කසාදයෙන් පස්සෙන් පහුව ඔබ ක්‍රමයෙන් ඉගෙන ගන්නා දහසකුත් දේවල් අතරින් ටුත්පෙස්ට් ටියුබය මිරිකන්න ඕනේ මැදින් නොව කෙරවලෙන් බව, තුවාය දමන්නේ ඇඳ උඩ නොවෙන බව, ඇඳුමක් නොසෝදා අඳින්න ඕනෑ එක වරක් හෝ වැඩිම උනොත් දෙවරක් බව මෙන්ම හින්දි චිත්තරපටි බැලීම ද බොහෝ විට අනිවාර්ය වනවාය. කසාදයට පෙර ඔබ මොන මොන විදියට හොලිවුඩයේ කරක්ගසා තියෙන කප්ගැසූ කෙරුම් කාරයෙක් වුනත් කසාදයට පසුව හින්දි සිනමාවද රසවිඳීමට ඉගෙන ගනු ඇත්තේය. පසුව ඔබ කෙතරම් මෙයට හුරුවෙනවාදයි කිවහොත් ඕනෑම ලද බොළඳ චිත්තරපටියක් අබාදයකින් තොරව පත්තියම් කර ගන්නට මෙන්ම ඒ පිළිබඳව 'හරවත් සංවාද වල යෙදෙන්නට (කා සමග දැයි ඔබ දන්නවාය) ඔබට විශිෂ්ඨ හැකියාවක් ලැබෙනු ඇත
ඔබගේ ගැහැණු ළමයාගේ වෘත්තීය මට්ටම හෝ සමාජ මට්ටම ඔවුන්ගේ රසවින්දනය බලපෑම් කරන්නේ යයි හීනෙන් වත් හෙම හිතන්න එපාය. ඉංජිනේරු වරියක් වුවත්, ආර්ථික විශේෂඥ වරියක් වුවත් , උපදේශක වෙද්‍යවරියක් වුවත්, සන්නාලියක් වුවත් ඔබගේ ගෑණු ළමයාගේ රසවින්දනය තේරුම් ගන්නට නම් ඈ සමග ආශ්‍රය කර බලන්නම ඕනෑය. රොටියාගේ ගෑණු ළමයා ගැන කියනවා නම් ඈ ළඟ මහත් වූ පොත් එකතුවක් ඇත්තේය. ගණනින් දහස පන්නන පොත් එකතුවේ සෑම පොතක්ම ඈ දෙවරක්වත් කියවා ඇත්තේය. එහි උසස් සම්භාව්‍ය කෘති, මාරක කතා, ආදර කතා , රහස්පරීක්ෂක කතා සමෝසමේ ඇත්තේය. එහෙව් ළමයා මාසයේ නවවැනි , දහවැනි දින පහුවන විට තෝන්තුවට පත්වන්නට පටන් ගනියි
ගෑණු ළමයා: රොටියෝ..
රොටියා : මොකෝ..
ගෑණු ළමයා: පත්තර බැලුවේ නෑ නේද..
රොටියා : ඔය ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ
ගෑණු ළමයා : අනේ රොටියෝ
රොටියා : මොකෝ..
ගෑණු ළමයා : අනේ භාවනා එකක් ගෙනත් දෙන්නකෝ
ඔන්න ඔහොමය. ඕවාට රොටියා වාද කළේ බැඳපු මුල් කාලයේය. ඔය මක් කරලවාත් ගෑණු ළමයින්ගේ සමහර ආසාවන් තේරුම් ගත නොහැක්කේය. ඒවාට වැඩි වියදමක් යන්නෙත් නැති හෙයින් හොඳම දේ ඒ දේවල් ඔවුන්ට සපයා දීමය.
පට්ට මෝඩ වැඩක් කොට හාවන් සේ කන් විහිදාගෙන අප දෙස බලා ඉන්නේද මෙන්න මේ කියන ගෑණු ලමයින්මය. වරදක් කොට අසුවූ විට රොටියාගේ ගෑණු ළමයාගේ බැල්ම, ගේ ඇතුලේ චූ කොට අසුවන රොටියාගේ බල්ලාගේ බැල්ම වාගේමය.
ඔබගේ ගෑණු ළමයාගේ දැනුම තේරුම් ගන්නා තුරු ඈ සමග චිත්තර පටි බලන්න සිනමාහල් වලට යාමක් ගැන එහෙම හීනෙන් වත් හිතන්න එපාය. ක්‍රියාදාම ඉංග්‍රීසි චිත්තර පටි ගැන මෙලෝම අවබෝදයක් නැතුව උන් ගෑණු ළමයාව මුල්වරට එවැනි චිත්තරපටයක් බලන්න එක්ක ගෙන ගිය රොටියා වැටුනේ ලෝක අමාරුවකය
ගෑණු ළමයා: රොටියා ඒ මොකද ඒ?
ගෑණු ළමයා: ඇයි ඒ ගහන්නේ
ගෑණු ළමයා: බයිසිකලේට එච්චර හයියෙන් යන්න පුලුවන්ද
ගෑණු ළමයා: හි හි හි
ගෑණු ළමයා: මොකද්ද ඒ වාහනේ
ගෑණු ළමයා: මොකද්ද ඒ කළේ
ඒ ඔක්කොමත් හරිය , මෙන්න මේ කියන ගෑණු ළමයා රොටියාට කලිසමෙන් මුණ වසා ගන්නට වැඩ සිද්ද කළේ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ අන්තිම චිත්තරපටය බලන්න ගිය දවසේය. එදා රොටියා හා ගෑණු ළමයා උන්නේ තනියම හෙම නෙවේය. රොටියාගේ යාළුවන් රංචුවක්ම සමගය
ගෑණු ළමයා: අනේ හරි ෂෝක්
යාලුවෙක්: ඩබල් ඕ සෙවෙන් ෆිල්ම්ස් කොහොමත් හොඳයි
ගෑණු ළමයා: රොටියා.. අපි කලින් බලපු එක ඩබල් ඕ සික්ස් හින්ද වෙන්න ඇති මේක තරන් හොඳ නැත්තේ
රොටියා : ???
ගෑණු ළමයා : ඇයි අනේ මේක සෙවන් නං කලින් එක සික්ස් වෙන්න එපැයි
මේක කියවල හිනාව නවත්ත ගන්න බැරිව උන්නෙ යකෝ..හැබැයි ඔය පිච්චර් හෝල් වල ගිහිං පිලුම බලද්දි වෙන කතාව නං ඇත්ත.
ReplyDeleteමට ඕ සීන් එක වුණේ සින්ඩ්රෙල්ල බලන්න ගිහිං.. ඒ ගැන මොන කතාද. දැං නං කවුරුවත නැති හංද යාලුවෙක් එක්ක යනව. ඒත් එදායිං ඉගන ගත්ත දේ තමා මීට පස්සෙ පිච්චර් බලන්න යනව නං හොරෙං හරි කමන් නෑ තනියෙං පල කියල හෙහ්
නැත්තන් ගෙදර ගෙනත් බලන්න ඕනේ
Delete100% එකගයි...
ReplyDeleteමේ ටිකයි
Deleteඑක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නේද? කොහොම වුණත් රොටියා කසාද බැන්දට පස්සෙ ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙන බව නම් පේනවා!
ReplyDeleteදන්නේ එක්කෙනයි. ලියන්නේ එයා ගැන
Deleteරොටියාගෙ ගැල්ලමය මේ පෝස්ටු එහෙම කියවනවද :D
ReplyDeleteහැක හැක. ඒක ගැන අපි කතා නොකර ඉමු
Deleteයකෝ මම බැඳලා නං බොහොම කාලයක් වුනා. නමුත් ඔහොමනං සීං එකක් වුනේ නෑ. හැබැයි මෙහෙම එකක් වුනා. පිරිමියෙක් වචන දහයකිං කියන දේ කියන්න ගෑණියෙකුට වචන හැත්තෑ පහත් අනූවත් අතර ගානක් යන බව. :D
ReplyDeleteඒක නෙවෙයි. මා මතක් වුනේ අර මහත්තය කට කන හන්දා ෆැන්ට කුප්පිය බොන්ට බැරි වෙච්ච කතාව.
ආයෙත් අහල. කතාවක් කියන්න ගියාම එකේ ඉතිහාස කතාව ඉඳල කියනවා. අන්තිමට අහපු දේත් අමතකයි
Deleteමොකද්ද ඒ ෆැන්ටා කතාව??
පළවෙනි ඡේදය එහෙමමයි! :)
ReplyDeleteකොච්චර කෙරුමෝ වුණත් ගෑණු කියන්නේ හරිම සංවේදි බොළඳ ජීවින් ටිකක් බං.හැබැයි ඒ සංවේදීකමවත් බොළඳකමවත් හැම මිනිහෙක් ලඟදිම එළියට එන්නෙ නැහැ..:)
පිරිමියෙක් සංවේදී කරන්න පුළුවන් ගෑණියෙක්, පිරිමියෙක් ළඟ සංවේදී වීම පුදුමයක් නෙවෙයි
Deleteරොටියෝ උඹට තැටිය තව රත් කර ගන්ට වෙයි හරියට පිච්චෙන්න. හැක් :D
ReplyDelete+++++++++
Deleteහැම ගෑණු ළමයෙක්ම එකම මිම්මෙන් මනින්න යාම හැම පිරිමි ළමයෙක් ම එකම මිම්මෙන් මනින්න යාම වගෙ අන්තිම ඔල්මොරොන්දන් වැඩක්..
ReplyDeleteමොකද හැම ගෑණුළමයෙක් ම හින්දි චිත්‍රපටිවලට ආසා කරනව කියන කතාව මං පිළිගන්නෙ නෑ.මාත් ඇතුළුව මගෙ මිතුරියන් බොහොම දෙනෙක් වැරදිලාවත් හින්දි චිත්‍රපටි බලන උදවිය නම් නෙවෙයි.ඒ වගෙම හැම කොල්ලෙක් ම ක්‍රිකට් පිස්සන්ය කියන එකත් ඒ වගෙම පිළිගත නොහැකි කතාවක්.මගේ මිතුරන් අතරින් බොහොම දෙනෙක් ක්‍රිකට් පිස්සුව විකාරයක් සේ දකින උදවිය