Friday, October 23, 2015

මෙයිපින්ග්

මේ වගේ වැස්සක් දිහා ඈත් එක්ක බලා ඉන්න
මං කොච්චර නම් හීන මැව්වද..
මේ වගේ වැස්සක කුඩයක් ඉහලාගෙන ඈත් එක්ක ඔහේ ඇවිදන් යන්න
මං කොච්චර නම් හීන මැව්වද

මෙයිපින්ග්... මගේ පුංචි මෙයිපින්ග්

අම්ම උගත්ය බුද්ධිමත්ය කියල
තාත්ත විදේශ සමාගමක වැඩ කළාය කියල
ජාතිද්‍රෝහී කුමන්ත්‍රණ කාරයෙක් කියල හණ ගහපු
පුංචි වහුපැටියා

විප්ලවය .. රතු විප්ලවය..
මාක්ස්වාදය.. සමාජවාදය..
උන් වන්දි ගෙව්වේ
ධනවාදී උනාට

ඔව් , ඉගෙනගෙන සල්ලි හොයාගෙන
ලස්සන ගෙයක් තියාගෙන
වැඩට කෙනෙක් තියාගෙන හිටපු එක
ධනවාදී කමක් තමයි

රතුපාට උනු මාවත් දිගේ
රතුපාට උනු ගොඩනැගිල්ලකට ඇදන් ගිහින්
විප්ලවයේ නාමෙට දිවි නසා ගන්නට බල කෙරුණු
මගේ පොපි මල ...

මෙයිපින්ග්...

6 comments:

  1. මෙයිපිං සහ නියෙන් චෙංග් ගැන පොඩි විස්තරේකුත් දැම්මනම් තමයි වටින්නෙ

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ඉක්මනින්ම

      Delete
  2. ෙර‍ොටී මෙයිපිං ගැන කියන්න

    ReplyDelete
    Replies
    1. ලියන්නන් ඉක්මනින්ම

      Delete
  3. මට මේක තේරුනේ නෑ බන් .ඒකයි කොමෙන්ට් නොකළෙ.

    ReplyDelete
    Replies
    1. මේක පොතක් බන්. මාවෝ සේතුන්ගේ කාලේ චිනේ හිටපු නියෙන් චෙන් ගේ කතාව. භද්‍රජි මහත්මයා මේක පරිවර්තනය කරලා තියෙනවා "හිරෝශිමාවේ ජීවිතය හා මරණය " කියල

      Delete