Sunday, March 1, 2015

ලඟදි බඳින ඔබට රොටියාගෙන් උපදෙස්

පහුගිය දිනවල රොටියාගේ ගෑණු ළමයා කරලියට නොපැමිණියේ මන්දැයි බොහෝ දෙනෙකුට ගැටළුවක් වූ බව රොටියාට පැහැදිලි වූයේ ප්‍රතිචාර වලිනි. හේතුව මේ දිනවල ගෑණු ළමයාට කුස්සියෙන් එලියට ඒමට කාලවේලාවක් නැතිවීමය. කසාදයට පෙර විවිදාකාර අරුමෝසම් කෑම බිම මිසෙක හරි හමන් විදියකට බතක් පරිප්පුවක් උයා නැති ඈට, බොහෝ විටක පලවෙනි බත් මුට්ටිය ඉවත දමා දෙවැන්න ඉවිමටද , රෝස් වී කරකුට්ටන් වූ මාළුපිණි ප්‍රතිසංස්කරණය කිරීමටද ගිය කල්හි , දවසින් වැඩි කොටස කුස්සියේ රැඳී ඉන්නට සිදුවීම ස්වාබවිකය

ඈ කුස්සියේ ඉන්නේ යකා වගේය. කෑම පදම වැරදී ගොස් ඩෙඟා නටන ස්ත්‍රී රත්නයකට උදව් කිරීමේ ආදීනව රොටියාට වැටහෙන්නේ දැන් දැන්ය. ඒ නිසා හොඳම දේ , කන් දෙකහි දමා ගත් ඉයර් ෆෝනයෙන් යුතුව පැත්තකට වී සිටීමයි. එවිටද ඔබ අන්තරායෙන් සම්පුර්ණයෙන්ම මිදී ඇතැයි රොටියා කියන්නේ නැත. බොහෝ විට ඔබව සොයා පැමිණ කොක්කට සෙට් වීමට ඉඩ ඇත. ආරක්ෂක විදි අනුගමනය කරොත් ඔබට මදක් ආවරණය විය හැක්කේය

කසාදයක් පටලවා ගත් ඔබට බොහෝ විට පළමුවෙන්ම අසන්න ලැබෙන ලතෝනිය නම් ඔබ ළඟින් මහා හඩු ගඳක් හමන බවයි.කසාදයෙන් සිව්වැනි දවසේ මියෙකු මෙන් නිවාස පුරා ඉව කරගෙන ගිය රොටියාගේ ගෑණු ළමයා, කුණු ගඳක් හමන්නේ රොටියාගේ ඩෙනිමෙන් බව සොයා ගැනීමට යෙදුනු අතර, එයින් පසු ඩෙනිමට හා රොටියාට ටිකට් එක ඇදුණාය

වෙනදා දෙතුන් වරක් අව්වේ වේලෙමින් නොසෝදා අඳින පළදින ඇඳුම් කැඩුම් , දැන් වරක් හැඳ හමාර කල විගස රෙදි කුඩයටද, එතනින් රෙදි වැලටද යන්නේ රොටියාගේ විරෝදය තුට්ටුවකට මායිම් නොකරය.අල්මාරියකුත් තව බාගයක් රෙදි පුරවාගෙන ඉන්නා ගෑණු ළමයාට නම් මේ ක්‍රමය ගැලපෙන නමුත් මේ නිසා අසරණ රොටියාට එහෙමපිටින්ම අලුතෙන්ම කමිස තුනක් සහ කලිසමක් මිලදී ගැනීමට හේතු උනාය. බයානකම දේ යට කලිසම්ය...

ලඟදි බැන්ද රොටියාගේ මිතුරෙක් දිනක් සිය ප්‍රිය බිරින්දෑගේ යට ඇඳුමක් ඇඳ වැඩට යන්නට යෙදුනු බව කිවේ ඌමය.රොටියාගෙන් හතරෙන් එකක් පමණ වන ගෑණු ළමයාගෙන් ගොඩ යාම රොටියාට සිහිනයක්ම වන නිසා කසාදයට පෙර හතරක්ව තිබූ රොටියාගේ යට ඇඳුම් ගණන මේ වන විට පහලවක් බවට වැඩිවී ඇත

ගෑණු ළමුන් බොහෝ විට පිරිමින් වූ අප ඌරන් මෙන් අපිරිසිදු යයි බිතිකාවකින් පෙලේ. ඒ නිසා ඔබේ ගෑණු ළමයා ඔබව ජීවානුහරණය කිරිමට අවැසි ලට්ට ලොට්ට පොදි බැඳගෙන නාන කාමරයේ ගොඩ ගසනවා ඇත. රොටියාගේ ගෑණු ළමයා නම් මින්ද නොනැවතී රොටියා ඇඟ සේදීමට ගතවන කාලය සහ සේදීමේදී ඇතිවන ශබ්දයන්ද ගණන් තබාගෙන සිටිනවාය

ගෑණු ළමයා: රොටියා. ඔයා ඔය නියපොතු මදින්නේ පෆ් එකෙන් නේද.. බ්‍රෂ් එකෙන් මදින්න . බ්‍රෂ් එකෙන් මදින්න

ගෑණු ළමයා : රොටියා ඔයා රෑට තේ බිල කට හේදුවේ නෑ නේද..

ගෑණු ළමයා: ඊයායා.. ඔයා ඊයේ ඇන්ඳ කොට කලිසම අදත් ඇඳලා.

ගෑණු ළමයා: ඔයා ගාව තාම ගඳයි. ආපහු සැරයක් ඇඟ සෝදන්න..

ඕවා ඔහොමය. ඕවාට පිළිතුරු දෙන්නවත්, අනෙක් අතට ගෑණු ළමුන් කරන මෝල් වැඩ ගැන ප්‍රශ්න කරන්නවත් ගියහොත් නම් බඩු හම්බවෙනු ඇත. හොඳම දේ කට වහගෙන පැත්තකට වී සිටීමයි..

-මතු සම්බන්දයි-


20 comments:

  1. ඔයින් ගියා මදැයි යකූ..එහෙම තමයි ස්වාමි පුරුෂයන්ව සිවිලයිස් කොරන එක භාර්යාවන්ගේ වගකීමක්! :P

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනේත් හැමවෙලේම කියන්නේ රොටියාගේ මුල් ළමාවිය සංවර්දනය වෙලා නෑ කියල තමයි

      Delete
  2. මේක නියමයි නෙව? ලියල තියන රටාව පට්ට. ඔන්න බුක් මාරක් එකක් දාගත්තා, පරණ එව්වා හිමීට කියවන්න. ආයෙ එඤ්ඤං

    ReplyDelete
  3. ඔය උඩ ඉන්න එකී තමයි පාර කිවුවේ.උඹේ ඉට්ටැයිල් එක එල.සිරාවටම සිරා.ඕකට ෆලොවින් ගැජට්ටුවත් ඔබා ගනින්.එතකොට ආපහු මේවගේ එල පෝස්ට් මග ඇරෙන එකක් නෑ
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ගැජට් එක දැම්මෙමි. ඉස්තුතියි ඈ

      Delete
  4. තනි තරුව කියපු පාරෙ ආවෙ ඔන්න.පට්ට..
    ජයවෙවා..!
    ගූ ගල් ෆලෝ විතරයි නෙ??

    ReplyDelete
    Replies
    1. ගැජට්ටුව එබුවා. එල මචං

      Delete
  5. බලාගෙන උඹව කර කරයි ගෙදර උන්දා පොඩ්ඩක් වැඩිපුර පිකප් වෙච්චි දවසක..
    උඹ ලස්සනට ලියනවා.. බ්ලොග් රෝලට දා ගත්තා ආයේ මිස් වෙන්නේ නැති වෙන්න.

    ReplyDelete
    Replies
    1. දැනටමත් බාගෙට කර කරලා තියෙන්නේ බන්.

      Delete
  6. ඇත්තටම එහෙමද?

    ReplyDelete
  7. මං හිතුවෙ කෙල්ලො අපිට වඩා ගදයි කියල බැලින්නං මේකෙ විදියට අපි නෙව ගද
    පොහ්....
    තනියට ස්තූති වෙන්ට මාත් මෙහ ආව....
    ආයෙත් එන්නංකො ගොඩ වැදිල යන්ට...

    ReplyDelete
    Replies
    1. තෝ පරණ බොග් ලියන යකෙක් වෙලත් ෆලෝවර් ගැජට් එක දාං නැති හැටි විතරක්
      මාන්දමිකයි

      Delete
    2. නෑ යකෝ. කෙල්ලෝ ළඟ පට්ට සුවඳයි.

      මං ලියාගෙන මන්ම කියෝගෙන හිටිය බං. රොටියා ඉතින් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එකානේ

      Delete
  8. තනි තරුවෙන් පාර අසාගෙන ආවේ. හරිම රසවත්. දවල් කාලෙ ඉඩ නැති නිසා රෑ දෙකක් නිදි මරලා ඔක්කොම කියෙව්වා.
    පුදුම වෙච්ච පාර කොටි කුමාරි ගෙ මුලම කතා ආපහු ගිහින් කියවලා ආවා.පුදුමයි,සතුටුයි.

    හරිම රසවත් මේ ලියන විදිය.බුක් මාක් කරගත්තා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි

      Delete
  9. හරි ලස්සන ලිවීම් රටාවක් .. එක හුස්මට කියවන්න පුළුවන්... ජයවේවා !!!

    ReplyDelete
  10. රොටියෝ මේක නම් උපරිමයි. හලේ උඹටත් ගිය කල!

    ReplyDelete
  11. HUTA THAMAYI.... UMBATA WENA EKAK HOYA GANAN WEWI WAGE

    ReplyDelete