කතාවේ මුල මෙන්න මෙතන -මගේ හීනය මට දකින්න ඉඩ හරින්න
තමුන්ව සම්බන්ද කරගන්න ඉඩ තියෙන හැම මාර්ගයම අහුරලා දාන්න බැරි බව ගේෂ ට වඩා හොඳට දුෂ්මන්ත දැනගෙන හිටියා. පහුවෙනිදා පාන්දරම ගෙදර දොර ගාව ටිම්බෝ බුරා හැලෙන්නේ මොන මල යකාටදැයි බලනකොට නිවාස සංකීරණයේ ආරක්ෂක අංශයේ වැඩ කරන පැඟිරි කොල්ලා හිනා කටක් පුරෝගෙන දොරට තට්ටු කරනවා
"මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ නේද මැඩම්"
"මැඩම්ට විසිටර් කෙනෙක් ඉන්නවා. එක්කං එන්නද මැඩම්"
"දුෂ්මන්ත කිව්ව නම"
පොලවට ගව්ගානක් උඩින් පාවුනු නිවැසියන් ඉන්න නිවාස සංකීරණයක පිළිගැනීමේ දොර ගාව උදේ පාන්දර ඩොටේ ගෙදරක වගේ රණ්ඩුවක් ඇතිකරගෙන තමුන්ගේ තත්වේ බල්ලට දාගන්න බැරි නිසා ගේෂ දුෂ්මන්තව තමුන්ගේ ගෙදරට එක්කගෙන එන්න අවසර දුන්න. විනාඩි පහකදී ඇදුමක් දාගෙන, දුරකතනයත් හයි කරලා, ආමන්තට කතා කරලා උපදෙසක් ගන්න හැදුවත් ආමන්තගේ දුරකතනයේ පටිගත කරපු පණිවිඩයක් වාදනය උනා විතරයි.
"damn it"
අවුරුදු තුනකට විතර කලින් " මොන මගුලක්ද මේ" කියන්න හුරුවෙලා තිබුණු ගේෂා ගේ දිව දැන් පොෂ් වෙලා කියල අනෙක් අතට එයාටම හිතුනු නිසා ලොකු හිනාවක් ගියා. ඒ අතරේ දොර ඇරියේ ඒ හිනා මුනෙන්ම නිසා දුෂ්මන්ත බොහෝම සුන්දර හීනයක් දැක්ක.ඒත් ඒ මොහොතකට විතරයි
"මොනාද තමුන්ට කියන්න තියෙන්නේ" ගේෂ ඒ ස්වරය බලෙන් පුරුදු කරගත්තේ කොළඹ හතේ ස්ත්‍රී වාදී කල්ලියක් අවුරුද්දක් තිස්සේ ආශ්‍රය කරලා
ආමන්තගේ ඇස්දෙක ලොකු උනා
"මම කැමති බැලුන් පොකුරක් දැකල උඩ පැනපු කොන්ඩේ ගොතපු අහිංසක පුංචි කෙල්ලව දකින්න මිසක්, ඔය ලෝ පොයින්ට්ස් කතා කරන තද ගෑනිව දකින්න නෙවෙයි"
"තමුන්ගේ කැමැත්ත අකමැත්ත තව දුරටත් මට අදාළ නැති බව ඔහේ දන්නවනේ. කියන්න ආපු දෙයක් ඉක්මනට කියල යනවා යන්න. නැත්තන් මං තමුන්ගේ ගෑනිට කතා කරලා කියනවා 'ඔහේගේ මිනිහා මෙතන ඇවිත් මාව නලවන්න කතා කරනවා කියල'"
"ප්ලීස් බබී. ඔච්චර දරුණු වෙන්න එපා. මම වැරදියි. මං ඒක දන්නවා. ඒත් මාව පාරන්න එපා"
ගේෂ ට තව දුරටත් රඟපාන්න බැරි උනා. දුරකථනය හරහා ගලා එන්නේ හඬක් විතරයි. දුරකතනයට නපුරු උනාට මුණ දිහා බලාගෙන ඉද්දි පරණ චිත්ත ගවුම් කෙල්ල දුවගෙන ආව. ඔව්.. දුෂ්මන්ත 'බබී' කියද්දී පුරුදු විදියට හිත ළදරු උනා. තාත්තාගෙන් පස්සේ බබී කියාගෙන ගේෂ ව හුරතල් කළේ දුෂ්මන්ත විතරයි. එදවස් කොච්චර ලස්සනද...
නාඩා ඉන්න හිත හදාගෙන උන්නත් ඇස් ඊට ඉක්මන් උනා. මදටිය තරමේ කඳුළු බින්දුවක් රෝස පාට නාහේ කෙලවර රැඳිලා, තොල් බේරී කරගත්තේ දුෂ්මන්තගේ 'බබී' මිසක් ආමන්තගේ 'ගේෂ් ' නෙවෙයි.
ඒ කඳුළු පිහදාල , ගේෂ ගේ ඔලුව අතගාල සැනසුවේ අවුරුදු තුනකට කලින් හිටි බැලුම් ආදවන්තයා මිසක් , අපරාජිත විජිතයක පිඩිත ස්වාමි පුරුෂයා නෙවෙයි.
"ඇයි අපිට මෙහෙම උනේ" කියල හිත් කතා කලාට වචනයක් වත් පිට වුනේ නෑ.
"ප්ලීස් දුෂ්, මට මෙහෙම ඉන්න දෙන්න. මට ආදරේ කරන්න කෙනෙක් හම්බ උනා. මට එයත් එක්ක ආයෙමත් ජිවිතේ පටන් ගන්න ඕනේ. මුල ඉඳල. ඔයාගෙන් ලැබුණු හැමදේම මම ඔයාට දෙන්නම් ආයෙමත්. ඒත් මාව අමතක කරලා දාන්න. ඔයා දන්නවනේ මට ආදරේ කියන දේ මොනතරම් වැදගත්ද කියල . ඔයා ඔයාගේ ලෝකෙ හදාගෙන ඉවරයි. ගේෂාව දැන් අමතක කරන්න. ගේෂට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න.."
ගේෂ කතා කළේ හිත ඇතුලෙන්මයි. කාටත් වඩා හොඳට එක දුෂ්මන්ත තේරුම් ගත්තා. ඔහුට ඈ වෙන කෙනෙක් එක්ක ජිවත් වෙන එක දරාගන්න බෑ. ඒත් දුෂ්මන්ත එහෙම ආත්මාර්ථකාමී පිරිමියෙක් නෙවෙයි.
"බබී, මං ආවේ ඔයාගේ අලුත් ආදරේ කඩල දාන්නවත් , ඔයාගේ ජීවිතේට ආයෙමත් එන්නවත් නෙවෙයි. ඔයා ගැන මට තාම වගකීමක් තියෙන නිසා ඔයා අලුතෙන් ජිවිතේ පටන් ගන්න යන්නේ කොයි වගේ කෙනෙක් එක්කද කියල දැනගන්න විතරයි.."
ගේෂට ආමන්තව මතක් උණ ගමන් , දුෂ්මන්තගෙන් මිදිලා ගිහින් සෙටියේ වාඩි උනා.
"ඒ දේවල් ඔයාට වැඩක් නෑ. මට මං ගැන බලා ගන්න පුළුවන්. ඔයා මට කරලා තියෙන හරිය හොදටම ඇති.."
එතනින් එහාට ගේෂගෙන් යමක් දැනගන්නවට වඩා ලේසියට ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලා ගන්න පුළුවන් බව දුෂ්මන්ත දැනගෙන හිටියා. ඕනේ වෙලාවක හුරතල් වෙන්න වගේම අවශ්‍ය වෙලාවට තද තීරණ ගන්නත් පුළුවන් මේ ගැහැණියට තමුන් කොයි තරම් නං ආදරේ කලාද...
"හරි බබී , මම යනවා. ඔයා පරිස්සමට ඉන්න . බුදුසරණයි.."
දුෂ්මන්ත ගියාට පස්සේ ගේෂ පැයක් විතර ඇඩුවා. පස්සේ තමුන්ටම හිනා වෙලා මුණ හොඳ ගෙන අලුත් ඇඳුමක් දාගෙන ටිම්බෝ එක්ක එලියට යන්න ලැස්ති උනා. ආමන්ත දැක්කාම පිස්සු වැටීගෙන බුරන මේ බලූ තඩියා, අද දුෂ්මන්තට පොඩි හරි ගෙරවිල්ලක් වත් නොදාපු එක ගැන තරහ ගිහින් උන්නු නිසා වෙනද ආදර සැලකිලි කිසිම දෙයක් නැතුව 'යමන් එලියට ඇවිදින්න' කිව්ව. ඌත් පොෂ් බල්ලෙක් හින්ද ඇස් ලොකු කරන් බලාගෙන හිටියා විතරයි.
'come here you idiot' අන්න ඒපාර නං බලු දණ්ඩා ගිහින් දොර ළඟ හිට ගත්තා.
ඇවිදින්න හිතාගෙන දොර ළඟ සෙවල පෙරාගෙන උන්නු ටිම්බෝ, බුරා හැලෙන්න පටන් ගත්තේ දොරට වැදුණු තට්ටුවෙන් පස්සෙයි. ගේෂ හිතුව හරි.. දොර ළඟ හිටියේ ආමන්ත..
දුෂ්මන්ත ඇවිත් ගියා කිව්වාම මුණ ඇද උනත් ආමන්ත මුකුත් කිව්වේ නෑ. සමහර විට ඒ ගැන වැඩි දුර අදහස් දක්වන්න තමුන්ට අයිතියක් නෑය කියල හිතාගෙන වෙන්න ඇති.
ආමන්ත - ගේෂා ආදර කතාව ගලාගෙනම ගියා ඉස්සරහට. එක ළඟ නිවාස දෙකක උන්නත් කවදාවත් දෙන්නම එක ගෙදර ජිවත් වෙන්න හිතුවේ නෑ. ආදරේ කියල බදාගෙන අල්ලගන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙත් නැති නිසා විවාහයක් ගැන කතාවක් ඇදුනෙත් නෑ. ඒ සම්බන්දය ඇතුලේ, ආදරේ කරුණාව , තේරුම් ගැනීම, සහය වීම, අගය කිරීම ඕනාවටවත් වඩා තිබුණා.
තමුන්ගේ ගෙදර එනවට ආමන්ත කැමති නෑ කියල ගේෂ තේරුම් අරන් තිබුණු විදියටම , තමුන්ගේ බාත්රූම් එක පාවිච්චි කරනවට ගේෂ කැමති නැති විත්තියත් ආමන්ත තේරුම් අරන් උන්නු නිසා ගේෂ ආමන්තගේ ගෙදර යන්න හැදුවෙත් නෑ, ආමන්ත ගේෂ ගේ බාත්රූම් එක පාවිච්චි කලෙත් නෑ
සාම්ප්‍රදායික බිරිඳක් විදියට දුෂ්මන්තගේ දෙපා දෝවනය කරගෙන උන්නු ජීවිතේට වඩා, නිදහස් පෙම්වතියක් විදියට ගෙවන මේ ජීවිතේට ගේෂ ආදරේ කළා
අවුරුදු තුනක් ගෙවුනා.. ගේෂට බබෙක් ඕනේ උනා.කසාද බදින්න නෙවෙයි. බබෙක්!
"මිනිස්සු කියන කතා ඔයාට දරාගන්න පුලුවන්ද?" ආමන්ත ඇහුවා
"මිනිස්සු මොනවා උනත් මොකක් හරි කියනවා. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි"
"ඔයාට බබෙක් හදන්න බදින්න ඕනේ නැද්ද"
"මට බදින්න බෑ. මේ ඉන්න විදියට මම ආදරෙයි.."
"හදිස්සියෙවත් මට මොකක් හරි උනොත් ඔයාට තනියම බබාව බලා ගන්න පුලුවන්ද.."
"පුළුවන්.." ගේෂ ගේ උත්තරේ නිසා අහස් සහ අමා ට දිව්‍යලෝකේ ඉඳල පොලවට එන්න විසා හම්බවුනා
"අපිට නිවුන්නු...බබාලම දෙන්නෙක්" ආමන්තගේ සන්තෝසේ පිටාර දැම්මා..
වැඩිය එලියට පහලියට යන්න අකමැති ආමන්ත , ගේෂ ගැන හිතලමද කොහෙද හැමදාම හවසට ගේෂත් එක්ක පාර්ක් එකට ගියා. මුණු දැකල පුරුදු උනාට කතා කරන්න තරන හිතවත් කෙනෙක් නොහිටපු නිසා අතුරු ප්‍රශ්න මුකුත් ඇති උනේ නැහැ
"ඔයා දන්නවද,අපේ මමී ඩැඩි ව බඳින කොටත් ප්‍රෙග්නන්ට් ලු. ඩැඩි මමිව බැඳලා තියෙන්නේ එක දැනගෙනමයි. ඒවුනත් කවදාවත් ඩැඩි අයියට වෙනසක් කළේ නෑ. හැබැයි මමී ආදරේ කළේ අයියට විතරයි. ඩැඩි ටවත් මටවත් නෙවෙයි. අයියගේ තාත්තා ගොඩාක් සල්ලි තියෙන පවුලක , නරක කොල්ලෙක් කියල අපේ ආචිචි මම්මල හිමිට කතාවෙනව ඒ දවස් වල. ඒ සංකර ජීවිතේට මමී පුදුම විදියට කැමති වෙලා හිටියේ. ඩැඩි ගේ නිවුණු ගැති ගුණ වලට මමී කොයිම විදියකටවත් ගැලපුනේ නෑ
" සිසීට රෑට පාටියක් තියෙනවනම් , දවල් නතින් කියල තමා ඩැඩි කියන්නේ. හැබැයි ඩැඩි හරියට විදෙව්වා මමිගේ වැඩ හින්ද . විශේෂයෙන්ම මමී මට වෙනස්කම් කරන එකට ඩැඩි පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. සිසී, ආර්ම් බෝයිත් ඔයාගේ නේද, ඇයි හැමවෙලේම හැමදෙයක්ම දුම් ට විතරක් .. කියල ඩැඩි කීප පාරක්ම අහනවා මට ඇහිලා තියෙනවා . ඒ වෙලාවට මමී කියන්නේ මොකද්ද දන්නවද..?"
උත්තරක් නොදුන්නු ගේෂ හිනා උනා විතරයි
"ඩාර්ලින් ආතර්, ඔයා දන්නවනේ මම ඔයාට රෙස්පෙක්ට් කලාට මගේ ලව් එක නිලේෂ්. නිලේෂ් වගේ ඉන්නේ දුම් මිසක් ඔයාවත් ආර්ම්වත් නෙවෙයි.. මම ඔය දෙන්නට ආදරෙයි. හැබැයි දුම්ට ගොඩාක් ආදරෙයි..."
ආමන්තගේ හැඟීම හොඳටම සංවේදනය උනු ගේෂ , දුක අමතක වෙන්න සද්දෙන් හිනා උනා. ආමන්තත් හිනා උනා. ලගින් ගිය ජෝඩුවක් ගේෂ දිහා පුදුමෙන් බලාගෙන ගියා
"මිනිස්සු බලන්නේ හරියට මම මෙතන බෙන්ච් එක උඩ තනියම හිනා වේවි ඉන්නවා වගේනේ" ගේෂ නොරිස්සුමෙන් කිව්ව
"ගණන් ගන්න එපා. මිනිස්සු හිනාවත් එක්ක හරිම ඉරිසියයි.." ආමන්තගේ කතාවට ගේෂ ආයෙම වතාවක් හිනා උනා
"ඔයා දන්නවද මමිගේ වැඩි ආදරේ හින්ද අපේ අයිය හොඳටම නරක් උනා" තව දවසක් බැල්කනියේ වාඩිවෙලා , තමුන්ගේ උරහිසට හේත්තු වෙලා හිටපු ගේෂට ආමන්ත කිව්ව
"අයියා පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා මමී ආදරේ එයාට කියල. ඒ නිසා එයා පුළුවන් තරන් මට වද දුන්නා. පුංචි කාලේ ඉඳලම ඒවා දරාගෙන උන්න මිසක් මම කාටවත්ම කියන්න ගියේ නෑ. ඩැඩි තේරුම් ගත්තා. ඒත් ඩැඩිට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙත් නෑ. මම මොකකට හරි ආසයි කියල තේරුනොත් අයිය ටක් ගාල ඒ දේ අයිති කරගන්නවා. මට රිද්දන්න. මම හිතන්නේ එයා දැනගෙන හිටියා එයාගේ තාත්තා ඩැඩි නෙවෙයි කියල. ඒකෙ පලිය ගත්තේ මගෙන්.."
අන්තිමට අයියව මමිටත් කන්ට්‍රෝල් නැති උනා. ඩැඩි ට ඔක්කොම අතෑරලා ඉන්දියාවට යන්න ඕනේ උනා. මම ඒකට වැරද්දක් කියන්නේ නෑ. මොකද ඒ වෙද්දී ඩැඩි හෙම්බත් වෙලා හිටියේ ප්‍රශ්න වලින්ම. එයා මටත් කතා කළා ඉන්දියාවට යන්න. ඒත් මට නොයන්න ලොකු හේතුවක් තිබුනා"
ඒ මොකද්ද කියන ප්‍රශ්නාර්තේ රන්දගෙන ගේෂ ආමන්ත දිහා බැලුව
"මම ඒ වෙද්දී ගෑණු ළමයෙක්ට පුදුම විදියට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. එයා මාව දන්නෙවත් නෑ. ඒත් මම එයාට පුදුම විදියට ආදරේ කළා. මට එයාව බදින්න ඕනේ උනා...."
~මතු සම්බදයි~

රොටියෝ... ඊගාව කොටස ඉක්මනට දාපියෝ
ReplyDeleteජරා කෙල්ලෙක් :(
ReplyDeleteඅහම්බෙන් හම්බවෙලා උබගෙ බ්ලොග් එක අග ඉදන් මුලට කියෙවුවා. සරලයි, හොදයි, රසවත් .. දිගටම ලියපන්........
ReplyDeleteහම්මේ හැති
ReplyDeleteනෑ නෑ මේක කියවල
Really nice blog.. And nice story. Waiting for next part. Good luck! I read all the posts in past few days. :)
ReplyDelete