Thursday, March 3, 2016

ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!


කුලියාපිටියේ අයියාට ලියන වග නම් ;
අද උදේ බස් එකේ උඹට අසුන් දෙකක් ඉදිරියෙන් වාඩි වී සිටි සුදු ලස්සන නංගිව දැක්කාද?
උඹත් එක්ක ඈ හිනැහුනා මතකද?
ඔබ ඇය පිටුපසින් ගොස් , ඈ වැඩ කරන ඔපීසිය බලා ගත්තාට දැන් පලක් නැත්තේය
ඈට සහලෝලා ඒඩ්ස් ය..

කුලියාපිටියේ අක්කාට ලියන වග නම් ;
නුග ගහ යට කඩේ , දවල් කෑම එක මාර රසයි කියමින් උඹ දෙසා බානවා නේද
හැමදාම නැතුවාට උඹට උදේ නැගිටින්න පරක්කු උන දාට
එන්න ඒ කඩේ කොලුවාට , ඔන්න දැන් ඒඩ්ස් ය

කුලියාපිටියේ ඒඩ්ස් විරෝධී ජනතාවටලියන වග නම්;
ඒඩ්ස් කියන්නේ මොකද්ද, හැදෙන්නේ කොහොමද කියලා උඹලාට කියා පලක් නැත, වෙදැදුරන්ට වඩා උඹලා ඒ ගැන දනිති.
අර අහිංසක ළමයාගේ වෙද්‍ය වාර්තා ද උඹලාට හීනෙන් ගිය අධෝ වාතයක් ගානය
උඹලාට අනුව ඒ කොල්ලාට ඒඩ්ස් ය...
ලංකාවේ ඒඩ්ස් තියෙන්නේ ඌට විතරමය

පෙට්ටි කඩේ කමලා - යකෝ ඒ ගෑනි මිනිස්සු හතර දෙනෙක් එක්ක ගියේ නැතිබැරි කම හින්දා. ඒ අහින්සකිට ඒඩ්ස් කියන එවුන්ට හෙන ගහන්න ඕනේ
පහල ගෙදර විමලා - පොඩ්ඩක් දාන්ගලේ තිබ්බට එකී හරි අහිංසකයි. (බලන්න එපෑයැ ඇඳට ගියාම)
බස් එකේ සුනිල් - රට වටේ යන්නේ ඒ මිනිහගේ රස්සාවට
මල් ගෙදර සෝමපාල - ගෑණු ළමයෙක් වගේ..?
...
.....
.......
.........
මට - උඹට පිස්සුද?

කන්න ගියාම කබර ගොයත් තලගොයා වෙනවයි කියන්නේ කට කහන්වටද බොලව්
තලගොයා වගේද ඒඩ්ස්
ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!!!

5 comments:

  1. එහෙනම් යකෝ.. මුන්ට කොන්ඩම් ගැන.. ලිංගික ඇදහ්යපනේ ගැන එහෙම කියල දෙන්නත් බැහැනේ .. ගැමි සංස්කෘතිය කනවා කියයි එතකොට.. මුන්ට නම් බයි මහින්දගේම සරණයි.. නැත්නම් අබ සරණයි කිව්වත හරි...

    ReplyDelete
  2. මේ ලමයට් විදුහලක් ලැබෙන්න කියා උද්ඝෝෂණ කරමු දැන්.

    ReplyDelete
  3. Lamayata iskolayak dela nowa thiyenne.

    ReplyDelete