It is a common sight in Buddhist temples to see devotees, young and old offering flowers before an image or sacred objects, lighting an oil lamp or burning incense in the name of the Buddha. While learning to appreciate the aesthetic aspect of things, they also learn to be generous, to let go, and above all to honour the Buddha — the Teacher, the Dhamma-the Teaching and the Saṅgha — the Community of Buddha’s disciples. When a Buddhist offers flowers or lights an oil lamp and ponders over the supreme qualities of the Buddha, he is not praying to anyone; these are not rites or rituals or acts of worship. The flowers that soon fade, and the flames that die down, reflect to him of the impermanence (anicca) of all conditioned things. The image serves as an object of concentration or for meditation. A Buddhist gains inspiration and endeavours to emulate the qualities of the master.
මෙවැනි තේරුමක් පලතුරු වන්දනාවේ නැත. Offering of Flowers This mass of flowers fresh hued and odorous I offer at the sacred lotus-like feet of the Noble Sage. I worship the Buddha with these flowers; May this virtue be helpful for my emancipation; Just as these flowers fade, our body will undergo decay
හොඳ මාතෘකාවක් මතු කරනවා
ReplyDeletehttp://nelumyaya.com/?p=2361
බොහොම ඉස්තුතියි .
Deleteඇත්තටම ඒක නං මහ පිස්සුවක්.. ඔය පළතුරු ටික දුන්න නං අර ළමයි ටික්කට නැත්තං කන්න බොන්න අඩු පවුල් ටික්කට නැත්තං ඒ සල්ලි වලින් මිනිස්සු කීප දෙනෙක්ට ගෙයක් දොරක් හදල දුන්න නං මං හිතන්නෙ බුදු හාමුදුරුවො ඊට වඩා සතුටු වෙයි
ReplyDeleteකියල වැඩක් නෑ . සමහර බෞද්ධයෝ කියල තියෙනවා මේ වගේ පින්කම් විවේචනය කරන ඒකත් මහා අකුසලයක් කියල. අඬන්නද හිනාවෙන්නද කියල තේරෙන්නේ නෑ ඒ වෙලාවට නං
Deleteදෙලුං හරි ගනං.. අසපුවෙත් නෑ දෙලුං..
ReplyDeleteදෙලුන් දෙලුන්
Deleteබුදුන් වහන්සේ කොතැනක වත් දේවල් නිස්කාරනේ නාස්ති කරන්න අපතේ යවන්න කියල නෑ. ඕව ඔහොම වෙත්දී එදා වේල හොයාගන්න බැරිව දුක් විඳින අය කොයිතරම් නම් ඉන්නවද?
ReplyDeleteමොන විකාරයක්ද මේ දේවල්
Deletehttp://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16986-2015-05-15-22-47-00
ReplyDeleteදැන් මිනිස්සු හරියට අන්තගාමි වෙලා. දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ හිතා බැලීමේ හැකියාව වැඩිවිය යුතු උනත් මේ මිනිස්සු අන්ද භක්තිකයෝ වෙලා. මෙහෙම ගියොත් තව ටික දවසකින් බුද්ධාගමේ සියලුම දේ 'පින' මත පදනම් වේවි. හාමුදුරුවන්ට දානය දීමෙන් ලැබෙන පින, කන්න නැති මනුස්සයෙකුට කන්න දීමෙන් ලැබෙන පිනට වඩා වැඩිය කියල කවුරුහරි කිව්වොත් මිනිස්සු පන්සල් ඉස්සරහ පෝලිම් ගැහිලා ඉඳීවි. ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන. බොහොම ඉස්තුතියි ප්‍රතිචාරයට
Deleteමහමෙව්නාව ගැන ඉතිං කතා කරල වැඩක් නෑ. මට එයාලගෙ වැඩපිළිවෙල ගැන ඉස්සර ඉඳලම ලොකු ප්‍රශ්නයක් තියනව.
ReplyDeleteඑයාල කරන්නේ බුදුදහම ජනප්‍රිය විදිහට මාකට් කරන එක. පිනත් එහෙම තමයි. එයාල පින මාකට් කරන්නේ අකුසල් වැඩිවෙන විදිහට.
දිව්‍යලෝක, බ්‍රහ්ම ලෝක, සැප සම්පත් පෙන්නලා මිනිස්සුන්ගේ ආසාව වැඩි කරල පින්කම් වලට ගෙන්න ගන්නව. මිනිස්සු මුලාවෙලා පිං කරන ගමන් අකුසල් කරගන්නවා. ලෝබ මෝහ පුරවාගෙන පින්කම් කරනව.
සහතික ඇත්ත. අන්තිමට වෙන්නේ මිනිස්සු පිනට ලෝබ වෙනවා
Deleteදැන් එතකොට උඹල කියන්නෙ මහමෙවුනාවෙන් කරන මේ ඔක්කොම බොරු, වැඩක් නැති දේවල් කියලද?
Deletehttps://www.facebook.com/media/set/?set=a.1919626768264447.1073741878.1787844558109336&type=3
https://www.facebook.com/media/set/?set=a.1920460761514381.1073741881.1787844558109336&type=3
https://www.facebook.com/media/set/?set=a.1921510974742693.1073741886.1787844558109336&type=3
හාමුදුරුවරුන්ට පිස්සු!!!....නියමයි රොටියා...:)
ReplyDeleteකොච්චර නං දේවල් තියෙනවද කරන්න... කන්න බොන්න නැතිව කීදෙනෙක් ඉන්නවාද?
Delete
ReplyDeleteබුදුන් වහන්සේ වදාළ ධර්ම කොටස් 82,000ක් සහ භික්ෂු, භික්ෂුණි යන දෙකොටසටම අයත් සංඝයා වහන්සේලා විසින් දෙසු ධර්ම කොටස් 2000 ක් එකතුවී මුළු ධර්ම කොටස් 84000කින් යුක්ත ත්‍රිපිටකය ගැන ඔබ අසා ඇතැයි කියා මා සිතනවා. ඒක අන්තර්ජාලයේ තියෙනවා. එහි අංගුත්තර නිකායේ කෝකාලික සුත්‍රය ඔබ කියෙව්වොත් හොඳයි.
ඒකෙ අදාළ කොටස මෙහෙමයි " අනුවන තැනැත්තා පාපී වචනයෙන් බැනීම නමැති ආවුධයෙන් තමාවම වනසා ගනී. යමෙක් නින්දා ලැබිය යුතු අයට ප්‍රසංසා කරයිද, ප්‍රසංසා ලැබිය යුතු තැනැත්තාට නින්දා කරයිද,එයින් ඔහු පව් රැස් කරගනී. ඉන් ඔහුට සැපයක් නොලැබෙන්නේය."
මිට පසු ඔබ නොවරදවාම කියවිය යුත්තේ අංගුත්තර නිකායේම ඇති ව්‍යසන සුත්‍රයයි. ඒකෙ තිබෙන්නේ මෙසේ බුදු සසුනට ගරහන අයට පහත දැක්වෙන විපත්ති 11න් එකකට හෝ පත්වන බවය.
1. අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගත නොහැකිවීම.
2. මෙතෙක් උපදවූ ධ්‍යානයක් ඇත්නම් එය නැතිවීම
3. තමාට දහම් දැනුම දියුණු කරගත නොහැකිවීම.
4. ධර්මය අවබෝධ කළා කියා අධි මානයට පත්වීම
5. නිවන් මගට සිත් අලවා වාසය කරන්නට නොහැකි වීම.
6.කිලිටි බවට පත් වන අයුරින් යම් සිල් පදයකට හානි පමුණුවා ගැනීම.
7. පැවිද්දෙක් නම් සිවුරු හැර ගිහිවිම.
8. දරුණු රෝගාබාධයක් වැළඳීම
9. උමතුවිම හෝ සිත වික්ෂිප්ත භාවයට පත්වීම
10.සිහිමුලාවී මියයාම
11.මරණින් මතු මහත් දුක් ඇති නිරයේ ඉපදීම.
ඔබ කිසිදු කිසිදු ආගමක් නොඅදහන නිර්-ආගමිකයෙක් හෝ බුදුදහම නොඅදහන්නෙක් නම් මෙයින් 1 සිට 5 දක්වා ඇති විපත්ති සහ 7 සහ 11 විපත්ති වලින් යම් කිසි විපතක් උනාට කමක් නැහැ කියල ඔබට සිතෙන්න පුළුවන්.
ඒ උනත් 8,9,10, යන විපත් වලට ගොදුරුවී මෙලොව අපායක් කර ගත් අය සහ 6 වැන්නේ දැක්වෙන අන්දමට සිල් පදයක් කැඩීම නිසාම මෙලොව විපතට පත්වූ අය ගැන ඔබ කොතෙකුත් අසා,දැක ඇතිනේද? එවැන්නන් තම නැ හිතවතුන්ගෙන් මෙන්ම තම පවුලෙන්ද කොන්වීමට සිදු වෙනවාට අමතරව විවිධාකාර කෙනහිලිකම් වලටත් ගොදුරුවී පිඩා විඳිනවා ඔබ දැක තිබෙනවා නේද? පිළිසරණක් නැතිව එවැන්නන් දුක් විඳිනවා ඔබ දැක ඇති නේද? සමහරවිට එවැන්නන්ට පිහිටවීමට ඔබ සත් භාවයෙන් ඉදිරිපත් උනත් මෙතෙක් එලියට නොපැමිණි නානාවිධ බාධක ඉදිරියට පැමිණ ඔබ එම කටයුත්තෙන් ඉවත් කරනවා ඔබටම පසක්වී නැද්ද?
ඔබටත් ඉදිරියේදී එවැන්නක් සිදුවෙනවාට ඔබ කැමතිද? මදක් නැවතී කල්පනා කර බලන්න. ඉන් පසුවත් බුදුසසුනට ගැරහීමට ඔබ අදහස් කරන්නේ නම්, ඉදිරියේදී ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන දැන ගෙනම බුදු සසුසනට ගැරහීම පටන් ගන්න.
සමරසේකර
සමරසේකර මහතාණෙනි, ඔබ සියලුම දේ බයානක විදියට වරදවා වටහාගෙන කියා සිතනවා. බුදු සසුනට ගැරහීම හෝ නින්දා කිරීමක් මේ ලිපියට කිසිසේත්ම පාදක උනේ නැතය යන්න මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මමත් බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නෙක්. නමුත් මම බුදු දහම විකෘති කරනවාට විරුද්දයි. වැරදි දෙයක් දුටු විට විවේචනය කිරීම හෝ ප්‍රශ්න කිරීම මා දන්නා පරිදි බුදු රජාණන් වහන්සේ විසින් තහනම් කොට නැහැ
Deleteඔබ සඳහන් කොට ඇති සුත්‍රය ගැන කියනවා නම් , මා විස්වාස කරන පරිදි සුපිරිසිදු සුත්‍ර පවතින්නේ අතලොස්සයි. බොහෝ ඒවා පසු යුගවල වෙනස්කම් වලට බඳුන් වී තිබෙනවා
ගැරහීමක් නොව ඉහත සිද්ද වුයේ ප්‍රශ්න කිරීමක්. මහමෙව්නාව සහ ඒ ආශ්රිත පින්කම් වල විසාල ගැටළු තියෙනවා. බිය කොට (ඔබ සදහන් කල ව්‍යසන සුත්‍රය) බුදු දහම රැක ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ. මන්ද බුදු දහම යනු ශ්‍රේෂ්ට දර්ශනයක්. ආමිස පුජා නොව ප්‍රතිපත්ති පුජා අගය කරන දහමක්. ඔබ තරම් සුත්‍ර ගැන දැනීමක් නැති බව මම අවංකවම පිලිගන්නවා. ඔබට ඉස්තුතියි
ඔබට බුදු දහම ගැන පුර්ණ දැනීමක් නැති බව පැහැදිලියි. බුදු දහම ගැන ටිකෙන් ටික කියවන්න ගියාම ඒ අඩුව මැකී යාවි.බුදු දහම දර්ශනයක් මෙන්ම ඇදහීමක්. එහි දර්ශන කොටසින් සසර කෙළවර කර ගන්නා මග විස්තර වන අතර, ඇදහීම් කොටසින් ලෞකීක ජීවිතය සුවෙන් ගත කිරීම උපායමාර්ග විස්තර කෙරෙනවා .ඔබ ඇදහීම් කොටස නොපිලි ගන්නේ නම් ඔබට ජයමංගල ගාථා,රතන සුත්‍රය,ජය පිරිත, ජිනපන්ජරය, අංගුලිමාල පිරිත,ධජග්ග පිරිත,ආදී බොහෝ සුත්‍ර අහකට විසි කරන්න වේවි. බුදුන් වහන්සේ මාගධී (පාලි) භාෂාවෙන් දෙසු සුත්‍ර කටපාඩමින් වළගම්බා රජු සාමය තෙක් නොනැසී ඇවිත් සිව්වැනි ධර්ම සංගායනාවෙන් පසු පොත්වල ලියවුනා. එකී සුත්‍ර පැහැදිලි කරන අටුවා තුල ඒවා රචකයන්ගේ විවිධ අර්ථ කතනයන් තිබෙන්නට පුළුවන් . අටුවා කියන්නෙ ත්‍රිපිටකය නෙමෙයි.
Deleteවංශ කතා අධ්‍යන කිරීමේදී බොහෝ දෙනා විසින් කල බොහෝ විසිතුරුමය පුජාවන් සඳහන් වෙනවානෙ. ඒවා වැරදි යයි සමහර දෙනා ඒ කාලෙත් විවේචනය කළා නමුත් එම පුජාවන් අගය කල බොහෝ දෙනා එදා සමාජය තුලත් හිටියා.
ඔබ ඔබට ළඟ මහමෙව්නා අසපුවකට පෝ දිනකට ගොස් දවසක් ගතකර එහි සිදුවන කටයුතු නිරීක්ෂණය කර බලන්න.ශිලාමය හා භාවනාමය කටයුතු ගැන නෙමෙයි මා අදහස් කරන්නේ. ඔබ සිහිසුන් වන තරමට එහි සංවිධානය කරන විවිධ පුජාවන් සඳහා සහභාගී වන්නන් තම තමන්ගේ කැමැත්තෙන්ම දායකත්වය දැරීමට ඉදිරිපත් වන ආකාරය ඔබට පෙනේවි.
මා මගේ ලිපියෙන් ඔබව බය කළා නොවේ. මගේ සම්පුර්ණ ලිපිය අන්වර් මනතුංගට පිළිතුරු කියන blog එකේ තියෙනවා. මටොබට මතක් කරන්න උවමනා උනේ ලෝවැඩ සඟරාවේ තියෙන
කරන කලට පව් මීරිය මි සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන් දොර අවකා සේ
යන පැදියයි.
සමරසේකර
උක්ත මහා පලතුරු දානයේ පරමාර්ථය කුමක්දැයි සමරසේකර මහතා පැහැදිලිව සඳහන් කරන්නේනම් මැනවියයි මට හැෙඟ්. මේ වනවිට කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහමෙව්නාව විසින් ඔවැනි මහා දානමය පිංකම් රාශියක් සිදුකර ඇත. එසේ කල පිංකම් කෙරෙහි සිත නොපහදවා පවු සිදුකරගැනීමට අකමැති නමුත් යෝජනාවක් පමණක් කිරීමට කැමැත්තෙමි. උක්ත මහා පිංකම් සඳහා වැයකරනලද ධනය සහ ශ්‍රමය බුදුදහමේ චිරස්ථිතිය උදෙසා කරන "ආයෝජන" ලෙස සැලකිය හැකි ගරාවැටුණු දුෂ්කර පන්සල් පිළිසකර කිරීම, පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට අපහසුතා ඇති සාමනේර හිමිවරුන්ට අවශ්‍ය උපකාර කිරීම, අනාරක්ෂිතව විනාශමුඛයට පත්වන වටිනා සිද්ධස්ථාන රැකගැනීමට කටයුතු කිරීම වැනි කටයුතු වලට යෙදවූවානම් එය කෙතරම් මහත්ඵල මහානිසංස ලබාදෙන්නක්ද යන්න පමණක් මතක්කරමි. නමුත් උක්ත පිංකම් සාර්ථක ලෙස "මාකට්" කල නොහැකිබවනම් මා දනිමි.
Deleteඅසූහාරදහසක් ධර්මස්කන්ධය පිළිබඳව ඔබ සඳහන් කර ඇත. නමුත් මා දන්නා තරමින් අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ යයි පවසමින් මහමෙවුනාව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. (මේ වනවිට එම මතයේ යම් යම් සංශෝධන කර ඇත. අභිධර්මය බුද්ධ දේශනාවක් වුවත් එය මිනිසුන් සඳහා දෙසූවක් නොව දෙවියන් උදෙසා දෙසූවක් බව සමහර අසපුකාමීන් විසින් මාහටද පවසා ඇත.) මා විශ්වාස කරන පරිදි බුද්ධජයන්ති ත්‍රිපිටකයේ ඇති කිසිදු දේශනාවක් වෙනස් කරනලද ඒවා නොවේ. ඔබට හැකිනම් ඉහත නිසඳැසින් බුදුදහමට අපහාස වන ආකාරය පැහැදිලිව දක්වා පසුව ව්‍යසන සුත්‍රයට අනුව රොටියාට ලැබෙන විපාක සඳහන් කරන්න. කිරිබත්ගොඩ හිමියන් විසින් සිදුකරනුයේද දේව වාදී ආගම් වලට සමාන දෙයකි.
පළමුව බුදුරජානන් වහන්සේ කෙරෙහි බියක් දායකයා තුල ඇති කරවයි. බුදුරදුන් යනු අපට කිට්ටුවීමටවත් නොහැකි මහා පුරුෂයෙකි යන්න සිතට කාවද්දවයි.
දෙවනුව සුත්‍ර ධර්ම යොදාගනිමින් නිරයට බිය ඇති කරවයි. පිනට ආශාව ඇති කරවයි. “එව බලව” ලෙස සියල්ල විමසා බලා සත්‍ය සෙවීමට අපට ඉගැන්වූ බුදුදහමම විමසීමේ නිදහස නැතිකර දැමීමට සුක්ෂම ලෙස භාවිතා කරයි.
තෙවනුව ආකර්ෂණීය ද්ශනා විලාශයෙන් දහම් දෙසමින් අන් සියලු ධර්ම දේශකයන් වහන්සේලාට වඩා තමන් උසස් බව පෙන්වයි. එබව උන්වහන්සේගේම “සත්‍ය සොයා යාම” යන පොත තුලින් පැහැදිළිවේ. ලංකාවේ කීර්තිමත් මෙන්ම බොහෝ ගෞරවයට පාත්රවූ බළන්ගොඩ ආනන්ද ෛමත්රිය මහානායක හාමුදුරුවන්ගේ ජීවිත සිදුවීම් වලට සමාන යම් යම් සිදුවීම් තම ජීවිතයට ආරෝපණය කරගනිමින් (පෙර ආත්මයන් සිහිවීම, සහම්පතී බ්‍රහ්මයා උපදෙස් දීම ආදිය) උක්ත පෞරුෂය ගොඩනැංවීම සිදුකරයි.
සිවුවනුව දායකයා තුල පින කෙරෙහි ඇතිකළ ආශාව යොදාගනිමින් ස්වකීය අසපු සංස්කෘතිය ප්‍රචාරය කරයි.
හැකිනම් අසපුවකට ගොස් බලන ලෙස ඔබ ආරාධනා කරයි. නමුත් මා (සහ මාගේ තවත් මිතුරකු) නම් ගිය පළමු අවස්ථාවේම නැවත නොයමි යන තීරණයට පැමිණියෙමි. මා (සහ මාගේ අනෙක් මිතුරා) ගියේ පොල්ගහවෙල අසපුවටය. ඒ මාගේ මිතුරකුගේ පවුලේ සාමාජිකයින් විසින් සිදුකල දානමය පින්කමකට සහභාගී වීමටය.
එම කාලය සම්බුද්ධ රාජ මාලිගාව සාදා නිමකළ කාලයයි. බලාපොරොත්තු වූයේ නිස්කලංක පන්සලක් වුවත් තිබුනේ දැඩි නීති සහිත ස්ථානයකි. සුදු ඇඳගත් තරුණයින් (දන්නා පරිදි මහණවීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයින්) යායුතු මග පෙන්වයි, විස්තර කරයි, එහි ඇති දේව බ්‍රහ්ම පිළිම වලට වඳින ලෙස පවසයි, එසේ නොකරන අයට තරමක් තදින් කතා කරයි. අතිශයින් වියදම් කර මහත් වෑයමකින් ඉදිකර තිබුනත් කුමක් හෝ අඩුවක් ඇත. ඒ හා සමාන දිග පළලක් ඇති කැළණි විහාරයේ ඇති ප්‍රෞඪත්වය මුසු නිස්කලංක ස්වභාවය දක්නට නොමැත, ඇස් නිලංකාර කරවන දිස්නයක්නම් ඇත.
දානය දෙන අවස්තාවේදී සිදුවූ එක් සිදුවීමක් නිසාද අසපුව එපාවිය. ඒ ඒ වනවිට රෝගාතුරව සිටි, දානය දෙන මිතුරාගේ පියාට මහණවීමට සිටින තරුණයෙකු කතාකල ආකාරයයි. අවාසනාවන්ත කරුණනම් එම පියාගේ බාල පුතාද මහමෙවුනාවේ එක් අසපුවක බාරකාර ස්වාමීන්වහන්සේනමක් වීමයි.
@Rotiya Baba:
Delete// මා විස්වාස කරන පරිදි සුපිරිසිදු සුත්‍ර පවතින්නේ අතලොස්සයි. බොහෝ ඒවා පසු යුගවල වෙනස්කම් වලට බඳුන් වී තිබෙනවා
ඔන්න උඹ දන්න තරම. එහෙනම් කියපන් බලන්න සුපිරිසිදු සුත්‍ර මොනවද නැති ඒව මොනවද කියල.
යකෝ 1954 - 1956 බුරුමයේ තිබුණ 6 වෙනි ධර්ම සංගායනාවෙදි බෞද්ධ රටවල් කීපයකම ත්‍රිපිටක සංසන්දනය කරල තියෙන්වා.
ඉස්පිලි පාපිලි වල වෙනසක් ඇරෙන්න ධර්ම කරුණු වල කිසිම වෙනසක් තිබිල නෑ.
// ඔබ තරම් සුත්‍ර ගැන දැනීමක් නැති බව මම අවංකවම පිලිගන්නවා.
දන්නෙ නැත්නම් උඹ මොකටද නොදන්න දේවල් ලියන්න ගියේ? බුදු දහම කියන්නෙ උඹේ පෞද්ගලික මති මතාන්තර නෙමෙයි.
//මමත් බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නෙක්.
උඹ කොහොමද අනුගමනය කරන්නේ ඒ ගැන් දන්නෙවත් නැතුව
//මම බුදු දහම විකෘති කරනවාට විරුද්දයි. වැරදි දෙයක් දුටු විට විවේචනය කිරීම හෝ ප්‍රශ්න කිරීම මා දන්නා පරිදි බුදු රජාණන් වහන්සේ විසින් තහනම් කොට නැහැ
අපිත් විරුද්ධයි. ඒකනෙ මෙච්චර කියන්නෙ. දැන් මෙතන විකෘති කරන්නෙ උඹනේ.
//ආමිස පුජා නොව ප්‍රතිපත්ති පුජා අගය කරන දහමක්.
බුදුන් වහන්සේ ආමිස පූජා ප්‍රතික්ෂේප කරල නෑ. එහෙම කලා නම් මිනිස්සුන්ට වඳින්න පුදන්න කියල ධාතුන් වහන්සේ ඉතුරු කලේ මොකටද? අනික දානය කියන්නෙ ප්‍රතිපත්ති පූජාවට අයිති අංගයක්.
http://sinhala.lankanewsweb.net/news/17111-2015-05-27-10-08-29
ReplyDeleteමන් හිතන්නෙත් නැහැ මේ ලිපියේ බුදු සසුනට ගැරහීමක් කර තිබෙනවා කියා. බුදුන් වදාල කාලාම සූත්‍රයට අනුව ප්‍රශ්නයක් නැගීමයි කර තිබෙන්නේ. හමුදුර්වන් වහන්සේලාට දානය සඳහා පලතුරු පුජ කලාට චෛත්‍ය රාජයාණන්ට එසේ කිරීමක් කොහෙවත් කර නැත. එහෙම ගාථාවකුත් නැත. අනිත් කාරණය මල් පුජ කරන ගාථාව , පහන් පත්තු කරන ගාථාව ආදියේ ඉතා වැදගත් තේරුමක් තිබේ.
ReplyDelete//චෛත්‍ය රාජයාණන්ට එසේ කිරීමක් කොහෙවත් කර නැත.
Deleteකියවල බලපිය:
ගෞතම බුදු සසුනෙහි දිවැස් ඇත්තවුන් අතරින් අගතැන් පත්වූයේ අනුරුද්ධ මහරහතන් වහන්සේය.
උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවේදී මහා ධනවත් මනුෂ්යෙයක්ව සිට බුදුරදුන් ප්රමුඛ මහා සංඝයාට සතියක් මහදන්දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පූජාකොට දිවැස් ඇතියවුන් අතරින් අග්‍රස්ථානය පැතූහ.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු මෙම ධනවතා මහාසංඝයා වහන්සේ වෙත පැමිණ ‘දිවැස් ලැබීමට කලයුත්තේ කුමක්ද?’ යි විමසීය.
‘පින්වත, ඒ සඳහා ප්‍රදීප දානය දීම වටින්නේය’ යි සංඝයා වහන්සේ වදාළහ.
ඔහු යහපතැයි පවසා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන්කොට කරවන ලද සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් පන්දහසක් කරවිය. ඒවා ළඟට කුඩා වූද, ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගනන් පහන් ගස් කරවීය. එසේකොට මහා පහන් පූජාවක් කලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙම කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද, බොහෝ රන්තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා, ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන්වැටි දහසක් තබා දල්වා හිසමත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රිෙය්ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය….
http://fb.pathnirvana.org/archives/2708
කියවල බැලුව යකෝ. මෙතන පලතුරු පුජාවක් තියනවද? මෙතන තියෙන්නේ පහන් පුජාවක් ගැන චෛත්‍යයට කරන. අපිත් මල් පහන් චෛත්‍යයට පුජ කරනවා තමයි. කියල තියෙන්නේ මොකක්ද කියල කියවපිය කලින්. චෛත්‍යයට පලතුරු පුජ කරපු තැනක් හොයල දාපන් උඹ කියන එක පිළිගන්නම් ඇත්ත කියලා.
Deleteචෛත්‍යයට පලතුරු පූජා කරන්න හොඳ නැත්නම් තෝ මොකටද මල් පහන් පූජා කරන්නෙ යකෝ? තෝ කියන විදිහට චෛත්‍යයට පලතුරු වලින් වැඩක් නැත්නම් මල් පහන් වලින් වැඩක් තියේද යකෝ?
Deleteඑහෙනං දැහැත්, පැන්, ගිලන්පස පූජා කරන්නෙ, ඒවට වෙනම ගාථා තියෙන්නෙ මොකටද යකෝ. මෙතන තියෙන්නෙ දාන වස්තුවෙ වෙනසක් විතරයි කියන දේවත් තොට තේරෙන්නෙ නැද්ද? බුදු දහම ඉගෙන ගනිය කලින්. ඕවයෙ ආනිසංස නැතිය කියල ඔප්පු කරල පෙන්නපිය එතකොට අපිත් තෝ කියන එක පිලිගන්නම්.
යකෝ තෝ හිහ් හිහ්. හොඳ බුද්ධාගම් කාරයෙක් කියන්නේ ඔය උඩ කොමෙන්ට් දාල තියෙන සමරසේකර මහත්මය වගේ අයට. එතුමා අදහසට විරුද්ධ වුනත් සංයමයෙන් තමන්ගේ මතක ප්‍රකාශ කරන හැටි බලහන් යකෝ. දැහැත්, පැන්, ගිලන්පස පුජා කරනවද පඟර නැට්ටෝ චෛත්‍යට. අහල බලහන් ඔය උපාසිකා කෙනෙක් ගෙන් වත් කියල දෙයි. මල් පහන් පූජා කරන්නෙ හැම තැනටම මොකද කියල බලන්න ඒවායේ තේරුම බලපන්.
Deleteමල් පහන් පුදලා කියන ගාථාවේ තේරුම බලපන්. ගිරව් වගේ පාලි කියවන්නනේ තොපි හැදිලා තියෙන්නේ.
මල් පරවී යනවා වගේ මගේ ජීවිතය පරවී යනවා. - අනිත්‍ය මෙනෙහි කිරීම
With flowers in great variety, the Buddha I adore
And by this merit may I gain release.
Even as these flowers must fade,
my body too will pass away.
පහන් පත්තු කිරීම නුඹ වැනි මුග්ධයන් ගේ මුග්ධභාවය නැති කලේ බුදුන් නිසා උන් වහන්සේට වඳිමි
With lights brightly shining, dispelling the gloom,
I honour the Fully-Awakened, that Light of the Triple World,
Who dispels the gloom (of ignorance).
දාන වස්තුවේ වෙනසක් වෙන්නේ කොහොමද යකෝ ? පලතුරු දීල ඕවගේ වැදගත් තේරුමක් තියෙන ගාථාවක් කියනවද? අරන් පල තොපේ තලිබාන් බුද්ධාගම ඇෆ්ගනිස්ථානෙට.
මේන් කියවහන්. පාලි නැතුව සිංහලෙන් තියෙනවා හොඳට.
Deletehttps://sinhalabuddhism.wordpress.com/
තෝ වගෙ බුදුන් වහන්සේට ලැබෙන දානයටත් අකුල් හෙලන මිථ්‍යාදෘෂ්ටික කාලකන්නියෙකුට මෙහෙම කමෙන්ට් කරන එකත් හොඳ වැඩි යකෝ.
Delete//දැහැත්, පැන්, ගිලන්පස පුජා කරනවද පඟර නැට්ටෝ චෛත්‍යට. අහල බලහන් ඔය උපාසිකා කෙනෙක් ගෙන් වත් කියල දෙයි.
යකෝ තෝ හැක් හැක්. නැත්තෙ මොකද මූසලයො. තොපෙ මිථ්‍යාදෘෂ්ටික රටේ නැති උනාට ලංකාවෙ කරනවා. ගිහින් බලපිය රුවන්වැලිසෑයට. දැහැත්, පැන්, ගිලන්පස වගේම පලතුරු, කිරි ආහාර පූජා කරන විදිහ.
කියවල බලපිය:
http://www.divaina.com/2011/06/14/news15.html
"මිරිසවැටිය විහාරස්ථානයේ සිට මුතුකුඩ සහිත පෙරහැරකින් මෙම පූජා භාණ්ඩ වැඩමකරවූහ.
අටපිරිකර, ගිලන්පස, චතුමධුර, සුවඳ දුම්, සුවඳමල්. සිසිල්පැන්, දැහැත් සෑ රදුනට පූජා කිරීමෙන් අනතුරුව නිමල් වෙල්ගම මහතා ඇතුළු පිරිස විසින් සෑ රදුන්වෙත කප්රුක පැළඳවීම සිදුකරනු ලැබූහ."
ශ්‍රී මහා බෝධීන් වහන්සේට පාත්‍ර දහසක කිරි ආහාර පූජා කරල තියෙනවා. දළදා තේවාවට දිනපතා හාල් සේරු ගණනක බත්, ව්‍යාංජන 32, කැවිලි පලතුරු පූජා කරනව. තෝ කියන විදිහට ඒ ඔක්කොම වැඩක් නැති වෙන්න එපැයි.
මෙන්න තියනව බෝධීන් වහන්සේට දැහැත්, පැන්, ගිලන්පස පුජා කරන ගාථා. පූජා නොකරනවා නම් ගාථා තියෙන්නෙ මොකටද බූරුවෝ?
සේවිතං ධම්ම රාජේන - පත්තුම් සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - උදකේනේතේන සාදරං
සේවිතං ධම්ම රාජේන - පත්තුම් සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - ගිලාන පච්චයනේතේන සාදරං
සේවිතං ධම්ම රාජේන - පත්තුම් සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං - තාම්බූල නේතේනෙ සාදරං
//පලතුරු දීල ඕවගේ වැදගත් තේරුමක් තියෙන ගාථාවක් කියනවද? අරන් පල තොපේ තලිබාන් බුද්ධාගම ඇෆ්ගනිස්ථානෙට.
ආහාර වර්ග පූජා කරන්න ගාථාවක් තියනව මුග්ධයෝ. තෝ කියන්නෙ ලෝකෙ හැම ආහාර වර්ගයකටම වෙනම ගාථාවක් තියෙන්න ඕන කියලද? එහෙනම් දැන් කාලෙ විදිහට පීසා, බර්ගර්, සබ්මැර්රින් මේ හැම එකටම අලුතින් ගාථා හදන්න වෙයි.
While learning to appreciate the
aesthetic aspect of things, they also
learn to be generous, to let go, and above
all to honour the Buddha
මේ දේ පලතුරු පූජාවකින් කරන්න බැරි ඇයි කියාපිය බලන්න.
//මල් පහන් පුදලා කියන ගාථාවේ තේරුම බලපන්. ගිරව් වගේ පාලි කියවන්නනේ තොපි හැදිලා තියෙන්නේ.
//මල් පරවී යනවා වගේ මගේ ජීවිතය පරවී යනවා. - අනිත්‍ය මෙනෙහි කිරීම
ගාථා හදල තියෙන්නෙ පස්සෙ කාලෙක මෝඩයො. ගිරව් වගේ ඉංගීසි කෑලි කියවන්නනේ තොපි හැදිලා තියෙන්නේ.
අනුන්ගෙ සයිට් වල තමන්ගෙ සයිට් ගැන කමෙන්ට් දාල තුට්ටු දෙකේ ගොන් ආතල් දෙන, නැවත ආත්මභාවයක් පිලි නොගන්න තරම් මිථ්‍යාදෘෂ්ටික තෝ එනව කොහෙන් හරි ඉංග්‍රීසි කෑලි ටිකක් අහුලගෙන බුදුදහම උගන්නන්න.
අරන් පල තොගෙ අඳබාල මිථ්‍යාදෘෂ්ටිය අපායට.
අනිත්‍ය මෙනෙහි කිරීම තොගෙ ජීවිතෙට ගලප ගන්න හැටි කියාපිය බලන්න. ඕනම පූජාවකින් බුද්ධානුස්සතිය, අනිත්‍ය වඩන්න පුලුවන්. ඒ ටික තේරුම් ගන්න තෝ බුදුගුණ දැන්ගෙන ඉන්න එපැයි. ගිය දීපංකරේකට වෙලා හිටපිය අපෙ රට කන්න හදන්නෙ නැතුව.
කියවල බලපිය රේරුකානෙ නාහිමියන්ගෙ 'ධර්ම විනිශ්චය' පොත:
Deleteපිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?
පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍රමයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම පිළිරූ පිහිටවීම - ස්මාරක පිහිටවීම - ඒවාට අභිවාදනය කිරීම - මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්‍යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්‍රමය ම ය. බුද්ධාදි ආර්යයන් වහන්සේලා උදෙසා කරන සොහොන් කොත් පිළිරූ සිහිවටන් චේතිය (චෛත්‍ය) නාමයෙන් හඳුන්වනු ලැබේ. උත්තම පුද්ගලයන් උදෙසා සොහොන් කොත් ආදිය පිහිටවීම ඒ පුද්ගලයන් ගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නිසා කරන්නක් නො වේ.
චේතිය යන වචනයේ අර්ථය නිධිකණ්ඩ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබෙන්නේ “චයිතබ්බන්ති චෙතියං; පූජෙතබ්බන්ති චුත්තං හොති” එයින් දක්වන්නේ චේතිය යන වචනයේ තේරුම; පූජා කළ යුතු වස්තුවය කියා ය. වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් නො වන දෙයකට ‘චේතිය’ යයි නො කිය හැකි ය. වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන බුදු ගුණ සිහි කිරීම් මාත්‍රය චෛත්‍යයක් නො විය හැකි ය. උද්දේශික චෛත්‍යය වශයෙන් අවස්තුවක් ගැනීම චේතිය යන වචනයේ අර්ථය හා සැසඳෙන්නේ ද නො වේ. චේතිය යන වචනයේ අර්ථයට ගැලපෙන්නට නම් උද්දේශික චේතිය සැටියට වස්තුවක් ම ගත යුතු ය. චෛත්‍යය තුන නිධිකණ්ඩ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය:
“තං පනෙතං තිවිධං හොති. පරිභොගචෙතියං උද්දිස්සක චෙතියං ධාතු චෙතියන්ති. තත්ථ බොධි රුක්ඛො පරිභොගචෙතියං. බුද්ධපටිමා උද්දිස්සක චෙතියං, ධාතුගබ්භ ථූපා සධාතුක චෙතියං”
පරිභෝග චේතිය උද්දිස්සක චේතිය ධාතු චේතිය කියා ඒ චෛත්‍යය ත්‍රිවිධ වන්නේ ය. එහි බෝරුක පරිභෝග චේතිය ය, බුද්ධ ප්‍රතිමාව උද්දිස්සක චේතිය ය, ධාතුගර්භ වූ ස්තූප සධාතුක චේතිය ය යනු ඒ අටුවා පාඨයේ තේරුම ය.
පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි ය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේ ය. චෛත්‍යයක් නො ලබන කල්හි කොතැනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසු ය. සැදැහැයෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතැනක පිදුවත් පින් සිදු වේ.
හිමාලය වනයට නුදුරු තැනක පිහිටි ‘යමක’ නම් වූ පර්වතයෙහි පන්සලක නාරද නම් තවුසෙක් විය. ඔහුට තුදුස් දහසක් ශිෂ්‍යයෝ වූහ. එක් දවසක් ඒ තවුස් තෙමේ සිතනුයේ හැම දෙනා ම මා හට වැඳුම් පිදුම් කරන්නාහ. අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වෙසෙනවා මිස මම කිසිවකුට වැඳුම් පිදුම් නො කරමි. මට අවවාද කරන්නෙක් නැත්තේ ය. ගරු කළ යුතු කෙනකු නැතිව මාගේ මේ වන වාසය නිරර්ථකය, මා විසින් ගරු කළ යුත්තෙක් සොයාගත යුතුය යි සිතා, එබඳු පුද්ගලයකු නො ලැබ සමීපයෙහි තිබෙන ‘අමරික’ නම් ගඟට බැස එයින් වැලි ගෙන ස්තූපයක් කොට අතීතයෙහි විසූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගේ ස්තූප මෙවැනිය යි සලකා සමීපයෙහි වැඩ වෙසෙන බුදු කෙනකුන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් ඒ වැලි සෑයට වැඳුම් පිදුම් කළේ ය.
එතුමා ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙව් මිනිස් සැප විඳ අන්තිම ජාතියෙහි සැවැත් නුවර ධනවත් පවුලක ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේදී ම රහත් විය. මේ පුලිනථූපිය තෙරුන් වහන්සේ ගේ කථාව ය. තවුසකුව විසූ කාලයේ දී උන් වහන්සේ වැඳුම් පිදුම් කළ වැලි ගොඩ ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බැවින් අවස්තුක ය. කිසි පූජනීය වස්තුක් නැත්තා වූ ඒ වැලි ගොඩ චෛත්‍යයක් හෙවත් පූජනීය වස්තුවක් වූයේ ඒ තාපස තුමා ගේ සිතෙහි හටගත් ගෞරවාදරය නිසා ය. තාපස තුමා ගේ ගෞරවාදරය නො වී නම් එය නිකම්ම වැලි ගොඩකි. “උද්දිස්සකං අවත්ථුකං මමායනමත්තමෙව හොති” යන දේශනාවෙන් දැක්වෙන්නේ ඒ කාරණය ය.
බුද්ධ පූජාවක් පූජාකිරීමට විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය. ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?
Deleteදේශපාලන න්‍යායයන් අනුව මේ ප්‍රශ්න විසඳහ හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍රය ය. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර වන සේක.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමැති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තා විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
බොහෝ සෙයින් මෙබඳු ප්‍රශ්න නඟන්නේ බුද්ධ පූජාවත් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමිහු ය (තෝ වගෙ). බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්රශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය. තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්රශ්නය ය.
වැඳුම් පිදුම් කිරීමේ දී ගාථා කිය යුතු ම ද?
ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීම වරදක් ද?
වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් වුවමනා බවක් පිටකත්‍රයෙහි හෝ අටුවා ටිකාවල හෝ සඳහන් වී නැත. පැරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී උන් වහන්සේ වෙත පැමිණෙන ජනයා ගාථා කියා වඳින්නට පටන් ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතු ය. උන් වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම කළේ ගාථා නැතිව ය. මල් ආදිය පිදුවේත් ගාථා නො කියා ය. එසේ ම දැනුදු ගාථා නො කියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම කළාට ඇති වරදක් නැත.
විහාරයට චෛත්‍ය මලුවට බෝ මලුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණීම්භූතව වැන්දාම වැඳීමේ කුශලය අත්පත් වේ. බුදුනට පිදීමේ අදහසින් මල් පහන් ආදිය පූජාසනය මත තැබුවාම පූජා කිරීමේ කුශලය අත්වේ. ගාථා නො කීමෙන් වැඳීම පිදීම සිදු නො වීමක් නැත. ගාථා කීමේ සිරිත මැත කාලයේ ඇති වූවකි.
මේන් කියවපිය. ඉංග්‍රීසි හෑලි නැතුව සිංහලෙන් තියෙනවා හොඳට.
Deletehttps://misaditubalabiduma.wordpress.com/tag/%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80/
ඩවුන්ලෝඩ් කරගන කියවල බලපිය
http://www.ogatharana.org/
තට්ටෙ හොඳට අතගාල තොගෙ ඉරිසියාකාර ඇස් ගෙඩි දෙක හොඳට ලොකු කරල බලපිය මිනිස්සු පින්කම් කරන හැටි:
https://www.facebook.com/media/set/?set=a.10153350481528135.1073741936.63346878134&type=3
https://www.facebook.com/media/set/?set=a.10153350469778135.1073741935.63346878134&type=3
(පුලුවන් නම් ඔය සයිට් වලටත් ගිහින් තොගෙ බලු කමෙන්ට් දාපිය)
මේ මෝල් වහන්සේ , බුදු හාමුදුරුවෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නකොට මුළු ලෝකෙම බුද්ධ දර්ශනය ගැන දැනන් හිටියේ උන් වහන්සේ විතරයි. පස්වග මහනුන් පවා එතකොට මිථ්‍යා දෘෂ්ටිකයෝ. ඊට පසේ පස්වග මහනුන් වහන්සේලාට තමන් අවබෝධ කරගත් සත්‍යය කියා දීල මුල්ම සංඝයා වහන්සේලා ඉන්දියාව පුර ධර්මය කියා දෙන්න යවන කොට මුළු ඉන්දියාවේම හිටියේ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඉතින් යකෝ බුදු හාමුදුරුවෝ දේශනා කලේ තෝ වගේ "අඩෝව් ඕන ආගමක් වරෙන් ඩෝ , ගිහිල්ල මුන්ගේ කනෙන් අදාල කියල දියපියව ඩෝ , මුන් බූරුවෝ ඩෝ "කියලද මහණෙනි ජනතාවගේ හිත සුව පිණිස සුමධුර ධර්ම දෙසන්න කියලද?
Deleteයකෝ තෝ වගේ එවුන් දෙතුන් දෙනෙක් හිටියම ඇති මුළු දහමක්ම වනසන්න .
එක එක සයිට් වලට ගිහින් ලියන්න මට ඇති රුදාවක් නැහැ. ධර්ම සංගායනාවක් පැවැත්වීමට හේතු සෙවීම සඳහා පත් කරලා ඉන්න උදවිය "ඔබතුමා" ගේ මධුර වදන් සමීක්ෂණයට එකතු කරන් ඉන්නේ. ඒකට උදව් කළාට බොහොම ස්තුතියි.
අවසාන වශයෙන් කියනන් තියෙන්නේ නිල මැස්සෝ තොපේ මහා එකා මෙහෙ ආවේ මොකටද ?ගෑනුන්ගේ අත්වල පිරිත් නූල් බඳින්න එපා කියල යන්නද ?
මේ රටේ හොඳ පන්සල් කීපයක් අතරට මිනිස්සු මුල කරලා තලිබාන් එවුන් ටිකක් ගෙනත් දාලා සල්ලි පොඩි බැඳ ගන්න නම් හොඳයි තොපිට. එකට දැන් වැඩක් සෙට් කරලා තියෙන්නේ. හෙට අනිද්දා බලා ගන්න පුළුවන්. වැඩිය කියන්න යන්නේ නැහැ.
අනික තෝ කොහොමද මෝල් වහන්සේ දන්නේ මම දුගියන්ට උදව් කරනවද නැත්ද කියල බලන් හිටියද? තොපි වගේ ක්‍රෝධයෙන් දැවෙන තරහෙන් පුපුරන මෝඩ මුග්ධ එවුන් දිහා බැලුවම තේරෙනවා ලංකාවේ මිනි මරන්නේ, ළමයි මරන්නේ ගෑනුන්ට ගහන්නේ ඇයි කියල? ඇ යි තොපිනේ බණ දෙසන්නේ.
අනික මට බැන්නත් මෙන්න තොගේ මේ //පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට..? // සහ ඊට පස්සේ කොමෙන්ට් //බුද්ධ පූජාවක් පූජාකිරීම// එක හෙම හුඟක් හොඳයි. කල්පනා කරලා හොයල ලියල තියෙනවා. උඹ දැන් බැන ගෙන බැනගෙන එන්නේ නැතුව ඔය වගේ කොමෙන්ට් දෙක තුනක් දාල මිනිසුන්ට තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න උත්සාහ කරපන්. ඒක තමා හරි. මිනිසුන්ට තෝ කියවපිය වගේ දේ කියල තමන් ලොකු මිනිහෙක්ය කියල හිතා ගෙන බැන්නොත් උඹ කියන දේ අහනවට වඩා මිනිස්සු කරන්නේ උඹ කියන දේ මොකක් හරි වැරැද්දක් හොයාගෙන උඹට බනින එක. ඔය විධිහට බන දේසනා ගියොත් කවුරුත් ආගම පිලි පදින්නේ නැතිවෙයි.
Delete@කූජිත් ධර්ම
Deleteබුද්ධාගම්කාරයො කියල ජාතියක් නෑ යකෝ ඉන්නෙ බෞද්ධයෝ. ඒකවත් දන්නැති පොල් බූරුවෙක්නෙ තෝ.
It is a common sight in Buddhist temples
ReplyDeleteto see devotees, young and old offering
flowers before an image or sacred
objects, lighting an oil lamp or burning
incense in the name of the Buddha.
While learning to appreciate the
aesthetic aspect of things, they also
learn to be generous, to let go, and above
all to honour the Buddha — the Teacher,
the Dhamma-the Teaching and the
Saṅgha — the Community of Buddha’s
disciples.
When a Buddhist offers flowers or
lights an oil lamp and ponders over the
supreme qualities of the Buddha, he is
not praying to anyone; these are not rites
or rituals or acts of worship.
The flowers that soon fade, and the
flames that die down, reflect to him
of the impermanence (anicca) of all
conditioned things.
The image serves as an object
of concentration or for meditation.
A Buddhist gains inspiration and
endeavours to emulate the qualities of
the master.
මෙවැනි තේරුමක් පලතුරු වන්දනාවේ නැත.
ReplyDeleteOffering of Flowers
This mass of flowers fresh hued and odorous
I offer at the sacred lotus-like feet of the Noble Sage.
I worship the Buddha with these flowers;
May this virtue be helpful for my emancipation;
Just as these flowers fade, our body will undergo decay
සින්ධූ නදී තෙර සක්වා ලිහිණියෙක්ව සිටි කාලයෙහි විපස්සි බුදුරදුන්ට හැල්වී පිදූ පිනින්ද ඉසුරු පිළිබඳව පච්චාගමණිය ථෙරාපදානයේ විස්තරයක් එයි.
Deleteතමන් දිය කුකුළෙක්ව සිටි අවධියෙහි තිරිසන් ගතව සිටියද, බුදුරදුන්ට මල් රොන් පිදීමේ ආනිශංසයෙන් ලද උසස් ඉසුරු ලාභය පිළිබඳ නලින කෙසරිය ථෙරාපදානයෙන් හෙළිවෙයි.
http://lakehouse.lk/budusarana/2014/10/31/PrintPage.asp?REF=fea08
සතුන්ට තේරෙන තරම්වත් බුදුගුණ තොපිට තේරෙන්නෙ නැති හැටි.
චෛත්‍යයට පලතුරු පුජ කරන එක ගැන මිසක් බුරු රදුනට පුජ කරන එක ගැන නෙමේ මෙතන කියන්නේ කියල වත් තේරෙන්නේ නැති හැටි. සතෙකුට කිව නම් මිට වැඩිය තේරෙයි.
Deleteචෛත්‍යයෙ තියෙන්නෙ සර්වඥ ධාතු, වන්දනා කරන්නෙ ජීවමාන බුදුන් වහන්සේ වෙනුවට කියන එකවත් තේරෙන්නෙ නැති හැටි. සතෙකුට කිව නම් මිට වැඩිය තේරෙයි තමා. තෝ වගෙ සතෙකුට කොහෙත් නොතේරෙයි.
Deleteඅපි ඔක්කොම සත්තු බොල. එකම වැඩේ තෝ ඉන්නේ මොලේ අඩුම සත්තු ගොඩේ.
Deleteඒක තමා. තොපි ඔක්කොම සත්තු තමා. තෝ ඉන්නෙ අබ ඇටයක් තරම මොලේ නැති සත්තු ගොඩේ. ගල් මූසලයා.
Deleteඉහත නිසඳැසේ කිසිදු තැනක බුදුදහමට අපහාසයක් කර නොමැත. නමුත් මුග්ධ ලෙස පින්කම් කරනා අයට උපහාසාත්මක පහරගැසීමක් කර ඇත. සුනීත ලා සෝපාක ලා ඇඳිවත පමණක් ඇතිව පැමිණ නිවන් අවබෝධ කරගත්තෝය. ඔවුන් කිසි විටක මහා දාන දුන් අය නොවේ ධර්මය තුලින්ම බුදුන් දැක නිවන් දැක්කෝ වෙති. කල හැකිතරම් බුදුරදුන්ට ෛවර කල දෙව්දත් තෙරුන් මතු සට්ඨිස්සර නමින් පසේබුදු වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. නමුත් අසදෘශ මහා දන් දුන් කොසොල් රජු නිර්වාන අවබෝධයට අපොහොසත් විය.
ReplyDeleteමෙයින් වක්‍රව හෝ බුදුන් වහන්සේටත් ධර්ම රත්නයටත් අපහාසයක් සිදුවී ඇත. මහා දානයෙහි මහත් විපාක ඇත යන්න දස වස්තුක සම්මා දිට්ඨියේ කොටසක්. මහා ප්‍රඥාවන්ත නික්ලේශී බුදුන් වහන්සේ දේශනා කල බුද්ධ වචනයක් කෙලෙස් බරිත පුද්ගලයකු විසින් බොරු කරන්නට යාමෙන් බුදුන් වහන්සේටත් ධර්ම රත්නයටත් යන දිවිත්වයටම අපහාස කර ඇත. (ශ්‍රද්ධාවෙන් පින්කම් කරනා අයට මුග්ධ ලෙස පහරගැසීමක් කොහොමත් කර ඇත)
Deleteසුනීත රහතන් වහන්සේ වැනි අය රහත් වුනේ සසරේ මහ පින්කම් කර ඇති නිසයි. දෙව්දත් තෙරුන් වහන්සේ පසේබුදු වෙන්නෙත් පෙර පින් නිසයි. උන් වහන්සේ ධ්‍යාන මට්ටම් ඔක්කොම තිබුනු සැරියුත් රහතන් වහන්සේ මෙන් දෙගුණයක් පාරමී පිරූ කෙනෙක්. උඹ හිතුවද හැම දේම වෙන්නෙ එක ආත්ම භාවයකින් කියල?
බුදුරජාණන් වහන්සේ අසදෘශ දානය ප්‍රතික්ෂේප කලේ නෑ. අනේපිඬු සිටුතුමා 54 කෝටියක් වටිනා ජේතවනාරාමය පූජා කලාමත් ප්‍රතික්ෂේප කලේ නෑ. ඉන්දියාවෙ එදා ඉඳන් අද දක්වාම ඉතා දුප්පත් මිනිස්සු ඉන්නවා. බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ නෑ මේ මහා දාන මට එපා පින්වතුනි, මට සුලු දෙයක් ඇති, ඕවා දුප්පතුන්ට දෙන්න කියල. දුප්පත් මිනිහාටත් දෙයක් ලැබෙන්න පිනක් තියෙන්න ඕන. බුදුන් වහන්සේගෙ මහ පින් නිසා මහා දාන ලැබෙනව.
මේ රටේ මත්පැන්, මත්ද්‍රව්‍ය, රාත්‍රී සාද, විනෝද ගමන්, උත්සව වලින් දිනපතා කොයි තරම ධනයක් විනාශ කරනවද? උඹලට ඒව පෙන්නෙ නැද්ද? උඹල ඔක්කොටම පේන්නෙ කලාතුරකින් කෙරෙන බුද්ධ පූජාවද?
උඹලට පින් කරන්න ඕන නැත්නම් නිකම් ඉන්න එකනෙ තියෙන්නෙ. අනුන් කරන පින්කම් නවත්තන්න උඹලට තියෙන අමාරුව, අයිතිය මොකක්ද? උන් පින්කම් කරන්නෙ උඹලගෙ සල්ලි වලින්යැ. තමන්ගෙ සල්ලි තමන් කැමති දේකට වියදම් කරන එක උන්ගෙ අයිතිය.
සුනීත රහතන් වහන්සේගෙ කතාව හොයාගෙන කියවල බලපන්. පෙර බුදු සසුනක භික්ෂූන් වහන්සේ නමක් වුණ උන් වහන්සෙ පසු ආත්මයකදී පසේ බුදුන් වහන්සේ නමක් විෂයෙහි සුලු වචනයක් වරද්දා ගැනීම නිසා ආත්ම භාව බොහෝ ගණනක් දුක්ඛිත ජීවිතයක් ලබන්න සිදු වුණා. උඹල මේ කරන දේවල් වල විපාක ගැනත් හිතල බලපන්.
මේ නිසඳැසින් කිසිම වෙලාවක බුද්ධ පූජාව පවත්වන්න එපා කියල නෑ. හැබැයි පස්සේ දාපු කමෙන්ට් වලින්නම් එහෙම අදහසක් ඉස්මතුවෙලා තියනව. එකත් හරියට අර රේරුකානේ හාමුදුරුවො සඳහන් කරපු "දේශපාලන න්‍යාය" අනුව පිංකම් කරනව වගේ. මේ නිසඳැසින් කෙලින්ම පහර ගහන්නෙ එකතරා දේශකයාණන් වහන්සේ නමක් හා උන්වහන්සේ පසුපස යන අනුගාමිකයන් පිරිසකට.වර්ථමාන සුනීතල සෝපාකල පටචාරවන්ල හසරක් දන්නෙ නැතුව අන්ධානුකරණයෙන් හැසිරෙන එකට.
Deleteබුදුහාමුදුරුවො අසදෘශ දාන ප්‍රතික්ෂේප කරේ නෑ තමයි. මහා දන් මහා අනිසංශ ලබා දෙනවා. හැබැයි එකෙන් කියවෙන්නේ නෑ කුඩා දන් කුසා අනිසංශ ලබා දෙනව කියන එක. කුඩා දාන වලිනුත් මහා අනිසංශ ලැබෙන්න පුළුවන්. දෙන්නං වාලේ මහා දාන දීමත් කැපවීමෙන් කුඩා දාන දීමත් අතරේ ලොකු වෙනසක් තියනව. දානයක අනිසංශය දායකයාගෙ චේතනාව මත වගේම ප්‍රතිග්‍රාහකයාගේ ගුණය මතත් රඳා පවතිනව. ඒ නිසා දෙන්න පුළුවන් ඉහළම ආමිස දානය බුදුරජාණන්වහන්සේ නමකට (හෝ වෙනුවෙන්) දෙන දානය.
(දානයේ ආර්ථික විද්‍යාවකුත් තියනව. මහා ධන කුවේරයන්ගේ කළු සල්ලි ආපහු ගන්න පුළුවන් සදාචාරාත්මක ක්‍රමයක් තමයි දානය කියන්නෙ.)
ඔබතුමා කියන හැටියට "සුනීත රහතන් වහන්සේ වැනි අය රහත් වුනේ සසරේ මහ පින්කම් කර ඇති නිසයි" හැබැයි ඒ වගේම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයත් ඒ තත්වෙට පත්වුණේ සසරෙ මහා පිංකම් කරපු නිසා. හැබැයි වසවර්ති මාර දිව්‍ය පුත්‍රය කාම ලෝකෙට අධිපතිය වෙනකොට සුනීත හාමුදුරුවො රහත් වෙනව. එහෙම උනේ කොහොමද කියල ඔබතුමාට අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.
පිංකම් කරන්න ශ්‍රද්ධාව ඕනි. හැබැයි එහෙම කරන පිංකම් වසවර්ති මාර දිව්‍ය පුත්‍රය වගේ වෙන්නෙ නැතුව සුනීත වගේ වෙන්න උදවු කරන ජාතියේ පිංකම් වෙන්න ඕනි. ආකාරවතී ශ්‍රද්ධාවෙන් කරන පිංකම් වෙන්න ඕනි.
ඔබතුමා අහල තියනවද සංස්කාර කියල ජාතියක් ගැන. සංසාරේ අලවල තියාගන්න හේතුවෙන ජාතියක්. අපි කරන පිංකම් අයත් වෙන්නෙ මොන සංස්කාර වලටද කියල පොඩ්ඩක් හොයල බලන්න.
බුද්ධ පුජාව පවත්වන්න ඕනි බුදුරජානන් වහන්සේට උපහාරයක්, කළගුණ සැලකීමක් හැටියට වගේම තෘෂ්ණාව දුරුකරගන්නත් එක්ක. මහත්ඵල මහානිසංශ ලැබෙන හින්ද දිව්‍යලෝක හයේම රවුම් ගහල මනුස්ස ලෝකෙ සියලු සැප සම්පත් ලබාගන්න බුද්ධ පූජාව දෙනවනම් ඒ මිනිස්සුන්ගෙයි නවග්‍රහ අපල දුරුවෙන්න බෝධිපුජා තියන අයගෙයි කිසි වෙනසක් නෑ.
මම දන්නා හැටියට පිංකම් කරා කියල රහත් වෙන්න බෑ.
ඔය කියන හාමුදුරුවෝ තමයි අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියල පහුදිය කාලෙ කිව්වේ. ඊට පස්සෙ කිව්ව අභිධර්මය මිනිස්සුන්ට නෙවෙයි කියල. දැන් එකත් ටිකක් වෙනස් කරල කියල තමයි ආරංචි. ඔය කියන හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා වලින් කරපු පොත් පෙළක් තියනව "චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්ම දේශනා" කියල. ඒ පොත් ටිකයි රේරුකානේ හාමුදුරුවන්ගෙ චතුරාර්ය සත්‍ය කියන පොතයි දෙකම කියවල බලන්න. එතකොට පිංකම් වල තියෙන්නෙ ඕනි මොනවද නොතියෙන්න ඕනි මොනවද කියල වගේම නිවනෙන් ඈත්වෙන විදිහට පිං කරන්නේ කොහොමද කියලත් හොඳට තේරෙයි.
හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්න මහන්සි වෙනවාටත් වඩා කැපවීමෙන් සංසාරෙන් එතෙර වෙන්න මහන්සිවෙන්න කියලයි බුදුහාමුදුරුවො දේශනා කරේ.
(ඔය විදිහට ලෝකෙට පේන්න පිංකම් කරන, භාවනා කරන අය ඔනිතරම් ඉන්නව. පිං කරන්න ගොඩක් ලේසියි හැබැයි කුසල් කරන්න අමාරුයි. පාරමිතා පුරන්න ඊටත් අමාරුයි.)
//සුනීත ලා සෝපාක ලා ඇඳිවත පමණක් ඇතිව පැමිණ නිවන් අවබෝධ කරගත්තෝය. ඔවුන් කිසි විටක මහා දාන දුන් අය නොවේ. නමුත් අසදෘශ මහා දන් දුන් කොසොල් රජු නිර්වාන අවබෝධයට අපොහොසත් විය.
Deleteඔයිට වැඩිය හොඳ නැද්ද අංගුලිමාල රහතන් වහන්සේ පැවිදි වෙන්න කලින් ප්‍රාණඝාත කරලත් රහත් වුනා, අසදෘෂ දානය දීපු කොසොල් රජතුමාට නිර්වාන අවබෝධය බැරි වුනා කිව්වනම්. මහා දාන ඕන නෑ ප්රාණඝාතවත් නිවනට බාධාවක් නෙමේය කියල ඒකෙන් කිව්වහැකි එහෙනම්.
බුදුරජාණන් වහන්සේ තමා මේ වැඩ ඉන්නේ කියල කොටයකට වැන්දත් පිනක් සිදු වෙනවා. මේ පලතුරු මිනිස්සු හිත සතුටින් ගමෙන් ගොඩින් ගෙනාපු ඒවා. හුගක් දුර ගෙවාගෙන අපු මිනිස්සු හිටිය. ගෙනාපු පලතුරු සෝදලා පිරිසිදු කරලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා පුජා කළා. ලළාට ධාතුන් වහන්සේ උදෙසා කිරිබත්, මල් , පලතුරු, දෙතිස් ව්‍යංජන බුද්ධ පුජාව ඇතුළු නොයෙකුත් දේ දහස් ගණනින් පුජා කලා .බුදුගුණ ගයනා කලා, සතුට වැඩිවෙලා ඇස වලින් සතුටු කදුළු ගැලුවා . ඉර සුර්ය චක්රයන් විහිදුවා සෑ වහන්සේව නමස්කාර කරනවා මේ ඇස් දෙකින් දැක්කා .පුජාවෙන් පසු ගෙනාපු පලතුරු දන්සලක් තියල බෙදල දුන්න. ඕනිම දවසක ගිහින් බලන්න සේරුවිල මංගල සෑ වහන්සේ ළඟ උදේ බුද්ධ පුජවේදී බුදු රැස් විහිදෙන හැටි !
ReplyDeleteමේකනේ ...සම්මා දිට්ටිය නැති, පිරිසිදු සුත්‍ර දේශනාවක් වත් ඉගෙන ගෙන නැති, මජ්ජිම නිකායේ මුලික සුත්‍ර 10ක් වත් දන්නේ නැති, බුදුගුණ වෙන වෙනම නොදන්නා, උතුම් පටිච්ච සම්ප්පාදය නොදන්නා , බුදුගුණ භාවනාවක යෙදිලා නැති , පොඩ්ඩක් English දන්නා , Degree එකක් කරපු මේ කාලේ නවීන මෝඩයන්ට ලස්සන පිනක් අනුමෝදන් වෙන්නවත් පිනක් නැහැ. ඔහොම යන් , මේ ජිවිතේ හොඳ ජොබ් එකක් කරමින් ,ළමයි හදමින් ,වයසට ගිහින් මේ ජිවිතේ අවසාන වෙනවා. සතර අපාය තියෙන්නේ මේ වගේ අයට තමයි. පුලුවනිනම් ගිහින් පිරිසිදු ධර්මය ඉගෙන ගන්න, කියවන්න.English වලින් නම් www .accesstoinsisght.org . සිංහලෙන් නම් හොඳම පරිවර්තනය තියෙන්නේ මහමෙව්නාවේ සුත්‍ර පිටක වහන්සේලා තුල. නැතිනම් වෙන කැමති තැනකින් කියවන්න . දැන් ගලපලා බලන්න English, Pali , මහමෙව්නාව සුත්‍ර වහන්සේලා එකමද කියා. එතකොට වැටහෙයි.
Suttas: http://www.accesstoinsight.org/tipitaka/sutta.html
a week ago buduras were emitted from lalata dhathun wahanseL https://www.youtube.com/watch?v=duR9AEen9Ho
sadu sadu saadu...!!! Hariyatama Hari.
Delete