පහුගිය දිනෙක ඇස ගැටුණු පුවතක දැක්වූයේ හැටන් - මහනුවර බසයක දොර අසල සිටගෙන ගමන් කල ගැබිණි කාන්තාවක්, රථය වංගුවක් ගන්නවාත් සමගම බසයෙන් එලියට විසිවී ගොස් ඇති බවයි. ඇය තවම දැඩි සත්කාර ඒකකයේය. ඇයට ඉක්මන් සුවත් සිගිත්තාට නිරෝගී සුවත් මුලින්ම පතන්නෙමි
බොරැල්ලේ පිහිටි ආයතනයක සේවය කරන, හලාවත පදිංචිව සිටින, දිනපතා නිවසේ සිට පැමිණෙන , ගමනා ගමනය සඳහා පොදු ප්‍රවාහන සේවය යොදා ගන්නා අයෙකුට, නිවසට යාමේදී ගමන් කල හැකි ආකාරයන් කිහිපයක් ඇත
1. මරදානට ගොස් දුම්රියෙන් - අසුනක් නැත
2. කොටුවට ගොස් දුම්රියෙන් - සමහර විට අසුනක් ඇත
3. පෑලියගොඩට ගොස් බසයෙන් - අසුනක් නැත
4. කොටුවට ගොස් සුපෝඛබෝගී බසයේ - අසුනක් ඇත
5. කොටුවට ගොස් සාමන්‍ය සේවා බසයෙන් - අසුනක් ඇත
ඔක්කොම පැත්තකින් තබා මින් 5 වැනි විදිය තෝරා ගන්නේ ආතල් එකට නොවේ. කොටුවට ගොස් සාමාන්‍ය ගමන් සේවා බසයකට නගින මගියෙකු බොහෝ විට අරමුණු කරන්නේ මුදල් අඩුවෙන් ගෙවා , ගමනාන්තය කෙසේ වෙතත් ගමනෙන් හතරෙන් තුනක් වත් ඉඳගෙන යාමයි. අසුන් සියල්ලම පිරි ඇති දුර ගමන් බසයකට , පංචිකාවත්ත හරියෙන් ගැබිණි මාතාවක් හෙම නැග්ගොත් අර අසුනේ ඉන්නා එකාට දෙයියන්ගේම පිහිටය. හාමුදුරු නමක් නැග්ගත් ඒ සන්තෑසියමය
දුර ගමනක් යන විශේෂ අවශ්‍යතා ඇත්තෝ - ඒ කියන්නේ ගැබිණි මව්වරු , පුජක තුමන්ලා පොඩ්ඩක් කල්පනා කොට , අදාළ බසය ගමන ආරම්බ කරන තැනටම ගොස් නැග්ගොත් කවුරුවත් අපහසුතාවයට පත්වෙන්නේ නැත්තේය. හැම අවස්ථාවකම මෙය ප්‍රායෝගික නැත. නමුත් හැකි සෑම විටකදීම වත්...
ගැබිණි මව්වරු හෝ කුඩා ළමුන් වඩාගෙන ඉන්නා මව්වරුන් නම් බොහෝමයක් හිතාගෙන ඉන්නේ තමුන්ට අසුනක් ලබා දීම විය යුත්තක්ම ලෙසටය. සැබෑවකි. එය විය යුත්තක්මය. නමුත් අසුන් දුන් එකාට පොඩි හෝ ඉස්තුතියක් ඇත්නම් , බසින විට නැවත දුන් තැනැත්තාටම අසුන ලබා දී යනවා නම් කොච්චර සුන්දරද..
මුල් පුවත ගැන සැලකුවොත් අදාළ මව සිට ඇත්තේ පාපුවරුවේය. පාපුවරුවේ ඉන්නා කාන්තාවක් ගැබිනියක්ද නැත්දැයි වාඩි වී සිටිනා මගීන්ට පෙනෙන්නේ නැත. වරද ඇත්තේ කොන්දොස්තර අතය.
ඒත් කොන්දොස්තරද බලෙන් මගින් නංවා ගන්නේ නැත. තමාගේ තත්වය දන්නේ තමන්මය. සුදුසුම දෙය නම් කෙටි ගමන් බසයකින් අදාළ තැනටම යෑම හෝ කෙටි ගමන් බසයන් කිහිපයක් මගින් අදාළ තැනට යාමයි. ගතවෙන කාලය වැඩිය. ඒත් කරන්නට දෙයක් නැත.
කිටිටියේ තෙරපෙන බසයක සෙනග නුදුටුවා සේ නගින්නේ නැතිව, ඒ මවට තව ටිකක් කල්පනා කරන්නට තිබිණි
කිසිසේත්ම මෙතනට අදාළ නැත. නොකිව්වොත් කට කහන නිසා මෙසේද ලියමි
*ජිවිත කාලය පුරාම අරක්කු වලින් යැපුණු බේබද්දෙකු අසනීප වූ විට වෙනකෙකුද අගතියට දැමීමට සුදානම් වෙමින් පරිත්යාගියෙකුගේ ශරීරාංග යදින විට, එය නො දුන්නේයැයි යයි කියමින් කාටවත් දොස් නැගීම සාදාරන නැත. පින්වත් අයෙකු එය ලබා දුන්නොත් ඔහුව අගය කල යුත්තේය.
**බැරි වන විට, "අපි පුළුවන් කාලේ සල්ලි ගොඩ ගහගත්තේ නෑ. හම්බ කළේ මිනිස්සු.. ඒකයි අපට තාම ගෙයක්වත් නැත්තේ.." යයි පැවසීම උදම් ඇනීමක් හෙම නොවේ. එවැනි අයට උදව් කිරීමට අනෙක් මිනිස්සු බැඳී නැත්තේය. "ඉස්සර මං උදව් කරපු අය දැන් මං දිහා බලන්නේවත් නෑ.." කීමෙන් පෙනෙන්නේ කියන තැනැත්තා අමු මෝඩයෙක් බවයි
රොටියාට හිතෙන්නේ නම් ඔහොමය. උදව් කිරීමට කැමැත්තෝ අනෙක් අයට උදව් කරති. එසේ නොවුනේයැයි කියා කාටවත් නගන්නට බැරිය. අප ගැන අප විසින්ම බලා ගත යුත්තෝය

No comments:
Post a Comment