පහුගිය ටිකේ මොන මොන විදියට දාඩිය දැම්මත් දෙයියනේ කියා රෙද්දක් වෙලාගෙන ගෙට ගන්නට ඉඩකඩ පෑදී තිබුනේය. දැන් ඉතින් සඳ මෝල් වන්නම වහිනවාය. උදේ පාන්දර වැඩට යාමට ඇඳගද්දී මෝල් උනේ සඳ නෙවේය. රොටියාගේ පපුවය.
"ජොක්කු නැත!"
ඉරි තියෙන, සුදුපාට, කලුපාට, කකුල් තියෙන, කකුල් නැති එකී මෙකි හැම ජොකාම තෙතය!
හෝදා ගත් ජොක්කු වේලිලා නැත. තෙත ජොකෙක් අයන් කරගන්නට කරන්ට් එකද නැත. අද වැඩට යන්න වෙන්නේ සිවිල් පිටය!
රොටියා සිවිල් පිට යනවාට ගෑණු ළමයා එළිපිටම සිය විරෝදය පල කළාය.. එහෙනං අද වැඩට ගොස් හමාරය
රොටියාගේ ගෑණු ළමයා මෙතෙක් සඟවාගෙන සිටි මහාර්ඝ වස්තුව එලියට ගත්තේ අන්න ඒ වේලාවේය
"මං මේක ගත්තේ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න" ඈ කීවාය
එය ජොකෙකි. පට්ට ජොකෙකි
දුර සිට බලන විට සුදුපාටය
ලඟට ගෙන බැලූ විට එක පැත්තක් නිල් පාටය. අනෙක් පැත්ත කොළ පාටය
මැද සීනුවක් එම්බ්‍රොයිඩර් කරලාය.
මල් හතය
ඇඳගත් විට අයිස්ලන්තය මැද්දෑවේ අමු නිර්වස්තරෙන් ඉන්නවාක් මෙන් රොටියාගේ සකල සරීරය කුල් වී ගියේය
මරුය
ගෑණු ළමයා එය මිලට ගෙන ඇත්තේ ඉරිදා පොලෙනි.
ජැන්ඩි පහට ඇඳගෙන ගෑණු ළමයා හා මගට බට රොටියාට විරවාගෙන ඉන්නා අහස දුටු විට අද නම් බඩු පැකට් වන බව හොඳාකාරවම තේරුණේය. එන පොට හොඳ නැත. තවම අවුරුදු කෑ ඒවායේ රස්නය තදටම දැනෙන හෙයින් වාහනයේ යන්නට වත්කමක්ද නැත. නමුත් බස් එකේ ගියොත් යන්න වෙන්නේ හොම්බෙන්ය
නැවත ගෙවන බවට දහ අතේ පොරොන්දු වී ගෑණු ළමයාගෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගත් රොටියා සිය කෑදර වාහනයේ කුස අඩකින් පුරවාගෙන කොලම්තොට දක්වා ගමනේ යෙදුනාය
වැසි දිනවල ගෑණු ළමයා ත්‍රිවිල් ගානේ යනවාට රොටියා කැමති නැත. වැහි දිනවල ත්‍රිවිල් අයියලා ගේ රැස් මාරය. ගෙනියන්නේ උන්ට උවමනා තැන වෙනකන් පමණි. අප ගමන් වියදම වගේ දෙගුණයක් පුදා අයියලාට වැඳ වැටිය යුතුය.එබැවින් රොටියා වාහනය සිය කැමැත්තෙන්ම ගෑණු ළමයාට දී වෝර්ඩ්ගේ පෙදෙසින් බැස්සේය.
අපරාදේ කියන්න බැරිය. ලෝබ නැතුව දෙගොඩ තලා යනවාය. බෞද්ධයා නාලිකාව ඉදිරිපිට පාර එකම රස සාගරයකි! එම පාර මැද "මිහිරි ආකරයක්" හාරන්නට යෙදුනේ පහුගිය වසරේ මුල හරියේය. ඒ ආකරය තවමත් එහෙමමය.
එම පාරෙන් පරිස්සමින් අඩිය තියමින් ගිය රොටියා ඊළඟට පැය තැබූ සිමෙන්ති කැටය තිබුනේ බුරුල්වෙලාය. හිතන්නවත් වෙලාවක් තිබුනේ නැත. සිමෙන්ති කැටය රොටියාද රැගෙන මිහිරි ආකරයටම පල්ලම් බැස්සේය!
රොටියාට මරබිය දැනුනි. ඒ අස්සේ කොනක ගෑණු ළමයා සිනාවෙමින් උඩ පැන පැන අත්පුඩි ගසනවා වගෙත් පෙනුනි. ඒ අත්පුඩියට පසුබිම් සංගීතයක් වගේ සීනුවක් සෙලවෙනවා ඇසුනි. සීනුව සෙලවුනේ කතා කරනවා වගේමය
රොටියෝ බය නොවී හිටු! ටින් ටින් ටින්
රොටියෝ බය නොවී හිටු! ටින් ටින් ටින්
රොටියෝ බය නොවී හිටු! ටින් ටින් ටින්
කල්පයක් තරම් යයි හැඟුණු කාලයකට පසු රොටියාට තමා තව දුරටත් වැටෙමින් නැති බව තේරුණේය. එක ඇසක් විවර කර බැලූ රොටියාට තමා තවමත් ඉන්නේ පාර මැද්දෑවේ හිටගෙන බව තේරුණේය. නමුත් පුරුදු පාර හෙම නෙවේය. පට්ට සිරා පාරකි
රොටියා මිට පෙර ඉන්ටර්නෙටයෙන් හෝ හීනෙන් පමණක් දැක තිබූ ජාතියේ මාර පාරකි
මංතීරු හතරකි. දෙපැත්තේ සහ මැද පදික මන්තිරුය. ඒවායේ ගස් වවා ඇත. බයිසිකල් වලට වෙනමම තීරුවකි. එක කොලයක් බිම නැත. වර්ග කල කසල බඳුන් පිලිවලට ඇත. සඳ මෝල්ය
නමුත් මේවා දැක්කේ පසුවය. රොටියා මුලින්ම දැක්කේ පාරේ ගමන් කරනා මිනිස්සුන්ය.
ලංකාවේ අයියලා අක්කලා වගේමය. නමුත් ඇඳ ඉන්නේ යට ඇඳුම් පමණි
රොටියාගේ ගෑණු ළමයා ගෙනත් තිබූ ජාතියේම ඒවාය. නිල්-කොළ මැද සීනුව
කාන්තාවන්ගේ උඩු ඇඳුමද එසේමැයි!
"අඩේ මේ කොහෙද?" රොටියාට ඇසුනේ ඉබේමය
"ආසියාවේ ආස්චර්ය ලොක්කා ආසියාවේ ආස්චර්ය" හින් කටහඬක් ඇසුනි
කලබල වූ රොටියා හඬ ආ දෙසට ඇස් යොමු කළේය. කිරි අප්පට බල්ලෝ පනින්නට කතා කර තිබුනේ රොටියාගේ ජොකාය! අනෙක් අතට රොටියාගේ ඇඟේ තිබුනේද ජොකා පමණය. අරන්දී තවම මාසයක් වත් නැති කමිසයට හා කලිසම නැති කරගෙන ගෙදර යාම් බොරු බැවින් රොටියාට හීනි බයක් සමග තිගැස්මක් ඇතිවිය. එසේම රොටියා සමග මේ ටුවර් එකට ගෑණු ළමයා සෙට් නොවීම ගැනද හෙනම සන්තෝසයක්ද ඇතිඋනේය. කර පොඩ්ඩක් කැපී ඇති ඇඳුමක් ඇඳගෙන ගෑණු ළමයා එලියට බහිනවාටවත් කැමති නැති රොටියාට, ඈ යට ඇඳුම් පිටින් මහ පාර මැද්දෑවේ හිටන් ඉඳීමක් ගැන හිතා ගන්නවත් නොහැක
"කොහෙද බොස් මේ" රොටියා ඇහුවේ ජෝකාගෙනි.
"ලංකාව බන් ලංකාව" ඌ ගණනකටවත් නැතුව කියා දැම්මේ පාරේ ගිය අක්කා කෙනෙක්ගේ ජංගිය දිහා බලාගෙනය. "අඩේ කැත වැඩ නොකර ඉඳින් බං. එහෙන් මෙහෙන් අනින්නේ නැතුව" ඌ ඒ සමගම එසේ කියමින් රොටියා දෙස රවා බැලූ නිසා
රොටියා වහාම අක්කාගෙන් දෙනෙත් ඉවතට ගත්තාය
"මොකෝ මල්ලි ප්‍රශ්නයක්ද?" ඒ සමගම එතෙනට පාත් වුයේ හයේ හතරේ ඩයල් එකකි. උගේ ජොකාගේ පස්සා පැත්තේ "POLICE" කියා ගසා තිබෙනු රොටියා දුටුවේ පසුවය
"නෑ නෑ රාලහාමි" රොටියාට ඉබේම කියවුනාය
"ඔය ගම කාගත්තේ" රොටියාගේ ජොකා හෙමින් මුමුණනවා රොටියාට ඇසුණේය
"රිපොටින් රිපොටින්.. " රොටියා දෙස මිනීමරු බැල්මක් හෙලු පොලිස් ඩයල් එක ජොකා ඇතුලෙන් එලියට ගත් මොකද්දෝ ගැජට් එකකට කතා කරන්න වූවාය. "සාජන් ආරියපාල කතා කරන්නේ. සැකකරුවෙක් ඉන්නවා." ඌ ඒක කියා කටගන්නත් පෙර පිඹගෙන පැමිණි ලැම්බෝගිනියක් රොටියා ළඟ නැවතුනේය.... කොලපාට එහි රතුපාටින් "POLICE" කියා ගසා තිබුණි
"මොකද්ද වැරැද්ද" ලැම්බාගෙන් ඔලුව එලියට දැමු එකෙක් කතා කළේය
"මූ ගෑනුන්ගේ පස්ස දිහා බලාගෙන ඉඳල ඊළඟට මෙතන මට රාලහාමි කියන්නත් එනවා"
ලැම්බාගේ ඇස් එලියට පනින්න මෙන් විසාල වුවේය. "නෑහ්.. දාන්න මූව ඇතුලට"
"ඔය කොරගත්තේ" ජොකා කොඳුරනු රොටියාට ආයෙත් ඇසුණේය.
ලැම්බා පිඹගෙන ගියේ තට්ටු හතරේ පාරකය.
"බේස් ලයින් එක ලොක්කා.." ජොකා කෙදිරුවේ නක්කල් සද්දෙකිනි
විනාඩි දහයක් යන්නට ඇත. රථය ක්රාස් ගා තිරිංග තද කළේය. "මේ මීගොමුව. සද්දේ වහල ඉන්න බොස්" ජොකා ආයෙත් කෙදිරුවේය
ටාන් ගා සද්දයක් ඇසුණේය. ඒ සමග ලැම්බාගේ වහලය කර කර ගා කැපෙන විදුලි කියතක් පෙනුනේය. තත්පර පහකින් පමණ අඩි පහේ පහේ කොටුවක් වහලෙන් කැපී ගියේය. ඒ ලඟට වහලෙන් එබුනේ අව් කන්නාඩි දාගෙන මැෂින් තුවක්කුවක් අත දරාගත්තු ස්ත්‍රියකි. ප්‍රියංකා චොප්රා වගේය
පිස්සු ඩබල් වන්න ඒ උන්නේ ගෑණු ළමයාය. රොටියාගේම ගෑණු ළමයාය!
රොටියාට හිතන්නවත් වෙලාවක් නැතුව, ගෑණු ළමයා රොටියාව ඔසවා වහලෙන් එලියට ගත්තාය. ඒ සමගම ඈ රොටියාව අල්ලාගෙන විදුලි වේගයෙන් ලැම්බාව අවහිර කර තිබූ හමර් රථයට පැන්නාය. ඊළඟට ඇන්ජලිනා ජොලී කැලේ යන්න රථය හරවා ධාවනය කරන්නට වුවාය.
"මං වෙලාවට ආවේ. තව විනාඩි පහක් පහු උනා නම් යාපනේ හිර කුඩුවේ. නඩු නෑ..!"
"ඒක තමයි මිස්. කොහෙද බොසා ගම කාගත්තනේ" ඒ කතා කළේ ජෝකාය
"වෙල් ඩන්. ජෝකපාල.. වෙල් ඩන්" ගෑණු ළමයා ජෝකාට තට්ටුවක් දැම්මෙත්, ඌ මාදෙස රවා බැලුවෙත් එකටමය.
"මේ.., එහෙන් මෙහෙන් තට්ටු දාන්නේ නැතුව ඉන්නවද? මූ බනින්නේ මටනේ.." මම කීවෙමි.
"කව්ද ඩෝ බැන්නේ" ඒපාර ඌ ආවේ වලියටය
"මේ කොහෙද?" මම ඌව නොසලකා ගෑණු ළමයාගෙන් ඇසුවෙමි
"වෙනකොහෙද.. මේ ලංකාව"
"ආසියාවේ ආස්චර්ය" ජොකා නැවත මැද්දට පැන්නේය
"අඩේ ඒ කියන්නේ මහින්ද මහත්තයා දිගටම හිටියද.." රොටියාට සතුට වැඩි කමට ඇසට කඳුලක් ද ආවේය " ඒකනේ මම හැමදාම කිව්වේ..කොහෙද ඇහුවද"
"රෙද්ද තමයි" ගෑණු ළමයාට අම්බානෙක මල පැන ඇති සෙයකි " මාත් ආවනේ ගොනා වගේ මේ මනුස්සයව බේර ගන්න"
"අඩේ.. ඒ කියන්නේ මේ අපේ රනිල් ලොක්කගේ වැඩද. මයිත්‍රී මහත්තයත් එක්ක එකතු වෙලා.. මාත් ඊළඟ සැරේ චන්දෙ දෙනවා"
"නෑනේ.." ගෑණු ළමයාගේ හඬ බිඳී තිබුනේය
"එහෙනං" රොටියාගේ කුතුහලය දැන් උච්චතම අවස්ථාවේය
"පාර්ලිමේන්තුවට බෝම්බයක් වැටුනනනේ"
"නෑ.."
"නෑ නෙමෙයි.. ඊට පස්සේ චීනෙයි ඇමෙරිකාවයි එකතුවෙලා ලංකාව පාලනේ කරන්න ගත්තා.. ඒ ගොල්ලෝ තමයි මේ ඔක්කොම හැදුවේ"
"සිරාවට.. දැන් එහෙනං මල් හතයි නේ..
"නෑනේ... අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා කැම්පස් ළමයි අරගල කරන්න පටන් ගත්තනේ"
"ඉතිං"
"ඊටපස්සේ අරගොල්ලෝ එහෙනං උඹලම තියා ගනින් කියල රටේ පාලනය මහා ශිෂ්‍ය සංගමේට දීලා යන්න ගියානේ.. දැන් අපි කන්න ඕනේ ඒ ගොල්ලෝ කියන දේවල්.. බත් අනන්න ඕනේ ඒ ගොල්ලෝ කියන ගානට.. අඳින්න ඕනේ මේවා විතරයි.. එකටත් අර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ට් යුනිට් එකක් හයි කරලා. ඒකෙන් තමයි අපිව ට්‍රැක් කරන්නේ. ජෝකපාල වගේ කීප දෙනෙක් ඉන්නවා අපිව පාවල දෙන්නේ නැති.."
"මාර වැඩක්නේ.."
"කිසිම නිලදාරියෙක් දිහාවත් ඔලුව උස්සල බලන්න තහනං. පොලිසිය එක්ක කතා කලොත් නඩු නැතුව හිරේ!"
Monday, May 16, 2016
Friday, May 13, 2016
රොටියාගේ ගෑණු ළමයාගේ රස වින්දනය
කසාදයෙන් පස්සෙන් පහුව ඔබ ක්‍රමයෙන් ඉගෙන ගන්නා දහසකුත් දේවල් අතරින් ටුත්පෙස්ට් ටියුබය මිරිකන්න ඕනේ මැදින් නොව කෙරවලෙන් බව, තුවාය දමන්නේ ඇඳ උඩ නොවෙන බව, ඇඳුමක් නොසෝදා අඳින්න ඕනෑ එක වරක් හෝ වැඩිම උනොත් දෙවරක් බව මෙන්ම හින්දි චිත්තරපටි බැලීම ද බොහෝ විට අනිවාර්ය වනවාය. කසාදයට පෙර ඔබ මොන මොන විදියට හොලිවුඩයේ කරක්ගසා තියෙන කප්ගැසූ කෙරුම් කාරයෙක් වුනත් කසාදයට පසුව හින්දි සිනමාවද රසවිඳීමට ඉගෙන ගනු ඇත්තේය. පසුව ඔබ කෙතරම් මෙයට හුරුවෙනවාදයි කිවහොත් ඕනෑම ලද බොළඳ චිත්තරපටියක් අබාදයකින් තොරව පත්තියම් කර ගන්නට මෙන්ම ඒ පිළිබඳව 'හරවත් සංවාද වල යෙදෙන්නට (කා සමග දැයි ඔබ දන්නවාය) ඔබට විශිෂ්ඨ හැකියාවක් ලැබෙනු ඇත
ඔබගේ ගැහැණු ළමයාගේ වෘත්තීය මට්ටම හෝ සමාජ මට්ටම ඔවුන්ගේ රසවින්දනය බලපෑම් කරන්නේ යයි හීනෙන් වත් හෙම හිතන්න එපාය. ඉංජිනේරු වරියක් වුවත්, ආර්ථික විශේෂඥ වරියක් වුවත් , උපදේශක වෙද්‍යවරියක් වුවත්, සන්නාලියක් වුවත් ඔබගේ ගෑණු ළමයාගේ රසවින්දනය තේරුම් ගන්නට නම් ඈ සමග ආශ්‍රය කර බලන්නම ඕනෑය. රොටියාගේ ගෑණු ළමයා ගැන කියනවා නම් ඈ ළඟ මහත් වූ පොත් එකතුවක් ඇත්තේය. ගණනින් දහස පන්නන පොත් එකතුවේ සෑම පොතක්ම ඈ දෙවරක්වත් කියවා ඇත්තේය. එහි උසස් සම්භාව්‍ය කෘති, මාරක කතා, ආදර කතා , රහස්පරීක්ෂක කතා සමෝසමේ ඇත්තේය. එහෙව් ළමයා මාසයේ නවවැනි , දහවැනි දින පහුවන විට තෝන්තුවට පත්වන්නට පටන් ගනියි
ගෑණු ළමයා: රොටියෝ..
රොටියා : මොකෝ..
ගෑණු ළමයා: පත්තර බැලුවේ නෑ නේද..
රොටියා : ඔය ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ
ගෑණු ළමයා : අනේ රොටියෝ
රොටියා : මොකෝ..
ගෑණු ළමයා : අනේ භාවනා එකක් ගෙනත් දෙන්නකෝ
ඔන්න ඔහොමය. ඕවාට රොටියා වාද කළේ බැඳපු මුල් කාලයේය. ඔය මක් කරලවාත් ගෑණු ළමයින්ගේ සමහර ආසාවන් තේරුම් ගත නොහැක්කේය. ඒවාට වැඩි වියදමක් යන්නෙත් නැති හෙයින් හොඳම දේ ඒ දේවල් ඔවුන්ට සපයා දීමය.
පට්ට මෝඩ වැඩක් කොට හාවන් සේ කන් විහිදාගෙන අප දෙස බලා ඉන්නේද මෙන්න මේ කියන ගෑණු ලමයින්මය. වරදක් කොට අසුවූ විට රොටියාගේ ගෑණු ළමයාගේ බැල්ම, ගේ ඇතුලේ චූ කොට අසුවන රොටියාගේ බල්ලාගේ බැල්ම වාගේමය.
ඔබගේ ගෑණු ළමයාගේ දැනුම තේරුම් ගන්නා තුරු ඈ සමග චිත්තර පටි බලන්න සිනමාහල් වලට යාමක් ගැන එහෙම හීනෙන් වත් හිතන්න එපාය. ක්‍රියාදාම ඉංග්‍රීසි චිත්තර පටි ගැන මෙලෝම අවබෝදයක් නැතුව උන් ගෑණු ළමයාව මුල්වරට එවැනි චිත්තරපටයක් බලන්න එක්ක ගෙන ගිය රොටියා වැටුනේ ලෝක අමාරුවකය
ගෑණු ළමයා: රොටියා ඒ මොකද ඒ?
ගෑණු ළමයා: ඇයි ඒ ගහන්නේ
ගෑණු ළමයා: බයිසිකලේට එච්චර හයියෙන් යන්න පුලුවන්ද
ගෑණු ළමයා: හි හි හි
ගෑණු ළමයා: මොකද්ද ඒ වාහනේ
ගෑණු ළමයා: මොකද්ද ඒ කළේ
ඒ ඔක්කොමත් හරිය , මෙන්න මේ කියන ගෑණු ළමයා රොටියාට කලිසමෙන් මුණ වසා ගන්නට වැඩ සිද්ද කළේ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ අන්තිම චිත්තරපටය බලන්න ගිය දවසේය. එදා රොටියා හා ගෑණු ළමයා උන්නේ තනියම හෙම නෙවේය. රොටියාගේ යාළුවන් රංචුවක්ම සමගය
ගෑණු ළමයා: අනේ හරි ෂෝක්
යාලුවෙක්: ඩබල් ඕ සෙවෙන් ෆිල්ම්ස් කොහොමත් හොඳයි
ගෑණු ළමයා: රොටියා.. අපි කලින් බලපු එක ඩබල් ඕ සික්ස් හින්ද වෙන්න ඇති මේක තරන් හොඳ නැත්තේ
රොටියා : ???
ගෑණු ළමයා : ඇයි අනේ මේක සෙවන් නං කලින් එක සික්ස් වෙන්න එපැයි

Friday, March 25, 2016
ලවැන්දර් සේපාලිකා
තෙතමනයක් නැති කාෂ්ඨක හුළඟට එදා තෙතමනයක් එකතු උනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ.ඒත් රළු හුළඟ එක දවසකට හරි හීනියට මෙලෙක් වුනු එක ගැන මම සන්තෝස උනා.
උණුහුම් තේ එකෙන් නැගුනු සුවඳින් කියවුනේ අද මට ලැබෙන්නේ ලෙමන් තේ එකක් බවයි. මම ලෙමන් රසට ආසයි. නමුත් ඒ තේ රසත් එක්ක නම් නෙවෙයි.
තේකක් හදල අතට ගෙනත් දෙන පුරුද්දක් නිර්මලාට නැහැ. "තේ හදලයි තියෙන්නේ.." නිල නිවේදනය ඇහුනාම මම ගිහින් තේක අරගෙන කැමති නම් බොන්න පුළුවන්. නැත්නම් හලල දාන්න පුළුවන්. මොක කලත් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලලා තියන්න ඕනේ.
"කාපු බීපු පිඟාන කෝප්පේ හේදුවා කියලා ඔයාට අඩුවක් වෙන්නේ නැහැ තේමිය.." නිර්මලා කිව්වේ අපි කසාද බැඳලා දෙවෙනි සතියෙදියි.
"මගේ අප්පෝ.. පිරිමින්ට කියල වැඩ කරවාගෙන මට පව් සිද්ද කරන්න ඔය හදන්නේ" ඒ දවස් වල බඩු මල්ල උස්සගෙන ගෙනිහිල්ල දෙන්න හදද්දී සමන්තිකා කියනවා
තේක මම හිතපු තරම් නරක නැහැ. ඒක ඇත්තටම හොඳයි.
"අපේ හැමෝටම අද ටි බෑග් කේස් එක ගානේ දුන්න. බොස් චීනේ ඉඳල එනකොට ගෙනාවයි කියල. ඔයා හිතනවද අනේ ඒ මනුස්සයා මේ චීනේ ඉඳල තේ පෙට්ටි පනස් එකක් උස්සගෙන එයි කියල.. ඔය ලංකාවෙ කොහේ හරි තැනකින් අරන් අරන් දෙන්න ඇති නේද" නිර්මලා හිනා වේවි මං දිහා බලනවා
"මොනවා උනත් තේක හොඳයි" මං එහෙම කියන ගමන් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලුවා
නිර්මලා ට උසස් වීමක් හම්බවුනු වෙලාවේ මම කිව්වේ එයාට ගෙදර ඉන්න කියල. මාත් එක්කම උදේට වැඩට යන නිර්මලා මට කලින් හවසට මට කලින් ගෙදර එනවා උනත් මම හැම වෙලේම කිව්වේ එයාට එතන වැඩ වැඩියි කියල. උසස් වීමත් එක්ක එයාගේ ආදායම මගේ මාසික වැටුපට වඩා වැඩි වුනු එක ගැන මට පුරුෂ ඊර්ෂියාවක් නොදැනුනා කිව්වොත් බොරුවක්. මගේ පුරුෂාධිපති කොන්ක්‍රීට් තට්ටුව නිර්මලා නිසා එන්න එන්නම ඉරි තලන එක ගැන මම සතුටු උනේ නැහැ
"මම රස්සාවට යන්නද මහත්තයෝ.." එක දවසක් සමන්තිකා මගෙන් ඇහුවේ බොහොම බැගෑපත්ව.
"ඔයා රස්සාවල් නොකලට මට ඔයාට කන්න බොන්න දෙන්න පුළුවන් ඒත් ඔයාට ගෙදර ඉන්න පාලු නම් බඳින කම් රස්සාව කරන්න.." මම කිව්වේ ඉව වහා ගිය ආදරෙන්.
ඊළඟ දවසේ මම ගිහින් සමන්තිකාට ඇඳුම් කැඩුම් ගොඩක් අරන් දුන්නේ අලුත් රස්සාවට යන්නයි. එච්චර ලක ලෑස්ති උනත් සමන්තිකා රස්සාවට ගියේ එක සතියක් විතරයි.
" මහන්සියි අනේ.. මම මුකුත් නොකලට ඔයාට හොඳ රස්සාවක් තියෙනවනේ මහත්තයෝ" එයා කිව්ව
"මේ ස්ටාෆ් සර්විස් එක නං එපා වෙනවා අනේ. රවුම් ගහනවා නැති වෙන්න. ඒ අස්සේ ඉන්නෙත් හැට පැනපු කුකුල්ලු.." නිර්මලා කියවනවා
"හ්ම්"
"අද කිර්ති මං ගාව වාඩි වෙලා බොරුවට නිදිවගේ ඉඳගෙන මගේ ඇඟට බරවෙනවා. මං දුන්නා හොඳවයින් වැලමිටි පාරක්. ඒපාර නැගිටලා වෙන සිට් එකකට ගියා"
"ඔයා මොකක් හරි විකාරයක් ඇඳන් යන්න ඇති"
"මං ඇඳන් ගිය විකාරයක් නෑ අනේ. එදා ගත්තු කොළ පාට බ්ලව්ස් ඒකයි, කලිසමයි.. ඒ ඇඳුමේ මොකද්ද තියෙන වැරැද්ද"
"ඕක ගද්දිම මම කිව්ව. ඕකේ අත් කැපිල වැඩියි කියල. කොහෙද කියන දෙයක් ඇහුවද. ඒ කලිසමත් හිර වැඩියි"
"මේ කාලේ අඳින්නේ නැති ඒවා නාකි වෙලා අදින්න කියලද.."
"පිස්සු. පිරිමි අවුස්සන ඇඳුම් ඇදන් ගිහින් ඊළඟට කියන අරූ මූ ඇඟට ආව කියල"
නිර්මලා ස්ලාන්.. ගාල සාස්පානක් සින්ක් එකට අත ඇරියා. මෙතන ඉඳල මේ කතාවේ එල්ලිලා ඉඳල තවත් රණ්ඩු වෙනවද නැත්තන් සාලෙට ගිහින් ටීවී එක දාගන්නවද කියල දෙපැත්තට වැනි වැනි මම මොහොතක් කල්පනා කළා. රණ්ඩුව ඇද්දොත් පාඩුව මටමයි. රෑ කෑම පරක්කු වෙන්න පුළුවන්
ඉස්සර සමන්තිකා අඳින චිත්ත ගවුම් කොච්චර සංවර ද
ටීවී එකේ නිලි බට්ටියක් දිය රෙද්දක් ඇඳන් නලව නලව ඇවිත් ගඟකට බැස්සා. ඉස්සර සමන්තිකා නාල ඉවර වෙලා රෙදි බාල්දියත් අරන්, දිය රෙද්ද පිටින්ම ගෙදරට යන හැටි මට විදුලියක් වගේ කල්පනාවට ආව.
සමන්තිකාගේ ගෙදර ඉඳල ගඟට තිබුනේ මීටර් දෙසීයක් විතර. ඔය පොඩ්ඩ දුර උනත් දිය රෙද්ද මාරු කරන් ආවොත් නරකද කියල අහපුවාම අඬන්න තියා ගත්තා. ඉතින් ඕකට ඔය හැටි අඬන්න ඕනෙද කියල මම එයාගේ සුදු පාට කම්මුලක් ඉම්බා. ඒ දවස් වල ගෙදරම හිටපු හින්ද වෙන්න ඇති සමන්තිකා ටිකක් මහතයි ලස්සනයි. එදායින් පස්සේ කිසිම දවසක මම ඔය ගැන එයාට කතා කළේ නැහැ.දුප්පත් කෙල්ල
අර නිලි බට්ටිම දැන් ගෑණු පෙනුමක් තියෙන නළුවෙක්ගේ ඇඟට හේත්තු වෙලා තොදොල් වෙනවා
නිර්මලා කුස්සියේ ඉඳන් කාමරේට යන හැටි මගේ ඇස් කොනට පෙනුනා. නිර්මලා කවදාටත් මහතට හිටි කෙනෙක් නෙවෙයි. සතියේ දවස් පහක් වැඩට ගිහින් සෙනසුරාද ඉරිදා ජිම් යන්නත් නිර්මලාට පුළුවන් කම තිබ්බ.
"අනේ නලින්ද අයියේ.. සූරසේන අයියා මට හරියට කරදර කරනවා" නිලි බට්ටි නිලි නළුවට කියනවා
මගේ යාලුවෙක් වුනු විජිත නිර්මලා ගෙන් කන පුරා බඩ පුරා බැනුම් අහගෙන තිබ්බේ අවශ්‍ය නැති කතාවක් කියල. කොහොමත් උගේ කට හොඳ නෑ. හරි මනමාලයා. ඔය සිද්දිය කිව්ව වෙලාවේ මම දොස් කිව්වේ නිර්මලාටමයි. මිනිස්සු එක්ක වැඩි කතාවට යනවට ගෑණුන්ට හොඳ පාඩම් ඕව. අනෙක ඌ එහෙම කතාවකට ආව නම් නිර්මලාට තිබ්බේ මග ඇරලා එන්න. මොකට බණින්න ගියාද
"එහෙම ආවොත් ඌ හිතන්නේ මං ඌට කැමති නිසා මුකුත් කිව්වේ නෑ කියල" එදා අන්තිමේදී නිර්මලා පොල්ලෙන් ගැහුවා වගේ කියල බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා
"නලින්ද අයියේ මාව ඔයා ඉන්න තැනකට එක්කං යන්න. මම ලුණුයි බතුයි කාලා ඉන්නං" නිලි බට්ටි ඇඩ් එකක් දැම්ම
"අපිට ඔය කාර් බාර් ඕනේ නැහැ මහත්තයෝ. පොඩි ගෙයක් තිබ්බාම හොඳටම ඇති. මමත් බත් පාර්සල් හදල හරි කියක් වත් හොයා ගන්නං" එදා සමන්තිකා මට කිව්වේ එයාගේ කාමරේදියි. එයාගේ ඇඳ උඩ තිබ්බ මල් පොත් ටිකයි, ඇඳ පාමුල ගොඩ ගහල තිබ්බ මල් සඟරා ටිකයි මට ඇස් කොනෙන් පෙනුනා. අතේ සතයක් නැතිව උන් ශ්‍රියාණි දැන් මාසෙකට ලක්ෂ දෙකක් හොයන බවත්, ඒ කතාව දැන ගන්න ඇතුලත කියවිය යුතු බවත් උඩින්ම තිබුණු සඟරාවේ මුල් පිටුවේ තිබුනා.
"අනේ ඔයත් බලන කතා.." නිර්මලා ගේ සද්දෙට මම උඩ ගිහින් බිම නොවැටුණු ටික විතරයි. අපේ රණ්ඩුව එයාට මතක නෑ දැන්
"මොකද්ද මේකේ තියෙන වැරැද්ද"
"ඕවා අනේ වෙන්න පුළුවන් දේවල්ද කියන්න..අතේ සතේ නැතුව බැඳලා ආදරෙයි ආදරෙයි කිය කියා මුණට මුණ බලන් හිටියාම ඔක්කොම හරිද.."
"එතකොට ඔයා කියන්නේ සල්ලි තමයි ඔක්කොටම මුල කියලද"
"සල්ලි තියෙන්න ඕනේ.. ඒකේ දෙකක් නෑ. ආදරේ තියන්න ඕනේ. ඔය දෙකම තිබ්බත් අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් වැඩක් නෑ"
බඩිගිනියි. කමුද? මම ඇහුවේ එතනින් එහාට මට කියන්න දෙයක් තිබ්බේ නැති හින්දයි.
කාලා ඉවර වෙලා බාජන හෝදන එක මගේ වැඩක්. නිර්මලා ඒ වැඩේ මගේ ඇඟේ ගැහුවේ බැඳලා මුල් කාලෙදිමයි. "අනේ තේමිය , උයන්න උදව් වෙන්න ඕනේ නෑ. අඩුම ගානේ උයපු බාජන ටිකවත් හෝදලා දාන්න". මම මුල්ම දවසේ බාජන ටික ලඟට ගියේ "ඔයාට මේ පොඩි දේ වත් තනියම කරන්න බැයිද කියල අහගෙන. "පොඩි වැඩක් නිසා තමයි ඔයාට කිව්වේ" නිර්මලා හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නා. ඒත් ගොඩක් දවසට මම තාම හදන්නේ කොහොම හරි මේ වැඩේ මග අරින්න.
"අනේ මහත්තයෝ මට සපුමල් අයියගේ හිත රිදෙන්න කතා කරන්න බයයි. ඔයාට බැයිද පොඩ්ඩක් කතා කරන්න" සමන්තිකා අහිංසක ඇස ලොකු කරලා මට කියපු හැටි මට තාම මතකයි
"මේ හලෝ.. තමුසේට ඕනේ නං කෙල්ලව තියා ගන්නවා. ඒකී මට හා කියපු නැති එක ඇත්ත. ඒත් කවදාවත් බෑ කියලත් නෑ.මම ඒකී කියපු දවසට යන්න යන්නං" මාත් එක්ක එකට කුඹුරු කෙටුව සපුමල්මද ඒ කියල මට හිතා ගන්නත් බැරි උනා
"මහත්තය එක එකා එක්ක කතාවට යන්න එපා. මම මග ඇරලා ඉන්නන්කෝ"
මම අන්තිම බාජනේ හෝදද්දී හීනියට ලැවැන්ඩර් සුවඳක් දැනුනා. රෑට සුවඳ තෙල් පහනක් පත්තු කරන්න නිර්මලා ආසයි. ඒ සුවඳ දැනෙනවා කියන්නේ නිර්මලා ගේ අස් කරලා , අතු ගාල ඉවරයි කියන එක.
"තේමිය .. වොෂ් එකක් දාගන්න" නිර්මලා කෑ ගහනවා. හැබෑට මේ ගෑණු පිරිමින්ව පොඩි එවුන් වගේ නේ කොන්ට්‍රෝල් කරන්න යන්නේ.හෝදගන්න කියල ආයේ කියන්න ඕනෙද. රෑට ඔක්කොම වැඩ ඉවර වෙලා ටීවී එක ඉස්සරහ ඔහේ වැටිලා ඉන්න මම ආසයි. හිතුනු වෙලාවට ඇඟ හෝදලා හරි නැතුව හරි නිදා ගන්න මම ආසයි
"ඔයා ගාව හඩු ගඳයි." බැඳපු මුල් දවස් වල නිර්මලා කියනවා. ඕක නිර්මලා විතරක් නෙමෙයි අපේ අම්මත් කියනවා
"මහත්තයාගේ සරමක් දෙන්නකෝ මට රෑට පොරවන්න" සමන්තිකාගේ සඟරා මට ඇහැක් ගහනවා
"තේමිය .. නිදා ගන්න එන්න. නැත්තන් උදේට නැගිටින්න අමාරුයි" .
මේ මොන කෝලමක්ද, උඹ ඇඳට පලයන් නිදා ගන්න එපා , හිත ඇතුලේ පිරිමි සතා කෑ ගහනවා.
"මචං අන්න සමන්තිකයි සපුමලුයි ආයේ ගමට ඇවිල්ලා. සපුමලය උදේම වැඩට යන හින්ද සමන්තිකාට ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න අමාරු හින්ද අම්මල ගාවට ආවයි කියල තමා ආරංචිය. ඔය, දෙන්න පැනල ගියාට පස්සේ ආපු මුල් වතාව. දැන් සමන්තිකාට ළමයි දෙන්නෙක් ඉන්නවය කියන්නේ"
අපේ පොඩි එකා හීනෙන් කියෝන සද්දේ ඇහුනා. ලැවැන්ඩර් සුවඳ දැන් තදටම දැනෙනවා. නිදිමත එන්න අපූරුයි
මොනවා උනත් සේපාලිකා මල් ගහක් තිබ්බනං මීට වඩා හොඳයි කියල මට හිතුනා. උදේට පරවෙන එක ඇත්ත ඒත් ඕනේ උනාම කඩල පූජා කරන්න පුළුවනි

Monday, March 7, 2016
සෙක්ස්පෝ හා පෙන්ෂන්
රොටියා විසින් තමාව රොටියා ලෙස බෞතිස්ම කරගනු ලැබුවේ බ්ලොග් ලිවිම පිණිසමය. රොටියාව තමාට මෙතරම් හිසරදයක් වනු ඇතැයි එකල මට කිසිවිටෙක නොසිතුනේය. සැබෑව හා රොටියා අතර සිට බ්ලොග්කරණය අතිශය වෙහෙසකරය. නමුත් එයින් රොටියා ලබන තෘප්තිය අසීමිතය..
ලිපියට පාදක වන සමයේ රොටියා සිටියේ අප්‍රිකානු රටකය. සැලකිය යුතු පිරිසක් ඒඩ්ස් වලින් මියයන, ඒඩ්ස් වැළදීම "සාමාන්‍ය උණක් ලෙස " හදුන්වන ඒ රටෙහි වගතුග පොස්ටු බර ගණනකින් ලිවිය හැක. මෙහි ලියවෙන්නේ ඒ කිසිවක් නොව ඒ රටේදී රොටියා සහබාගි වන්නට යෙදුනු ප්‍රදර්ශනයක් ගැන විස්තරයකි
"සෙක්ස්පෝ"
ලංකාවේ සුචරිතවාදින්ව බියෙන් ත්‍රස්ත කල හැකි මාතෘකාවක් රැගත් එම ප්‍රදර්ශනය ගැන ඇසු රොටියාට එය නැරබීමට යෑමට උණක් වැලඳුනේ තදබල ලෙසය. නමුත් කාලය සොයා ගැනීම උගහට විය
ප්‍රදර්ශනය ගැන ගැහැණු ළමයාව දැනුවත් කල විට හිකි හිකියක් සමග තමන්ටත් මොනවා හරි රැගෙන එන ලෙසට ලබා ගත් පොරොන්දුවත් අතැතිව කල් යල් බලමින් සිටි රොටියාට , එකෝමත් එක දවසක හදිසියේම පොටක් පෑදුණේය.
ප්‍රදර්ශනය අතුරු සිදුරු නැතිව පිරි තිබුනේය. රොටියා හා පිරිස මෙන් තනිකඩයෝ මෙන්ම තම සහකරුවා හෝ සහකාරිය සමග පැමිණි ජෝඩු ද එහි උන්නෝය. බොහෝමයක් කුටි වල අදාළ උපකරණ විකුණුම් කුටි විය. මතක හැටියට රොටියා ලබා ගත් පිවිසුම් පත ලංකාවේ මුදලින් හාරදහස් ගණනකි. ඒ සමග සබ්ජෙක්ටුවට අදාළ කුඩා ත්‍යාග පාර්සලක්ද විය.
ප්‍රදර්ශනය වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ප්‍රදර්ශනයක්ම විය. ප්‍රදර්ශනය ලංකාවේ තිබුනා නම් , කී දෙනෙක් ප්‍රදර්ශනයේ නමත් සමග නිදි වදිමින් සුරාතන්තයට පත්වී ගත නොහැකිව, නරබන්නට යන අයට ද්වේශ කරමින්, පරිභව කරමින් තම තමන්ගේ මනස තුල ඔවුන්ව නිරුවත් කර , ප්‍රදර්ශන සංකීරණය තුල කීවරක් ඔවුන් කම්සැප විඳින මානසික දර්ශන නරඹමින් උමතු වෙයිද? ලංකාවේ බහුතරයක හිත රිදෙන කතාව ඕකය
ප්‍රදර්ශනය තුල ප්‍රදර්ශන කුටි වලට අමතරව තවත් අංගද තිබුණි. ඒවා ඉදිරිපත් කරන්නන් හෝ කරන්නියන් අසලට ගොස් ස්පර්ශ කිරීම නරඹන්නන්ට සම්පුර්ණයෙන්ම තහනම් විය. නරඹන්නට ඉදිරිපත් විය හැකි කුඩා තරඟද සංවිධානය කොට තිබිණි. Stripping dance, Pole dance වැනි. ඒවායේ ජයග්රාහකයින්ව තෝරා ගත්තේ නරඹන්නන් වෙතින්ම නැගුනු ඉහලම ඔල්වරසන් හඬ අනුවය. ඒවාට සහබාගිත්වයද හොඳ මට්ටමකින් පැවතියේය
වෘත්තීය නර්තන ශිල්පියන් විසින් ඉදිරිපත් කල Stripping dance අංගයේදී, යම්කිසි මුදලක් ගෙවා තමුන්ට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන්කර ගැනීමේ හැකියාව විය. ඈ ඔබ ළඟටම ඇවිත් නර්තනයේ යෙදෙවී. නමුත් ඔබට ඈව ඇල්ලීම තහනම්ය. එතනට පැමිණ සිටි යුවලක, යුවතිය විසින් මුදල් ගෙවා සිය පෙම්වතාට හෝ සැමියාට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන් කර දුන්නේ ත්‍යාගයක් ලෙසය. ලංකාවේ නම් බොහෝ ගැහැණු ළමුන් නර්තන ශිල්පිනියෙක් වෙන් කර දෙනවා තබා එවැනි තැනක අහලකින් වත් යාමට පැකිලෙන බව රොටියාට විශ්වාසය.
රටක සේක්පෝ තිබ්බොත් ඒ රටෙහි ඔක්කොම හරියන බව මේ ලිපියෙන් රොටියා අදහස් කරන්නේ නැත. නමුත් රටක දියුණුවත් සමග ජනතාව ඔවැනි දේ ගැන විවෘත මනසකින් බැලිය යුතු බව රොටියාගේ හැඟීමයි. සුද්දා වික්ටෝරියානු යුගයෙන් එලියට පැමිණ බොහෝ කලක් වී තිබුනද අපේ රටේ බහුතරයක් වික්ටෝරියානු මතය කරපින්නාගෙන ඉඳීම කනගාටුදායකය.
ලංකාවේ බොහෝ දෙනා ඉටුකරන්නේ යයුතුකම්ය. ජිවත් වන්නේ ලෝකෙට පේන්නටය. ඒ කියන්නේ තමුන්ගේ නැති හොඳ ගති මවාපාගෙනය. තමුන්ට නැති තත්වයන් මවාගෙනය. අතපය හතර හයිය තියෙන කම් ළමයින්ට කඹුරති. ළමයින්ගේ ළමයින්ට කඹුරති. යාන වාහන, මාලිගා වැනි ගෙවල් දුක සේ නඩත්තු කරති. වයසට ගොස් පිනට දහමට නැඹුරු වෙති. ලෙඩ ඇඳට වැටුණු පසු ජිවිත කාලය තුල කල කී දේ කල්පනා කරති, කාපු කෑමක් නැත- ගියපු ගමනක් නැත. ඊළඟට පසු තැවෙති. අනේ මට අරක කරන්න තිබ්බනේ, අපරාදේ මේක කළේ නැත්තේ.
එතනිනුත් එහාට තමුන් විසින් සලකන්නට යෙදුනු අයව උගස් තබති. "උඹල හින්ද මම ඇන්දේ නෑ කෑවේ නෑ" කියමින් ළමුන්ට කියති. එහෙම කියමින් පෙන්ෂන් මුදල ලැබුණු විට බෙහෙත් මිලට ගෙන ඉතුරු මුදලින් ළමයින්ගේ ළමයින්ට කඩචෝරු ගනිති. තමුන්ට කැමති කෑම ගැනීම ඊළඟ මාසයට කල් දමති. ළමයින් ද බැරි වෙලාවත් හෝ දෙමව්පියන්ට කන්න බොන්න කැමති දෙයක් ගෙන එන්නේ නැත. "අම්මලට පෙන්සන් එක හම්බවෙනවනේ" උන් කියති
අතපය හොඳටම වලංගු නැති වී , කල්පනාවටත් ටිකට් එක ලැබුණු කල ළමයින් එක්වී අර පෙන්ෂන් මුදලට මරා ගනිති. අවමගුල නම් ඉහලින් ගනිති
රටකට සංස්කෘතියක්, සභ්‍යත්වයක් ඕනෑමය. නමුත් එය ලෝකය දකින්නට විදින්නට බාදාවක් කර නොගත යුතුය. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද කියාවත් නොදන්නා සිඟිති ජාතියකට, අම්මාගෙන් දරුවා වෙන් කරන්න වලිකන ලාමක ඇමතිවරුන් පත්වන්නේ එන්න එතකොටය
එදා රොටියා සෙක්ස්පෝ නැරබීමට ඇතිවූ කැමැත්ත සභ්‍යත්වයට මුවාවී වහගත්තා නම් හෝ, රොටියාගේ ගෑණු ළමයා යන්න එපාය කියමින් නහයෙන් ඇඩුවා හෝ ඔය කියන්නේ කුමන ආකාරයේ ප්‍රදර්ශනයක් දැයි නොදැන එහි යාමේ ආසාව ද්වේශයකට පෙරලාගෙන රොටියාද සෙක්ස්පෝ විරෝදියෙක් වනු ඇත. පාලනය කර ගත් යුතු සමහර හැඟීම් ඇත. නොකළ යුතු සමහර දේ ඇත. ඒත් සංස්කෘතිය, සභ්‍යත්වය, සුචරිතවාදය ඉදිරියෙන් දමාගෙන ප්‍රකාශ කලයුතු, විඳිය යුතු දේ හිර කරගෙන සිටීම කුහක කමකි. එසේ ප්‍රකාශ කරන, විඳින පිරිස් වලට ගල් ගැසීම මුග්ධ කමකි. එහි අවසානය රහසින් හෝ පසු තැවීමයි. සිප ගත යුතු තැනදී, සිප ගැනීමට හිතෙන තැනදී සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමට අවස්තාවක් තිබුනා නම් මේ පොඩි දිවයින කොපමණ සුන්දරද?
අවසාන ලෙස කියනවා නම්, එදා සෙක්ස්පෝ ගිය රොටියාට ලිංගිකත්වය කියන්නේ ඔය කියන තරම් කෙහෙල්මලක් නොවන බව තේරුණේය.

Thursday, March 3, 2016
ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!
කුලියාපිටියේ අයියාට ලියන වග නම් ;
අද උදේ බස් එකේ උඹට අසුන් දෙකක් ඉදිරියෙන් වාඩි වී සිටි සුදු ලස්සන නංගිව දැක්කාද?
උඹත් එක්ක ඈ හිනැහුනා මතකද?
ඔබ ඇය පිටුපසින් ගොස් , ඈ වැඩ කරන ඔපීසිය බලා ගත්තාට දැන් පලක් නැත්තේය
ඈට සහලෝලා ඒඩ්ස් ය..
කුලියාපිටියේ අක්කාට ලියන වග නම් ;
නුග ගහ යට කඩේ , දවල් කෑම එක මාර රසයි කියමින් උඹ දෙසා බානවා නේද
හැමදාම නැතුවාට උඹට උදේ නැගිටින්න පරක්කු උන දාට
එන්න ඒ කඩේ කොලුවාට , ඔන්න දැන් ඒඩ්ස් ය
කුලියාපිටියේ ඒඩ්ස් විරෝධී ජනතාවටලියන වග නම්;
ඒඩ්ස් කියන්නේ මොකද්ද, හැදෙන්නේ කොහොමද කියලා උඹලාට කියා පලක් නැත, වෙදැදුරන්ට වඩා උඹලා ඒ ගැන දනිති.
අර අහිංසක ළමයාගේ වෙද්‍ය වාර්තා ද උඹලාට හීනෙන් ගිය අධෝ වාතයක් ගානය
උඹලාට අනුව ඒ කොල්ලාට ඒඩ්ස් ය...
ලංකාවේ ඒඩ්ස් තියෙන්නේ ඌට විතරමය
පෙට්ටි කඩේ කමලා - යකෝ ඒ ගෑනි මිනිස්සු හතර දෙනෙක් එක්ක ගියේ නැතිබැරි කම හින්දා. ඒ අහින්සකිට ඒඩ්ස් කියන එවුන්ට හෙන ගහන්න ඕනේ
පහල ගෙදර විමලා - පොඩ්ඩක් දාන්ගලේ තිබ්බට එකී හරි අහිංසකයි. (බලන්න එපෑයැ ඇඳට ගියාම)
බස් එකේ සුනිල් - රට වටේ යන්නේ ඒ මිනිහගේ රස්සාවට
මල් ගෙදර සෝමපාල - ගෑණු ළමයෙක් වගේ..?
...
.....
.......
.........
මට - උඹට පිස්සුද?
කන්න ගියාම කබර ගොයත් තලගොයා වෙනවයි කියන්නේ කට කහන්වටද බොලව්
තලගොයා වගේද ඒඩ්ස්
ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!!!
Sunday, February 28, 2016
රාවණායනය 3
පළමු කොටස
දෙවන කොටස
මේඝනි කෝපයෙන් හිස ගැස්සුවාය. ඔහු අදත් ප්‍රමාදය.හැමදාම මෙන්..
ඔහු ප්‍රමාද වෙන හේතුව ඈ දනී. නමුත් තමාට කල හැකි කිසිම දෙයක් නැත. මේඝනි යනු හුදෙක් නියෝගයන් ක්‍රියාවේ යොදවන්නියක් පමණි. නියෝගයකට පිටින් වදනක් හෝ දෙඩීම තහනම්ය. එසේ නොවුවා නම් කල යුත්ත ඈ දන්නීය..
**
විශ්ව විද්‍යාලයට සාමකාමී ලෙස පොලිස් ජීප් රියක් පැමිණීම සාමාන්යෙන් විරල දසුනකි. ජීප් රිය ඉදිරි අසුන අරා හුන් පොලිස් අධිකාරි රොහාන් මල්වැන්න තද කල්පනාවකය. පොලිස් විශේෂ බලකායේ සේවය කල සෙසු තිදෙනාද ඔහුට බාධා නොකර හුන්නද රියදුරු අසුනේ සිටි සාජන් රත්නපාල ට නම් ගමනාන්තය සිහිපත් නොකර ඉන්නට නොහැකි විය
"සර් අපි ආව.."
එය නෑසු ලෙස රොහාන් මල්වැන්න පිටුපස හැරී බැලුවේ මිලින්ද රත්නතුංග දෙසය.
"මිලින්ද හිතනවද මේ දේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කළේ කියල.."
මිලින්ද කල්පනාකාරීව උන්නා පමණි. පිළිතුරු දෙන්නට තරම් විශ්වාසයක් තවම ඔහුට නොවිණි
ඊළඟට රොහාන් මල්වැන්න කතා කළේ පොදුවේ සියලු දෙනාටමය
"අපි රවුන්දබවුට් අප්රෝච් එකක යන්නේ . තෙරුනානේ.."
විශ්ව විද්‍යාලයේ සිසු තොරතුරු වලින් අවශ්‍ය සියලු දේ දැනගත් රොහාන් ඊළඟ නැවතුම ප්‍රොෆෙසර් ඊ ඕ ඊ පෙරේරා මාවත ඔස්සේ අක්බාර් ශාලාව වෙතම විය. ඉබිගමනින් ඇදෙන ජීප් රිය එකතැනකදී තිරිංග යොදා නැවතුනේය.
"සර් අර එන්නේ අපේ හාදය නේද" රත්නපාල තුල වුයේ තමා ත් වැදගත් දෙයක් සොයා ගත්තේ යයි සතුටකි
"යැප් " මල්වැන්න ගේ නෙත් යොමුවී තිබුනේ ඈතින් පැමිණෙන සිසුන් දෙදෙනා දෙසටය
**
මේඝනි සිය ජංගම දුරකතනයේ මේ දැන් ලැබුණු කෙටි පණිවිඩය පිරික්සුවාය. " පටන් ගන්න, සියලු දෙය නිවැරදිම විය යුතුයි."
සිය පොත් පත් වත් එකතු කර ගැනීමට වත් පමා නොවුණු ඈ, සිය බෑගය කරලාගෙන මෙලෝ සිහියක් නැතිව පුස්තකාලයෙන් දිව ගියාය. පුස්තකාලාධිපතිනිය හඬ නගමින් තමන්ව නවත්වා ගැනීමට දරන තැත නෑසුනාක් මෙන් ඈ දිගටම දිව ගියාය
**
විශ්ව නැවතත් නෙලුම් යන දෙස හැරී බැලුවේය. ප්‍රියන්ත කෝපයෙන් පිම්බේය.
"බලහං. තෝ පැණි හලන හැලිල්ලට පොලිසියෙනුත් ඇවිල්ලා" ඇතින් පෙනෙන ජීප් රිය පෙන්වා ඔහු විශ්වගේ බාහුවට පහරක් ගැසීය
ඒ සමගම ප්‍රියන්තගේ ජංගම දුරකථනය කෙටි පණිවුඩයක නාදය නිකුත් කළේය. එය කියවූ ප්‍රියන්ත හිස අත ගසා ගත්තේය
"මල කෙලියයි බං. මං අසයිමන්ට් එක දාල ඇවිත්නේ. රුමා පණිවිඩේ එව්වේ. අනේ බන් තරහ නැතුව වරෙන්කො පොඩ්ඩකට දුවල එන්න"
"උඹ දුවල වරෙන්. මම මෙතන ඉන්නං"
නමුත් ප්රියන්තගෙන් විශ්වට ගැලවීමක් නොවිණි.
"වරෙන් බන් කෝලන් නැතුව " කී ප්‍රියන්ත , විශ්වව ඇදගෙන අක්බාර් ශාලාව දෙසට හැල්මේ දුවන්නට විය
**
පොලිස් නිලදරයන් සිව්දෙනා බලවත් සේ නොසන්සුන් විය.
"ඈ අයිසේ .. මොකෝ අර අනික් හාදය අපේ මනුස්සයව ඇදගෙන දුවන්න තියා ගත්තේ."
"උන්ට මොකක් හරි ඉව වැටුන වත්ද සර්" රත්නපාල ඇසුවේ කලබලයෙනි. මල්වැන්න හිස සැලිය.
"එහෙම නං වෙන්න බෑ අයිසේ.. ඉව වැටෙන්න දෙයක් තියෙන්න එපැයි" මල්වැන්න වැකියේ අග කොටසට බර තිබූ තාලයෙන් මිලින්ද එය තේරුම් ගත්තේය
"කමක් නෑ. අපිට මෙතන දවසම කොල්ලන්ගේ කෝලන් බලන්න බෑ නේ. අපි ෆලෝ කරලා අල්ල ගමු" මල්වැන්නගේ මුවින් පිටවනවාත් සමග රත්නපාල රිය රේස් කළේය. ඒසමගම රිය බඳෙහි හැපෙන්නට යන යුවතිය දුටු ඔහු තිරිංග උඩ හිට නොගත්තා පමණි. අනතුර නූලෙන් වැළකිණි
"කොහෙද යන්නේ හලෝ" මල්වැන්න හිස එලියට දා ඇසුවේ කෝපයෙනි. යුවතිය තවමත් පහව නොගිය තැති ගැන්මෙන් , කඳුලින් බරව හඬන්නට වූවාය.
"හරි හරි. ඉට්ස් ඕකේ. ඔය ළමය යන්න " ඈ වදනක්වත් නොදොඩා ඉකිබිදිමින් හැරෙන විට ඇගේ බෑගය ලෙහි , බෑගයේ වූ සියල්ල ජීප් රිය ඉදිරියේ පාර පුරා විසිරුනේය. කෝපයට පත් රත්නපාල රිය සැර දැම්මේ ඒ හරුබස්ස ටික යට කරගෙනම යන්නටය.
"සර් මගේ ස්ටෙත් එක" ඈ වෙව්ලන හඩින් කෑ ගෑවාය.
"රත්නපාල, ජීප් එක නවත්තන්න" මල්වැන්න දැඩිව කිවේය.
"දුව ගිහින් අහුලගන්න බඩු ටික" ඔහු යුවතියට කාරුණිකව කිවේය
මේඝනි සිය බඩු බාහිරාදිය එක් කරගන්නා තුරු පොලිස් නිලදරයෝ තවත් විනාඩි පහක් පමණ එතන ඉවසිල්ලෙන් බලා හුන්හ.

Tuesday, February 16, 2016
ඔව් මම එහෙම තමයි. ඇයි ප්‍රශ්නයක්ද?
රොටියාගේ උප්පැන්නයට තොරතුරු දීමේදී සිදුවී තිබූ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා, රොටියාගේ අම්මා රොටියාගේ තාත්තාට නිතර දොස් කියනවා රොටියාට මතකය. ඒ කුමක් නිසාදැයි කුඩා රොටියාට තේරුමක් නොවීය.
රොටියාගේ සම්පුර්ණ නම ලෙස තිබුනේ අම්මා විසින් දමා තිබූ නම් දෙකකුත් අගට තාත්තාගේ නමත්ය. පොඩි පන්ති වල පොඩි එව්වන් වාසගම ගැන කතා වෙද්දී රොටියාට සිය වාසගම වුයේ තාත්තාගේ නමය. එය කුඩාවුන්ට ඒ දිනවල ලොකු මාතෘකාවක් වුනේ එහෙම වාසගමක් තිබුණු පන්තියේ හුන් එකම එකා රොටියා වූ නිසාය.
ප්‍රශ්නය හටගත්තේ තුන වසරේදීය. උප්පැන්නේ රොටියාගේ නමට ඉදිරියෙන් තිබුනේ රොටියාගේ නිල නම් තුන පමණක් වුවත් තාත්තාගේ නම පටන්ගෙන තිබුනේ "අහවල් XXලාගේ " ලෙසය. අම්මාට ගැටළුවක් වී තිබුනේ තාත්තා මොන ඇන්නෑවකට සිය සම්පුර්ණ නමම රොටියාගේ උප්පැන්නය ට ඇතුලත් කලාද යන්නයි. රොටියාගේ අයියාගේ උප්පැන්නයේ තාත්තාගේ නම මුල වාසගමින් තොරවම ලියැවී තිබිණි. ඒ ද අම්මාගේ උවමනාවටය
දන්නදා පටන් රොටියාගේ තාත්තාට තිබුනේ රත්තරන් බඩු කඩයකි. එය සහ වාසගම අතර සම්බන්දයක් කුඩා රොටියාට වැටහුනේ නැත. එය ලෝකය පෙරලන තරමට ගැටළුවක් කරගත්තේ රොටියාගේ පාසලේ ගුරුවරියන් පිරිසකි
උප්පැන්නයේ ඇති පියාගේ නමට ඉදිරියෙන් ඇති වාසගම දරුවාගේ නමට ස්වයන්ක්‍රියව ඇතුලත් වන බවට ඔවුන් ගසන බෙරපද වලට කුඩා රොටියා හැට හතර වන්නම නටන විට රොටියාගේ අම්මා වහාම ප්‍රශ්නයට මැදිහත් වූවාය. ඈ විසින් පාසලට පැමිණ අර ගුරුවරියන් රොත්තට රොටියාගේ නම නිවැරදිව කියා දුන් අතර , මාස තුන හතරකට වතාවක් යෙදෙන පාසලේ වැඩ කටයුතු වලට ලැබෙන සැලකියයුතු මුදලක් අහිමි කරගන්නට අකමැති වූ ඔවුන් හිස වනා එය පිළිගත්හ. එයින් පසු දිනකට තුන් හතර වතාවක් රොටියාව කැඳවා රොටියාගේ අලගිය මුලගිය තැන්වල සිට වාසගම දක්වා විමසමින් රොටියාට සිදුකරන ලද මානසික පිඩාව නිමා විය.
පසුව දැනගන්නට යෙදුනු පරිදි සිය පාසල් සමයේ රොටියාගේ අම්මා මීට වඩා තිත්ත අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේ සිය වාසගම නිසාය. තම දරුවන්ට එසේ නොවුණු පිණිස අම්මා සැලකිලිමත් වීම ස්වභාවිකය
සෙල්ලම නැවත පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පංතියේය. නැවත වරක් අම්මාව සිය ප්‍රශ්නයට මැදිහත් කර ගැනීමට අවැසි නොවූ රොටියා ගුරුවරියන්ට අවැසි දෙයක් කරගන්නට ඉඩදී නිහඬ විය. ඒ කලත් පස්සෙන් එලව එලවා වාසගම ගැන වද වුණු ඇත්තියන්ද නොහිටියා නොවේ.
පාසැල්වල් ගුරුවරියන්ගේ තත්වය ඔයාකාරව පවතින තාක් කල් නම් පහත් යයි හණමිටි ගැහුණු වාසගම් ඇති ඇති ළමුන් පාසල් තුල දිගින් දිගටම අපහරණයට ලක්වනු ඇත.
විශ්ව විද්‍යාලය තුලද වාසගම ගැන හොය හොයා ඇවිදින තමුන් උසස් කුලවල යයි කියාගන්නා වයලට්ලා හා අබිලින්ලා ද ඇත්තේය. ඔබට එවැනි අත්දැකීම් ඇත්දැයි නොදනිමි. නමුත් සමහරු පටන් ගන්නේම "අපි නුවර " කියාගෙනය. මේසා නාටකයක් ඉවසාගත නුහුණු එකෙක් අන්තිමේ "යකෝ" යයි පටන් ගෙන "උඹල තමයි මේ රට සුද්දට ලියල දුන්නේ ඩෝ.." (තව දෙයක් ඔහු කියූ නමුත් කාටවත් අපහාස කිරීමට කැමැත්තක් නැති නිසා එය නොලියමි) යනුවෙන් කතාව නිමකෙරූ සිදුවීමක් සම්බන්දයෙන්ද රොටියාට අත්දැකීමක් ඇත (මේ කියන්නේ නුවර සියලු ඇත්තන්වත්, බහුතරය ගැනවත් නොවන බව සැලකිය යුතුය)
රොටියාට නම් කුලය යනු තමුන්ගේ මී මුත්තන් ගැන අදහසක් ලබා ගත හැකි මුලාශ්‍රයක් පමණි. හොරු , මංකොල්ලකරුවන් , මිනීමරුවන් ගැන ඉන් කියැවෙන්නේ නැත
තම තමුන් , තම තමුන්ගේ කුලය උසස් යයි හිතාගෙන කරගසා උන්නාට කමක් නැත. ප්‍රශ්නය වන්නේ අනුන්ගේ ඒවාට හොස්ස පොවන්නට යෑමය. කුලය ඉදිරියට දමා අනුන්ව පහත් කිරීමට තැත් කිරීමය
විවාහා කටයුතු වලදීද කුලය ඉදිරියට දමා ගැනීම රොටියාට නම් වහකදුරුය.ඒ ගැන නම් මිට වඩා කතා කරන්න යන්නේ නැත
ඉස්සර නම් වාසගම ගැන අහන එව්වන්ට රොටියා උත්තර දුන්නේ "ශ්‍රී වික්‍රම රාජසිංහ ලාගේ " කියාය. එවිට රවුන් වන උන්ගේ මුණු බලන්නට රොටියා මාර කැමතිය
රොටියාගේ ආච්චි නම් ඉන්නේ සිය කුලය ගැන මාර ගැම්මෙනි. අහන ඕනෑ අයෙකුට ආච්චි කියන්නේ " අපේ මිනිස්සු තමයි රජාගේ ඔටුන්න පයින් පාගාගෙන හැදුවේ " කියාය. එනිසා දැන් රොටියාද ආච්චිගේ ගැම්ම හිතට ගෙන අහන ඕනෑ කෙනෙකුට තම වාසගම අමුවෙන්ම කියනවාය
ලිපිය ලියන්නට සිත්වූයේ ජයකොඩි සෙනවිරත්න විසින් ලියා ඇති "දිසාපාමොක් කතාවේ " නවන්දන්න කුලය පහත් යයි සඳහන් කිරීම නිසාය.

Thursday, February 11, 2016
වැලොන්ටයින් හා ගෑණු ළමයි
මේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් "සාදර කෝච්චිද" ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය.
සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක් වලට ලංකාවෙන් සුපිරි කොල්ලන් කෙල්ලන් ටිකක් ගියා මතකය. ඒ දිනවල අප ඉස්කෝලේ නිමා වූ විගස හෝ නිමාවෙන්නට කලින් හෝ (රොටියා පාසල් යන දවස් වල පාසලේ වසා තිබූ ගේට්ටුවක් තිබුනේය. රොටියා ඇතුළු කොල්ලන් විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කළේ ඒකය. ඒ මාර්ගය අප විසින් කෙතරම් බාවිතා කරාද කියනවානම් ,දිනක් උදේ එකොළහට පමණ පාසලට පැමිණි පොලිටික්කෙක් පාසලේ ප්‍රධාන දොරටුව ලෙස වරදවා වටහාගෙන ඇත්තේ එම දොරටුවය) පිඹගෙන ගෙදර එන්නේ ඔය තරඟ නරබන්නටය. ලංකාවේ එකෙක් පදක්කමක් දිනූ විට අපට කෑමත් උවමනා නැත.
ඒ ඉස්සරය.ඊයේ උදෑසන රේඩියෝවෙන් ඇසුණු දෙබසකට අනුව ලංකාවේ ආදරය කරන ඔක්කොම එව්වන් මේ ටිකේ පතමින් ඉන්නේ ඔන්න ඔය කියන සාදර කෝච්චියේ යන්නට තමන්ට චෑන්ස් එකක් ලැබෙන ලෙසය. එසේ චෑන්ස් එකක් ලද ඇත්තෝ ඒ සතුටට පිස්සු නොහැදී ඉන්නේ අමාරුවෙනි. කොලු කෙල්ලන් ගැටව් ගැටිස්සියන් ඔක්කොම මේ දිනවල නොකා නොබී කන් දික් කරගෙන බලා ඉන්නේ ඔන්න ඔය කියන ඇමතුම ලැබෙනකන්ය
ඔන්න ඔයාකාර දේවල් සමග රොටියාගේ අමනාපයක් නැත්තේය. නමුත් මාධ්‍ය, කඩකාරයන් හා හෝටල් කාරයන් එක්ව පැඟිරි කොල්ලන් කෙල්ලන් අන්දනවාට නම් රොටියා විරුද්දය. වැලොන්ටයිම සමරන්න ඕනෑම නම් සමරන්නට ඕනෑ තමුන්ගේ මුදල් වලිනි. දේවල් වලට වී හුරතල් වන නංගි බබාලා සහ මල්ලි බබාලා ඉස්කෝලේ ගිහින් ඉවර නම් මොකක් හෝ සාදාරන මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වන්නට ඕනෑය. උවමනාව ඇත්නම් කරන්නට ඕනෑ තරම් දේවල් ඇත්තේය
කැම්පස් සමයේ එක පෙබරවාරි දහ හතර වෙනිදාවක දේශනය පිණිස පැමිණි ඇඳුරුතුමා එදා දේශනයට පැමින සිටි කොල්ලන් වූ අප දෙසට කින්ඩි හිනාවක් දමා , අද වැනි දවසක දේශන පිණිස පැමිණෙන්නේ මොන කොල්ලාදැයි ඇසුවා රොටියාට අද මෙන් මතකය. ඒ රොටියා පිස්සුවෙන් වගේ දිව්‍යාංගනාව පස්සෙන් වැටි යන දිනවලය. මේ ලඟදි රොටියා ඒ දිවයාන්ගනාව මුහුණු පොතේ සොයා බැලුවේ ගෑණු ළමයාගේ ප්රෝෆයිලයෙනි.දිව්‍යන්ගනාව සිය දරුවාද සමග පින්තුර දමා තිබුනේය. ඒ කව්දැයි රොටියාගේ ඔලුවට උඩින් එබී බැලූ ගෑණු ළමයාට , ඒ කැම්පස් කාලයේ පස්සෙන් වැටි උන් කෙලී පොඩිත්තිය යයි පැවසු කල, ඈ කින්ඩි හිනාවක් දමා "අපරාදේ ඔයාට බදින්නයි තිබුනේ.හොඳට ගැලපෙනවා" කී කල , ඒ ඇයිදැයි විමසු කල , හේතුවක් කීවේම නැත. දැන් දැන් රොටියාට ගෑණු ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගත හැකි නිසා, ඒ නසරානි හිනාවට යටින් ඈ "ඔයා මැරීගෙන ලස්සනයි කියා කිය ගියේ මෙයා පස්සෙද" කියා කෑ ගැසූ හඬ නම් හොඳට ඇසුණේය
කොල්ලන් කෙල්ලන් පස්සෙන් නොයා ආච්චිලා පස්සෙන් යන්නදැයි ඇසුවාක් මෙන් කොලු වයසට ඕවා ඔහොමය. කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය.
රොටියා නම් කවමදාවත් ඔය කියන වැලොන්ටයිම සැමරූ බවට මතකයක් නැත්තේය. ඒ සම්බන්දව රොටියාට දොසක් කියා පලක් නැත්තේය. රොටියාගේ ගෑණු ළමයා සමග ඔට්ටු වෙන රොටියාට ඔයාකාර දින අමතක වෙන එක ස්වාබවිකය. ඒ දිනවල (දැනුත් වෙනසක් නැත) ගෑණු ළමයා සමග පොදු ස්ථාන වලට යන්නට රොටියා පට්ට බයය. ඒ මන්දයත් කපුටෙක් පුසෙක් බල්ලෙක් කෑ ගසන හඩක් ඇසුණු ගමන් මෙන්න මේ කියන ළමයා ඒ ඒ බාසාවෙන්ම අදාළ තැනැත්තන්ට උත්තර දෙන නිසාය
බව්වා : බව් බව්
ගෑණු ළමයා: බව් බව් බව්..
වටේ එව්වන්: කව්ද යකෝ ඒ අමුතු සද්දෙන් බුරන බල්ලා???
ගෑණු ළමයින් ඔන්න ඔයාකාරය. එක එක ළමයින්ට එක එක ආකාරයේ ව්යාධියන් ඇත්තේය. සමහරු ඇඳුම් වලට මැරෙන්න යති. සමහරු සපත්තු වලට මැරෙන්න යති. සමහරු මාර ලද බොළඳය. තවත් සමහරු රොටියාගේ ගෑණු ළමයා වගේ "unpredictable" ය. ඔය ඔක්කොම අස්සේ රොටියාට පෙන්නන්න බැරි මවාගෙන ඉන්න හදන ගෑණු ලමයින්වය. එවැනි ගෑණු ළමයෙක් කසාද බඳින කොල්ලන්ටද දෙයියන්ගේම පිහිටය. මක්නිසාදයත් කසාදයෙන් පසු ඔය රඟපෑම් ඉවර වන නිසාය. එහෙම රඟපාන පිරිමි උදවියද එමටය. හැබැයි රොටියාගේ අත්දැකීම් අනුව ඕනෑම වයසක ගෑණු ළමයෙක්ට රඟපාන්න හැකි මුත්, ඒ ජාතියේ පිරිමි උදවිය බොහෝ විට අවුරුදු තිස්පහ හතළිහෙන් එපිටය. තමුන් අත අල්ලාගෙන ඉන්නා එකා හෝ එකී, ඔය කියනාකාරයේ නළුවෙක් හෝ නිලියෙක්ද යන්න වටහා ගැනීම තමුන් සතු කාරියකි
ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි
ගෑණු ළමයෙකුට අවශ්‍ය වැදගත්ම දෙය ඇයට ගරු කිරීමයි. ඈව කිසිම කෙනෙකු ඉදිරිපිට අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරීම පිරිමි අපේ වගකීමයි. අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය. "අයියෝ ඕක ඔයා ඔච්චර හිතුවද/ මම ඒක හිතල නෙවෙයි කිව්වේ/ මම කිව්වේ ඒක නෙවෙයි" යනාදී බයිලා ගායනා වලින් ගෑණු ළමයින්ගේ හිත් හරියන්නේ නැත. ඒ නිසා සෑම ගැහැනියකටම අවැසි ගරුත්වය ලබා දීම පිරිමි අප සතු කාරියකි
ආදරය යනු ඔය බයිස්කෝප් වලින් මවන හෑල්ලට සහමුලින්ම වෙනස් දෙයකි. හැඟීම් , ආසාව , ආදරය සිහි ඇතුව තේරුම් බේරුම් කර ගත යුතුය. එකිනෙකාට ඇහුම්කම් දීම , ගරු කිරීම, තේරුම් ගැනීම , රැක බලා ගැනීම ඇත්නම් එතැන ආදරයද ඇත. වැලොන්ටයිමේවත් සාදර කොච්චියෙවත් ආදරය සොයා පලක් නැත්තේය. ආදරය ඇත්තේ ඔබේ හදවත තුලමය.
සටහන: මෙය බ්ලොගය පාලුවට යනවාට ලියූ හෑල්ලකි. බස්සිගේ පොත දොරට වැඩීමේ උත්සවයට යාගත නොහැකි වූ නිසා රෙදිත් නැත. බස්සිට සුබපතා ආයතනයට සුබපැතුමක් යවන්නට හිතා උන්නත් මේ ඉලව් වැඩ අස්සේ එයටත් බාලගිරි දෝෂයය.
ගස්ලබ්බා බැඳපු වග දුටිමි. උණුසුම් සුබ පැතුම්...

Tuesday, October 27, 2015
රොටියාගේ ගෑණු ළමයාගේ වීර ක්‍රියා
කසාදයෙන් පසුව ගෙවීගිය කාලයටම රොටියාගේ ගැහැණු ළමයා ගැන ලියන්නට යෙදුනේ අල්ප වසයෙනි. ඒ රොටියාගේ ගැහැණු ළමයා කසාදයෙන් පස්සෙන් පසුව පරිනත වී වගකීමෙන් යුතුව ක්‍රියා කරන නිසා කියා හෙම හීනෙන් වත් හිතන්න එපාය. ඇත්තම කතාන්දරය නම් දිනකට මේ කියන ගෑණු ළමයා සිදුකරන්නට යෙදෙන නොගිනිය හැකි තරමක් වූ මඥන් වීර ක්‍රියා එකින් එක ලියන්නට තරම් රොටියාට කාල වෙලා නැති වීමයි. එසේම ඒවා දැන් කොපමණ සාමාන්යකරණය වී ඇත්දැයි කිවහොත් ඈ විසින් ඉඳ හිට සිදුකරන ලබන සිහිකල්පනා ඇති වැඩක් වුවත් දැන් දැන් රොටියාට පෙනෙනුයේ ඉතා අස්වාභාවික ලෙසින්ය
ගැහැණු ළමුන් විසින් සිද්ද කරන ඇතැම් ක්‍රියා නිසා පිරිමි අපේ රෙදි ගැලවී සරම් ඔලුවේ එතෙන අවස්ථා සුලබය. උදාහරණයක් ලෙස රොටියාගේ ගෑණු ළමයා ගැන කතා කලොත් හෙම ඇගේ ප්‍රියතම අංගයකි විහිලු කතා කීම!! හෙමිහිට හෙම නොවේ. ගමටම ඇසෙන තරම් වූ සද්දයකින්.....
ඔන්න රොටියා හා ගෑණු ළමයා කසාදයට පෙර පොදු ප්‍රවාහන සේවා භාවිතා කරද්දී ඈ මෙසේ කියයි
“රොටියා ඔන්න මං ඇම්ඩ ගේ කතාවක් කියන්නම් හරිද..”
එසැනින්, අහල පහල එව්වන් බෙලි උලුක් කර ඇස් ඩොගිත්තා ගන්නේ ඇම්ඩන්ගේ විහිලු කතා කියන්නට සැරසෙන මේ ස්ත්‍රී රත්නය කව්දැයි දැක බලා ගන්නටය . රොටියාට වහ ටිකක් කා, ජනේලයෙන් පනින්නට හිතෙන්නේ අන්න එහෙම වෙලාවලදීය
ඇම්ඩන් ගැන ගෑණු ළමයාගේ ආකල්පය (අන්දරේ වගේ) හා පොදු ජන මතය සහමුලින්ම වෙනස් බව අවුරුදු දෙකක් තිස්සේ ඈට ඒත්තු ගන්නන්නට වලි කෑ රොටියා අවසානයේ සිය ව්‍යායාමයෙන් හෙම්බත්ව කෙසේ හෝ තමුන්ටම කියා වාහනයක් ගැනීමට හිත හදා ගත්තාය. දැන් දැන් නම් ඈ ඇම්ඩ තියා උගේ පුතා සිරිපාල ගැන කතා කියෙව්වත් සැලෙන්නේ රොටියා හෙම නෙමේය.
සම්බන්දය පටන් ගෙන් මුල්ම කාලයේ ගැහැණු ළමයා හා තනිවන්නට පොටක් පාදාගන්නට මග බලමින් සිටි රොටියාට බොහෝ ඇසු පිරූ තැන් ඇති මිතුරෙකු විසින් දෙන ලද උපදේශය පිලි ගනිමින් ,හා හා පුරා කියා ගැහැණු ළමයා සමග සත්තු වත්තට ගිය ගමනද ඈ විසින් රොටියාගේ ජිවිතයේ අමරණිය අවස්තාවක් බවට පත් කරන්නට යෙදුනේද මිට සමාන ආකාරයකය. සත්තු වත්තේ සත්තු නැති අහුමුලු අස්සේ පෙම්බස් දොඩමින් උන් ජෝඩු දෙස ඉරිසියාවෙන් බලමින් සිටි රොටියාව ඈ විසින් මුළු සත්තු වත්ත පුරාම දක්කාගෙන ගියේ එතෙක් රොටියා විසින් දැන නොසිටි ඇගේ අසීමිත සත්ව ආසාවත්, තමාව මෙතනට කැඳවාගෙන ආවේ ඇත්තටම සත්තු වත්ත පෙන්වීමට යයි ඈ විසින් දරන්නට යෙදුනු ලද බොළඳ අහිංසක විස්වාසයත් නිසාය.
උපදෙස් දුන් මිතුරාගේ සකල වර්ගයා සිහිකරමින් ඌට මයිත්‍රී කරමින් උන් රොටියාට බිංකුන්ඩෙක් වන්නට කරුණු සිද්ද වුනේ කළු වලසාගේ කුඩුව ලඟදිය. රොටියා විසින් පෙර කර තිබූ කරුමයක් පටිසන් දීම නිසා අපේ මාස්ටර් සෑර් හිරු එලිය තැපීම ඉවර කර සිය ලගිනස්තානය කරා යාමට තීරණය කර තිබුනේ එම වෙලාවෙදිමය.
ගෑණු ළමයා: (උච්ච ස්වරයෙන්) අනේ පව්.. ඒ වලහට ලෙඩක් අනේ....
රොටියා: “ඔයා කොහොමද දන්නේ”
ගෑණු ළමයා : (උච්ච ස්වරයෙන්ම ) “ඇයි අර අර.. ඔයාට පේන්නෙ නැද්ද ? උගේ පිටිපස්සෙන් බටයක් වගේ එකක් තියෙන්නේ. ”
එතනින් එහාට මාස්ටර් සෑර්ගේ “සෑර්” රොටියා දෙස බලාන ඔලොක්කුවට වගේ පැද්දෙමින් උන්නා රොටියාට හීනෙන් වගේ මතකය. වටාපිටාවේ උන් ප්‍රේක්ෂක ජනයාගේ ප්‍රතිචාරය බැලීමට සුනංගු නොවූ රොටියා ගෑණු ළමයාවත් ඇදගෙන සත්තු වත්තෙන් චුත උනේ චිටාවෙකුගේ වේගයෙනි . එයින් පසුව නම් කසාදය තෙක් ගැහැණු ළමයා හා තනිවන්නට නම් රොටියා හීනෙන්වත් හිතුවේ නැත්තේය
කසාදයෙන් පසුව තත්වය තරමක් සමනය වී යයි සතුටු සිතින් උන් රොටියාගේ රෙදි පසුගිය දිනෙක යලිත් වතාවක් නැති බංගස්තාන වීමට කරුණු යෙදුනාය . ඒ කෙසේද යත් ගෑණු ළමයා හා යන්නට යෙදුනු චාරිකාවකදීය.
ඉතිහාසයට රොටියා සේම කැමති ගැහැණු ළමයාත් එක්කාසු කරගෙන නිවාඩුවක් ලද විගස කොහේ හෝ රජෙක් විසින් තනා ඇති මොකක් හෝ අටමගලයක් කරා ගොස් එහි අහු මුළු සොයා බැලීම රොටියාගේ සිරිතය. මේ ගමන්වලදී ගල් කණු , සෙල් ලිපි ආදියේ කිමිදෙමින් ඒ සම්බන්දයෙන් ,මොනවා හෝ දෙඩවීම රොටියා මෙන්ම ගෑණු ළමයා අතින් නොවරදවාම සිද්ද වෙනවාය (අනෙකා අසා සිටිනවාද නැද්ද යන්න මිට කොහෙත්ම අදාළ නොවන්නේය). උක්ත සිද්දිය පුජා බුමියක වූ නිසා එහි නම නොකියමි. එය විස්මිත ලෙස ඔප මට්ටම් කල ගලින් සැදී පඩි පෙළක් සහිත ගල් තුරු අතර වූ මගක් බව පමණක් කියමි
ගෑණු ළමයා “රොටියා ඔයා දැක්කද මේ ගල කපලා තියෙන විදිය”
රොටියා: “..”
ගෑණු ළමයා : “හැබෑට මෙච්චර ලොකු ගලක් මෙහෙම කපන්න කොහොම ටෙක්නොලොජි එකක් තියෙන්න ඇතිද?”
රොටියා: “..”
අවට කොල්ලන් : “..................”

Friday, October 23, 2015
මෙයිපින්ග්
මේ වගේ වැස්සක් දිහා ඈත් එක්ක බලා ඉන්න
මං කොච්චර නම් හීන මැව්වද..
මේ වගේ වැස්සක කුඩයක් ඉහලාගෙන ඈත් එක්ක ඔහේ ඇවිදන් යන්න
මං කොච්චර නම් හීන මැව්වද
මෙයිපින්ග්... මගේ පුංචි මෙයිපින්ග්
අම්ම උගත්ය බුද්ධිමත්ය කියල
තාත්ත විදේශ සමාගමක වැඩ කළාය කියල
ජාතිද්‍රෝහී කුමන්ත්‍රණ කාරයෙක් කියල හණ ගහපු
පුංචි වහුපැටියා
විප්ලවය .. රතු විප්ලවය..
මාක්ස්වාදය.. සමාජවාදය..
උන් වන්දි ගෙව්වේ
ධනවාදී උනාට
ඔව් , ඉගෙනගෙන සල්ලි හොයාගෙන
ලස්සන ගෙයක් තියාගෙන
වැඩට කෙනෙක් තියාගෙන හිටපු එක
ධනවාදී කමක් තමයි
රතුපාට උනු මාවත් දිගේ
රතුපාට උනු ගොඩනැගිල්ලකට ඇදන් ගිහින්
විප්ලවයේ නාමෙට දිවි නසා ගන්නට බල කෙරුණු
මගේ පොපි මල ...
මෙයිපින්ග්...

Subscribe to:
Posts (Atom)