Saturday, November 16, 2013

රොටියාගේ ප්‍රථම ප්‍රේමය

                                                  

රොටියා හය හතර තේරුණ දා සිටම මනමාලයාය.මොන්ටිසෝරියේදීද ලාවට එහෙන් මෙහෙන් තිබූ කොකු ගැන රොටියාට හීනෙන් මෙන් මතකය.කෑම පෙට්ටියේ තිබූ පාන් පොඩි එකියක සමග බෙදාගත් ආකාරයත්,ඒ එකියවම ඔන්චිල්ලාවේ හිඳුවා තල්ලු කල ආකාරයත්,වාර්ෂික විවිද ප්රසංගයේ ඒ එකියම බදාගෙන කපල් ඩාන්ස් දැමු ආකාරයත් මතක ඇති මුත් රොටියාට සවිස්තරාත්මකව මතක පළමුවෙනි ආදරය පටන් ගන්නේ එකේ පන්තියෙදිය.
රොටියා ෂර්වුඩයේ රොබින් හුඩ් වන විට ඈ මැරියන් වන්නිය.දුනු ඊතල මානාගෙන තම පෙම්වතියව රැක ගැනීමට දුෂ්ටයින් පසුපස හඹා ගිය ආකාරය රොටියාට අද මෙන් මතක ඇත.එකල බොහෝ විට ගිස්බන්ඩ් වන්නේ මෙකල බොහෝ මැරීයන්ලා පිරිවරාගෙන පියාඹන හාදයෙක් වන අතර,ඌට එදා මැරියන් නැති උනු එකේ ඇරියස්ද අද ලැබී ඇත.
එකල රොටියාගේ ළමා කාලයේ මෙකල මෙන් පොඩි එව්වන් ඉල්ලන ඉල්ලන එක අරන් දෙන ජාතියේ අම්මලා තාත්තලා හිටියේ බොහෝ අඩුවෙන්ය.එකල පොඩි එවුන් අම්මලාට බය වී සිටියා මිස මෙකල මෙන් අම්මලා පොඩි එවුන්ට බය වී සිටියේ නැත.එවැනි පසුබිමක ඉඳහිට අලුතෙන් ලැබෙන පැන්සල මකනය උවද මහමෙරක් උවත්, රොටියා පොඩිකමට දානාදනන්ජය වී ඒවා ද තම ආදරවන්තිය සමග බෙදා ගත්තාය.
ඇගේ මේසය නිතරම තිබුනේ රොටියාගේ ඇස ගැටෙන ලෙස බව මතක ඇති මුත්,එපමණ ආදරය කල ආදරවතිය ලඟම මේසයේ රොටියා වාඩි නොවුයේ මන්දැයි රොටියා අදටත් කල්පනා කරනවාය.ඈ දෙස බලාගෙන මැවූ සිහින මන්දිර ඉඳහිට ගුරුවරියගේ හඩින් බිඳී ගියද පසුබට නොවෙන රොටියා ඊළඟ මිනිත්තුවේ ඊට වඩා විසාල සිහින මන්දිරයක් ඇය සමග ගොඩ නගනවාය.
පන්තියේ හිටි අසමජ්ජාති කොලු කුරුට්ටෝ ටික ටික ඈවත් සෙල්ලමට එක්කරගන්නා විට,ඈ සමග මදටිය අහුලන්න යන විට,ඉන්ටර්වල් එකේ කුල් පැකට් බෙදාහදාගෙන උරන විට රොටියා කල්පහු නොකරම තමාගේ අදහස ඇයට ප්ර කාශ කරන්නට හිත හදා ගත්තාය.
ඒ අනුව පහුවෙනිදාම ඉන්ටවල් එකේ ඈව පිට්ටනියේ ගසක් යටට කැඳවාගෙන ගිය රොටියා ඉතාමත් බරපතල ආකාරයට මෙසේ පැවසිය.
“මම ලොකු උනාම,වලාකුළු උඩින් ලොකූඌ මාලිගාවක් හදල,වලාකුළු උඩින් පියාඹලා ඇවිල්ලා ඔයාවත් අරගෙන පියාඹල යනවා.ඔයාට එතකොට ලස්සන කුමාරිකාවක් වෙලා හැමදාම මාත් එක්ක ඉන්න පුළුවන්නේ”
කතාව මුළුල්ලේම ඈ කටේ ඇඟිල්ල ගහගෙන රොටියා දිහා ඇස් ලොකු කරගෙන බලා සිටියාය.රොටියාට හිතුනේ ඈ රොටියා ගැන ප්‍රේමයෙන් මුසපත් වී ඇති බවයි.ඉන් පසු දවස් දෙක තුන තුල ප්රීතියෙන් ඔකඳ වී සිටි රොටියා,තමාට දැන් විවාහයක් කර ගැනීමට ගෑණු ළමයෙක් සිටින බවත්, එය තමන්ගේ හිතට ලොකු නිදහසක් බවත් රොටියාගේ අම්මාටද දැනුම් දුන්නාය.
ඊලඟ මාස දෙක තුනක කාලය තුල,බඳින ගෑණු ළමයාගේ විස්තරද,කසාදයේ තොරතුරුද රොටියා සමඟ බරපතල විදියට සාකච්චා කිරීම ඇරෙන්න වෙන වැඩක් රොටියාගේ තාත්තාට තිබුනේ නැත.
කෙසේවෙතත් වසර අවසානයේ රොටියාගේ ගෑණු ළමයා පැදුරටත් නොකියා පවුල පිටින් විදේශගත වූ නිසා රොටියාගේ ප්ර ථම ප්රේරමයද, කසාදයද අතරමග ඇනහිටියාය

8 comments:

  1. සොටියෝ... ලස්සනයි මචං.. අමුතුම විදියකට ලිව්වා වුණත් ආසාවෙන් කියවන්න පුළුවනි. දිගටම ලියන්න. හැබැයි "හිලට" කතා දාන්නත් අමතක කරන්න එපා. හරී..
    දිගටම බ්ලොගේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. හිලට ලියනවා මචෝ. ඒත් සමහර කතා යටින් යන සීරියස් දේවල් හිලට හරියන්නේ නෑ කියල හිතුනා. ඒ වගේ කතා ඇරෙන්න හැම කතාවම හිලට දානවා. ඔන්න මේ කොමෙන්ටුව තමා ඉස් ඉසරවෙලාම රොටියාගේ බ්ලොග් එකට වැටුණු කොමෙන්ටුව. තැන්ක්ස් මචං

      Delete
    2. අඩේ ඒනං මං ඉතිහාසගත වෙලා නේ???
      සමහර බ්ලොග් වගේ ලෝඩ් වෙන්න පැය ගානක් ගත වෙන්න විච්චූර්ණ දාන්න එපා. දැං තියෙන සරල විදිය හොඳටෝම හොඳා.

      Delete
  2. aioo kella rata giyaa da!! duka tama :/ ... bdw ddnt she give any reply to your fairy tale proposal???

    ReplyDelete
    Replies
    1. I guess she said nothing. The worst part is even today I don't know where she is. I couldn't find her in FB even. DUKA THAMA :-(

      Delete
  3. LassaNata liyala thiyeNawa Sotiyo ....digataMa liyannA...Gd lUck...

    ReplyDelete
  4. උඹ ඔයින් බේරුණා මදෑ රොටියෝ..නැත්නම් අම්මටයි තාත්තාටයි බබාටයි පවුල පිටින් ඉක්කෝලේ එන්නත් තිබ්බා..හී හී!! මම මේ කල්පනා කළේ ඔය දැනුම් දීම අම්මටයි තාත්තටයි කළ වෙලාවේ ප්‍රතිචාරේ කොහොම වෙන්න ඇතිද කියලා..

    ReplyDelete