කොල්ලෙන් අමුතු සත්තු ජාතියක් විදියට සලකන, බැරි වෙලාවත් මට වචනයක් හරි කිව්වොත් සතියක් කල්පනා කරන, කොල්ලෝ මුණ ගැහෙන එක වලක්වන්න වැරදි බස් වලට නගින, දත්මිටි කාගෙන විකාගෙන කොල්ලන්ට රවන මම.. ඔව් මේ මම සම්පුර්ණයෙන්ම...
ඒක පටන් ගත්තේ මම එක්තරා ආයතනයකට ඇතුළු උනු මුල්ම දවසේ.. ඇතුල් වෙන දවසෙම මම තීරණයක් අරන් හිටියේ ආයේ නම් කොල්ලෝ අමුතු සත්තු විදියට සලකන්නේ නෑ කියල..බොහොම ගාම්බිර විදියට මං මටම පොරොන්දු උනා.
සමාවෙන්න ඇත්තම ඇත්ත කතාව ලිව්වා නම් මිට වඩා සිය ගුණයක් රසවත් වෙයි.. මගේ පස්සෙන් ආපු ඒ උත්තමයා, මේ වගේ බ්ලොග් කියවයි කියල මම හීනෙකින්වත් නොහිතුවත්, සුළු හරි අවදානමක් ගන්නේ මොකටද?
====
කවුද මේ මගේ පොත් මට නොකියා පෙරලන ලජ්ජා නැති එකා.. අසුහාරදාහට තව දාහක් එකතුවෙලාම ගිය කේන්තිය මගේ හිස් මුදුනින් පිට උනා..
"සන්සුන් වෙන්න දරුවා.. සන්සුන් වෙන්න.. මේක තවදුරටත් පාසල නෙවෙයි.." කොහේදෝ ඉඳල ඇහුනු කටහඬක් හින්ද මම ඒ තරහ හිතේම තද කරගත්තා
"නංගි ඔයා මොන බැච් එකේද.. "
"අලුත් එකේ.." පෙනේද මුගේ බය නැති කම. මාත් එක්ක කතා කරන්න
"කොහේ ඉඳලද එන්නේ.."
මම පූසා වගේ හිනා උනා. මගේ හිතේ තෙරපුණු ඒවා දැනගත්ත නම් ඒ උත්තමයා ආයේ මගේ මුණ බලනවා බොරු..
=======
මං පයින් එනවා.. තනියම.. හැමදාමත් වගේ තනියම ඉන්න හැම තත්පරම පුදුමාකාර විදියට විඳ විඳ..
"නංගි.."
හම්මෝ.. මේ ඊළඟ එක්කෙනා. හැමවෙලේම නහයෙන් අඬාගෙන ඉන්න අක්ක කෙනෙක්
"ගූඩ් මොර්නින්ග් අක්කේ.." මම හුරතල් විදියට කිව්ව
"මොන ගුඩ් ද නංගි.. මට හරිම ප්‍රශ්න.."
මට එයාගේ ප්‍රශ්න කියන්න එන්නේ මොන කෙහෙල් අලේකටද කියල අහන්න හිතුනත් මං ආයෙමත් හිනා උනා..
" ඒ මදිවට මට අනික් අයගේ ප්‍රශ්නත් විසදන්න වෙලා"
එපාර නම් අක්කගේ කතා නාදේ මට ඇල්ලුවේ නෑ. මම ප්‍රශ්නාර්ථයක් රන්දගෙන එයාගේ මුණ බැලුවා
"අර මාත් එක්ක ඉන්න මල්ලිගෙන් බේරිල්ලක් නෑ ඔයාව යාලු කරලා දෙන්න කියල. ඔයා එයාට කැමතියි කියල එයාට තේරෙනවලු.."
කොච්චර ඉවසීම ප්‍රගුණ කලත්, අර ගෙදරදී වගේ අත දිග ඇරලා හොඳවායින් එකක් දෙන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි..එහෙනං මෙයා ඇවිත් ඉන්නේ තෝලක කම් කරන්න..
මම බොහොම සුන්දර විදියට හිනා උනා..
"එයාට ඔයාට කරදර කරන්න කිසිම වැඩක් නෑ අක්කේ. කතා කරනවා නම් මට කතා කරන්න කියන්න"
අක්ක ඇස් උඩ ඉන්ද ගත්ත. හිතන් ඉන්න ඇති, අනෙක් ලඳ බොළඳ කුමාරිකාවෝ වගේ මම අක්ක මැද්දට දාගෙන මල්ලි එක්ක කතා කරයි කියල.. ඒවා කොහෙද මේ මාත් එක්ක
"එහෙනං මං ඔයාගේ නම්බර් එක දෙනවා"
"අපෝ දෙන්න" මම ආයේ හිනාවුනා. මගේ හිත ඇතුලේ තත්පරේට කිලෝමීටර දෙකක වේගයෙන් සැලසුම් ඇඳෙන්න උනා.. ඔක්කොම හරි.. ඒත් මූ කියලනේ මාත් කැමතියි කියල.. මම කරන්නන් හොඳ වැඩක්.. කල්පනා කරලම මගේ ඔලුව පැලෙන්න රිදෙන්න ගත්තා
===========
කතාව ඉක්මනටම ඉවර කරන්නම්, රොටියාට එයාගේ කතාව ලියන්න ....

ithuru tika liyala damma onna
ReplyDelete