Monday, March 7, 2016

සෙක්ස්පෝ හා පෙන්ෂන්

රොටියා විසින් තමාව රොටියා ලෙස බෞතිස්ම කරගනු ලැබුවේ බ්ලොග් ලිවිම පිණිසමය. රොටියාව තමාට මෙතරම් හිසරදයක් වනු ඇතැයි එකල මට කිසිවිටෙක නොසිතුනේය. සැබෑව හා රොටියා අතර සිට බ්ලොග්කරණය අතිශය වෙහෙසකරය. නමුත් එයින් රොටියා ලබන තෘප්තිය අසීමිතය..

ලිපියට පාදක වන සමයේ රොටියා සිටියේ අප්‍රිකානු රටකය. සැලකිය යුතු පිරිසක් ඒඩ්ස් වලින් මියයන, ඒඩ්ස් වැළදීම "සාමාන්‍ය උණක් ලෙස " හදුන්වන ඒ රටෙහි වගතුග පොස්ටු බර ගණනකින් ලිවිය හැක. මෙහි ලියවෙන්නේ ඒ කිසිවක් නොව ඒ රටේදී රොටියා සහබාගි වන්නට යෙදුනු ප්‍රදර්ශනයක් ගැන විස්තරයකි

"සෙක්ස්පෝ"
ලංකාවේ සුචරිතවාදින්ව බියෙන් ත්‍රස්ත කල හැකි මාතෘකාවක් රැගත් එම ප්‍රදර්ශනය ගැන ඇසු රොටියාට එය නැරබීමට යෑමට උණක් වැලඳුනේ තදබල ලෙසය. නමුත් කාලය සොයා ගැනීම උගහට විය

ප්‍රදර්ශනය ගැන ගැහැණු ළමයාව දැනුවත් කල විට හිකි හිකියක් සමග තමන්ටත් මොනවා හරි රැගෙන එන ලෙසට ලබා ගත් පොරොන්දුවත් අතැතිව කල් යල් බලමින් සිටි රොටියාට , එකෝමත් එක දවසක හදිසියේම පොටක් පෑදුණේය.

ප්‍රදර්ශනය අතුරු සිදුරු නැතිව පිරි තිබුනේය. රොටියා හා පිරිස මෙන් තනිකඩයෝ මෙන්ම තම සහකරුවා හෝ සහකාරිය සමග පැමිණි ජෝඩු ද එහි උන්නෝය. බොහෝමයක් කුටි වල අදාළ උපකරණ විකුණුම් කුටි විය. මතක හැටියට රොටියා ලබා ගත් පිවිසුම් පත ලංකාවේ මුදලින් හාරදහස් ගණනකි. ඒ සමග සබ්ජෙක්ටුවට අදාළ කුඩා ත්‍යාග පාර්සලක්ද විය.

ප්‍රදර්ශනය වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ප්‍රදර්ශනයක්ම විය. ප්‍රදර්ශනය ලංකාවේ තිබුනා නම් , කී දෙනෙක් ප්‍රදර්ශනයේ නමත් සමග නිදි වදිමින් සුරාතන්තයට පත්වී ගත නොහැකිව, නරබන්නට යන අයට ද්වේශ කරමින්, පරිභව කරමින් තම තමන්ගේ මනස තුල ඔවුන්ව නිරුවත් කර , ප්‍රදර්ශන සංකීරණය තුල කීවරක් ඔවුන් කම්සැප විඳින මානසික දර්ශන නරඹමින් උමතු වෙයිද? ලංකාවේ බහුතරයක හිත රිදෙන කතාව ඕකය

ප්‍රදර්ශනය තුල ප්‍රදර්ශන කුටි වලට අමතරව තවත් අංගද තිබුණි. ඒවා ඉදිරිපත් කරන්නන් හෝ කරන්නියන් අසලට ගොස් ස්පර්ශ කිරීම නරඹන්නන්ට සම්පුර්ණයෙන්ම තහනම් විය. නරඹන්නට ඉදිරිපත් විය හැකි කුඩා තරඟද සංවිධානය කොට තිබිණි. Stripping dance, Pole dance වැනි. ඒවායේ ජයග්රාහකයින්ව තෝරා ගත්තේ නරඹන්නන් වෙතින්ම නැගුනු ඉහලම ඔල්වරසන් හඬ අනුවය. ඒවාට සහබාගිත්වයද හොඳ මට්ටමකින් පැවතියේය

වෘත්තීය නර්තන ශිල්පියන් විසින් ඉදිරිපත් කල Stripping dance අංගයේදී, යම්කිසි මුදලක් ගෙවා තමුන්ට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන්කර ගැනීමේ හැකියාව විය. ඈ ඔබ ළඟටම ඇවිත් නර්තනයේ යෙදෙවී. නමුත් ඔබට ඈව ඇල්ලීම තහනම්ය. එතනට පැමිණ සිටි යුවලක, යුවතිය විසින් මුදල් ගෙවා සිය පෙම්වතාට හෝ සැමියාට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන් කර දුන්නේ ත්‍යාගයක් ලෙසය. ලංකාවේ නම් බොහෝ ගැහැණු ළමුන් නර්තන ශිල්පිනියෙක් වෙන් කර දෙනවා තබා එවැනි තැනක අහලකින් වත් යාමට පැකිලෙන බව රොටියාට විශ්වාසය.

රටක සේක්පෝ තිබ්බොත් ඒ රටෙහි ඔක්කොම හරියන බව මේ ලිපියෙන් රොටියා අදහස් කරන්නේ නැත. නමුත් රටක දියුණුවත් සමග ජනතාව ඔවැනි දේ ගැන විවෘත මනසකින් බැලිය යුතු බව රොටියාගේ හැඟීමයි. සුද්දා වික්ටෝරියානු යුගයෙන් එලියට පැමිණ බොහෝ කලක් වී තිබුනද අපේ රටේ බහුතරයක් වික්ටෝරියානු මතය කරපින්නාගෙන ඉඳීම කනගාටුදායකය.

ලංකාවේ බොහෝ දෙනා ඉටුකරන්නේ යයුතුකම්ය. ජිවත් වන්නේ ලෝකෙට පේන්නටය. ඒ කියන්නේ තමුන්ගේ නැති හොඳ ගති මවාපාගෙනය. තමුන්ට නැති තත්වයන් මවාගෙනය. අතපය හතර හයිය තියෙන කම් ළමයින්ට කඹුරති. ළමයින්ගේ ළමයින්ට කඹුරති. යාන වාහන, මාලිගා වැනි ගෙවල් දුක සේ නඩත්තු කරති. වයසට ගොස් පිනට දහමට නැඹුරු වෙති. ලෙඩ ඇඳට වැටුණු පසු ජිවිත කාලය තුල කල කී දේ කල්පනා කරති, කාපු කෑමක් නැත- ගියපු ගමනක් නැත. ඊළඟට පසු තැවෙති. අනේ මට අරක කරන්න තිබ්බනේ, අපරාදේ මේක කළේ නැත්තේ.

එතනිනුත් එහාට තමුන් විසින් සලකන්නට යෙදුනු අයව උගස් තබති. "උඹල හින්ද මම ඇන්දේ නෑ කෑවේ නෑ" කියමින් ළමුන්ට කියති. එහෙම කියමින් පෙන්ෂන් මුදල ලැබුණු විට බෙහෙත් මිලට ගෙන ඉතුරු මුදලින් ළමයින්ගේ ළමයින්ට කඩචෝරු ගනිති. තමුන්ට කැමති කෑම ගැනීම ඊළඟ මාසයට කල් දමති. ළමයින් ද බැරි වෙලාවත් හෝ දෙමව්පියන්ට කන්න බොන්න කැමති දෙයක් ගෙන එන්නේ නැත. "අම්මලට පෙන්සන් එක හම්බවෙනවනේ" උන් කියති

අතපය හොඳටම වලංගු නැති වී , කල්පනාවටත් ටිකට් එක ලැබුණු කල ළමයින් එක්වී අර පෙන්ෂන් මුදලට මරා ගනිති. අවමගුල නම් ඉහලින් ගනිති

රටකට සංස්කෘතියක්, සභ්‍යත්වයක් ඕනෑමය. නමුත් එය ලෝකය දකින්නට විදින්නට බාදාවක් කර නොගත යුතුය. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද කියාවත් නොදන්නා සිඟිති ජාතියකට, අම්මාගෙන් දරුවා වෙන් කරන්න වලිකන ලාමක ඇමතිවරුන් පත්වන්නේ එන්න එතකොටය

එදා රොටියා සෙක්ස්පෝ නැරබීමට ඇතිවූ කැමැත්ත සභ්‍යත්වයට මුවාවී වහගත්තා නම් හෝ, රොටියාගේ ගෑණු ළමයා යන්න එපාය කියමින් නහයෙන් ඇඩුවා හෝ ඔය කියන්නේ කුමන ආකාරයේ ප්‍රදර්ශනයක් දැයි නොදැන එහි යාමේ ආසාව ද්වේශයකට පෙරලාගෙන රොටියාද සෙක්ස්පෝ විරෝදියෙක් වනු ඇත. පාලනය කර ගත් යුතු සමහර හැඟීම් ඇත. නොකළ යුතු සමහර දේ ඇත. ඒත් සංස්කෘතිය, සභ්‍යත්වය, සුචරිතවාදය ඉදිරියෙන් දමාගෙන ප්‍රකාශ කලයුතු, විඳිය යුතු දේ හිර කරගෙන සිටීම කුහක කමකි. එසේ ප්‍රකාශ කරන, විඳින පිරිස් වලට ගල් ගැසීම මුග්ධ කමකි. එහි අවසානය රහසින් හෝ පසු තැවීමයි. සිප ගත යුතු තැනදී, සිප ගැනීමට හිතෙන තැනදී සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමට අවස්තාවක් තිබුනා නම් මේ පොඩි දිවයින කොපමණ සුන්දරද?

අවසාන ලෙස කියනවා නම්, එදා සෙක්ස්පෝ ගිය රොටියාට ලිංගිකත්වය කියන්නේ ඔය කියන තරම් කෙහෙල්මලක් නොවන බව තේරුණේය.

10 comments:

  1. තරුණ කාලයේ ඒ කියන්නේ 18 වන ශත වර්ශයේ විතර මගේ මාමා කෙනෙක් මගේ පරම්පරාවේ සියළුම ඥාති සහෝදර සහෝදරියන්ට සදාචාරය, යහපත් ගුණාංග, සංවරය, ආදී බණ කියන්නට සහ ඒවා පිලිබඳව නීති දැමීමේ අධිකාරිය තමා වෙත පවරා ගෙන සිටියා. මෙයට පිලියමක් සෙවූ ඥාති සහෝදරයන් දෙදෙනෙක් කලේ ඔහුට යම් ස්ථානයකදී ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙකු ලබා දීමයි. කෙල පෙරමින් එය ප්‍රයෝජනයට ගත් පසුව එවන් නීති දමන විට අර සිද්ධිය දන්න බව හැඟවීමෙන් ඔහුගෙන් බේරීමට අපට (විශේශයෙන්ම කාන්තා පාර්ශවයේ අයට ) හැකිවුණා. ඔය බණ කියන අය බොහොමයක් අවස්ථාවක් ලැබුණොත් කරන දේවල් බණ අහන්න වෙලා තියෙන අයට වඩා අන්තයි.

    ReplyDelete
  2. Great. Love ur writing's n the way u express ur feelings.

    ReplyDelete
  3. ඔය බණ කියන අය බොහොමයක් අවස්ථාවක් ලැබුණොත් කරන දේවල් බණ අහන්න වෙලා තියෙන අයට වඩා අන්තයි.+++++++++++++++++++++

    ReplyDelete
  4. ලංකාවේ සෙක්ස්පෝ තියන්න කලිං ඉස්කෝලේ විෂය නිර්දේශයට අට වසරෙදිවත් හරියට ලිංගිකත්වය හා ප්‍රජනනය පිළිබඳ පාඩමක් ඇතුළත් කළ යුතුයි. ඊළඟට එකිනෙකාට සහ නීතියට ගරුකරන්න උගැන්විය යුතුයි. නැත්තං සෙක්ස්පෝ යනු ගණිකා වෘත්තීය ප්‍රදර්ශනයක් විදිහට අපේ අය ගනං ගනියි. නිරූපිකාවො ටික මංතිරිලා උස්සයි. ගෙවල්වල ගෑනු පිරිමිංව මරංකයි.

    ReplyDelete
  5. හම්මෝ සිංහලේ කොපවෙයි, රොටියෝ මේ මොන රටේද?

    ReplyDelete
  6. එහෙ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නෙ නෑ
    අපෙ කට්ටිය සෙක්ස් කොරන්නෑ...
    ලෑංමාස්ටර්ම එලෝනවලු
    ඔව්ව්ව්ව්ව්. ඒතරමට චිත්ත චෛතසිකය යහපක් ලු
    :-P :-D

    ReplyDelete
  7. කොහෙද බං රොටියෝ උඹ හිටපු රට?

    ReplyDelete
  8. ලංකාවෙ මිනිස්සු ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ගන්න බයයි. ලැජ්ජයි. ඒත් ඇබෝෂන් එකක් කරගන්න වුණාම බයකුත් නැහැ. ලැජ්ජාවකුත් නැහැ.

    ReplyDelete
  9. අපේ 2500 සංස්කෘතිය ගැන කියලා සුචරිතභාවයේ කඩඉම් කියන අය දන්නෙ නෑ ඒගොල්ල කියන සංස්කෘතිය අවු 200කට අඩුයි කියල.......වික්ටෝරියානු !

    ReplyDelete