Tuesday, July 1, 2014

එකෝමත් එක දවසක - දවසක්දා 04

මගේ ජිවිතයේ යුගයක් ආරම්බ ඔයාකාරව ඊ බඩී සමගය . ගිනිපෙනෙල්ලෙන් බැට කා උන් මා කනා මැදිරියාටත් බය උනා නොවේ . එත් ඇත්තම කිවහොත් මේ නවයුගය මට එතරම්ම හිතට ඇතුළු වී තිබුනේ නැත . මුලින්ම එය කොලුවයසේ හුන් කොල්ලෙක් , කොලුකමට ගෑනු ළමයෙකු සමග කල කතාවක් පමණක්ම විය

ඊට පසු දින දෙක තුනක්ම මම ඈ සමග කතාවට එකතු වීමි . ටිකෙන් ටික ඇය මට ඇගේ තොරතුරු පවසන්නට යෙදුනාය
"හයියෝ මට එපා වෙලා තියෙන්නේ . මේ ප්‍රොජෙක්ට් එක .." ඒ දිනවල ඇය ඇගේ උසස් අධ්‍යාපන පාටමාලාව සඳහා ව්‍යාපෘතියක් කරන බව මා දැනගත්තේ එහෙමය

අධ්‍යාපන කටයුතු පහසු වන්නට අය කොළඹ නේවාසිකාගාරයක නැවතී ඉන්නා බවද , එතැන ඉතාමත් දැඩි නීති පවතින බවද ඇය මට හෙළි කලාය . කෙසේ හෝ කතා කල ආකාරයට නම් , මා දැන සිටි සියලුම ගෑනු ළමුන්ට වඩා ඇය වෙනස් වුවාය.

එක් දිනක් මම ඇය හා කතා කරන්නට පටන් ගත්තේ රාත්‍රී නවයහමාරට පමණය . ඒ සතියේ දිනක් වූ නිසා ඈ උන්නේ නේවාසිකාගාරයේ බව මම දැන උන්නෙමි . ටිකෙන් ටික කතාව දික් ගැහෙන විට ඇය මට , නේවාසිකාගාර ජීවිතයත් ඒ වටා ඇති මල පාළුව ගැනත් විස්තර කරන්නට යෙදුනාය . ඈ නිවසට බොහෝ ලැදි , මිතුරු මිතුරියන් බොහෝ සෙයින් අඩු ගෑනු ළමයෙකු වූ නිසා තනිකම හා පාළුව දරන්නටම නොහැකි වන දිනවල එම් සී එක තුල ඔහේ ඇවිද යන අයුරු ද , නේවාසිකාගාරය අසල මුහුදේ ගෝෂාව ට කන්දී ඉන්නා අයුරුද මට කීවාය

ජිවිතයේ ප්‍රථම වරට ඈ ඇගේ ආත්මය කෙනෙකුට නිරාවරණය කල ලෙසම මමද ඇයට මගේ තනිකම හා පාළුව ගැන කීවෙමි . ඒ කතාව අතිශයින්ම මිතුරු කමට සිද්ද වුනු කතාවක් මිසක ආදර සම්බන්දතාවයක් පටන් ගන්නට මුලපුරන ලෙසට සිද්ද වුනු කතාවක් හෙම නොවේ . මට අද සිතෙන ආකාරයට කව්දැයි නොදන්නා , නොදුටු , නොඇසූ මිතුරෙකුට හෝ ,මිතුරියකට අපේ ජිවිතයේ රහස් පහසුවෙන් එළිකළ හැකිය . දන්නා කෙනෙකු සමග කියූ රහසක් , රහසක් ලෙස පවතින සම්බාවිතාවය අඩු නිසාද , අපි කියූ යමක් ආයුදයක් කරගෙන පෙරලා අපටම පහර එල්ල කිරීමට හැකියාවක් ඇති නිසාද , අපව නොදන්නා කෙනෙකු ඉදිරියේ හිත විරේක කිරීම ඇත්තටම පහසුය

කතාවෙන් වැටහුනේ ඇයට පෙම්වතෙකු නැති බවයි . ඒ ඈ තුල කිසිම හිත්ගන්නා පෙනුමක් නැති නිසයි

මුහුද කතා කරනවා . විශේෂයෙන්ම හඳ එලිය ඇති රැයවල .. අපිට ඒ කතා ඇහෙන්නේ නැත්තේ අපි ඒවාට ඇහුම්කන් නොදෙන නිසයි .. ඇහුන්කන් දුන්නොත් ඇහේවි .. මුළු විශ්වයම අපිත් එක්ක කතා කරන සද්දේ .. අපේ හිත අපිත් එක්ක කතා කරන සද්දේ .... (2009 නොවැම්බරයේ කිසියම් දවසක ඇය විසින් මට කියන ලද්දකි )

1 comment:

  1. hmmmm
    "මට අද සිතෙන ආකාරයට කව්දැයි නොදන්නා , නොදුටු , නොඇසූ මිතුරෙකුට හෝ ,මිතුරියකට අපේ ජිවිතයේ රහස් පහසුවෙන් එළිකළ හැකිය . දන්නා කෙනෙකු සමග කියූ රහසක් , රහසක් ලෙස පවතින සම්බාවිතාවය අඩු නිසාද , අපි කියූ යමක් ආයුදයක් කරගෙන පෙරලා අපටම පහර එල්ල කිරීමට හැකියාවක් ඇති නිසාද , අපව නොදන්නා කෙනෙකු ඉදිරියේ හිත විරේක කිරීම ඇත්තටම පහසුය "

    ReplyDelete