වසර ගණනාවකින් විවෘත නොකරන ලද ලි පෙට්ටිය ලඟට කාලිදාස ඇවිද ගියේ සෙමෙනි. පෙට්ටිය වටා තිබෙන අවපැහැති ලෝහ පතුරු තනි රත්තරනින් නිම කර ඇති බව දන්නේ ඔහුම පමණි.
කළුවර ලීයෙන් තනා ඇතැයි පෙනෙන පෙට්ටිය විවෘත කිරීමට අගුලක් නොවිණි. කල්පනා භරිතව පෙට්ටියේ උඩු පැත්ත දකුනතෙන් පිරිමැදී ඔහු අවසානයේ සිය තීරණය වෙනස් කර නැවත සිය මේසය ලඟට පියමැන්නේය.
මේසය උඩ අඩක් ලියා තිබූ ලිපිය නැවත කියවූ ඔහු එය මේස ලාම්පු දැල්ලට අල්ලා පුළුස්සා දැම්මේය. වොට් හැටක විදුලි පහනක් ඉහලින් තිබුනද සවස හය වනවිට ඔහුගේ මේස ලාම්පුව දල්වා තැබීම හැමදාම පුරුද්දක් ලෙස සිදු කළේ සාමාය.
පහන ලග විසිරි තිබුණු අළු ගොඩෙන් කියැවුනේ මේ රාත්‍රියේ ඔහු විසින් පුලුසන්නට යෙදුනු පළවැනි ලියවිල්ල මෙය නොවන බවය. එසේම එය පුළුස්සනු ලැබූ අන්තිම ලියවිල්ලත් නොවෙනු ඇත.
අලුත් කඩදාසියක නැවත යමක් සටහන් කල කාලිදාස හදිස්සියේම නැවත සිය අල්මාරිය වෙත ගියේය. එහි මැද ලෑල්ලෙහි වුයේ ඔහුත් සාමාත් පමණක් දැන සිටි රහස් ලාච්චුවකි. ඔහු විශේෂ ආකාරයකට එහි අගුල පන්නා එතුල තිබූ යමක් එලියට ගත්තේය.
විශේෂ හැඩයකට කපන ලද කරුංක ගෙඩියකට මදක් විසාල නිල් මැණික දෙස මද වෙලාවක් බලා උන් ඔහු එය ඇතුලට දමා නැවත ඉන් ලියුම් දෙක තුනක් එලියට ගත්තේය.. ඒවා අමරබන්දු විසින් වසර කිහිපයට වරක් ඔහුට ලියා එවන ලද ඒවාය
අල්මාරිය නිසිසේ වැසුණු බව දෙතුන් වරක් තහවුරු කරගත් හෙතෙම ලිපි හතර හෝ පහ ගෙන මේසය ළඟ වාඩි වූවේය
වසර හැට පහකට පෙර දිනයක
'මට විශ්වාස කරන්නත් බැහැ ඔබ එය සොයා ගත් බව. මතක තියා ගන්න පළමු වැන්නා යනු හැම වෙලේම අන්තිමයා නොවෙන බව'
කාලිදාසගේ කට කොනකට සිනාවක් නැගුනේ අමරබන්දුව සිහිවීමෙනි. මේ ලිපිය ඒවා මසකින් ඔහු තමාව හමුවීමට පැමිණි ආකාරය ඔහු මතක් කළේය
දෙවැනි ලිපිය පළවැනි එකට වඩා දීර්ග විය
'ඔබව මුණගැහි අවුරුදු අටක් ගෙවී ගිහින්. පුදුමයි නේද.. තාමත් මට එය අමතක කරන්නට බැහැ. ඔබ කරන්නට යන දේ කරන්න මේලෝකේ කිසිම කෙනෙක් සුදානම් යයි මම හිතන්නේ නැහැ. මමත් කියන්නේ ඔබට නැවත වරක් සිතා බලන ලෙසයි. දැන් ඔබ ඔබේ පමණක් නෙවෙයි
සාමාවත් ආදරයෙන් මතක් කල බව කියන්න'
කාලිදාසගේ හද උණුසුම් වුයේ සාමා ව සිහිවීමෙනි. ඈ තමාගේ ජිවිතයට කෙතරම් බද්ධ වුවාද....
තෙවැන්න කෙටිය. නමුත් සිදුවීම් බහුලය
'ඔබ මගේ හිස මත ගිනි ගොඩක් පැටවූ බවක් මට දැනෙනවා. මා මෙයට සුදුසුද?..
සාමාට සහ මිත්‍රට මගේ ආදරය මේ සමග එවූ බව ඔවුන්ට කියන්න'
කාලිදාස දීර්ග කල්පනාවකට වැටුනේය. තමා වසින් සිදු කල කිසිම දෙයක් අමරබන්දු නොවන්නට සිහින පමණක්ම වන්නට ඉඩ තිබූ බව හෙතෙම සිහිකලේ මිත්‍රත්වයෙනි.
මෙයින් පසු ලියුම් කිහිපයක්ම පසු කාල වල පුළුස්සා විනාශ කළේ අමරබන්දුගේ ඉල්ලීම පිටය. ඉතිරිව ඇත්තේ තව එක ලිපියකි. එය තමාට ලැබුනේ පෙරේදාය
'කාලිදාස වෙත දන්වා සිටින වග
මා මෙය ලියන්නේ මා මිත්‍ර අමරබන්දුගේ ඉල්ලීම මතය. සතියකට පෙර අපේ මිත්‍රයා හදිසියේම රෝගී ඇඳට වැටුණු හෙයින් මෙය ලිවීමට තරම් ඔහුට සනීපයක් නැත.
ඔහු දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඔබට ලියන ලෙසයි. මට හැඟෙන ලෙස ඔහුගේ කල්පනාවේ පොඩි පරහක් ඇත. නමුත් ඔහු දැඩිව ඉල්ලා සිටින්නේ ඔහුගේ වචන වලින්ම මෙය ලියා එවන ලෙසයි. මේ සමග අමුණා ඇත්තේ ඔහුගේ පණිවුඩයයි. එය ඔබට ලැබුණු බව තහවුරු වන තෙක් ඔහු කෑම බිම වර්ජනයේ යෙදී සිටියි
සිසිර.
ඒ සමග වෙනත් කොලයක අමරබන්දුගේ පණිවුඩය සටහන් කොට තිබිණි
"මම ඔහුව දුටුවා. එනිසා ඔබව ආයේ මගේ දෑහට දකින්න මට ඕනෑ නැහැ.
හිට්ලර් ඉරානේ හිටියනං ගිසාත් ෆ්ලැට් බං.... හ්හ් හ්හ්.........."
ඒ සමගම ඇසුණු ශබ්දයකින් කාලිදාස හිස ඔසවා ජනේලය දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු ත්‍රස්ත විය. මේ ඒ දෑසමය...
ක්ෂණික දිලිසීමක් සමගම සිය කුස පෙදෙස හිරි වැටෙන සෙයක් ඔහුට දැනුනි. ඒ සමගම ඔහු බිම ඉන්දවිණි
මේස් බැනියම තෙමාගෙන ගලා යන්නේ මොනවාදැයි නැවත බලන්නට උවමනා නොවිණි..දෑස් නිලංකාර වෙනවාත් සමග ඔහු ඉතිරිව තිබූ මුළු ශක්තිය යොදා කෑ ගැසීය
"විශ්ව........."
ඉතිරිය බලාපොරොත්තුවන්න..

ඉතිරිය බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම
ReplyDeleteභයානක රසය තියන කතාවක් වගේ....
ReplyDeleteඉතිරි කොටස් උවමනායි..
ReplyDelete