Thursday, October 1, 2015

හරි පුදුම ළමා දිනය

සකල සිරින් පිරි මේ සිරි ලංකාව අර ටෙට්සුකෝ කියා තිබෙනවා වගේ හරි පුදුම රටකි. මේ රටේ පොඩි එවුන්ට ලබා දී තියෙන තැන මරේ මරුය

යන්තම් බහ තෝරාගෙන එන පොඩි එව්වන්ව බහුරූ කෝලම් වලට අන්දාන රියලිටි ෂෝ කියා ජාතියක උන් ටික නටවති
ඉස්කෝලේ යන වයසට ආපු එකාට පාසලක් සොයන්නට ගොස් උගේ දෙමාපියන්ව පිස්සු වට්ටා ඊළඟට පොඩි එව්වන් ටික මඩවති
මඩ අනා සෙල්ලන් කරන්න ඕනේ වයසේදී ඒකාට පොතක් පටවා ඌව මරවති
උගේ ඔලුවේ තියෙනා නිර්මාණශිලිත්වය, තනියම තීරණ ගැනීම , ආත්ම විශ්වාසය වැනි දේ බින්දුවටම බස්සා යාන්ත්‍රික රොබෝවරු තනති
ඌ සිය ළමා කාලයම උගස් කර මුහුණ දෙන විබාග වලදී පිස්සු නටති.
අවුරුදු දහතුනක් පාසලේ රඳවාන ඉහ නිකට පැසිගෙන එන විටදී කැම්පස් යවති
පොඩි එව්වන්ට වෙන කෘරකම් වලදී ගොළු බිහිරන් සේ සිටිති
පොඩි එව්වන්ව කපා කොටා ගිනිතියා යන පරිසර තනති

ඒ ඔක්කොමත් කර,
වැල වරකා කොස් දෙල් අල බතල තලුගසන මහා එවුන් පසෙක ඉද්දි, වැරදිකරුවා යයි අඬබෙර ගසා
වැලක නැට්ටේ උන් පොඩි එකෙක්වම ඇදගෙන යති...

ඒ ඔක්කොම එව්වන් ටික එකතු කොට අද වගේ දවසක
ළමා දිනයක්ද සමරති!!!!!



19 comments:

  1. ලෝකෙන් මොංගල් රට ලංකාවයි අපෙ ලංකාවයි

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ ඔලුවලයි අවුල තියෙන්නේ

      Delete
  2. පහේ ශිෂ්‍යත්ව වැඩෙන පටන් ගන්නේ

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යත්ව පිස්සුව ඉස්සරවෙලාම හැදෙන්නේ අම්මලට. අම්මට හැදුනේ නැත්තන් ඉස්කෝලෙන් කොහොම හරි හදෝනවා.

      Delete
  3. මේ වගේ කතාවකුත් බලලම වරෙන්කො රොටී
    http://vibheeshana2.blogspot.com/2015/10/blog-post.html

    ReplyDelete
  4. හැම දවසක්ම ළමා දිනයක්, හැම දවසක්ම වැඩිහිටි දිනයක්. එහෙමයි වෙන්න ඕනෑ.....

    ReplyDelete
    Replies
    1. දින ඕනෙත් නෑ බන් මේ ඔලු ටික හදල යන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් උනොත් ඇති

      Delete
  5. කියන්න තියෙන ටික එලටම කියලා

    ReplyDelete
  6. මැක් ඩොනල්ඩ්ස් හැපී මීල් එක ඊයේ රුපියල් 200යි

    ReplyDelete
    Replies
    1. පාරේ ඉන්න විදි දරුවෙකුට 2000 ත් එකයි, 200 ත් එකයි.

      Delete
  7. අම්මපා මෙහෙවු රටක කොහොමද බං ලැජ්ජා නැතුව ලෝක ළමා දිනය සමරන්නේ....

    ReplyDelete
    Replies
    1. එකනේ බන් මටත් පුදුමේ

      Delete
  8. පැයට කිලෝ මීටර් බිලියනයක වේගෙන් ගහපු කණේ පාරක්.

    ReplyDelete
    Replies
    1. වැදීය යුතු තැනට වදීවිද?

      Delete
  9. ළමයාට ළමයෙකු ලෙස ළමාකාලයේ ලැබෙන්න ඕන ජීවිත අත්දැකීම් පවා නැති කරමින් මහා ළමයා කුඩා කළ මානසික අසහනයකට පත්කරන අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගනිමින් ළමා දින සැමරීම සේරටම වඩා විහිළුවක්. ඔබ ලිපියේ ඉතා කෙටියෙන් ඒක ක්යල තියෙනව මම දැක්කා. අර කොටදෙනියාවේ සිද්ධියට බොරුවට සැකකරමින් අල්ලගත්තු 17 හැවිරිදි සිසුවාද ළමයෙකු මිස වැඩිහිටියෙක් නෙවෙයි. ඔහුට පොලීසිය කෲර ලෙස වද දී තිබෙන බව ආරංචියි. මෙහෙම දේවලුත් වෙද්දි තමයි ළමා දිනයක් සැමරුවේ. මේ අද දවසේ අපේ රට පත්ව තිබෙන විකාර තත්වයයි.

    ReplyDelete
    Replies
    1. අදහස් එකතු කලාට ඉස්තුතියි. ඇත්තටම එය විකාරයි

      Delete