Friday, February 21, 2014

රොටියා සහ ෆේස් බුක්

පසුගිය දිනකදී හදිස්සියේම ෆේස් බුක් හි ආදායම සීග්‍රයෙන් පහත වැටි තිබෙනු දුටු මාර්ක් සකර්බර්ග් ට යකා වැහුනාය. විකාරෙන් දඟලන මාර්ක් කොල්ලාව සැනසීම ඩස්ටින් ට පැවරුණු අතර කණ්ඩායමේ ඉතුරු තිදෙනා පිස්සු වැටුනා සේ ආදායම් අඩුවීමට හේතු හොයන්නට වූ කල ශ්‍රී ලංකාවේ ෆේස් බුක් තහනම් කර ඇති අයුරු දුටුවෝය. එකා පිට වැටි වැටි දිව ආ ඔවුන් විසින් මාර්ක් ට පෙර පුවත දන්වන ලද්දේය.
හෙණම ගහපං යයි සාප කල මාර්ක් එයින් නොනැවතී වෙව්ලමින් එවෙලේම ශ්‍රී ලංකාවට එන්නට ශ්‍රී ලංකන් එයාර් හි අසුනක් වෙන්කර ගැනීමට ඇසු කල, මාර්ක් ට ශ්‍රී ලංකාව තහනම් කර ඇති බැවින් ඔහුගේ වැඩක් බලාගෙන යන දිල්ලියක මකබෑවෙන ලෙස දන්වන ලද අතර, හෙතෙම පරල වී මුන්ව දිවියාම කාපිය යයි බෙරිහන් දුන්නාය
තත්වය අවදානම් බැවින් ඇමෙරිකාවේ ජනදිපතිට දන්වා විශේෂ ගුවන් යානයක්  මාර්ක් කොල්ලාට ලංකාවට එන්නට පිළියෙළ කර ගත් අතර ශ්‍රී ලංකාවේ රැඳිය හැකි වැඩිම කාලය ලෙස ඔහුට පැය දොළහක් ලබාදෙන ලද්දේය.ගුවන් යානයට නැගීමට පෙර අන්තිම මොහොතේ මාර්ක් ට ප්‍රිසිලා ව කල්පනාවට පැමිණි අතර නොදන්වා ගියොත් ආපහු ගෙදර ඒම් බොරු බැවින් කොල්ලා කෙල්ලට වහාම ඇමතුමක් ගත්තේය


මාර්ක්: සුදු හාමිනේ උක්කුන් ලංකාවට ගිහින් එන්නම් සත්තරන්..

ප්‍රිසිලා: ඇයි උක්කුන් හදිස්සියේම. පොඩ්ඩක් ඉන්න සුදුහාමිනෙත්  එනවා
මාර්ක්: බෑ බෑ ඉන්න බෑ. වැඩේ අලවෙන්න කලින් ගොඩින් බේරගන්න ඕනේ
ප්‍රිසිලා: මොන වැඩේද? ඔන්න හිටියේ නැත්තන් මං තරහයි හොඳේ
ඊට පිළිතුරු ලෙස මගුලක් කතා නොකරන ලෙස සැරවූ මාර්ක් කොල්ලා ඇමතුම විසන්දී කළාය. එයින් පසු ඔහු ගෑණු ගෑණු යයි මුමුනමින් ගුවන් යානයට නැග අසුනේ හිඳ ගත් අතර ඉක්බිතිව ලංකාවට බෝලේ බස්සන්නේ කෙසේදැයි තද කල්පනාවකට වැටුනාය.

මේ අතර ජාති ද්‍රෝහියෙකු වූ මාර්ක් ට ලංකාවට එන්න නොදෙන ලෙස ඉල්ලමින් සියලුම සරසවි සිසුන් ඔවුන්ගේ දෙමාපියන්ගේද ඉල්ලීම් නොතකා පාරට බැස තිබූ අතර වැඩිහිටි තලත්තානි උදවිය නම් මාර්ක් ලංකාවට පැමිණීමේ වැරද්දක් දුටුවේ නැත.
ඒ කොල්ලා ආපුවාම මක් වෙනවාදැයි ඇසු නිසා එක් පාසල් සිසුවෙක් මව සමග තරහ වී ළමාරක්ෂණ අධිකාරියට පැමිණ, ගෙදර යෑම ප්‍රතික්ෂේප කල නිසා ලමානිවාසයකට යොමු කරන ලද්දේය.

මාර්ක් සමග සංවාදය සිදු කිරීමට කෙනෙකු සොයා ගත නොහැකි වූ තැන තත්වය සමනය කිරීම සඳහා රොටියා අන්තරාය බාරගත් අතර පොලිස් බල ඇණි පහක්ද හමුදා බල ඇණි තුනක් ද රොටියා සහ පවුලේ උදවියගේ ආරක්ෂාවට යොදන ලදී. මාර්ක් සහ රොටියාගේ හමුවීම අතිශය රහසිගත තැනක සිදුකල අතර මාර්ක්ව අල්ලාගෙන හතරට කපන්න සොයන කුපිතවූ ශිෂ්‍ය ප්‍රජාව හේතුවෙන් නාවික හමුදාව වටකරගෙන සිටි මුහුද මැද තිබූ නැවකදී අදාළ හමුවීම සිද්ද උනාය

රොටියා: පේනවනේ වැඩේ. උඹ හින්ද මටත් ටිකට් එක ඇදෙන්න කලින් කියන දේ කෙටියෙන් කියපන්.
මාර්ක්: (හොටු හූරමින්)අලේ එහෙම කියන්න එපා අයියේ. දැන් මේකට මොකක් හරි කරන්න එපැයි. මාත් දරු පවුල් කාරයනේ
රොටියා: මේ උඹට මම කිව්වා එක සැරයක්. අදෝනාව නවත්තල කියන දේ කොටින් කියපන්
මාර්ක්: දැන් මොකෝ මේ අයියල ලංකාවේ ෆේස් බුක් තහනම් කළේ?
රොටියා: අපිට ෆේස් බුක් වැඩක් නෑනේ. ඒකයි
මාර්ක්: දැන් අයියල යාළුවොත් එක්ක කතා කරන්නේ කොහොමද?
රොටියා: බූරුවෝ මේ ඇමරිකාව නෙවෙයි. උඹලගේ වගේ අපේ රටේ ට්‍රැෆික් නෑ. අපි වැඩ ඇරුනා. සින් සින් ගාල ගෙදර ගියා. හවසට යාළුවොත් එක්ක සෙට් උනා. නැත්තන් නෑදෑ ගෙදරක ගියා. එහෙමයි අපේ වැඩ. නැතුව ඔය ෆේස් බුක් එකෙන් යාලුවන්ගෙයි නෑයන්ගෙයි හැම රෙද්දම දැන ගන්න බොලා වගේ නෙවෙයි
මාර්ක්: ඉතින් අයියේ අයියල කලින් ෆේස් බුක් හිටියනේ
රොටියා: හිටියා තමයි බොල. අපි ලජ්ජා වෙනවා එහෙම හරි හිටපු එක ගැන.
මාර්ක්: අයියේ තරහ ගන්නේ නැතුව කියන්ඩකෝ ඇයි මගේ රත්තරන් ෆේස් බුක් එක මෙහෙ තහනං කළේ කියල
රොටියා: අපේ ලංකාවේ මුත්තල කිරි කිත්තල කාලේවත් උනේ නැති දේවල් තොගේ මේ ෆේස් බුකිය හින්ද උනා බොල. ඔන්න අහගනින්. කොල්ලෝ කෙල්ලෝ යාලු උනා. උන් රණ්ඩු උනා. සමහරු මලා. මේක බලපු සමහර එවුන් ෆේස් බුකියෙන්ම ඉගෙන ගෙන හොරකන් කරන්න පුරුදු උනා. පෙළක් එව්වෝ සත්තු මැරුවා. අරක්කු කටේ නොතිබ්බ කැම්පස් කොල්ලෝ බොන්න පුරුදු උනා. කෙල්ලෝ කොල්ලන්ව දාල යන්න ගියා. බැඳපු එවුන් ඩිවෝස්..
මාර්ක්: (කෑ ගසා) ඇති අයියේ ඇති. මගේ රත්තන් අයියේ මට වාවන්නේ නෑ මම රටකට කරපු විනාසේ ගැන. මම හිතන් හිටියේ ලංකාවෙත් ඇමරිකාව වගේ ෆේස් බුකියෙන් මිනිස්සු වැඩිය හම්බවෙන්නේ නැති යාලුවන්ගේ විස්තර දැනගෙන, නෑයන්ගේ තොරතුරු අහගෙන, උදව් ඕනේ මිනිස්සු ගැන අනික් අයට කියලා, වැදගත් දේවල් මිනිස්සුන්ට දැනුම්දීල...

එතනින් එහාට රොටියාගේ පිස්සු හැදුනු බල්ලාගේ විලාපය නිසා රොටියා ඇහැරුණු අතර හීනය ඉවර උනාය..



12 comments:

  1. පට්ට කතාව බං... :D,
    ලංකාවේ මිනිස්සු වෙනස් අපි ඒ වෙනසට ගරු කරමු..හික්..හික්..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි චමියා. ඇත්තම කියනවා නම් පොස්ට් එක ලිව්වේ පට්ට නිදිමතේ නිසා පොඩ්ඩක් අවුල් වගේ. දෙවෙනි පාරට බලන්න අමතක වෙලා පොස්ට් කලානේ...:P

      Delete
  2. එළ බං එළ. කොමන්ට් නොකලත් කියවනවා බං.දැං ඉන්න මහප්‍රාණ ලියන බොලොග් කාරයොන්ගෙ පෝස්ට් වලට වඩා උඹේ පෝස්ට් මාර ගති. සරලයි. සැහැල්ලුයි.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි දර්ශන.. කමෙන්ටුව මට කියන්න බැරි තරම් වටිනවා

      Delete
  3. සරලයි.. නියමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි

      Delete
  4. හතර වෙනි පාරටද කොහෙද අදත් කියෙව්වා

    ReplyDelete
  5. Meke thiyena ewa hinda wadath padu wenawa. Meka kiyawana eka nawaththanna kramayak kiyannakooo niyamai meka nam

    ReplyDelete