අලුත් අවුරුද්ද ගෙවෙනවාත් සමගම රොටියාගේ ගෑනු ළමයා බූල් බා කහඹිලියා ඉලූ චිම්පසියා මෙන් එහාට මෙහාට පනිමින් නොසන්සුන් වීම අතිශය ස්වාබාවිකය. කාන්තා ජීවියෙකු සමග ජිවත් වීමේදී ඔවුන්ගේ විවිදාකාරි නුහුගුණ හැසිරීම් පත්තියම් කරගැනීමට මෙන්ම ඒවා විකේතනය කරගැනීමටද හැකියාව පුරුෂ ජීවියා සතු විය යුතුය. ඔවුන්ට උත්තම පුරුෂ කියන්නේ අන්න ඒ නිසාය.
රොටියාගේ ගෑනු ළමයා වැඩ ඇරී නිවසට පැමිණීමෙන් පසුව කුස්සියට නොගොස් සෝපාවේ දිගෑදී පොතක් කියවන්නට පටන් ගනියි නම් ඒ කියන්නේ උදෑසන කෑම පිසූ බාජන සේදිය යුත්තේ රොටියා බවය. ඈ අධික ශබ්දයක් නැගෙන සේ වැඩවල නිරත වන්නී නම් රොටියාට ස්වීප් එක ඇදෙන්න ළඟය. උදෑසන මුලින්ම බල්ලාගේ කෑම එක ලිපේ තියා නැත්තන් ඒ කියන්නේ එදාට බල්ලාට කන්න දිය යුත්තේ බලු විස්කෝතු බවය.බල්ලාගේ කෑම ගැන කියතොත්, ඌට කන්න දෙන එක වෙනම ප්රොජෙක්ට් එකක් වන්නේය. ඌ ෆුඩ් සිටියේ මාළු කන්නේ නැත. ඒ නිසා දෙසතියකට වරක් සෙනසුරාදා පාන්දරින්ම වැල්ලට ගොස් ඌට මාළු ගෙන ආ යුතුය. එයිනුත් ඌ සාලයෝ හෝ සුඩයෝ කන්නේ නැත. මාළුන්ට පරාණ බය ගෑනු ළමයා (ගෑනු ළමයා බය එකම සතා මාළුවාය. ඈ කැරපොත්තන් ගෙන රොටියාගේ ඇඟට විසි කරන්නීය) පැත්තකටවත් නොඑන නිසා මාළු සුද්ද කොට පැකට් කිරීම රොටියා සතු කාරියක් වනවාය. එසේ සාදන මාළු පැකට් එකකට හාල් හුන්ඩු දෙකක් දමා බල්ලාගේ කෑම හැදිය යුත්තේ ගෑනු ළමයාය. මොන මායම් දමා ඉව්වත් ඌ රොටියා ඉව්ව දාට බත් ඇටයක් කට ලඟට නොගන්නා නිසා ගෑනු ළමයා ඉස්ට්රයික් දවසට ඌට දෙන්න වෙන්නේ බලු විස්කෝතු පමණමය.
මේ බල්ලාත් අර මැක්කා වගේමය. ඕනෑම වැදගත් තැනක මැද්දට පැන ගන්නා ඌ ඊළඟට එතන අරක් අරගනී. මේ පොස්ට් එකටත් සිද්ද වෙන්න යන්නේ ඒකය.
කොහොමින් කොහොමින් හරි ඔය කියන ගෑනු ළමයාගේ නුහුගුණ ගතියට හේතුව වෙසක් සමය අත ලඟට පැමිණීම බව රොටියාට ඉත්තේරුවෙන්ම තේරුණේය. එනිසා දැඩි ඉල්ලීම් උද්ඝෝෂණ පටන් ගැනීමට පෙර මේ වෙසක් එකට ගිය වෙසක් එකට වගේ පැටව් කූඩු සාදා දිය නොහැකි බවත්, මේ කුතුහල බහුල තඩි බලු දණ්ඩා එක්ක වෙසක් කූඩු ඇලවීමට පටන් ගැනීම ලෙල්ලම් වෙන වැඩක් බව ගෑනු ළමයාට පැහැදිලි කරන්නට යෙදුනු අතර , සාකච්චා වාර කිහිපයකට පසුව බලුවා විසින් පරලෝ සැපත් කර තිබූ ගෑනු ළමයාගේ ප්රියතම කතා පොත දුටු දිනේ ඇගේ නුවණ පහල වූවාය.
ගෑනු ළමයා: (බලු කෙළ වලින් පෙඟුණු පොත් කෑලි අහුලා බලමින්) දැන් ඒ කියන්නේ ඔයාට වෙසක් කූඩු හදන්න තේරෙන්නේ නෑ. අටපට්ටමක් බැයි නං තරුවක් අලෝමු
රොටියා: මං එකට දහයක් හදල දෙන්නං. මූත් එක්ක කොහොමද කරන්නේ
බලු දණ්ඩා: (තමාට සැපීමට තව යමක් ඇත්දැයි විමසිල්ලෙන් බලයි)
ගෑනු ළමයා: මූව අම්මලාගේ ගෙදර ගිහිං දාමු
රොටියා: මූට හිට් එක. එහෙ සල්ලාල බල්ලෝ තුං දෙනෙක්ම ඉන්නවා. මට නං බෑ වල් බලු පැටව් හදන්න.
බලු දණ්ඩා: (ගෑනු ළමයාගේ සපත්තුවක් උස්සගෙන දෙපැත්තට වනයි)
ගෑනු ළමයා: අනේ රොටියෝ මූට කියන්නකෝ මගේ සපත්තුව තියන්න කියලා. එහෙනං ඔයා මට කූඩුවක් අරන් දෙනවද.
අවසානයේ කූඩුවක් හා බකට් පැකට් එකක් අරන් දීමට පොරොන්දු වීමෙන් පසු ගෑනු ළමයාව සංසුන් කිරීමට රොටියාට හැකි උනේය. මෙයින් තදබල ලෙස අපේක්ෂා භංගත්වයට පත් බලු දණ්ඩා නගුට වකගසාගෙන ඇඳට පැන මුණ හංගා ගත්තේ රැය පහන් වෙන තුරු නොනැගිටින අධිෂ්ඨානය ඇතිවය.
රොටියාට සිය පොරොන්දුව ඉෂ්ට කරන්න ලැබුනේ වෙසක් දවසේ හැන්දෑවේය. ඒ වන විටත් ගෑනු ළමයා රතු එලි එකක් නොව කිහිපයක්ම දල්වා තිබුණාය
ගෑනු ළමයාගේ මන දොළ සපුරන්න , ඈව මිගොමුවේ රේල් පාර අයිනේ තිබුණු වෙසක් කූඩු කඩයකට කැඳවාගෙන ගොස් ඈට කැමති දෙයක් තෝරා ගැනීමට ඉඩ දී පසෙකට වී උන්නේය.
ගෑනු ළමයා: අර තරුව කීයද
කඩේ මුදලාලි: තුන්සිය පනහයි
ගෑනු ළමයා: මට ඒක දෙන්න. නෑ නෑ ඒක නෙමෙයි. මැද මලක් අලෝල නැති එක. අන්න හරි. මේ බකට් කීයද
කඩේ මුදලාලි: දහයක් සීයයි
ගෑනු ළමයා: මට විස්සක් දෙන්න. ඉටි පන්දමුත් දෙන්න. එතකොට ඔක්කොම ගාන කීයද
කඩේ මුදලාලි: හයසිය හැත්තෑවයි.
ගෑනු ළමයා: අර රවුම් බකට් පැකට් එක කීයද
කඩේ මුදලාලි: තුන්සියයි
ගෑනු ළමයා: (බරපතල ලෙස කල්පනා කිරීමෙන් පසු) මට ඔක්කොම දාහට දෙනවාද
කඩේ මුදලාලි: (මදක් කල්පනා කරන ලෙසක් දක්වා) එහෙනං දෙන්නන්කෝ නෝනා
රොටියා කටක් හෙල්ලුවේ නැත. ගෑනු ළමයා තමා රුපියල් හැත්තෑවක ලාබයක් ලැබුවා නොව රුපියල් තිහක ගොනාට ඇඳ ගැනීමක් සිද්ද කර ගත් වග තේරුම් ගත්තේ මගදී ය. ඔය මරි මෝඩ ගණන් හැදිල්ල සිද්ද කලේ රොටියා වුවා නං මාගලක් දිගට අනුශානාවක් කරන ඈ එදා කිව්වේ මෙන්න මෙච්චරය
කමක් නෑ. අද වෙසක් නේ!!!
අන්තිම ජේදෙනම් එකෙන්ම ඇත්ත.
ReplyDeleteආයෙත් අහල
Deleteඈට වැටහුණාට පසු රිඇක්ශන් එකත් ලිව්වනම්. කථාව මරු
ReplyDeleteඒක මෙහෙම ලියන්න බෑ. බලාගෙනම ඉන්න ඕනේ
Deletehaka haka haka. ladies....
ReplyDeleteහැක හැක
Deleteඩාඩියාගේ අනික් කොටස් නැතෙයි...
ReplyDeleteඔන්න දැම්මා
Deleteනියමයි රොටියා.. මැවිලා පෙනුණා වෙසක් කූඩු කඩේ විස්තරේ නම්! මටත් ඩිංගක් පිස්සු හැදෙනවා වෙසක් කාලෙට. මේ සැරේ නම් එක එක්කෙනාගේ ආඩම්බර නොබලා මම ම කූඩු දෙකක් හැදුවා- හොඳ වෙලාවට අපිට ඉතින් බල්ලෙක් නැහැ!
ReplyDeleteඔය දොළදුක් ජාන වලින් එන දේවල්.
DeleteLadies always ladies. මට උඹ ගැන විතරක් නෙමේ මං ගැනත් දුකයි. ගැකුන්ගේ පාට විතරයි ලු වෙනස්.මුණ එකමලු
ReplyDeleteගෑනු නැත්තන් ගතියකුත් නෑ බං
Deleteඔවුන් ඔහොමමයි බං. ගොන්කමට කරගන්න පාඩු. මම නං සද්ද නැතුව ඉන්නව. පාඩුව තේරුණාම මොකක් හරි කියනව.
ReplyDeleteහැක හැක.
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteතෑන්ක්ස්
Deleteඅන්තිමටනේ කතාව තේරුනේ. ගැහැණු ළමය මේවා කියවන්නේ නැතිව ඇතිනේ. නැතනම් ඉතින් රොටිය චපාති වෙලා තමා නවතින්නේ. බලු දණ්ඩ නිකන් අපේ පූසා වගේ. අපි දෙනෙදේ නෙම ඌට හිතෙන්න ඕනේ කන්න.
ReplyDeleteරොටියා දැන් කොත්තු වෙලා ඉන්නේ.
Deleteහිතේ මැවෙන්න ලස්සනට ලියල තියෙනව රොටියා. පට්ට. ඒක නෙමේ කෝ ඩාඩියා, කුන්ඩුමනි ඉතුරු කොටස්.... ටක් ගාල දන්නකෝ.. හැමදාම ඇවිත් බලනව දාලද කියල
ReplyDeleteඩාඩියා දැම්මා. ඉස්තුතියි ප්රතිචාරයට
Deleteහිතේ මැවෙන්න ලස්සනට ලියල තියෙනව රොටියා. පට්ට. ඒක නෙමේ කෝ ඩාඩියා, කුන්ඩුමනි ඉතුරු කොටස්.... ටක් ගාල දන්නකෝ.. හැමදාම ඇවිත් බලනව දාලද කියල
ReplyDeleteප්රතිචාරය සතුටක්
ReplyDeleteඅෑ බං ඔය ගෑල්ලමය මේක කියවන් නෑ?
ReplyDeleteජොලි ජීවිතයක්නෙ රොටිය ගෙවන්නෙ ගෑල්ලමයත් එක්ක
ReplyDeleteවශී ගුරුකම්
ReplyDeletehttp://nomileguru.blogspot.com