නොහැකි වූ නිසා රෙදිත් නැත. බස්සිට සුබපතා ආයතනයට සුබපැතුමක් යවන්නට හිතා උන්නත් මේ ඉලව් වැඩ අස්සේ එයටත් බාලගිරි දෝෂයය.

ගස්ලබ්බා බැඳපු වග දුටිමි. උණුසුම් සුබ පැතුම්...

Anonymoushttp://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.com27