ඩාඩියාගේ ලෝකය -01
ඩාඩියාගේ ලෝකය -02
ඩාඩියාගේ ලෝකය -03
තමා ඇසු දෙයින් කම්පනයට පත් ඩාඩියාට මද වෙලාවක් ගතවන තුරු වචන අමතක උනේය. ආගන්තුක තරුණයා ඈ දෙස සමච්චලය මිශ්රිත සිනාවක් ඇතුව බලා උන්නේය.
"මොනවා.. ඈට පුතෙක් ඉන්නවාද" ඩාඩියාගේ ස්වරය කම්පනය වන සුළු විය.
"ඔව්.. ඈ පුතුන් දෙදෙනෙකුට රහසේම උපත දුන්නා. එයින් කෙනෙක් ලාබාල වයසේදීම පියා විසින් රැගෙන යනු ලැබුවා. ඈ සමග ඉතුරු උනේ මා පමණයි. ඈ පුතුන් දෙදෙනෙකු හදා වඩා ගත්තේ විශාල අවධානමක් අරගෙනයි"
"එතකොට ඔබේ පියා.."
"එය රහසක්. මට ඔහුගේ මුහුණ යන්තමින් මතකයි. මා දන්නා එකම දෙය මගේ මවට ඔහු සමග යාමට නොහැකි බවයි. ප්රධාන නළගන ධූරය සමගම ඈට පූජකයන් විසින් ලබා දුන් කිසියම් බෙහෙතක් නිසා ඈට නයිල් නදියේ ජලය හැරෙන්නට වෙන කිසිම තැනක ජලය පානය කරන්නට බැහැ. එය කරුමයක්"
"මොකද්ද කරුමය කියන්නේ" ඩාඩියා ඒ වදන ඇසුවේ ජිවිතයේ පළමු වතාවටය.
තරුණයා හිනැහුණේ වරද සහගත ලෙසය. "මගේ මුළු ජිවිතයම ගෙවෙන්නේ මේ බිම්මහලේ නිසා මට හුඟාක් කාලය තියෙනවා. මම රෙදි වියනවා. ඉතුරු කාලයේදී පොත් කියවනවා. අපිට ඉතා ඈත ජම්බුද්වීපය නම් රට බුද්ධ නම් කෙනෙකුගේ ඉගැන්වීම් වලට මම ඉතා ප්රියයි. කර්මය ඔහුගේ ඉගැන්වීමක්"
ඩාඩියා නිසල විලක් බඳු තරුණයාගේ කළුපැහැ දෙනෙත් දෙස බලාගෙන උන්නාය. තම ජිවිතයේ හැම දෙයක්ම පාලනය කරන්නට පැමිණෙන පූජකයන්ගෙන් මිදී ජම්බුද්වීපය නම් රටට ගොස් මේ තරුණයා සමග වාසය කරන්නට හදිසියේම ඈට ආසාවක් පහල උනේය.
**************************
සෑහෙන වෙලාවක් තිබූ කලබලය නිමවී නර්තන ගෘහය යලිත් සාමකාමී වූයේ ආගන් නික්ම යෑමෙන් ඉක්බිතිවය. නර්තන ගෘහයේ සියල්ලෝම පෙලට සිටුවා නිරුවත් කරන්නට ආගන් ලබා දුන් නියෝගයට සිසිලියාට පෙර පාරාවෝ රැජිණ විරුද්ධ වූවාය.
"ආගන්, ඔබ තිස් නව වසරක් පුරා දෙවියන්ට සේවය කරත් දේව කැමැත්ත ඉගෙන ගෙන නැද්ද? එවැනි දෙයක් සිදු කරනවා නම් දෙවියන් , දේව පුත්රයින්, රජතුමා අනිවාර්යෙන්ම සහබාගි වෙන්න ඕනෑ. කන්යාවියන් පුරා දවස් තිස් දෙකක් පුජාවන්හි යෙදෙන්නට ඕනෑ. සිසිලියා විසින් අධිගෘහිත පුජාව තබන්න ඕනෑ. ඔබ ඔය කතා කරන්නේ හොඳ සිහියෙන්ද"
තමාට පෙර ප්රධාන පූජක ධූරයේ හුන් 'අහ්මෙට්' නම් පුජකයාට බෙහෙවින්ම වැදුම් පිදුම් කලේ පාරාවෝ රැජිනය. ඔහු වෙනුවෙන් සතියකට වරක් පළමු පෙලේ නර්තන සැන්දෑවන් සංවිධානය කලේද රැජිනමය. ඔහුට රති පූජාවන් සංවිධානය කලේද ඈමය. අවසානයේ ඊජිප්තුවේ සෞභාග්ය පතා ඔහුට හළාහල පුජාවක් සංවිධානය කලේද මේ රැජිනමය.
වහලෙකු කසයට බියෙන් වැඩ කරන්නනේ යම් සේද , බෙහෙවින් රතුව හුන් අහ්මෙට් තමාගේ අවසාන පුජාව සිද්ද කලේ ද එලෙසමය. හළාහල පුජාවේදී පුජකවරුන්ට ලබා දෙන්නේ සාමාන්ය මිනිසුන්ට ලබාදෙන විෂට වඩා වෙනස් විෂ වර්ගයක්ය. පුරාණයේ සිට පැවත එන පරිදි ඉක්මණින් මරණයට පත් වෙන්නාට තමාගේ මරණින් පසු ජිවිතයට සුදානම් වීමට කාලයක් නැත. එනිසා ඔහුගේ මරණින් මතු ජීවිතය වේදනාකාරිය. එනිසා හළාහල පුජාවේදී පුජකයන්ට ලබා දෙන්නේ ඉතා සෙමෙන් ක්රියාත්මක වන සහ සිරුර මමිකරණයට පහසු වන විෂ වර්ගයකි. මරණින් මතු ජීවිතය වාසනාවන්ත වීම කෙසේ වෙතත් අහ්මෙට් දින තුනක් පුරා නොවිදිනා දුක් වින්දේය. වස පානය කිරීමෙන් අනතුරුව පැය දොළහක් ඔහු විසින් ඉතා ස්ත්රෝත්ර කියවන්නට යෙදුනද ඉන් අනතුරුව ඔහුගේ කටහඬ පැටලුන සැටිත්, සිරුර පුරා ලේ ගඩු මතුවී පුපුරා ගිය හැටිත් , ඔහුගේ මර ලතෝනිය අස්සේම පිරමිඩය වසා දැමූ හැටිත්, අනතුරුව තමා තවමත් ජිවත් වන බව අඟවන සීනුව ඔහු විසින් නොකඩවා හඬවන්නට පටන් ගත් නිසා පුජකවරු රහසේම සීනුවේ හඬ අඩු කල සැටිත්, සිව්වන දිනයේ ඔහුගේ සිරුර දෙවියන්ට බාර කිරීම පිණිස (මමිකරණය) පිරමිඩය තුලට යනවිට ලේ ගඩු පුපුරා තිබූ ඔහුගේ මෘත දේහයත් ආගන්ට හොදින් මතක තිබූ නිසා හෙතෙම ව්යාජ සිනාවක් පා රැජිනගෙන් බැගෑපත්ව සමාව ඉල්ලා ඉක්මණින් පිටව ගියේය.
************************
"ඔබ ඉතා ලස්සනයි" තරුණයා හිටිහැටියේම ඩාඩියාට පැවසුවේය.
ඩාඩියා රතු වූවාය. ඇගේ හැසිරීම තරුණයාට ගෙන ආවේ ආගන්තුක මිහිරකි.
හදිසියේම දිගු ශාලාවේ අඳුරු කෙලවර ආලෝකයක් මතුවිය. මොහොතකින් එතැනට පැමිණියේ සිසිලියාය.සිය පුතා ඩාඩියා සමග සල්ලාපයේ යෙදෙන අයුරු දුටු ඈ යන්තමින් සිනා වූවාය.
"විමන්සට මිතුරියක් ලැබී ඇති හැඩයි" ඈ පළමුව කතා කලේ සිය පුත්රයාටය.
ඩාඩියා එවැනි නමක් ඇසුවේ පළමු වතාවටය.එය ඈට ඇසුනේ සංගීතයක් ලෙසය.
"ඈ හොඳටම බිය වෙලා උන්නේ අම්මා. මට ඈට කැමැත්තක් ඇතිවුණු නිසා කතා කරන්නට සිතුනා"
"ඒක හොඳයි. කොහොමත් ඈට ටික දිනක් මෙහිම ඉන්න වෙනවා. ඈ ඉන්න තැන දැන ගත යුත්තේ අප දෙදෙනා සහ හීලියා පමණයි"
"හීලියා.. ඒ තක්කඩි කෙල්ල රහස රකිවිද අම්මා"
"මට ඔබට වඩා ඈව විස්වාසයි" සිසිලියා සිය පුත්රයාට කතා කලේ හුරතලයෙනි. අනතුරුව ඈ ඩාඩියා දෙසට හැරුණාය.
"සැඟවෙන්න හැදුවාට ඔබවම ඔහු දැකපු අයුරු හරි පුදුමයි නේද. ඔහුට පුදුමාකාර ඉවක් තියෙනවා ඔහුගෙන් සැඟවෙන අයව සොයාගන්න"
ඩාඩියා හිස පහත් කර ගත්තාය. සිසිලියාට ඈ ගැන කණගාටුවක් ඇතිවුනේය.
"ඔබ පැමිණි දා ඉඳල මට ඔබව විශේෂයි. බොහෝ කෙල්ලන් ආගන් ගේ පහස සලකන්නේ ගෞරවයක් හැටියටයි. මීට පෙර මම කෙල්ලන් තුන් දෙනෙක් ඔහුගෙන් ගලවා ගත්තා. ඔවුන් තුන් දෙනාම දැන් ඉතා හොර රහසේ නමුත් සතුටින් ජිවත් වෙනවා"
"ඔබතුමියගේ කරුණාව ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" ඩාඩියා තෙපලුවේ සිහින් ස්වරයෙනි.
"ඔබට මෙහිම කුටියක් මම පෙන්වන්නම්. මම අනෙක් අයට කියන්නේ ඔබව "සෙත්" දෙවියන් කැඳවා ඇති බවයි. එවිට ඔවුන් නිහඬ වේවි"
ඩාඩියා හිස සැලුවාය.
කලබල වලට අධිපති වූ නිසාම ඊජිප්තුවේ සියල්ලෝම 'සෙත්' දෙවියන් ගේ බැල්මෙන් සැඟවී සිටීමට බොහෝ සෙයින් වෑයම් කළහ. යමෙකුට 'සෙත්' ගේ බැල්ම වැටි ඇත්නම්, ඒ තැනැත්තා ගැන කතා කළහොත් 'සෙත් ' ඊළඟට තමුන් පසුපස පැමිණෙන බව පුරාණයේ සිටම ඊජිප්තුවේ පැවති විශ්වාසයකි.
මීළඟ කොටසට...
Showing posts with label ඩාඩියාගේ ලෝකය. Show all posts

Thursday, August 17, 2017
Monday, May 22, 2017
ඩාඩියාගේ ලෝකය -03
ඩාඩියාගේ ලෝකය -01
ඩාඩියාගේ ලෝකය -02
වරක් දුටු විට නැවත බලන්නට සිත්වෙන, ඔලිව් පැහැති දෙනෙත තුල කිමිදුනු ආගන් කෑදර සිනහවකින් මුව සරසාගෙන නැවත නර්ථනය දෙසට හැරුණේය. ගනකම මුව වැස්මකින් වැසී තිබුණු හෙයින් ඇගේ මුහුණේ හැඩරුව නොදුටුවද ඇගේ උස පළල සියල්ලම ආගන්ට නිවැරදිවම මතකය.
අනෙක් අතට වසර ගණනක් පුරාවටම ප්රධාන නළගන නිළය හොබවන සිසිලියා ට තිබුනේද තීක්ෂණ දෙනෙතක් මෙන්ම ආගන්ට නොදෙවෙනි විචාර බුද්ධියකි. ඇගේ නොකැළැල් සමෙහි වූ රහස, පන් සාලිස් වසරක් වුවද ඈ තවමත් විසි වයස් මෙන් පෙනුම දෙන රහස, රූමත් යුවතියන් පීරී පවතින නළගන ගෘහය මේ සා විධිමත්මව පවත්වා ගෙන යාමේ රහස මෙන්ම ඇගේ යටි සිතේ ඇතුල් පැත්තේ ආගන් පිළිබඳව තිබූ කැකෑරෙන වයිරය ද අනෙක් අයට රහසක්ම විය. කොපමණ දක්ෂ නිලියක් වුවද ඈ තුල ආගන් කෙරෙහි ඇති අකමැත්ත සියල්ලෝම දැන සිටි අතර, කවුරුත් නොදන්නා යම් හේතුවක් නිසා ආගන්ද සිසිලියාට පිළිකුල මිශ්ර බියක් දැක්වූයේය. ඉහල සමාජයේ පාරාවෝ රැජිණ හැරෙන්නට අනෙක් සියලුම දෙනා ආගන්ට අකමැති වූ නිසා සිසිලියාගේ අකමැත්ත සාමාන්ය දෙයක් ලෙස සියල්ලෝම බාරගෙන සිටියහ.
නර්ථනය අවසානයේ හිත් ඇදගන්නා කෙල්ලක දුටු සෑම විටෙකම සිදු කරන නාට්යාකාර රංගනය සිදු කරමින් ආගන් ඩාඩියා ඉඳ උන් පැත්තට හැරුණේය. ඒ ක්ෂණයකින් තමාට කොතැන හෝ වැරදුන බව ඔහුට තේරුම් ගියේය. දහස් ගණන් කන්යාවියන් ඇසුරු කර තිබූ ආගන්ට ඇඳුම් පැළදුම් එකම වුවාට මේ ඉන්නේ වෙනත් එකියක්ය යන්න දැන ගැනීමට අවැසි වුයේ එක බැල්මක් පමණකි.
***********************
සාමාන්ය නාටිකාවන්ට ඇතුල් වීමට තහනම් කලාපයේ කුඩා කුටියක ඩාඩියා උක්කුටියෙන් ඉඳගෙන ගැහෙමින් උන්නේ සීතලට නොවේය. ආගන්ගේ රුදුරු දෑතින් නූලෙන් ගැලවුණු සිය ජීවිතය ගැන ඈ උන්නේ විස්මයට පත්වය. රංගනය පටන් ගත් පසු රංග ශාලාවෙන් පිටවීමට කිසිවෙකුට තහනම්ය. එසේවුවහොත් රංගනයේ යෙදෙන නාට්යංගනාවන්ට වසර පහක් යනතුරු දෙවියන්ගේ බැල්ම නොලැබෙන බවට ගෘහයේ සියල්ලෝම ඒකමතිකව පිළිගෙන උන්නෝය. එනිසා මෙවැනි නර්තන සැන්දෑවන්හිදී සිසිලියා නාට්ය ශාලාව පුරා සීනු පද්ධති සක්රීය කරන්නීය. එවිට යමෙක් ශාලාවෙන් පිටවෙන්න තැත් කරන විට මහ හඬින් සීනුවක් නාද වන්නේය. ඒ සීනු පද්ධතිය ඉතා ඈත පාරදීසියක වෙසෙන රාවණා නම් ඉතා කඩවසම් රජ කෙනෙකුගෙන් සිසිලියා ලද තිළිණයක් බව ඩාඩියා දැන උන්නේ හිලියාගේ ඕපාදුප නිසාය
ඊජිප්තුවෙන් සොයාගත් අනුනාකි අභ්යවකාශ යානාවේ රූ සටහන. මහා රාවණා රජතුමාගේ දඬුමොණර යන්ත්රයද මෙයට සමානය
ඩාඩියා විසින් තමා මොහොතකින් ආගන්ට හසුවන බව සක්සුදක් සේ වටහාගෙන ඉන්නා විටය හීලියා පැමිණියේ. පසු පෙලෙහිම වාඩි වී උන් ඩාඩියාව සිසිලියාගේ නියෝගයකට අනුව බව පවසමින්, කිසිවෙකුට නොපෙනී හීලියා විසින් කැඳවාගෙන ගිය අතර මොහොතකින් ඈ උන්නේ රහස් උමගකය. ඩාඩියාගේ ඇඟලුම් ක්ෂනිකයකින් උනාගත් හීලියා ඈට උමගේ පසෙකින් තිබූ මේ කුටියේ සිටින ලෙස දන්වා අතුරුදහන් වූවාය. සිදුවූ කිසිම දෙයක් පිළිබඳව පැහැදිලි වැටහීමකින් තොරව ඈ අතිශය බියටත් තොන්තුවටත් පත්ව උන්නාය.
තමා දෙස කිසිවෙක් බලන් ඉන්නේය යන ගුප්ත හැඟීමකින් හිස ඔසවා බැලූ ඩාඩියා දුටුවේ තමුන් ඉදිරිපිට තිබූ කහපැහැති ලෝගුවය. ඈ වහා එය රැගෙන වතට දමා ගත්තාය. මොහොතකින් අඳුරෙන් මතුවූයේ තරුණයෙකි. ඔහු උස්ය. තද දුඹුරු පැහැතිය. කඩවසම්ය. පිරිමි පුළුටක් නැති නළගන ගෘහයේ උන් තරුණයා දුටු ඩාඩියා විස්මයට පත්ව මුව විවර කලද තරුණයා වහා අත පා එය වැලකීය.
"මේ සැරේ කවුරු හින්දද" ඔහුගේ කටහඬේ රැඳී තිබුණේ කෝපයක් නොව උපහාසයකි
ඩාඩියා විස්මයට පත් දෙනෙතින් ඔහු දෙස බැලුවාය.
"පුදුම වෙන්න කාරණාවක් නෑ. ඉඳල හිටලා ඔයවගේ දේවල් මෙතැන සිද්ද වෙනවා. හැබැයි එහෙම වෙන්න ඔබ සිසිලියාගේ ප්රියතමයෙක් වෙන්න ඕනෑ" තරුණයා ඇසුවේ ප්රශ්නයකි.
"නෑ එහෙම දෙයක් නෑ. මම තුන්වෙනි පංතියේ නාට්යංගනාවක්" ඩාඩියා පැවසුවේ සෙමිනි. සිය සොහොයුරියන් අතරින් තමා සිය මවගේවත් ප්රියතමයා නොවූ බව ඈ තරුණයාට පැවසුවේ නැත.
"ඔය වගේ ඇස් දෙකක් තියාගෙන"
ඩාඩියා සිය දෙනෙත වසා ගත්තේ මුහුණ පුරා ලා රතක් ඉහිරී යද්දීය.
"ඔබ හරිම ලස්සනයි. ඇයි ඔබ අද තරඟ නොකරන්නේ"
"මා තෝරාගත්තේ තෙවෙනි පන්තියයි. මට වඩා ලස්සන, දක්ෂ අය බොහෝම දෙනෙක් මෙතැන ඉන්නවා"
"එහෙනම් සිසිලියා ඔබට කැමති වීම පුදුමයක් නෙවෙයි"
***********************
ආගන් උන්නේ කෝප වූ කොටියෙකු ලෙසය. ඔලිව් පැහැති දෑසේ හිමිකාරිය සොයාගෙන ඈව මේ පිරිස මැද නිරුවත් කර ප්රසිද්දියේ දුෂණය කරන්නට හටගත් වියරු ආශාවෙන් ඔහු දැවෙමින් උන්නේය. ශාලාවේ උන් කිසිම කෙනෙකුට හඩක් නොනැගෙන සේ මෙයින් පිටවිය නොහැකි බව සිසිලියා විසින් ඔහුට ඔප්පු කර පෙන්වා තිබුණාය. ඔලිව් පැහැති දෑස දුටු තැන දැන් උන්නේ කළු පැහැති දෑසක් ඇති යුවතියකි. පාරාවෝ රැජිණගේ අදහස වුයේ ආගන් දැක ඇත්තේ මරණයට අධිපති ඔසිරිස් දෙවඟන බවයි.
"ඈ පැමිණෙන්න ඇත්තේ ඔබේ මරණින් මතු ජීවිතය වාසනාවන්ත බව පෙන්වන්නයි" ඕ ආගන්ට පැවසුවාය. සිසිලියා හැඟීමක් නැති මුහුණකින් බලාගෙන උන්නාය.
තමා දුටුවේ ඔසිරිස් නොවන බව ආගන්ට දිවුරන්නට පුළුවන් කම තිබුනේය.
***********************
"ඔබ කව්ද" ඩාඩියා විමසුවේ ආගන්තුක තරුනයාගෙනි.
"මම සිසිලියාගේ එකම පුතා"
~ ඊළඟ කොටසට

Monday, April 17, 2017
ඩාඩියාගේ ලෝකය -02
පළමු කොටස
නයිල් නදි ඉහත්තාවේ දාරුමය වේදිකාවක සිටන් උන් ඩාඩියා ඇදන් හිඳි සුදු ලෝගුව සුළගේ ලෙල දෙමින් තිබුනේය. පුජකවරුන් විසින් නොනවත්වාම දල්වා තිබූ අබිං මිශ්ර විෂ ධුමය නිසා ඩාඩියා තමා වටා උන් නිරුවත් දරුවන් පහළොස් දෙනා දුටුවේද අපහසුවෙනි. පුරා දෙහොරාවකට අධික කාලයක් ස්ත්රෝත්ර ගායනයේ යෙදුනු ආගන් සෙමෙන් සෙමෙන් ලී වේදිකාවට ගොඩ වත්ම එහි රැස්ව උන්නෝ දෙපසට වී මහත් භක්තියෙන් යුතුව ඔහුට ඉඩසර ලබා දුන්නෝය. අනතුරුව කුඩා දරුවෙකු දෝතින් ඔසවා ගත් ඔහු දරුවාගේ නළල සිඹ මන්ත්ර වගයක් ජපකර එක්වරම ඒ දරුවා නදියට විසි කළේය. ඒ දසුනින් හොඳටම බියපත්ව උන් ඉතිරි දරුවන් වෙර යොදා ග්රහණය කරගත් සෙසු පුජකවරුන් ඔවුන් එකා බැගින් දියට විසිකර දමන අයුරුත්, ආගන් කුරිරු සිනාවක් පාමින් තමා දෙසට පැමිණෙන පැමිණෙන අයුරුත් දුටු ඩාඩියා හැකි වෙර යොදා කෑ ගැසුවාය.
----------------------------------------------------
ඈ උන්නේ වෙවුලමිනි. තමා සිහිනෙන් දුටු භීෂණයේ සැබෑවටම උන්නේ තමා නොවන බව පසක් කර ගැනීමටද ඈට ටික වෙලාවක් ගතවිය. අනතුරුව මහ හඩින් හඬමින් සිටියදී දියට විසි කර දැමූ තම වැඩිමල් සොහොයුරා සහ අබිං දුමෙන් හොඳ හැටි මත්වීම නිසා කිසිම විරුද්ධත්වයකින් තොරවම දියට විසිකළ කුඩා සොයුරා මෙන්ම ආගන්ගේ කුරිරු හස්තයට අසුවුණු රූමත් යුවතිය පිළිබඳව සිතමින් ඩාඩියා බොහෝ වෙලාවක් හඬා වැටුනාය.
උදෑසන පළමු සීනුව නාද වෙනවාත් සමගම ඈ වා කවුළු විවර කලාය. නොබෝ වෙලාවකින් ඇගේ පරිවාර යුවතිය කුටියට පැමිණෙන බව ඈ දැන් දන්නීය. රාජකීය නලගනක ලෙස තමා මෙහි සිටින තාක් කල් මෙම කාල සටහනට අනුව වැඩ කල යුතු බව ඈ ඉගෙන ගෙන සිටින්නීය.
ඩාඩියාගේ පරිවාර යුවතිය හීලියා දොඩමලු කුඩා කෙල්ලක් හෙයින් පුජක ගෙවල් මෙන්ම මන්දිර ඇතුලත සිදුවන බොහෝ දේවල් ඩාඩියා මේ සතිය අවසන් වන විට දැනගෙන උන්නාය. ආගන් පහළොස් හැවිරිදි වියේදී ඇසුරු කල රාජකීය නළගනට ආගන්ට දාව ලැබුණු දියණිය වයස නවයක් වන විටම ආගන් විසින්ම කෙලෙසු හැටිත් ඒ කුඩා දැරිය බිහි කල දරුවාද වැඩිවිය පැමිණි විට ආගන් විසින් නතු කරගන්නට උත්සහ ගත් අයුරුත්, ඒ වන විටත් වෙන තරුණයෙකු ඇසුරු කරමින් සිටි යුවතිය, තමන්ගේ පියා මෙන්ම සීයාද වන ආගන්ව ප්රතික්ෂේප කල අයුරුත්, වියරු වැටුණු ආගන් පාරාවෝ රැජින නම්මාගෙන මහා පුජා උත්සවයක් සංවිධානය කොට ඒ රූමත් යුවතියව ඇගේ කැමැත්තට විරුද්දව දෙවියන්ට කැප කොට ආගන් විසින්ම ප්රසිද්ධ දුෂණයකට ලක් කොට අනතුරුව මහා නයිල් පුජාවේදී ඈව නයිල් නදියට බිලි කල අයුරුත් හීලියා විසින් පුරා තෙදිනක් පුරා ඩාඩියාට පවන්නට යෙදුනාය.
නළගනන්ට සිය නර්තන ඇදුම් තෝරා ගැනීමට ඉඩ දුන් අවස්ථාවේ ඩාඩියා විසින් තෝරාගත්තේ ඈට අඩුම වටිනාකමක් ලබා දෙන ඇදුම් කට්ටලයයි. නාටිකාංගනාවන් සිය සයනයට ගැනීමේදී ඔවුන්ගේ පෙනුම මෙන්ම තත්වය ගැන සිතන රජවරු, සිටුවරු මෙන්ම පුජකවරු ඩාඩියා තෝරාගත් ශ්වේත ලෝගුව හා මුව වැස්ම සහිත අඩු වටිනාකමැති නළගනන් දෙස නොබලන බව ඈට කියා දුන්නේ හීලියාය.
රූමත් යුවතියන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වුනු ඩාඩියාගේ නර්තන කණ්ඩායමේ හුන් ඉතාමත්ම දඟකාර, ඉඟි බිඟි සහිත යුවතියන් පස්දෙනා අතර වටිනාම නාටිකාංගනාව වීම පිණිස ඇතිවුණු තරඟය හේතුවෙන්, ඊට මැදිහත් වීමට ප්රධාන නළඟන මෙන්ම නළඟන ගෘහයේ අධිපතිනිය වූ සිසිලියාට සිද්ද උනේය. කෙල්ලන් පස් දෙනාම එකසේ දක්ෂ බැවින් ඒ පිළිබඳව තනි තීරණයකට පැමිණීම සිසිලියාටද දුෂ්කර විය. අනතුරුව ඈ එදින රාත්රියේදී ඔවුන් පස්දෙනා අතුරින් සුදුසුම නළඟන තීරණය කරන තරඟයක් පැවැත්වීමට තීරණය කලාය. ඒ සඳහා නළඟන ගෘහයේ හුන් සියල්ලෝමද , සේරෝස් ඇතුළු පුජකවරුන් සිව් දෙනෙක්ද, පාරාවෝ රැජිණිය හා ඇගේ යෙහෙලියක් වූ මව්ලින් ආර්යාවද සහබාගි වන බව දැනුම් දුන්නාය.
යටකී කෙල්ලන් පස් දෙනා අතර තරඟය ගැන පුදුමාකාර උද්යෝගයක් පැවති අතර එදින රාත්රී සාදය පිළිබඳව ඩාඩියා ඇතුළු සෙස්සෝ ඊට නොදෙවෙනි උද්යෝගයකින් උන්නෝය. එදින පස්වරුවේ ඔවුන්ව දෛනික කාල සටහනෙන් නිදහස් කොට තිබූ නිසා ඔවුන්ට සිත්සේ හැඩ වැඩ වීමට උවමනා තරම් කාලවේලා ලැබිණි. ප්රධාන නළඟන විසින් නළඟන ගෘහයේ සියල්ලන්ටම අවශ්ය රෙදිපිළි සපයා තිබූ අතර අනෙක් කෙල්ලන් විනිවිද පෙනෙන වටිනා චීන සළු තෝරා ගනිද්දී ඩාඩියා දළ රෙද්දෙන් මැසූ දුඹුරු පැහැ ඇඳුමකින් සෑහීමට පත් වූවාය. තමාගේ ඇඳුමෙන් ප්රභූන් අතරට යා නොහැකි වීම ඈට ගෙන දුන්නේ සහනයකි.
ගෘහයේ තැනින් තැන සවි කර තිබූ පලිඟු බෝල කහ පැහැයෙන් දැල්වෙන විට (ගිනි දැල්විමකින් තොරව දැල්වෙන පලිඟු බෝල ඈ මුල්වරට දුටුවේ මෙහි පැමිණි පසුය)විණා හඬ මධ්යයේ උත්සවය ආරම්භ විය. ශාලාවේ දිගු මේසයක් මත ඩාඩියා කිසි දිනෙක නොදුටු ආහාර පාන වලින් පිරි පැවතිනි. සේරෝස් හා රැජිණ ප්රමුඛ ප්රභූ වරුන්ට ශාලාවේ උස් පුටු පනවා තිබුනද ඩාඩියා ඇතුළු සෙස්සෝ අසුන් ගත්තේ බිමය.
ප්රධාන නාටිකාංගනාව සිය අමුත්තන්ට සංග්රහ කර අවසන් වූ පසු වයින් විදුරු අතැතිව ඔවුහු සිය අසුන් වල තැන්පත් වූහ. අනතුරුව මිහිරි ගායනාවකින් නාටිකාංගනාවන් පස් දෙනා ශාලාවට අවතීර්ණ වූහ. පොළොවට නොදැනෙන ලෙස පාද තබමින් එකිනෙකාට නොපරදින ලෙස ඔවුන් ඉදිරිපත් කල මනහර රැඟුම් අතරේ හොඳම රඟන්නිය කවුදැයි සිතා ගැනීමට ඩාඩියාටද නොහැකි විය.
හිටිහැටියේම උත්සවය මැද්දට අනාරාධිත පුජකවරයෙක් පැමිණි අතර, මිටි තරබාරු ඔහු දුටුවනම ආගන් බව හදුනා ගැනීම ඩාඩියාට අපහසු නොවිණි. ආගන් දුටු විට සිසිලියා කෘතීම සිනාවක් නැගූ අතර ප්රභූ වරු අතරින් ඔහුව උණුසුම් ලෙස පිළිගත්තේ රැජිණ පමණකි. මෙතැනින් හොඳම නළඟනට සිය පෞද්ගලික දේවදාසි ධූරය පිරිනමන බව පැවසූ ආගන්, ඒ වනවිට සිය නැටුම් ගැයුම් නවතා පසෙකට වී සිටි නළගනන් ට නැවතත් නැටුම ආරම්භ කරන ලෙස සන් කරමින් අසුන් ගත්තේ ඔහුට තරම් නොවන මනමාල මුකුළුවක් සහිතවය. සිය කෑදර දෙනෙත් වලින් නිරුවත් නළඟන නර්ථනය දෙස බලා උන් ආගන්ගේ දෙනෙතට බලාපොරොත්තු නොවූ මොහොතක ඩාඩියාගේ දෙනෙත මුණගැසුණේය. ක්ෂණයකින් ඈ දෑස ඔහුගෙන් මුදා ගත්තද ඒ වන විටත් ඈ හොඳටම ප්රමාදය...
මතු සම්බන්ධයි~
Wednesday, March 29, 2017
ඩාඩියාගේ ලෝකය -01
ඉර උදාවන්නටත් පෙර සිටම පටන් ගන්නට යෙදුනු බමුණන්ගේ ස්ත්රෝත්ර ගායනා තාමත් ඉවරයක් වී නැත්තේය. එය ඉවර වන්නට නම් නගරය මැද පිහිටි ඇසක හැඩයට නිමවුණු දැවැන්ත තල පුවරුව, ප්රධාන පුජක අසපුවේ දොර විවර වීමට තරම් උණුසුම් විය යුත්තේය.සාමාන්යෙන් නම් ඉර මුදුන් වී හෙවණැල්ල දෑඟුලක් පමණ දික් වූ විට දොරටුව විවර වන බව ඩාඩියා උගත්තේ මවගෙනි
. ඒත් තමා ඉපදීමට පෙර පැමිණි වැසි සමයක පූජක දොරටුව විවර වන්නට තුන් මාසයක් ගතවුණු සැටිත්, ඒ වන විට ප්රධාන පුජක තැන ඇතුළු පුජකවරු තිස් දෙදෙනෙක් මියගොස් සිටි හැටිත් ඈ අසා තිබුණාය. දිවි බේරාගෙන තිබුනේ ආගන් නම් පුජකවරයා පමණි. එතුමා දෙවියන් හා සමවනු වස් අට්ලන්සේරා රජ විසින් එතුමාට විසල් සොහොනක් තනන්නට පටන් ගත් අතර, එහි වැඩ නිමා වූ වහාම එය ආගන්ගේ සදාකාලික නිවහන වනු ඇත්තේය.ඩාඩියා තමා හිඳන් උන් ජනෙල් කවුළුවෙන් එබී ලහි ලහියේ වැඩ නිම වන ඒ සොහොන දෙස බලා උන්නාය. එවකට අට අවුරුදු වියෙහි වුන් ආගන් දැන් තිස් නව වියේය. ඒ රාජකීය සොහොනේ එතුමන් හා සැපතීම අසිරිමත් සදාකාලික ජිවනයකට හේතු වන්නේයැයි සිය මව විසින් කියා තිබුනද, ශුද්වූ කන්යාවියන් සොයා හේවායන් පැමිණෙන විට ඩාඩියා සිය සුපුරුදු තිප්පොලෙහි සැඟවී උන්නාය. ඒ සඳහා ඩාඩියාගේ ඉතිරි සහෝදරියන් පස්දෙනා අතර තරඟයක් පැවති අතර වාසනාවන්තිය වුයේ පෙද්වෝ ය. හේවායන් සමග පැමිණි කාන්තාවන් තිදෙනෙක් පෙද්වෝ ව නිවසේ ඇතුළු කාමරයකට රැගෙන ගොස් පුරා හෝරාවන් තුනක් තිස්සේ සිදුකලේ කුමක්දැයි ඩාඩියා නොදැන උන් නමුත් ඉන් පසුව පෙද්වෝ සංසුන් ගමන් ලතා ඇති කදිම තරුණියක් බවට පත්වී උන්නාය.
ඩාඩියා ගේ පියා මදක් කුදු නමුත් ශක්තිමක් කම්කරුවෙක් වූ අතර මව කාලයකට ඉහත රැජිනියන් ගේ පරිවාර කාන්තාවක බව ඈ දැන සිටියාය. ගැහැණු ළමයෙකුට නියැලෙන්නට හැකි උසස් වෘත්තීන් කිහිපයක් තිබූ අතර ඩාඩියා ගේ මවගේ ඒකායන අරමුණ වී තිබුනේ සිය රුවැති දියණියන් සයදෙනා එලෙස උසස් වෘතීන්ගේ නියැලෙනු දැකීමය.
ඩාඩියාට සිටි පිරිමි සොයුරන් තිදෙනෙක්ගෙන් දෙදෙනෙක්ම පසුගිය වසරේ නයිල් පුජාව සඳහා කැපකරන ලද්දේය. තමාත් සමග සෙල්ලමින් කල් ගෙවූ එක හා සමාන නිවුන් සොයුරන් දෙදෙනාව තේරීමේ පරීක්ෂණය සඳහා ගෙන ගියේ මව විසින්ය. උපන්දා සිටම ලී අච්චුවක සිරකර තිබූ හෙයින් ඔවුන්ගේ හිස් කදිම උල් හැඩයකින් යුතු වූ නිසා පරීක්ෂණයෙන් සමත්වන්නට ඔවුන් දෙදෙනා වාසනාවන්ත වූ බව ඇගේ මව පැවසුවාය. ඩාඩියා පුදුම වූයේ සිය මවගේ දුර දක්නා නුවණ පිලිබඳවය.දරුවන් දෙදෙනෙකුම ශුද්ධවරයට ඔසවා තැබෙන බැවින් පුජාව නැරඹීමේ මාහැඟි අවස්තාව ඩාඩියාගේ පවුලේ අයට හිමිවූ අතර කෙස් මුළුමුනින්ම සිඳලූ නිරුවත් දරුවන් පහළොස් දෙනා අතරින් සිය දෙබෑයන් ඈ හඳුනා ගත්තේ ඉතා අපහසුවෙනි.පූජාවට කැපකර සිටිනා ඉතා රූමත් යුවතිය ඉහල පවුලක කෙල්ලක් බවත්, උපන්දා සිට ඈව ඒ සඳහා පුහුණු කර ඇති බවත් ඩාඩියා දැනගත්තේ කාන්තාවන් දෙදෙනෙකුගේ කතාබහකට කන් දීමෙනි.
ඩාඩියාගේ ඉතිරි සොයුරා කම්කරුවෙකු ලෙස පුහුණුවට බැඳුනු අතර ඈට ඉතා වැඩිමල් සහෝදරියක සිටි බවත් ඈ මවගේ කැමැත්තට පිටින් රැකියාවක් තෝරාගෙන තරුණයෙකු හා විවහා වූ බවත් ඈ දැන උන්නේ සිය පියාගේ මවගේ ඕපාදුප කතා වලට කන් දීමෙනි.ඒ මිත්තනිය හැමදාම මෙන් සිය කතාව අවසාන කලේ "සියලුම දෙනා ගැන වද වීමට තරම් කාලයක් දෙවියන්ට නැති" බව පවසාය.තව එක දරුවෙකු උසස් රැකියාවකට බඳවා ගතහොත් ඩාඩියාගේ පියාට කම්කරු රැකියාවෙන් අත් මිදීමට හැකිය.
ඉන් වසර දෙකකට පසුව ඩාඩියා මවගේ කැමැත්ත අනුව යුවතීන්ට උසස් රැකියා තෝරා දෙන නිලධාරි තැන හමුවීමට ගිය අතර ඈට කමිටුවේ උන් පිරිමින් දෙදෙනෙකු හා ගැහැණුන් දෙදෙනෙකු ඉදිරිපිට මුළුමුනින්ම නිරුවත් වන්නටත් ඉක්බිතිව උස් වූ පුවරුවක වැතිර සිය දෙකකුල් පළල් කර පෙන්වන්නටත් සිද්ද උනේය. නිරුවත් යුවතියන් සිය දෙනෙකු අතරින් තිස් දෙනෙකු උසස් රැකියා සඳහා සුදුසුකම් ලත් අතර ඒ අතර රැඳී හිඳීමට තරම් ඩාඩියා වාසනාවන්ත වුවාය. ඉනුත් රූමත්ම යුවතිය බෙකෙටෙටන් කුමරාගෙන් කලලයක් දැරීමට සුදුසු වූ අතර ඊළඟට රූමත් යුවතියන් පිලිවෙලින් අමුන් සහ අනුබිස් දෙවියන්ගේ සහකාරියන් වීමට වාසනාව ලදහ.
අනතුරුව බෙකෙටෙටන්, අමුන් සහ අනුබිස් ශාලාවට පැමිණි අතර කළු පැහැති කොට රෝම බහුල බෙකෙටෙටන්, බැටළු හිසක් හා වලිගයකින් යුත් අමුන් හා සිවලෙකු වූ අනුබිස් දුටු ඩාඩියාට තමා මෙතැනින් රූමත්ම යුවතිය නොවීම පිළිබඳව සතුටක් දැනුනේය. පියාගේ මව උන්නේ නම් ඩාඩියාගේ සිතිවිලි පිළිබඳව ශාප කරනවා නිසැකය. ඩාඩියාට වැඩිමල් සොයුරිය අනුබිස් ගේ සහකාරියක ලෙස පසුගිය වසරේ තේරී පත් උනු අතර අනුබිස් සමග සංවාසය කොට පිළිසිඳ ගත් දරුවා ප්රසුත කිරීමේදී ඈ මියගියද දේවදාසියක ලෙස නම් කරනු ලැබුවාය. ඈ විසින් සාර්ථකව අනුබිස්ගේ දරුවා ප්රසූත කලේ නම්, ඒ දරුවාට අනුබිස්ගේ හිස හා වලිගය පිහිටියේ නම් දරුවා දේවත්වයට පත්වන අතර ඈට දිව්යමාතා පදවිය දරන්නට තිබුනේය.
අනතුරුව ඩාඩියා ඇතුළු සත්දෙනෙක් රාජකීය නළඟනන් ලෙස පත් කරන ලද අතර ඉතිරි යුවතියන්ව බිසෝවරු පැමිණ සිය පරිවාර සේවය සඳහා තෝරා ගන්නා ලදී. අවසානයට ඉතුරු වන යුවතියන් පුජකයන් වෙත යැවෙනු ඇත්තේය.
ඩාඩියා ඇතුළු නළගනන් සත්දෙනාව රාජකීය නළගන ගෘහය වෙත රැගෙන යන්නට යෙදුනු අතර ඔවුන් වෙත පැමිණි ප්රධාන නළගන විසින් නළගන ගෘහයේ නීති පද්ධතිය ඔවුන්ට මුලින්ම හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව පිරිමියෙකු හා සම්බන්ද වීම ඔවුන්ට සපුරා අකැප අතර රාජකියන්ගෙන් හෝ දෙවියන්ගෙන් ඇරයුමක් ලදොත් ඈව දැනුවත් කල යුතුය. ආහාරපාන මෙන්ම ව්යායාම නියම කර ඇති පරිදි සිදු කල යුතු අතර තම තමන්ගේ පවුල් ඇතුළු පිටස්තර ලෝකය හා සම්බන්ධ වීම සපුරා තහනම්ය. දිනකට නියමිත වෙලාවක් රුපලාවන්ය සත්කාර සඳහා කැපකළ යුතු අතර සමේ කුඩා අවපැහැ වීමක් හෝ සිදු උනොත් රාජකීය නළගන තත්වයෙන් පහතට හෙලා දැමේ.
ප්රධාන නළගනගේ කතාව මුලින් මුලින් අසා උන්නද ඉන් අනතුරුව ඩාඩියාට ඉන් මතක හිටියේ අල්පයක් පමණකි.දීර්ග කතාවක් අවසානයේ සියල්ලන්ටම ආසිරි පැතූ ප්රධාන නළගන ඔවුන්ට ඔවුන්ගේ කුටි පෙන්වන ලද්දේය. නිවෙසට වඩා සුඛෝපභෝගී කුඩා කුටියේ නාටිකාවන් මෙම නිවසේදී ඇඳිය යුතු නිල ලෝගුව හා පන් පිරවූ ගුදිරියක් තිබුනේය. පැන් කෙණ්ඩියක්, තැටියක් මෙන්ම ඩාඩියා මෙතුවක් අසා තිබුණු හිස පීරන පනාවක්ද කාමරය තුල විය.

Subscribe to:
Posts (Atom)
සෙත් දෙවියන්