හෙලෝ...
ඔව් ඔව්...
මේ බස් එකේ . ඉන්ටර්සිටියක්. ඉක්මනට එන්න පුළුවන්. හයිවේ නේ එන්නේ
තව පැය එකහමාරක් විතර යයි..
අනේ අනේ කොමලේ..
හිටපන්කෝ මං එනකන් ගෙදර.. (මනමාල හිනාව)
ඔව් බං. උපුලට ඇප වුනා. ඒකයි හවස් උනේ. නැත්තන් මං එලියට ආවේ එකට විතර..
එහෙම කියන්න එපා. කලින් සැරේ මම ඇතුලට නොයා බේරුනේ ඌ හින්දනේ
කෝ පුතා..
ආ චුටි පුතු...
තාත්තා එනවා අද හොඳේ..
මොනාද ඕනේ පුතාට..
ඇපල් මිදී ගත්තා.. කාර් එකකුත් ගත්තා..තව මොනාද ඕනේ
ආ දොඩන් තිබ්බොත් ගේන්නං හොඳේ
අම්මිට කරදර කරන්නැතුව ඉන්න ඕනේ හරිද..
හරි හරි තාත්ති ඉක්මනට එනවා
කෝ අම්මියට දෙන්න..
එහෙනං මං තියන්නං හොඳේ.. පරිස්සමට ඉන්න මං එනකන්
බුදුසරණයි..
ඔව් ඔව්...
මේ බස් එකේ . ඉන්ටර්සිටියක්. ඉක්මනට එන්න පුළුවන්. හයිවේ නේ එන්නේ
තව පැය එකහමාරක් විතර යයි..
අනේ අනේ කොමලේ..
හිටපන්කෝ මං එනකන් ගෙදර.. (මනමාල හිනාව)
ඔව් බං. උපුලට ඇප වුනා. ඒකයි හවස් උනේ. නැත්තන් මං එලියට ආවේ එකට විතර..
එහෙම කියන්න එපා. කලින් සැරේ මම ඇතුලට නොයා බේරුනේ ඌ හින්දනේ
කෝ පුතා..
ආ චුටි පුතු...
තාත්තා එනවා අද හොඳේ..
මොනාද ඕනේ පුතාට..
ඇපල් මිදී ගත්තා.. කාර් එකකුත් ගත්තා..තව මොනාද ඕනේ
ආ දොඩන් තිබ්බොත් ගේන්නං හොඳේ
අම්මිට කරදර කරන්නැතුව ඉන්න ඕනේ හරිද..
හරි හරි තාත්ති ඉක්මනට එනවා
කෝ අම්මියට දෙන්න..
එහෙනං මං තියන්නං හොඳේ.. පරිස්සමට ඉන්න මං එනකන්
බුදුසරණයි..
හෙලෝ..
ඔෆිස් එකේ වැඩ තිබ්බ..කෝච්චිය මිස් උනා හලෝ..
ඔව් ඔව් ඉන්ටර්සිටියක ඉන්නේ. නොර්මල් බස් තිබුනේ නෑ..
ඔය කොහෙද ඉන්නේ..
ඇයි තාම ඔතන ඉන්නේ..
වෙන කව්ද ඉන්නේ..
මම කියල තියනවා නේද සමරය ඉන්නවා නං ටැග් ගැහෙන්නේ නැතුව යන්න කියල ඈ..
අනේ අනේ.. යනවා යන්න මාව තම්බන්නේ නැතුව
මං කීපාරක් කියල තියෙනවද.. තමුසේ පයිසෙකට ගණන් ගන්නේ නෑනේ
යනවා හලෝ යන්න. මං එන්නේ නෑ ගෙදර අද අම්මලාගේ ගෙදර යනවා..
නෑ නෑ. මං එනකන් බලන් ඉන්න ඕනේ නෑ. තමුසේ යනවා
එන්නේ නෑ හලෝ. තමුසේ ඕනේ මගුලක් කරගන්නවා. ඉන්නවකෝ මං කරන්න වැඩේ.
(2 වන ඇමතුම)
හෙලෝ..
හෙලෝ පුතු.. තාත්ති කතා කරන්නේ
අම්මි ආවේ නෑ..
අම්මි නෝටි. මං අම්මිට දෙන්නන්කෝ පරක්කු උනාට
පුතුට මොනාද ඕනේ..
පාන් ගෙඩියක්..?
හරි හරි තාත්ති එද්දී පාන් ගෙඩියක් අරන් එන්නන් කෝ..
තියන්නං.. පරිස්සමට ඉන්න
එක පොලවක ලෝක දෙකක් මචං...
ReplyDeleteපිස්සු වගේ මචං
Delete//එක පොළවක ලෝක දෙකක්// සුපිරි කතාව!
Deleteඑකම තැටියේ දෙවිදියක රොටී.. කොමෙන්ටුවට නිමිත්ත රූපේ ගේ කොමෙන්ටුවෙනි.. :)
ReplyDeleteහිරේ ඉඳන් එන එකාට උදේ හවස ඔෆිස් යන එකාට වඩා හිතේ සැනසීමක් තියෙනවා
Delete++++++++++++++++++
ReplyDelete