කසාදයෙන් පසුව ගෙවීගිය කාලයටම රොටියාගේ ගැහැණු ළමයා ගැන ලියන්නට යෙදුනේ අල්ප වසයෙනි. ඒ රොටියාගේ ගැහැණු ළමයා කසාදයෙන් පස්සෙන් පසුව පරිනත වී වගකීමෙන් යුතුව ක්‍රියා කරන නිසා කියා හෙම හීනෙන් වත් හිතන්න එපාය. ඇත්තම කතාන්දරය නම් දිනකට මේ කියන ගෑණු ළමයා සිදුකරන්නට යෙදෙන නොගිනිය හැකි තරමක් වූ මඥන් වීර ක්‍රියා එකින් එක ලියන්නට තරම් රොටියාට කාල වෙලා නැති වීමයි. එසේම ඒවා දැන් කොපමණ සාමාන්‍යකරණය වී ඇත්දැයි කිවහොත් ඈ විසින් ඉඳ හිට සිදුකරන ලබන සිහිකල්පනා ඇති වැඩක් වුවත් දැන් දැන් රොටියාට පෙනෙනුයේ ඉතා අස්වාභාවික ලෙසින්ය
ගැහැණු ළමුන් විසින් සිද්ද කරන ඇතැම් ක්‍රියා නිසා පිරිමි අපේ රෙදි ගැලවී සරම් ඔලුවේ එතෙන අවස්ථා සුලබය. උදාහරණයක් ලෙස රොටියාගේ ගෑණු ළමයා ගැන කතා කලොත් හෙම ඇගේ ප්‍රියතම අංගයකි විහිලු කතා කීම!! හෙමිහිට හෙම නොවේ. ගමටම ඇසෙන තරම් වූ සද්දයකින්.....
ඔන්න රොටියා හා ගෑණු ළමයා කසාදයට පෙර පොදු ප්‍රවාහන සේවා භාවිතා කරද්දී ඈ මෙසේ කියයි
“රොටියා ඔන්න මං ඇම්ඩ ගේ කතාවක් කියන්නම් හරිද..”
එසැනින්, අහල පහල එව්වන් බෙලි උලුක් කර ඇස් ඩොගිත්තා ගන්නේ ඇම්ඩන්ගේ විහිලු කතා කියන්නට සැරසෙන මේ ස්ත්‍රී රත්නය කව්දැයි දැක බලා ගන්නටය . රොටියාට වහ ටිකක් කා, ජනේලයෙන් පනින්නට හිතෙන්නේ අන්න එහෙම වෙලාවලදීය
ඇම්ඩන් ගැන ගෑණු ළමයාගේ ආකල්පය (අන්දරේ වගේ) හා පොදු ජන මතය සහමුලින්ම වෙනස් බව අවුරුදු දෙකක් තිස්සේ ඈට ඒත්තු ගන්නන්නට වලි කෑ රොටියා අවසානයේ සිය ව්‍යායාමයෙන් හෙම්බත්ව කෙසේ හෝ තමුන්ටම කියා වාහනයක් ගැනීමට හිත හදා ගත්තාය. දැන් දැන් නම් ඈ ඇම්ඩ තියා උගේ පුතා සිරිපාල ගැන කතා කියෙව්වත් සැලෙන්නේ රොටියා හෙම නෙමේය.
සම්බන්දය පටන් ගෙන් මුල්ම කාලයේ ගැහැණු ළමයා හා තනිවන්නට පොටක් පාදාගන්නට මග බලමින් සිටි රොටියාට බොහෝ ඇසු පිරූ තැන් ඇති මිතුරෙකු විසින් දෙන ලද උපදේශය පිලි ගනිමින් ,හා හා පුරා කියා ගැහැණු ළමයා සමග සත්තු වත්තට ගිය ගමනද ඈ විසින් රොටියාගේ ජිවිතයේ අමරණිය අවස්තාවක් බවට පත් කරන්නට යෙදුනේද මිට සමාන ආකාරයකය. සත්තු වත්තේ සත්තු නැති අහුමුලු අස්සේ පෙම්බස් දොඩමින් උන් ජෝඩු දෙස ඉරිසියාවෙන් බලමින් සිටි රොටියාව ඈ විසින් මුළු සත්තු වත්ත පුරාම දක්කාගෙන ගියේ එතෙක් රොටියා විසින් දැන නොසිටි ඇගේ අසීමිත සත්ව ආසාවත්, තමාව මෙතනට කැඳවාගෙන ආවේ ඇත්තටම සත්තු වත්ත පෙන්වීමට යයි ඈ විසින් දරන්නට යෙදුනු ලද බොළඳ අහිංසක විස්වාසයත් නිසාය.
උපදෙස් දුන් මිතුරාගේ සකල වර්ගයා සිහිකරමින් ඌට මයිත්‍රී කරමින් උන් රොටියාට බිංකුන්ඩෙක් වන්නට කරුණු සිද්ද වුනේ කළු වලසාගේ කුඩුව ලඟදිය. රොටියා විසින් පෙර කර තිබූ කරුමයක් පටිසන් දීම නිසා අපේ මාස්ටර් සෑර් හිරු එලිය තැපීම ඉවර කර සිය ලගිනස්තානය කරා යාමට තීරණය කර තිබුනේ එම වෙලාවෙදිමය.
ගෑණු ළමයා: (උච්ච ස්වරයෙන්) අනේ පව්.. ඒ වලහට ලෙඩක් අනේ....
රොටියා: “ඔයා කොහොමද දන්නේ”
ගෑණු ළමයා : (උච්ච ස්වරයෙන්ම ) “ඇයි අර අර.. ඔයාට පේන්නෙ නැද්ද ? උගේ පිටිපස්සෙන් බටයක් වගේ එකක් තියෙන්නේ. ”
එතනින් එහාට මාස්ටර් සෑර්ගේ “සෑර්” රොටියා දෙස බලාන ඔලොක්කුවට වගේ පැද්දෙමින් උන්නා රොටියාට හීනෙන් වගේ මතකය. වටාපිටාවේ උන් ප්‍රේක්ෂක ජනයාගේ ප්‍රතිචාරය බැලීමට සුනංගු නොවූ රොටියා ගෑණු ළමයාවත් ඇදගෙන සත්තු වත්තෙන් චුත උනේ චිටාවෙකුගේ වේගයෙනි . එයින් පසුව නම් කසාදය තෙක් ගැහැණු ළමයා හා තනිවන්නට නම් රොටියා හීනෙන්වත් හිතුවේ නැත්තේය
කසාදයෙන් පසුව තත්වය තරමක් සමනය වී යයි සතුටු සිතින් උන් රොටියාගේ රෙදි පසුගිය දිනෙක යලිත් වතාවක් නැති බංගස්තාන වීමට කරුණු යෙදුනාය . ඒ කෙසේද යත් ගෑණු ළමයා හා යන්නට යෙදුනු චාරිකාවකදීය.
ඉතිහාසයට රොටියා සේම කැමති ගැහැණු ළමයාත් එක්කාසු කරගෙන නිවාඩුවක් ලද විගස කොහේ හෝ රජෙක් විසින් තනා ඇති මොකක් හෝ අටමගලයක් කරා ගොස් එහි අහු මුළු සොයා බැලීම රොටියාගේ සිරිතය. මේ ගමන්වලදී ගල් කණු , සෙල් ලිපි ආදියේ කිමිදෙමින් ඒ සම්බන්දයෙන් ,මොනවා හෝ දෙඩවීම රොටියා මෙන්ම ගෑණු ළමයා අතින් නොවරදවාම සිද්ද වෙනවාය (අනෙකා අසා සිටිනවාද නැද්ද යන්න මිට කොහෙත්ම අදාළ නොවන්නේය). උක්ත සිද්දිය පුජා බුමියක වූ නිසා එහි නම නොකියමි. එය විස්මිත ලෙස ඔප මට්ටම් කල ගලින් සැදී පඩි පෙළක් සහිත ගල් තුරු අතර වූ මගක් බව පමණක් කියමි
ගෑණු ළමයා “රොටියා ඔයා දැක්කද මේ ගල කපලා තියෙන විදිය”
රොටියා: “..”
ගෑණු ළමයා : “හැබෑට මෙච්චර ලොකු ගලක් මෙහෙම කපන්න කොහොම ටෙක්නොලොජි එකක් තියෙන්න ඇතිද?”
රොටියා: “..”
අවට කොල්ලන් : “..................”

හුහ් හුහ් හුහ් හූව්
ReplyDeleteරොටියා ගල් කපනා ටෙක්නොලොජිය පෙන්වා නැත.
යකෝ. කවුද ඔය ලමිස්සිට ඇම්ඩගෙ කතා කියා දෙන්නේ ?
එයාම හොයාගන්නවනේ බන් මොන ලෝකෙන් හරි...
Deleteකාර් වලට නම් සයිලන්සර් තියෙනවා.
ReplyDeleteඅන්න ටිකට් එක
Deleteමරු බන්. ලියල තියන විදියත් අගෙයි.
ReplyDeleteමට ආස අවට උන්ගෙ රෙස්පොංස් එක මොකක්ද කියල බලන්න.
හෙහ් හෙහ්
අවට එවුන්ගේ රෙස්පොන්ස් ගැන නම් කතා කරන්න එපා බන්. වැලලෙන්න හිතෙනවා
Deleteසද්දෙට කථාකරන්නේ හිත හොඳ අය කියලත් අහල තියෙනවා.
ReplyDeleteආයෙත් අහල. ඒකනේ මං බැන්දේ
Deleteඋඔගේ වැරැද්ද තනිකරකම උඔගේ වැරැද්ද ඒ ළමයාට හරියට කියලා දිලා නෑ ගල් කපන ටෙක්නොලෝඡි එක
ReplyDeleteඋඹට මං කිව්වයි කියල හිතා ගනින්
Deleteරොටිය ගෙ ගෑල්ලමය නං මල් හතයි
ReplyDeleteරොටියට සරම නැතිව දුවන්න වැඩ ඉට්ට සිද්ද කොරලම ත්යෙන්නෙ හැක්..
ඒක නෙවී...
පුජා බුමිය කියන්නෙ මකද බං...
හැක්
ඒක ටයිපෝ බං. පුජා භූමිය වෙන්න ඕනේ. ගෑණු ළමයා මල් දාහතරයි
Deleteපට්ට බන් පට්ටෙටම ලියලා තියෙනවා.......... ඒ වගේම අනාගතේ ගැන බයත් හිතෙනවා. ඕ...........
ReplyDeleteබය වෙන්න එපා. ගෑණු ළමයෙක් වටේ කැරකෙද්දී මාර මෙව්වා එකක් තියෙනවා බං
Deleteඋඹ නාඩන් උඹ නාඩන් උඹට ඔව්ව හොඳ පාඩම්......
ReplyDeleteබලමුකෝ කියන කෙනත් පාඩම් ඉගෙන ගත්තු දවසක
Deleteඅපි අහුවෙයි ඔව්වට.
Deleteබලමුකෝ අපිත් බුකිය දාල යන්නේ නෑනේ
Deleteමෙව්වා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ....
Deleteමදෑ ඔයින් ගියා.
ReplyDeleteකතා බර ගානක් තියනව කියවන්න.
හප්පේ කවුද කිව්වේ ඔයින් ගිහින් ඉවරයි කියල. මේ බොහොම ලයිට් වර්ෂන් එකක් එකක් මචං
Deleteතාම කියවමින්.
ReplyDeleteඅර වළහගෙ කතාව කියෝල ඔපිස් එකේ හිනාව ගිලගෙන ඉඳල මගෙ පපුව රිදෙන්ඩ එනව! මැරෙන්න කලින් කමෙන්ට් එක කෙටුව. දැන් ඉතුරු ටික කියවන්න යනව
අම්මෝ රොටියෝ!
Deleteමමත් ක්‍රවුඩ් එකක් මැද්දෙ ඉඳන් කතා කරද්දි ඉබේම වොලියුම් ටික ටික වැඩි වෙනවා. බස්සා අභිනයෙන් වොලියුම් කන්ට්‍රෝල් බට්න් එක කරකවනවා වගේ රඟපාල පෙන්නනව එතකොට.
ඒක මං හිතන්නේ ගෑණු ළමයින්ගේ ජාන වලින් එන්නේ. ඒකට සමහර ගෑණු ළමයි ඉන්නවා කනට ඇහෙන්නේ නැති වෙන්න කතා කරන
Deleteඕක අඩුවැඩි වසයෙන් හුඟක් පිරිමින්ට තියෙන ගැටලුවක්. එක්කෝ සහෝදරීගෙන්. නැතිනම් පෙංවතීගෙන්. නැතිනම් බිරින්දැගෙන්.
ReplyDeleteඉතිං මොනවා කියලා කරන්නද ඕකට!
ඒකනේ. පෙන්වති කාලේ සහ බිරිඳ කාලේ අත්දැකීම් වලින් දැන් නම් නට්ටන් වෙලා ඉන්නේ
Deleteරොටී බබීගේ විහිළුවලදි වගේ මගේ හිනාවේ වොලිම් එක වැඩිවෙච්ච පාර තරු හබී උඩ ගොහින් බිම නොවැටුණා විතරයි මං හිතන්නේ..පට්ටයි..මගේ අම්මෝ කොහොමෙයි බං ඔහොම විනෝද සමයක ජීවත් වෙන්නෙ? හැක් හැක් හැක්!!
ReplyDeleteඋඹත් එක්ක උඹේ හබිය ඉන්නවා වගේම තමා බං
Deleteමාගේ ස්ත්‍රී රත්නයද මා හා සුසුකි වැගනාරථයකින් ගමන් යන්නේ මහා මාර්ගය මැදින් ඉදිරියේ ඈතින් පෙනෙන ධූම වළාවක් දැක `තෙල මහා මාර්ගය මැදින් නගිනා ලෙස පෙනෙන ධූමය කවරෙක් වේද ස්වාමිනී` යි විමසුවාය. "ඒ වනාහි මහ මග මධ්‍යයේ දිවයිනේ වන්නා වූ කුලීකාර දනන් විසින් යන්ත්‍රානුසාරයෙන් පාෂාණ කපන්නා වූ කල්හි නගිනා ධූලි" යැයි මා පිළිවදන් දුන්නේ මේ පසුගිය සතියේ යැ.
ReplyDeleteනිගමනය: තොපගේ 'ගෑණු ළමයා' වනාහී සුදුසු වන්නේ මාගේ කරේ එල්ලීම පිණිසමයැ.
තොපේ කතාවට මට නැගුනු සිනාවට මගේ ආශ්වාස ප්රාශ්වාසයද මදක් ඇනහිටියේය
Delete(සිනාව වාවා ගෙන ) තමන්ගේ ඇඹෙනිය පිළිබඳව කියා මෙසේ අන් අය සමග සිනා වීම රොටියාගේ නොහොබිනා කමකි. ගෙදර ගිනි පිටත නොදෙනු.
ReplyDeleteහැක හැක. මට කලින් ගින්න ප්‍රසිද්දියේම ගින්න පත්තු කරන්නේ ගෑණු ළමයා තමයි ඕන්....
Deleteහෙක් හෙක්
ReplyDeleteඅනේ ගැටවුනේ
නිකන් ඉඳපල්ලා
ලිඳේ පනිට්ටුව
වගේ මගේ හිත
මගේම බාරි
සමග සවාරි
මට ඔය සින්දුව මතක් උනා බන්. ජය.
ඔහේගේ ගෑනු ළමයා අලියා ගේ පස් වෙනි කකුල තාම දැකලා නැතෙයි?
ReplyDelete