Sunday, November 16, 2014

හූ... රැවටුණා.....

**** අත්යගවශ්යර හේතුවකට මිසක් වෙනත් කුමන හෝ හේතුවකට නැවත ඇයට කතා නොකරන බවට ගත් දැඩි තීරනය නිසාම ඇය හා මා අතර යම් තරමක දුරස්බවත් ඇතිවී තිබුණි. මුහුණුපොතේ ඉඳහිට ඇතිවූ සංවාදත්, සුළුපරිමාණයෙන් සිදුවූ කෙටිපණිවිඩ හුවමාරුවත් මගින් ඇයට මහත් හිසරදයක්ව තිබූ "රැකියාවක් සොයාගැනීම" පිලිබඳ මා දැනුවත් වූ බැවින් ඒ සඳහා මාහට කළහැකි සියල්ල කිරීමට වෙහෙසුනෙමි. දන්නා කියන සමාගම් වල ඇති ඇයට අදාලත්වයක් දක්වන රැකියා සඳහා ඉල්ලුම්පත්රි තොග ගණනින් යැවුවෙමි. මොනයම් හේතුවක් නිසා හෝ ඇය විසින් යැවූ ඉල්ලුම් පත්රා සඳහා නොව මා විසින් යැවූ ඉල්ලුම්පත්ර සඳහා ප්ර තිචාර ලැබීම ඇය තුල යම් ආකාරයක විශ්මයක් ජනිත කිරීමට සමත්වූබව ඇයගේම කෙටිපණිවිඩ මගින් මට දැනුණි. කෙසේ හෝ ඇයත් මාත් සතුටට පත් කරමින් ඇයට රැකියාවක් ලැබුණු අතර ඉතා දිගු නිහැඬියාවකට පසු ඇයට සුබ පැතීමට ඇමතුමක් ගැනීමටසිදුවිය. ****
.
.
.

මා අතහැර තෝරාගත් "....වරයා" සමග තිබු සබඳතාවය බිඳී ගිය බවත්, ඉන්පසු නැවතත් (සතියක පමණ කාලයකට පසු) පරිගණක ක්ෂේත්ර යට සම්බන්ධ තරුණයකු සමග ප්රේ ම සබඳතාවක් ආරම්භකල බවත් ඇගෙන්ම ලද තොරතුරු මගින් දැනගතිමි. "....වරයා" සමග තිබු සබඳතාවය බිඳීගිය කථාන්තරය "උඹට මං පණවගේ ආදරේ..." තුළින් පැවසුවෙමි. ඇයව මගහැරි ....වරයා නැවතත් ඇය වෙත සමීපකිරීමට මා දැරූ උත්සාහයත්, ඒ බව ඇයට පැවසීමට රාත්රීෙ එකොළහට පමණ දුරකථන ඇමතුම් ගන්නාවිට පැය බාගයකට අධික කාලයක් ඇයගේ ජංගම දුරකථනය කාර්යබහුලව තිබු බවත්, පසුදින උදෑසන ඇයව අමතා ....වරයා පිලිබඳ පැවසූවිට "මට ආයෙ එයා ගැන කියන්න එපා" යනුවෙන් කී ආකාරයත්, පෙරදින රාත්රි.යේ තම මිතුරෙක් සමග දුරකතනයෙන් කථාකල නිසා කාර්යබහුලව පැවති බවත් ඇය පැවසුබව මාගේ කාලරේඛාවේ පැහැදිලිව සටහන්ව ඇත.

දින කිහිපයකට පසු ලංකාවේ ප්රකකට පෞද්ගලික අධ්යාඇපන ආයතනයකින් ඉගෙනුම ලැබූ "ඔහු" (පරිගණක ක්ෂේත්රියට සම්බන්ධ තරුණයා) පිළිබඳව මාහට ඇය පවසන ලදි. ඔහු පිළිබඳව මාගේ මිතුරන්ගෙන් අසා පවසන ලෙසත් ඇය පැවසීය. ඔහුගේ සිතේ ඇය පිලිබඳ අදහසක් ඇති බවත්, ඇයටත් එසේ සිතෙන බවත්, ඔහු පිළිබඳවත් ඔහුගේ පෙර ප්රේයම සබඳතා පිළිබඳවත් ගිරවියක මෙන් මා සමග පවසන ලදි. මල තලා රොන් උරා යන බඹරුන් පිළිබඳව පැවසූවිට "පරිස්සම් වෙන්න මං දන්නවා" "වැස්සට ගොඩවෙන මිනිස්සු වැස්ස පායපුවහම යන්න ඉඩ තියනව" වැනි අතිපණ්ඩිත වාක්ය වලින් මාහට පිළිතුරු දුන් ආකාරයත් මා හට තවමත් මතකය. වෙසක් දිනට පෙරදින ඇයත් ඔහුත් අතර ප්රේවම සම්බන්ධය නිළවශයෙන් ආරම්භවූබව ඇය විසින් මාහට පවසන ලදි. "එයා හරි හොඳයි. හරිම ඩීසන්ට්. කෙලින් කතාකරන කෙනෙක්. I like him and love him lot. මගෙ මුළු ලෝකෙම එයා තමයි." ආදී වශයෙන් ඔහු පිලිබඳ දහසකුත් එකක් ගුණ ගායනා ඇය විසින් මාගේ සවනට මුදාහරින ලදි. පවසන වචනයක් වචනයක් පාසා වැරදමා ගසන යකුළුපහරක් සේ හදවතට වේදනා ගෙන දුන්නත් අපහසුවෙන් නමුත් සිනාමුසු මුහුණින් යුතුව සියල්ල විඳදරාගත්තෙමි.

ඉන්පසු ගතවූ මාස කිහිපය තුළ සිදුවූ "පැරණි පෙම්වතෙකු" ලෙස දරාගැනීමට නොහැකි, බ්ලොගයක පල කිරීමට නොහැකි සිද්ධි දාමයකි. ව්යාිජ ආදරයෙන් අන්ධවූ මුග්ධ තරුණියක විසින් කරණුලබන ගොන්කම් සියල්ලම පාහේ ඇය විසින් සිදුකර තිබුණි. ඒ බව දැනගත් සෑම විටකම ප්රූවේශම්වනලෙස මා පැවසු බවත්, ඒ සෑම විටකම ඈ විසින් ඔහු තමාට පණටත් වඩා විශ්වාස බව පැවසු බවත් මා හට තවමත් මතකය. අවසානයේ මාගේ සියලු අනාවැකි සත්යම කරමින් ඔහු ඇය අතහැරදමා ගොස් තිබුණි. හරි හොඳ, හරිම ඩීසන්ට්, කෙලින් කතාකරන ඔහු ඇය හැරදමා ගොස් තිබුණි.



ඇයගේ පළමු පෙම්වතාගේ ඉල්ලීමත් මාගේ සිත තුල තිබු කුතුහලයත් නිසා දිනක් මුහුණුපොත හරහා ඇයගෙන් විස්තර විමසා සිටියෙමි. ජීවිතය සුන්දර බවත් හොඳින් ගෙවීයන බවත් ඇය මා සමග පැවසීය. පරිගණක ක්ෂේත්රායට සම්බන්ධ තරුණයා පිළිබඳව විමසූවිට (මේ වනවිට එම සම්බන්ධය බිඳී ගොස් තිබු බව මා දැන නොසිටියෙමි) ඔහු ඇය හැරදමා ගිය පුවත පරිගණක තිරය මත දිස් විය. "එයා හරි කපටි මනුස්සයෙක් අනේ" වශයෙන් දීර්ඝ කතාවකට මුලපිරූ නමුත් එම කතාව ඇසීමට මාහට සිත් නොවූ නිසාත් එම කතාව පවසන ලෙස මාගෙන් උත්තේජයක් නොලැබුණු නිසාත් කතාව ලත් තැනම ලොප් විය. ඇස් කන් ඇති පුද්ගලයකු වශයෙන් දකින අසන දේ විචාරය කර ලබාගත් උපකල්පනය නිවැරදි බව පසක් කරමින් නැවතත් ඇය වෙනත් ප්රේ ම සම්බන්ධයක් අරඹා තිබුණි. සුන්දර තරුණයකුගේ ගිණුමේ ඇයගේ කමෙන්ටුවක් තිබීමත්, ඔහුගේ චායරුප කිහිපයකට ඇයගේ කැමැත්ත ප්රයකාශව තිබීමත්, ඇයගේ හොඳම යෙහෙලියක් ඉතාමත් මෑතකදී ඔහුගේ මිතුරෙක් බවට පත්ව සිටීමත් ඇයගේ හැසිරීම පිළිබඳව යන්තම් හෝ දැනුමක් ඇති අයෙකුට "උපකල්පනයක්" ගොඩනැංවීමට ප්රමමාණවත්ය.
"මට ..න් හම්බඋනේ බැංකුවේදී. ජොබ් එකේ සල්ලි දාගන්න එකවුන්ට් එකක් හදන්න ගියහම තමයි එයාව අඳුන ගත්තෙ"
"එයා අපේ ගෙදරින් කෙලින්ම ඇවිත් ඇහුව. අපේ කේන්දරත් ගැලපෙනව. මගෙ අඟහරු හතේ, එයාගෙ අටේ ඒ හින්ද ගැලපෙනවලු"
"ලබන මාසෙ එයාලගේ ගෙදරින් මාව බලන්න එනවලු"
"ඊළඟ අවුරුදු දෙකේදී බැන්දේ නැත්තං මට බඳින්න වෙන්නෙ තිහ පැන්නහමලු"
ආයෙත් කියවිල්ල.
"මගේ හිතේ දැන් වැඩියේ බලාපොරොත්තු නෑ"
සුපුරුදු පරණ තැටිය....
"අපි දෙන්න බැන්දහම රට යන්න ඉන්නෙ. එයාගෙ ගෙදරත් ඉන්නෙ එයා විතරයි. අම්මල බලාගන්න සර්වන්ට් කෙනෙක් තියනව."
ආයෙත් අහස්මාළිගා......
"මොකක්ද අනේ මේ දාල තියන ප්රොනෆයිල් පික්චර් එක. වෙන එකක් තිබ්බෙම නැද්ද දාන්න"
"දාන්න එකක් නැත්නම් මගේ ෆොටෝ එකක් දාන්න"
ආයෙත් හුරතලේ..............
ඕනි මංගල්යලයක් කියා මා විසින් අලුත් කොල්ලට මිතුරු ඇරයුමක් යවන ලදි. දින කිහිපයකට පසු මිතුරු ඇරයුම පිළිගන්නා ලදි. සතියකට පමණ පසු ඔහුගේ උපන්දිනයට සුබපැතුමක්ද මුහුණුපොත හරහා යැවුවෙමි. දිනදෙකකට පමණ පසු එම පණිවිඩය දුටු බවත්, තවත් දින කිහිපයකට පසු
"Thanks"
මගෙන් සිනහ මුහුණක්"
.
.
.

ඔහු : - R U frnd of [ඇයගේ නම] ?
මම : - yap
ඔහු : - k fine
මම :- you?
ඔහු : - frnd
මම : - (y)
ඔහු : - hw is she?
මම : - good as friend
ඔහු : - මම [ඇයගේ නම]
ඔහු (දැන් ඇය) : - හූ හූ රැවටුණා..
මම : - ඇත්තද? කමක් නෑ මට පේන්නෙ නෑනේ
ඇය : - පවු
මම : - කවුද?
ඇය : - ඔයා
මිනිත්තු කිහිපයකට පසුව ජංගම දුරකතනයට පණිවිඩයක්
"හූ හූ පවු අනේ"
මගෙන් කිසිදු ප්රේතිචාරයක් නොමැත
පැය තුනකට පමණ පසු
"මාත් එක්ක තරහද?"
මගෙන් පිළිතුරක් නැත.
.
.
.

මා රැවටුනේ බොහෝ කලකට කලින් බව මට ටික කලකට පෙර සිටම වැටහී තිබුණි. තවත් අමුතුවෙන් රැවටෙන්නට දෙයක් නැත. නැවත රැවටීමට ඇයට හැකියාවක්ද නොමැත. මාගේ සිත තුල ඇය කෙරෙහි වූ ආදරය පෙරලුනේ අනුකම්පාවකටද නැත්නම් හිරිකිතයකටද යන්න තවමත් මට පැහැදිලි නැත. බොහෝ දුරට ඒ ද්විත්වයේ මුහුමක් විය හැක. නැවත ඇය මාවෙත පැමිණියහොත් ඇයව බාරගැනීමට පටු ඉඩක් ඇත. නමුත් ඒ ආදරය නිසානම් නොවන බව මට සක්සුදක් සේ පැහැදිළිය.


රොටියාගේ සටහන: මෙය රොටියා ලියූ ලිපියක් හෙම නොවේ. අයිතිය මුල් කතෘට..  

1 comment: