Wednesday, February 26, 2014

ගෑණු ළමයින්ගේ වෙඩිම හා පිරිමින් වූ අපේ වෙඩිම


ගෑණු ළමයා: හයියෝ.. මට නම් පිස්සු වගේ.. කාටද අනේ ඩ්‍රෙස් කරන්න දෙන්න හොඳ?
අරය හොඳ නෑලු.
අපෝ එයාගේ මේකප් වැඩියිලු.
අයියෝ.. පිස්සුද එයාගේ මේකප් මදි.
අනේ එයාගේ ඔක්කෝම හොඳයි කොණ්ඩෙට ගහනවනේ අනේ මල් ගොඩක්.
හි හි  එයා පි කෙනෙක් නේද, මට හිනා යයි අනේ..

පිරිමි ළමයා: කොහෙටද අපි හනිමුන් යන්නේ..

ගෑණු ළමයා:පොටෝස් දෙන්නේ කාටද අනේ.. මට නම් පිස්සු වගේ
අපෝ ඒ ගොල්ලන්ගේ තියෙන්නේ එකම ෂොට්ස්
හයියෝ එයාගේ ඇසිස්ටන්ස් ලලුනේ එන්නේ..
එතන කලර්ස් අවුල් නේද..
හපෝ.. ඒගොල්ලෝ හරියට මහන්සි කරවනවලු..
එයා වෙලාවට ඇල්බම් එක දෙන්නේ නෑනේ..
හි හි එයා කුකුලලුනේ..

පිරිමි ළමයා: දවස් කීයක් අපි හනිමුන් යනවද?

ගෑණු ළමයා: ෆ්ලවර්ස් දෙන තැන ඩිසයිඩ් කරන එක තමා අමාරුම.. මට නම් පිස්සු වගේ
අපෝ එයාගේ හරි නෑනේ
ඔන්න ඔයා විකාර නම් කියන්න එපා හරිද.
ඒගොල්ලන්ගේ හරිම චිප් ලුකින් නේ
එයා කන්ටැකට් කරන්න මාර අමාරුලු නේ
අපෝ ගණන් වැඩියි. නොට් රීසනබල්
හ්ම් හ්ම්
හි හි හොඳ උනාට මනමාල පාටයි නේද..

පිරිමි ළමයා: ඇත්තටම අපි කොහෙටද හනිමුන් යන්නේ..??


2 comments:

  1. හනිමුන් නම් කොහේ යන්න බැරිද? ඒ වගේද වෙඩිම

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරපන් බං. කමෙන්ට් කෙටිල්ලත් එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. අයින් කළා මචං. තැන්ක්ස් කිව්වට.

      Delete