Thursday, October 15, 2015

වැඩකරන ජනතාව, ප්‍රවාහනය හා පෞද්ගලික බස් මාෆියාව

උදේ පාන්දරින් නැගිට ගෙන තුම්මුනින් හති හලාගෙන බහුතරක් දෙනා අගනුවර බලා දිව එන්නේ හොරකමේ යන්නට නොවේ.

කුමක් හෝ රැකියාවක් පිණිසය...

ඒ කියන්නේ ඒ සියලුම දෙනා මේ රටේ ආර්ථිකයේ කොටස්කරුවෝය. ඔවුන්ට මහා ව්‍යාපෘති වලින් කොමිස් ලැබෙන්නේ නැත. අල්ලස් නැත. ඔවුහු නීතියට එකඟ සාධාරණ රැකියාවක් කරන්නෝ වෙති..

ඔවුන්ගෙන් බහුතරයක් බාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. රොටියා හිතන හැටියට නම් 95% කට වැඩි පිරිසක් ඒ ගොඩට අයත් වෙති..

මේ රටේ පොදු ප්‍රවාහන සේවය කියා ක්‍රියාත්මක වන්නේ මාෆියාවකි..

ලංගමය දුවන්නේ පෞද්ගලික බස් වල උවමනා එපාකම් අනුවය.

1.සතියේ දිනවල උදේ හවස පන්නල පාරේ කොළඹ කුලියාපිටිය ලංගම අධිවේගී බස් රථයක් ඇත. නමුත් එයට නිසි වෙලාවක් නැත. හේතුව පෞද්ගලික බස් රථවල බලපෑම්ය.
2. කුලියාපිටිය කොළඹ කාර්යාල ප්‍රවාහන සේවා රථ වලටද ඔවුහු සිය බලපුළුවන්කාර කම් පෙන්වති.
3. අපුරුවට කරගෙන ආ මිගමුව කොළඹ අධිවේගී සේවාවට කණ කොකා ඇඩුවේ පෞද්ගලික බස් රථවල ආගමනයත් සමගය. කලින් ලඟම හා පෞද්ගලික රථවලට වෙන වෙනම පෝලිම් තිබියද දැන් ඇත්තේ එකකි. එහි කාර්යබහුල වෙලාවල 97%ක් පමණ ඇත්තේ පෞද්ගලික බස්ය.
4. මිගමුව පෞද්ගලික බස් රථ ආසන ගණනට මගින් පුරවාගෙන නැවතුමෙන් පිටත්වන අතර මගදී හිටගෙන යාමට මගින් නග්ගා ගනියි. අධිවේගෙහි ඇති මුරපොළවල් ලංවන විට ඒ මගින් අනෙක් මගීන්ගේ අසුන් වල කෙරවල් වල හෝ ඉඩ ඇති පරිදි බිම හෝ ඔබා ගනිති. මෙයින් සියල්ලෝම අපහසුවට පත්වෙති.
5. කොළඹ කුලියාපිටිය බසයන්ද මේ සෙල්ලමම සිදු කරයි. (අනෙක් බස් වල අත්දැකීම් නැති නිසා යමක් කියන්න අපහසුය. ඔබ දන්නවා නම් මෙයට එක් කරන්න)
6. 176, 154, 155 ආදී කොළඹ ඇතුලත දුවන ප්‍රකට බස් රථවල , කාර්යබහුල වෙලාවලදී මගීන් කිටිකිටියේ තෙරපාගෙන නග්ගා ගනිති. අසරණ මගින්ද වෙන කරන්නට දෙයක් නැති කමට ඒවාට නගිති. වැඩ කරන ජනතාවට සුවපහසුවට (ආසන ගණනට පමණක් මගින් ගියද මේවාට වෙන පාඩුවක් නැත) ගමන් පහසුකම සලසා දෙන්නට මෙතෙක් කිසිම රජයකට නොහැකි විය.
7. දුම්රිය ද එසේමැයි.. සමහර දුම්රිය වල මගින් ජනෙල් වල පවා එල්ලී යති.
8. (ඇසු දෙයකි) ගාල්ල , මාතර අධිවේගී ලංගම බසයන් උවමනාවෙන් ප්‍රමාද කර, මගීන්ව ගෙන යන පෞද්ගලික වෑන් රථ කල්ලියක් ඇත
9 කොළඹ තුල දුවන සමහර බස් රථ යන්නේ කොපමණ හෙමින්ද කියනවා නම් ඒවා ගමන් කරනවාදැයි විටෙක සැක සිතේ

මේවාට පිළිතුරු ලෙස රජය සිද්ද කරන්නේ හරි අපුරු දේවල්ය

1. පාපුවරුවේ යෑම තහනම් - කිසිම කෙනෙක් ආසාවට මෙහි යන්නේ නැත. හැම බසයකම එක ලෙස සෙනග වූ කලී, මගින් බලන්නේ කොහෙන් හෝ එල්ලීගෙන සිය ගමන යන්නය
2. අධිවේගයේ හිටගෙන යෑම තහනම් - දෙකොනින් හිනා යයි. මගින් හිටගෙන යාමට හරි නගින්නේ වෙනත් බස් නැති නිසාය
3. බස් රථ වැඩිවෙලා නැවතුමේ රඳවා තැබීම තහනම් - සමහර තැන්වල මෙය හරියට සිද්ද වේ. රාජගිරිය, කොස්වත්ත වැනි නැවතුම් නම් පෞද්ගලික බස්රථ වල බුදලයන්ය.

වැඩ කරන ජනතාවට පඩි වැඩි කර විතරක් පලක් නැත. පෞද්ගලික වාහන වලින් පැමිණීමද විසදුමක් නොව තව ගැටලුවකි

මේ සඳහා රොටියාගේ යෝජනා කිහිපයක් ඇත
1. ලංගම බස් රථ වැඩි කිරීම
2. බසයක යා හැකි උපරිම මගින් ගණනක් නියම කිරීම. මෙය බසයේ පරිමාවට නොව ධාරිතාවයට සමාන විය යුතුය
3. කාර්යබහුල වෙලාවල නියමිත වේලාවෙන් වෙලාවට බසයන් ගමන් කිරීම තහවුරු කිරීම. මෙයින් රථ තරඟය මෙන්ම , කොට කොට යෑම නවත්විමද අදහස් කෙරේ
4. කාර්යබහුල වෙලාවට මහා මාර්ග බද්දක් අය කිරීම. මෙයින් පොදු ප්‍රවාහන සේවා බාවිතය ඉහල යයි. මාර්ග තදබදය අවම වේ.
5. British School, Musaeus College වැනි පාසල් නිසා අධික තදබදයක් ඇතිවේ. මේවාට පාරවල් වසා (British School නිසා බේස් ලයින් පාරේ එක මන්තිරුවක් වසා දැමේ. ඒ එක ළමයාට එක වාහනය (හෝ සමහර විට දෙකක්) පැමිණෙන නිසාය. මෙය විහිළුවකි)ඉඩ ලබා දීම කෙතරම් යෝග්‍යද? ඒ ඒ පාසලට සුදුසු ලෙස බස් සේවාවන් අනිවාර්ය කලොත් නරකද?

ඔබේ අදහසුත් එක් කරන්න...

16 comments:

  1. අධිවේගී පෝලිම ගැනනම් කියන්න තියෙන්නේ අමු තිත්ත කුනු හරුප.දැන් ඒකබද්ධ කියල මගුලක් කරල අවම වශයෙන් විනාඩි 30ක් වත් පෝලිමේ ඉන්න වෙනව.ඊට හොදයි සාමන්‍ය බස් එකක යනව. 1 පැයකට උපරිම CTB බස් 2ක් යයි.

    පන්නල පාරේ යන බස් කීපයක් ඇතත් සියල්ලටම වාගේ ඔය තත්වය තමා තියෙන්නේ.
    මගී ප්‍රවාහන අධිකරිය,පොලීසිය එකතු වෙලා මේවට පිලියම් හොයනවන්ම් හොදයි.
    එත් උන් ගෙන පිලියම් අතීසාරෙට අමුඩ ගහනව වගේ තමයි හැමදාමත්.
    තාමත් කොච්චර බස් වල ටිකට් ලබා දෙන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මටත් මතක් වෙන්නේ කුණුහරුප තමා

      Delete
  2. මොනව කියන්නද. අර නින්ද ගැන ඇමති තුමා තාම නිදි ඇති

    ReplyDelete
    Replies
    1. හොරට නිදි කට්ටිය ඇහැරවන්න කන ළඟ ක්ලේමෝ දැම්මත් බෑ

      Delete
  3. කාලෙකින් සයිබර් රොටියක් කන්න ගොඩ උනේ.. ඒත් අද තියෙන්නේ මට 'තිත්තම' වෙච්චි රොටියක්..

    බදුල්ල කොළඹ 99 මාර්ගය ගැන මට තියෙන්නේ පුදුම ආදරයක්.. මිට අවුරුදු 3-4කත කලින් පාර හොඳට හදන්න කලින් පැය 6- 6 1/2න් ගිය බස් දැන් අඩුම පැය 8- 81/2 ක් ගන්නවා.. ගොඩක් දවස් වලට අවිස්සාවේල්ලට කි.මී. 57 යන්න පය තුන් හමාරක්. රත්නපුරේට කි.මී. 100 යන්න පය පහ හමාරක්.. බලන්ගොඩ පහු වෙනකම් ඒ කියන්නේ පැය 6ක් 6 1/2ක් පමණ යනතුරු කරේ හිටං සෙනග.. හැබැයි ගාන සෙමි ලක්ශරි. නෝමල් බස් ඇත්තෙම නෑ.. තේ එකක් බොන්න නවත්වන්නේ පඹහින්නැත පහු කරලා හල්දුමුල්ල කිට්ටුව.. එතන ඉඳල බදුල්ලටම යන්න යන්නේ පැය එකහමාරකටත් අඩුවෙන්.. නෝක්කාඩු කියනවනම් කෝටියයි.. කාටවත් කියල වැඩක් නෑ..
    දැන් ඇමතිය ඉන්නේ අපේ ගමේ එකෙක්.. මින් පස්සේ කරන්නේ ඔය වගේ වෙලාවට උගේ මැරිච්චි අම්මට බනින එක තමයි.. පව් ඒ අහිංසක මනුස්සයා.. ඒත් අපි ඊට වඩා පව් නේ..

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ කමියෝ..ටොපි ඉතින් දැන් ඒකටත් අපේ මාමාට බැනහන්! හහ්! :/
      අර දොයිය බබා ඇමති උඹලයෙ ගමේ නේද? ඇනපන් හොම්බට දෙකක් ඡන්දේ ඉල්ලන්න ආවම..:P

      Delete
    2. ඇත්ත. මේක මහ තිපල් කසායක්.. (හරිද මන්දා) ඒකට මිනිස්සු කරන්නේ නොකා නොබී හරි සල්ලි එකතු කරලා පොඩි වාහනයක් අරන් පාරට දාගන්න එක.. අපේ ආණ්ඩුත් බොහොම මොලේ තියෙන විදියට පාරට දාන වාහන අඩුවෙන්න කියල .. ඊළඟට මිනිස්සු කන බොන එක තවත් අඩු කරලා කොහොම හරි අර වාහනේ ගන්නවා . තාම එකෙක්ටවත් තේරුනේ නෑ මේකට කරන්න ඕනේ පොදු ප්‍රවාහනය දියුණු කරන එක කියල

      Delete
    3. තනියා ඔන්න මාමට එහෙම මුකුත් කියනවා නෙවෙයි

      Delete
  4. බස් ගැන නම් කතා කරලා වැඩ නෑ. දැන් නම් කාලෙක් ඉඳන් කෝච්චියෙ යන්න කිට්ටු තැනක් නම් බස් එකේ නොයා කෝච්චියෙම යන්න පුරුදු වෙලා. කාලයක් දෙකටන කොළඹ බස් වල ගියා. අනේ මන්දා උන් බස් හෝල්ට් හතරක දුරක් යන්න පැය බාගෙකට ව්අඩා ගන්නවා. ගෙදර ඉන්න උන් නාලා කාලා ලෑස්ති වෙලා එනකම් ගේට්ටුව ලඟ නතර කරගෙනත් ඉන්නවා. අයියෝ...

    ReplyDelete
    Replies
    1. කෝච්චිය ටිකක් හොඳයි බස් එකට වඩා

      Delete
  5. රොටියට මළ පැනලා! :O
    ඇත්ත කතාව.මටත් එපා වෙච්ච වැඩක් ඔය බස් ගමන.ලංගම දියුණුවෙනවට තමයි මම නම් වැඩියෙන්ම කැමති.ඒත් කරුමෙට ඒක වෙන්නේ නැහැ එක්කෝ වෙන්න දෙන්නෙ නැහැ.කතා කරලා එපා වෙලා නිසා තව මොකුත් කියන්නේ නැතුව ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. අර ගැමුනුවා ඉන්නකං ලංගමේ ගොඩ ගන්න දෙන්නේ නෑ

      Delete
  6. ..//බස් රථ වැඩිවෙලා නැවතුමේ රඳවා තැබීම තහනම් //..

    කිරිබත්ගොඩ අගුලාන බස් හොදම උදාහරණයක් ඕකට,සෑහෙන වෙලාවක් කොටනවා මදිවට හෝල්ට් වල විනාඩි දහයක් පහලවක් නවත්තගෙන ඉන්න වෙලාවලුත් තියනවා.සමහර පාරවල් වල තියෙන්නේ සෙමි ලක්ෂරි විතරයි.ඒවත් සාමාන්‍ය ඒවට වඩා අන්තයි වෙලාවකට.පානදුර නුවර දුවන CTB නම් ප්‍රයිවට් වලට වඩා හොදයි.

    ReplyDelete
    Replies
    1. 154 ගැන නම් කතා කරලා වැඩක් නැහැ

      Delete
  7. ඇයි තව තියෙනවා. ට්‍රැෆික් නැත්නම් කෙළගෙන යන්නෙ උන්ගෙ .... කවුරු හරි අරං දුවනකොට පන්නනවා වගේ. අනික් වාහන සේරම කාණුවල.
    අනෙක් අතට කඩවත සිට ගනේමුල්ලට යන බස් එකක සාමාන්‍ය ප්‍රවේගය පැයට කිලෝ මීටර් 7 යි!

    ReplyDelete
    Replies
    1. ඇයි සමහර වෙලාවට පට්ට ට්‍රැෆික් අස්සේ බස් ඔට්ටු තියෙනවා දැකල නැද්ද?

      Delete