හැමදාම පිස්සු නට නට දවස පටන් ගන්න මම අද හරි බැරෑරුම් හැඟීමකින් පිරිලා. මම විතරක් නෙවෙයි, මගේ ලැප්ටොප් එක, කීබෝර්ඩ් එක පවා ආදරණිය වෙලා. අද මගේ ඇඟිලි වලින් කඩා හැලෙන්නේ ආදරේ. ආදරණිය කීබෝර්ඩ් එකක, ආදරේ වෑහෙන ඇඟිලි වලින්, ආදරේ ගැනම ලියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? දැන් මගේ බ්ලොග් එක ලියන වෙලාව නොවුනත්, මම වැඩ පටන් ගන්න වෙලාව වුනත්, කරන්න වැඩ තිබුනත්, හිතේ පෙළගැහිලා තියෙන කතාව නොලිව්වොත් පිස්සු හැදෙන ගානට තමා අද මම ඉන්නේ. හරියට සුපුන් කියනවා වගේ. ...ආදරේ කියන්නේ පටන් ගත්තොත් ඉවර කරන්න බැරි දෙයක්
සුපුන් කියන්නේ නම වගේම බොහොමම සාමාන්‍ය ඉංජිනේරුවෙක්. සාමාන්‍ය රස්සාවක් කරන. සුපුන් අසාමාන්‍ය වෙන්නේ භාග්‍යා නිසා. භාග්‍යා කියන්නේ සුපුන්ගේ ගෙවල් ගාව හිටපු පොඩි නංගි කෙනෙක්. සුපුන්ට මතක ඇති කාලෙක ඉඳලම සුපුන් එක්කම හැදුනු නංගි කෙනෙක්. සුපුන්ට දෙයියට වගේ සලකගෙන තමුන්ගේ අයියාගේ වගේ පස්සෙන් වැටීගෙන හිටපු නංගි කෙනෙක්
දෙන්නම තම තමුන්ගේ පවුල් වල එකම ළමයි. ඒ නිසා දෙන්නට දෙන්නා ඉඳල තියෙන්නේ සහෝදරයෝ වගේ
භාග්‍යා ගැන තමුන්ගේ හිතේ සහෝදර ප්‍රේමයක් නොවෙන ප්‍රේමයක් ඇති වුනේ ඒලෙවෙල් කරාටත් පස්සේ කියලයි සුපුන් නම් කියන්නේ. ඒත් මම නම් කියන්නේ ඌ කියන්නේ බොරු කියල. මොකද ඒලෙවෙල් ඕලෙවෙල් කාලේ භාග්‍යගේ පස්සෙන් ආපු කොල්ලන්ට, පොලිසියේ රාජකාරිය කරලා තියෙන්නේ මූ. ඒ කොල්ලෝ අතරේ ඇත්තටම භාග්‍යගේ හිත ගිය කොල්ලෝ දෙතුන් දෙනෙකුත් හිටිය කියල ඌම කියනවා. එයින් එකෙක් අද පයිලට් කෙනෙක්
කොහොම හරි කැම්පස් ගිහින් ඉවර වෙලා සුපුන් එද්දී භාග්‍යාත් රස්සාවක් කරනවා බැංකුවක. සුපුන් භාග්‍යට කැමතියි කියල කියනකොට භාග්‍යගේ ඇස් ලොකු වෙනවා. සුපුන් ආදරේ දකිනවා ඒ ඇස් වලින්
දෙපැත්තේම අම්මල තාත්තල වැඩේට උඩින් කැමතියි. කල් නොයවාම වෙඩින් එක ගන්න කතා කර ගන්නවා
භාග්‍යා දැන් ඉස්සර හිටපු පොඩි නංගි බබා නෙමෙයි. සුපුන් එක්ක වැඩිය කතාවට එන්නෙත් නෑ
අමාරුවෙන් ලිස් කරලා සුපුන් ගන්නවා කාරෙකක්. ඊළඟට දෙන්නට ඉන්න ලස්සන අපාර්ට්මන්ට් එකකුත් හොයා ගන්නවා. ඊළඟට සුරංගනා කතාවේ කුමාරයයි කුමාරියි කසාද බඳිනවා. පැණි හඳ බලන්න ගිය කුමාරයට පැණි හඳ නෙවෙයි පෙන්නේ තරු. භාග්‍යා කියනවා මම ඔයාට ආදරේ කළේ මගේම අයියා විදියට. මට කවදාවත් ඔයත් එක්ක හස්බන්ඩ් වගේ ඉන්නත් බෑ අයියේ. එහෙම හිතන්නවත් මම කැමති නෑ. අපි මැරෙනකම්ම අයියයි නංගියි වගේ ඉමු කියල
එතකොට සුපුන් අහනවා එහෙනං කෙලින්ම බෑ කියන්න බැරි වුනේ ඇයි කියල මේ කසාදෙට
භාග්‍යා කියනවා එයා එහෙම කිව්වා කියල. එතකොට තමා සුපුන්ට මතක් වෙන්නේ භාග්‍යා කීපාරක් නම් මේ කසාදෙට බෑ කිව්වද කියල. ඒක සුපුන්වත්, සුපුන්ගේ අම්මල තාත්තලවත්, භාග්‍යගේ අම්මල තාත්තලවත් කනකට ගත්තේ නෑ නේද කියලත් හිතෙනවා. ඒ හැමෝම ඒ කිව්ව හැමවෙලාවෙම හිනාවෙවී එක එක හේතු කිව්ව මිසක් හරියට භාගයත් එක්ක ප්‍රශ්නේ මොකද්ද කියල කතා කළේ නෑ නේද කියල කල්පනා වෙන්නේ එදා රෑ
සුපුන් භාග්‍යගෙන් සමාව ඉල්ලනවා. ඩිවෝස් එකක් ගැන හිතන්න සුපුන් පොඩ්ඩක් වත් කැමති නෑ. ඒත් භාග්‍යගෙන් අහනවා එයා ආදරේ කරපු කවුරු හරි ඉන්නවද කියල. එහෙම ඉන්නවා නම් ඩිවෝස් එක දෙන්න සුපුන් හිත හදා ගන්නවා
ඒත් භාග්‍යට එහෙම කෙනෙක් නෑ. ඒපාර දෙන්නම කතා කරලා ඩිවෝස් නොවී තව ටික කාලයක් ඉන්නත් ඒ අතර තුරේ තමුන්ට ගැලපෙන කවුරුහරි හම්බ උනොත් කතා බහ කරලා ඩිවෝස් වෙන්නත් තීරණය කරනවා. සුපුන්ගේ හදවත කෑලි කෑලි වලට කැඩෙනවා. සුපුන් හිත ඇතුලෙන් දන්නවා තමුන්ට කවදාවත් කිසිම කෙනෙකුට භාග්‍යාට තරම් ආදරේ කරන්න බෑ කියල.. කෑලි කැඩුණු හිත හංගගෙන සුපුන් හිනා වෙලා නිදා ගත්තා
හනිමුන් ට්‍රිප් එක ඉවර වෙලා ඔෆිස් එද්දී සුපුන්ගේ මුණ නිකන් තැලිච්ච පරණ ලොරි මුණක් වගේ. හැබැයි වෙනද වගේ නෙමෙයි ඌ උදේටයි දවල්ටයි ගෙදර හදපු කෑම දෙකක් උස්සන් ආව. එදා ඉඳල හැමදවසකම ඌ කැන්ටිමෙන් කෑවේ නෑ
මාස තුනක් හතරක් ගියා. සුපුන් දාහට අරන් රුපියලට දුන්නු එකෙක් ගානට හිටියේ. භාග්‍යගේ හිත ගත්තු එකෙක් අද හම්බවෙයිදෝ කියන සැකේ හින්ද ඌ දවස ගානේ පිච්චි පිච්චි ඉන්නවා
දවසක් ඌ ඔෆිස් ආවේ නෑ භාග්‍යට උණ කියල. ඊ ලඟට සතියක්ම ආවේ නෑ. ඊළඟ සතියේ එද්දී මුගේ මුණ නිකන් කිරි මුදට හඳ පායල වගේ. තනියම හිනාවෙවී ඉන්නවා. ඔෆිස් අරුණු ගමන් ගෙදර දුවන්න බලාගෙන. යකෝ උඹේ ගෑනි මැරෙන්න ගිහින් ගොඩ ආවම තෝ එහෙම හිනා වේවි ඉඳල හරි යනවද ගල් මුසලය කියලා ඔෆිස් එකේ කොල්ලෝ ටික සුපුන්ව හේදුවත් මූ හිනා වෙවිම හිටියා
තවත් මාස අටකට වගේ පස්සේ භාග්‍යට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියල සුපුන් ඇවිත් කියද්දී උගේ ඇස් දිලිසුනා
ඉවසුවා මචං මම මාරම ඉවසිල්ලක් ඉවසුවා. අතින්වත් අල්ලන්නේ නැතුව මාරම විදියට කන්ට්‍රෝල් පිට හිටියා. අන්තිමට මම දිනුවා. සුපුන් කිව්වා ඔක්කොම ඉවර උනාට පස්සේ
ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉවසල ලබා ගන්න ඕනේ දෙයක්
මේ කතාව මට තව දික් කරන්න තිබ්බ. සුපුන් වටින් ගොඩින් කියපු කතා අහුලාගෙන මට ඌ භාග්‍යට උණ හැදිලා ගෙදර නැවතුනු සතියේ කතාව ලිව්වා නම් මට මේක තව කොටස් හතර පහක් ලියන්නත් තිබ්බා
ඒත් ආදරේ ගැන දන්න කෙනෙක්ට මේ ටික ඇති ඉතුරු ටික හිතා ගන්න. අනික මම මේ බ්ලොග් එකේ ලියන්නේ ලොකු පොඩි හැමෝටම කියවන්න පුළුවන් තරමට විතරයි. ඒ නිසා මේ කතාවේ ඉතුරු ටික හිතා ගන්න

Great!!!!
ReplyDeleteThanks Machan
Deleteba ba ba mulu kahawama oni. kathaawa daanawada wedi kanawaada?
ReplyDeleteඋඹලටත් මොකක් හරි ටින් ටින් කෑල්ලක් තියෙනවනම් ඒක දැනගන්නකන් නින්ද යන්නේ නෑ නේද
Deleteදිග උනාට කමක් නැ රොටියෝ...
ReplyDeleteකියපන්කො.....
බාගෙට නවත්වන්නේ නැතුව,,, එක තමයි වැදගත්ම කොටස...කොටස් වශයෙන් හරි ලිය....
මෙච්චර කතා තියෙන බ්ලොග් එකේ මේ කතාවම දැනගන්න බොලාට තියෙන තදියම හැබෑට
Deleteමොනවද රොටියෝ.. ඔක්කොම කියපන්කෝ.. පට්ට කතාව..
ReplyDeleteඅඩෝ දික්පිටියා. ඒපාර උඹත් පටන් ගත්තද? මේ උඹේ බ්ලොග් එක නම් පට්ට. ලඟදි බෝඩින් කතාවක් එහෙම දැම්මේ නෑ නේද?
Deleteදිගාගේ ආසාවනේ රොටියෝ ඔන්න ඔහෙ ඔක්කොම ලියපන් බං
ReplyDeleteඑකනේ බං. මුන් එක්ක වැදගත් විදියට කතාවක් ලියල ඉවර කරන්න බැරි හැටි
Deleteඕන් රොටියෝ මරණිය තර්ජනත් ඇවිත්... :D
ReplyDeleteඑකනේ තරිදුවෝ. මුන් ටික අන්තිමට සුදු වැන් පිටින් එයිද දන්නේ නෑ රොටියව උස්සගෙන යන්න.
Deletepatta lipiya machan patta
ReplyDeleteතැන්ක්ස් මචං.
Delete